යෙදුමෙන් කියවන්න

උපක‍්කිලෙස සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

උපක‍්කිලෙස සුත‍්තවණ‍්ණනා

උපක්කිලෙස සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති උපක‍්කිලෙසසුත‍්තං. තත්‍ථ එතදවොචාති නෙව භෙදාධිප‍්පායෙන න පියකම්‍යතාය, අථ ඛ‍්වාස‍්ස එතදහොසි – “ඉමෙ භික‍්ඛූ මම වචනං ගහෙත්‍වා න ඔරමිස‍්සන‍්ති, බුද‍්ධා ච නාම හිතානුකම‍්පකා, අද‍්ධා නෙසං භගවා එකං කාරණං කථෙස‍්සති, තං සුත්‍වා එතෙ ඔරමිස‍්සන‍්ති, තතො තෙසං ඵාසුවිහාරො භවිස‍්සතී”ති. තස‍්මා එතං “ඉධ, භන‍්තෙ”තිආදිවචනමවොච. මා භණ‍්ඩනන‍්තිආදීසු “අකත්‍ථා”ති පාඨසෙසං ගහෙත්‍වා “මා භණ‍්ඩනං අකත්‍ථා”ති එවං අත්‍ථො දට‍්ඨබ‍්බො. අඤ‍්ඤතරොති සො කිර භික‍්ඛු භගවතො අත්‍ථකාමො, අයං කිරස‍්ස අධිප‍්පායො – “ඉමෙ භික‍්ඛූ කොධාභිභූතා සත්‍ථු වචනං න ගණ‍්හන‍්ති, මා භගවා එතෙ ඔවදන‍්තො කිලමී”ති, තස‍්මා එවමාහ.

එවම්මෙසුතන්ති මා විසින් උපක්කිලෙස සූත්‍රය මෙසේ අසන ලදී. එහි එතදවොචාති භේද අදහසකින් නොවේ. කැමැත්තකින් නොවේ. එකල ඔහුට මෙබඳු සිතක් වීය. මේ භික්‍ෂූහු මාගේ වචනය ගෙන යටත් නොවෙයි. බුදුවරු නම් හිත කැමැත්තෝය. ඒකාන්තයෙන් බුදුරදුන් මේ කාරණය කියන්නෝය යැයි එය අසා මොහු යටත් වන්නාහුය. එහෙයින් ඔවුනට සැප විහරණය වන්නේය. එහෙයින් මෙහි ඉධ භන්තෙ යනාදි වචන කීය. මා භණ්ඩනන්ති ආදියෙහි අකත්‍ථාති යන පදයේ ඉතිරිය ගෙන කලහ නොකරව් යන තේරුම දතයුතුයි. අඤ්ඤතරොති ඒ භික්‍ෂුව වනාහි බුදුරදුන්ට වැඩි කැමැතිය. මේ ඔහුගේ අදහසයි. මේ භික්‍ෂූහු ක්‍රෝධයෙන් මඩනා ලද්දාහු බුදුරදුන්ගේ වචනය නොගනිත්. බුදුරදුන් මොවුන්ට අවවාද කරන්නේ වෙහෙස නොවේ යැයි එහෙයින් කීය.

පිණ‍්ඩාය පාවිසීති න කෙවලං පාවිසි, යෙනපි ජනෙන න දිට‍්ඨො, සො මං පස‍්සතූතිපි අධිට‍්ඨාසි. කිමත්‍ථං අධිට‍්ඨාසීති? තෙසං භික‍්ඛූනං දමනත්‍ථං. භගවා හි තදා පිණ‍්ඩපාතප‍්පටික‍්කන‍්තො “පුථුසද‍්දො සමජනො”තිආදිගාථා භාසිත්‍වා කොසම‍්බිතො බාලකලොණකාරගාමං ගතො. තතො පාචීනවංසදායං, තතො පාලිලෙය්‍යකවනසණ‍්ඩං ගන‍්ත්‍වා පාලිලෙය්‍යහත්‍ථිනාගෙන උපට‍්ඨහියමානො තෙමාසං වසි. නගරවාසිනොපි – “සත්‍ථා විහාරං ගතො, ගච‍්ඡාම ධම‍්මස‍්සවනායා”ති ගන්‍ධපුප‍්ඵහත්‍ථා විහාරං ගන‍්ත්‍වා “කහං, භන‍්තෙ, සත්‍ථා”ති පුච‍්ඡිංසු. “කහං තුම‍්හෙ සත්‍ථාරං දක‍්ඛථ, සත්‍ථා ‘ඉමෙ භික‍්ඛූ සමග‍්ගෙ කරිස‍්සාමී’ති ආගතො, සමග‍්ගෙ කාතුං අසක‍්කොන‍්තො නික‍්ඛමිත්‍වා ගතො”ති. “මයං සතම‍්පි සහස‍්සම‍්පි දත්‍වා සත්‍ථාරං ආනෙතුං න සක‍්කොම, සො නො අයාචිතො සයමෙව ආගතො, මයං ඉමෙ භික‍්ඛූ නිස‍්සාය සත්‍ථු සම‍්මුඛා ධම‍්මකථං සොතුං න ලභිම‍්හා. ඉමෙ සත්‍ථාරං උද‍්දිස‍්ස පබ‍්බජිතා, තස‍්මිම‍්පි සාමග‍්ගිං කරොන‍්තෙ සමග‍්ගා න ජාතා, කස‍්සාඤ‍්ඤස‍්ස වචනං කරිස‍්සන‍්ති. අලං න ඉමෙසං භික‍්ඛා දාතබ‍්බා”ති සකලනගරෙ දණ‍්ඩං ඨපයිංසු. තෙ පුනදිවසෙ සකලනගරං පිණ‍්ඩාය චරිත්‍වා කටච‍්ඡුමත‍්තම‍්පි භික‍්ඛං අලභිත්‍වා විහාරං ආගමංසු. උපාසකාපි තෙ පුන ආහංසු – “යාව සත්‍ථාරං න ඛමාපෙථ, තාව වො තමෙව දණ‍්ඩකම‍්ම”න‍්ති. තෙ “සත්‍ථාරං ඛමාපෙස‍්සාමා”ති භගවති සාවත්‍ථියං අනුප‍්පත‍්තෙ තත්‍ථ අගමංසු. සත්‍ථා තෙසං අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි දෙසෙසීති අයමෙත්‍ථ පාළිමුත‍්තකකථා.

පිණ්ඩාය පාවිසීති හුදෙක් පිවිසියේ නොවෙයි. යම් මිනිසුන් විසින් නොදක්නා ලද ද ඔවුහු මා දකීවා යි අධිෂ්ඨාන කළහ. කුමක් නිසා අධිෂ්ඨාන කළේ ද? ඒ භික්‍ෂූන්ගේ දමනය පිණිසයි. බුදුරදුන් එකල්හි පිණ්ඩපාතයෙන් වැළකුණේ පුථුසද්දො සමජනොති ආදී ගාථාවන් කියා කොසබෑ නුවරින් බාලකලෝණාකාර ගමට වැඩියහ. එයින් ප්‍රාචීනවංසදායට වැඩියහ. එයින් පාරිලෙය්‍යක වන ලැහැබට ගොස් පාරිලෙය්‍ය ඇතා විසින් උපස්ථාන කරන්නේ මාස තුනක් විසූහ. නුවර වැස්සෝ ද බුදුරදුන් වෙහෙරට වැඩියේය. බණ අසන්නට යමු යැයි සුවඳ මල් ගත් අත් ඇතිව වෙහෙරට ගොස් ස්වාමීනි, බුදුරදුන් කොහිදැයි ඇසූහ. නුඹලා බුදුරදුන් කොහි දී දැක්කාහු ද? බුදුරදුන් මේ භික්‍ෂූන් සමඟි කරන්නෙමියි වැඩියහ. සමඟි කරන්නට නොහැකි වූයේ ආපසු වැඩියහ. අපි සීයක් ද දහසක් ද දී බුදුරදුන් වැඩමවන්නට නොහැක්කෙමු. උන්වහන්සේ අප ආරාධනා නොකොට ම වැඩියහ. අපි මේ භික්‍ෂූන් නිසා බුදුරදුන්ගේ හමුවෙන් බණ කථාවක් අසන්නට නොලැබුයෙමු. මොවුහු බුදුරදුන් උදෙසා පැවිදි වූහ. මොවුන් සමගි කරන්නේ සමගි නොවූහ. අන් කවරෙකුගේ වචනයක් කරත් ද? මේ භික්‍ෂූන්ට දානය දීම සුදුසු නැතැයි සියළු නගරයෙහි ම දඬුවම් තැබූහ. ඔවුහු දෙවන දවසෙහි සියලු නගරයෙහි පිඬු පිණිස හැසිර හැන්දක් පමණවත් ආහාරයක් නොලැබ වෙහෙරට වැඩියහ. උපාසකවරු නැවත ඔවුන්ට මෙසේ කීහ. යම්තාක් බුදුරදුන් ක්‍ෂමා නොකර ගනිත් ද ඒතාක් නුඹලාට මේ දඬුවමයි. ඔවුහු බුදුරදුන් ක්‍ෂමා කරගන්නෙමියි බුදුරදුන් සැවැත් නුවරට වැඩි කල්හි එහි ගියාහ. බුදුරදුන් ඔවුන්ට අටළොස් භේදකර වස්තූන් දෙසුවේ යැයි මේ මෙහි පාලිමුත්තක කථාවයි.

ඉදානි පුථුසද‍්දොතිආදිගාථාසු පුථු මහාසද‍්දො අස‍්සාති පුථුසද‍්දො. සමජනොති සමානො එකසදිසො ජනො, සබ‍්බොවායං භණ‍්ඩනකාරකජනො සමන‍්තතො සද‍්දනිච‍්ඡරණෙන පුථුසද‍්දො චෙව සදිසො චාති වුත‍්තං හොති. න බාලො කොචි මඤ‍්ඤථාති තත්‍ර කොචි එකොපි අහං බාලොති න මඤ‍්ඤති, සබ‍්බෙපි පණ‍්ඩිතමානිනොයෙව. නාඤ‍්ඤං භිය්‍යො අමඤ‍්ඤරුන‍්ති කොචි එකොපි අහං බාලොති න ච මඤ‍්ඤි, භිය්‍යො ච සඞ‍්ඝස‍්මිං භිජ‍්ජමානෙ අඤ‍්ඤම‍්පි එකං “මය‍්හං කාරණා සඞ‍්ඝො භිජ‍්ජතී”ති ඉදං කාරණං න මඤ‍්ඤීති අත්‍ථො.

දැන් පුථුසද්දොති ආදී ගාථාවන්හි මහා ශබ්දය මොහුගේය. මෙය පුථුශබ්දය නමි. සමජනොති සමාන වූ එක සමාන ජනයා මේ සියලු ජනයා කලහ කරන ජනයාය. හාත්පසින් ශබ්දය පැතිරීමෙන් පුථු ශබ්දය සමාන යැයි කියන ලද්දේ වෙයි. න බාලො කොචි මඤ්ඤථාති එහි කිසිවෙක් මම බාලයෙක් යැයි නොසිතත්. සියල්ලෝ පණ්ඩිතමානී වෙත්. නාඤ්ඤංභිය්‍යො අමඤ්ඤරුන්ති කිසිවෙක් මම බාලයෙක් යැයි නොසිතයි. බොහෝ සෙයින් සංඝයා බිඳෙන කල්හි අන්‍ය වූ ද එක් අයෙක් මාගේ කාරණයෙන් සංඝයා බිඳේය යන මේ කාරණය නොසිතුවේය යන තේරුමයි.

පරිමුට‍්ඨාති මුට‍්ඨස‍්සතිනො. වාචාගොචරභාණිනොති රාකාරස‍්ස රස‍්සාදෙසො කතො; වාචාගොචරාව, න සතිපට‍්ඨානගොචරා, භාණිනො ච, කථං භාණිනො? යාවිච‍්ඡන‍්ති මුඛායාමං, යාව මුඛං පසාරෙතුං ඉච‍්ඡන‍්ති, තාව පසාරෙත්‍වා භාණිනො, එකොපි සඞ‍්ඝගාරවෙන මුඛසඞ‍්කොචනං න කරොතීති අත්‍ථො. යෙන නීතාති යෙන කලහෙන ඉමං නිල‍්ලජ‍්ජභාවං නීතා. න තං විදූ න තං ජානන‍්ති “එවං සාදීනවො අය”න‍්ති.

පරිමුට්ඨාති සිහිමුළා ඇත්තාහ. වාචාගොචරභාණිනොති රා කාරයට ර කාරාදේශය කරන ලදි. වචනය ම ගෝචරය. සතිපට්ඨානය ගෝචර නොවෙයි. භාණිනොති යනු කෙසේ හෝ කියන්නේය. යම්තාක් කැමැති වෙත් ද මුඛය ප්‍රසාරණය කරන්නට යම්තාක් කැමැති වෙත් ද ඒතාක් දිගු කොට කියන්නාහුය. එක් අයෙක්වත් සංඝ ගෞරවයෙන් මුඛය හැකිලීමක් නොකෙරේ යන තේරුමයි. යෙන නීතාති යම් කලහයකින් මේ ලැජ්ජා නැති බවට පමුණුවන ලද්දේය. න තං විදුති එය නොදනිත්. මෙසේ මේ තෙමේ ආදීනව සහිතයි.

යෙ ච තං උපනය‍්හන‍්තීති තං අක‍්කොච‍්ඡි මන‍්තිආදිකං ආකාරං යෙ උපනය‍්හන‍්ති. සනන‍්තනොති පොරාණො.

යෙ තං උපනය්හන්තීති ඔහුට ආක්‍රෝශ කළේය. මේ තෙමේ මට බැන්නේය යනාදි ආකාර යමෙක් ක්‍රෝධ කරත්. සනන්තනොති පුරාණ

පරෙති පණ‍්ඩිතෙ ඨපෙත්‍වා තතො අඤ‍්ඤෙ භණ‍්ඩනකාරකා පරෙ නාම. තෙ එත්‍ථ සඞ‍්ඝමජ‍්ඣෙ කලහං කරොන‍්තා “මයං යමාමසෙ උපයමාම නස‍්සාම සතතං සමිතං මච‍්චුසන‍්තිකං ගච‍්ඡාමා”ති න ජානන‍්ති. යෙ ච තත්‍ථ විජානන‍්තීති යෙ ච තත්‍ථ පණ‍්ඩිතා “මයං මච‍්චුනො සමීපං ගච‍්ඡාමා”ති විජානන‍්ති. තතො සම‍්මන‍්ති මෙධගාති එවඤ‍්හි තෙ ජානන‍්තා යොනිසොමනසිකාරං උප‍්පාදෙත්‍වා මෙධගානං කලහානං වූපසමාය පටිපජ‍්ජන‍්ති.

පරෙති පණ්ඩිතයන් හැර එයින් අනෙත් කලහකාරයෝ අන්‍යයෝ නමි. ඔවුහු මෙහි සංඝයා මැද කලහ කරන්නේ අපි නැසෙන්නෙමු. නිතර මරුගේ සමීපයට යන්නෙමු යැයි නොදනිත්. යෙ ච තත්‍ථ විජානන්තීති යම් පණ්ඩිත කෙනෙක් අපි මරුගේ සමීපයට යමු යි දනිත්. තතො සම්මන්ති මෙධගාති මෙය දන්නෝ යෝනිසෝමනසිකාරය උපදවා කෝලාහලයන්ගේ සංසිඳීම පිණිස පිළිපදිත්.

අට‍්ඨිච‍්ඡින‍්නාති අයං ගාථා ජාතකෙ (ජා· 1.9.16) ආගතා, බ්‍රහ‍්මදත‍්තඤ‍්ච දීඝාවුකුමාරඤ‍්ච සන්‍ධාය වුත‍්තා. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – තෙසම‍්පි තථා පවත‍්තවෙරානං හොති සඞ‍්ගති, කස‍්මා තුම‍්හාකං න හොති, යෙසං වො නෙව මාතාපිතූනං අට‍්ඨීනි ඡින‍්නානි, න පාණා හටා න ගවාස‍්සධනානි හටානීති.

අට්ඨිච්ඡිදාති මේ ගාථාව ජාතකයෙහි ආවාය. බ්‍රහ්මදත්ත හා දීඝායු කුමාරයා සඳහා කියන ලදි. මේ එහි තේරුමයි. ඔවුන්ගේ ද එසේ පැවැති වෛරයන්ගේ එක්වීම වෙයි. කුමක්හෙයින් නුඹගේ නොවෙයි ද? යම් බඳු වූ නුඹගේ මව්පියන්ගේ ඇට නොසිඳන ලද්දාහ. ප්‍රාණය නොහරින ලදහ. ගවයෝ ද වස්තුව ද පැහැර නොගන්නා ලදහ.

සචෙ ලභෙථාතිආදිගාථා පණ‍්ඩිතසහායස‍්ස ච බාලසහායස‍්ස ච වණ‍්ණාවණ‍්ණදීපනත්‍ථං වුත‍්තා. අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානීති පාකටපරිස‍්සයෙ ච පටිච‍්ඡන‍්නපරිස‍්සයෙ ච අභිභවිත්‍වා තෙන සද‍්ධිං අත‍්තමනො සතිමා චරෙය්‍යාති.

සචෙ ලභෙථාති යනාදී ගාථා පණ්ඩිත යහළුවාගේ ද බාල යහළුවාගේ ද ගුණාගුණ ප්‍රකාශ කිරීම පිණිස කියන ලදි. අභිභූය්‍ය සබ්බානි පරිස්සයානීති ප්‍රකට විපත ද වැසුණු විපත ද මැඩපවත්වා. ඔහු සමඟ සතුටු වූයේ සිහි ඇතිව හැසිරෙන්නේය.

රාජාව රට‍්ඨං විජිතන‍්ති යථා අත‍්තනො විජිතරට‍්ඨං මහාජනකරාජා ච අරින්‍දමමහාරාජා ච පහාය එකකා විචරිංසු, එවං විචරෙය්‍යාති අත්‍ථො. මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගොති මාතඞ‍්ගො අරඤ‍්ඤෙ නාගොව. මාතඞ‍්ගොති හත්‍ථි වුච‍්චති. නාගොති මහන‍්තාධිවචනමෙතං. යථා හි මාතුපොසකො මාතඞ‍්ගනාගො අරඤ‍්ඤෙ එකො චරි, න ච පාපානි අකාසි, යථා ච පාලිලෙය්‍යකො, එවං එකො චරෙ, න ච පාපානි කයිරාති වුත‍්තං හොති.

රාජාව රට්ඨං විජිතන්ති යම්සේ තමාගේ රට හැර මහාජනක රජු ද අරින්ද මහරජු ද හුදකලාව හැසිරුණාහ. එසේ හැසිරෙන්නේය යන තේරුමයි. මාතංගරඤ්ඤෙව නාගොති වනයෙහි හස්ති රාජයෙකු මෙනි. මාතංග නම් ඇතා යැයි කියයි. නාගොති මෙය මහත් අයට කියන නමි. යම්සේ මාතෘපෝෂක මාතංග තෙමේ කැලේ තනියම හැසිරුණේ ද පව් නොකළේය. යම්සේ පාරිලෙය්‍යක ද මෙසේ තනිවම හැසිරුණු පව් නොකළේ යැයි කියන ලදි.

බාලකලොණකාරගාමොති උපාලිගහපතිස‍්ස භොගගාමො. තෙනුපසඞ‍්කමීති කස‍්මා උපසඞ‍්කමි? ගණෙ කිරස‍්ස ආදීනවං දිස‍්වා එකවිහාරිං භික‍්ඛුං පස‍්සිතුකාමතා උදපාදි, තස‍්මා සීතාදීහි පීළිතො උණ‍්හාදීනි පත්‍ථයමානො විය උපසඞ‍්කමි. ධම‍්මියා කථායාති එකීභාවෙ ආනිසංසප‍්පටිසංයුත‍්තාය. යෙන පාචීනවංසදායො, තත්‍ථ කස‍්මා උපසඞ‍්කමි? කලහකාරකෙ කිරස‍්ස දිට‍්ඨාදීනවත‍්තා සමග‍්ගවාසිනො භික‍්ඛූ පස‍්සිතුකාමතා උදපාදි, තස‍්මා සීතාදීහි පීළිතො උණ‍්හාදීනි පත්‍ථයමානො විය තත්‍ථ උපසඞ‍්කමි. ආයස‍්මා ච අනුරුද‍්ධොතිආදි වුත‍්තනයමෙව.

බාලකලොණකාරගාමොති උපාලි ගෘහපතියාගේ භෝග ග්‍රාමයයි. තෙනුපසංකමීති කුමක් හෙයින් පැමිණුනේ ද? සමූහයා කෙරෙහි දෝෂය දැක තනිව වාසය කරන භික්‍ෂූහු දකිනු කැමැත්ත පහළ විය. එහෙයින් ශීතාදියෙන් පෙලුණේ උණුසුම් ආදිය පතන්නාක් මෙන් පැමිණියාහ. ධම්මියා කථායාති හුදකලාබවෙහි ආනිසංසයෙන් යුතු. යෙන පාචීනවංසදායොති එහි කුමක්හෙයින් පැමිණියේ ද? කලහ කිරීමෙහි ඔවුන්ගේ දොස් දැක සමගිව වසන භික්‍ෂූන් දකිනු කැමැත්ත පහළ විය. එහෙයින් ශීතාදියෙන් පෙලුණේ උණුසුම් ආදිය පතන්නාක් මෙන් පැමිණියාහ. ආයස්මා ච අනුරුද්ධොති ආදිය කියන ලද ක්‍රමයටයි.

අත්‍ථි පන වොති පච‍්ඡිමපුච‍්ඡාය ලොකුත‍්තරධම‍්මං පුච‍්ඡෙය්‍ය. සො පන ථෙරානං නත්‍ථි, තස‍්මා තං පුච‍්ඡිතුං න යුත‍්තන‍්ති පරිකම‍්මොභාසං පුච‍්ඡති. ඔභාසඤ‍්චෙව සඤ‍්ජානාමාති පරිකම‍්මොභාසං සඤ‍්ජානාම. දස‍්සනඤ‍්ච රූපානන‍්ති දිබ‍්බචක‍්ඛුනා රූපදස‍්සනඤ‍්ච සඤ‍්ජානාම. තඤ‍්ච නිමිත‍්තං නප‍්පටිවිජ‍්ඣාමාති තඤ‍්ච කාරණං න ජානාම, යෙන නො ඔභාසො ච රූපදස‍්සනඤ‍්ච අන‍්තරධායති.

අත්‍ථි පන හොති පසුව විචාරීමෙන් ලෝකෝත්තර ධර්මය විචාරන්නේය. එය වනාහි තෙරවරුන්ට නැත. එහෙයින් එය ඇසීමට නොවටියි. පරිකර්ම අවකාශය අසයි. ඔභාසං චෙව සඤ්ජානාමාති පරිකර්මෝභාසය හඳුනමු. දස්සනඤ්ච රූපානන්ති දිවැසින් රූප දැකීම ද හඳුනමු. තඤ්ච නිමිත්තං න පටිවිජ්ඣාමාති ඒ කාරණය ද නොදනිමු. යම්හෙයකින් අපගේ එළිය ද රූප දැකීම ද අතුරුදහන් වෙයි.

තං ඛො පන වො අනුරුද‍්ධා නිමිත‍්තං පටිවිජ‍්ඣිතබ‍්බන‍්ති තං වො කාරණං ජානිතබ‍්බං. අහම‍්පි සුදන‍්ති අනුරුද‍්ධා තුම‍්හෙ කිං න ආළුලෙස‍්සන‍්ති, අහම‍්පි ඉමෙහි එකාදසහි උපක‍්කිලෙසෙහි ආළුලිතපුබ‍්බොති දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි. විචිකිච‍්ඡා ඛො මෙතිආදීසු මහාසත‍්තස‍්ස ආලොකං වඩ‍්ඪෙත්‍වා දිබ‍්බචක‍්ඛුනා නානාවිධානි රූපානි දිස‍්වා “ඉදං ඛො කි”න‍්ති විචිකිච‍්ඡා උදපාදි. සමාධි චවීති පරිකම‍්මසමාධි චවි. ඔභාසොති පරිකම‍්මොභාසොපි අන‍්තරධායි, දිබ‍්බචක‍්ඛුනාපි රූපං න පස‍්සි. අමනසිකාරොති රූපානි පස‍්සතො විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති, ඉදානි කිඤ‍්චි න මනසිකරිස‍්සාමීති අමනසිකාරො උදපාදි.

එය අපගේ අනුකුලයෙන් නිමිත්ත ප්‍රතිවේධ කළයුතු යැයි අප විසින් ඒ කාරණය දත යුතුයි. අහම්පි සුදන්ති නුඹලා අනුකූලය. කිමෙක් ද? නො කළඹන්නාහු ද? මම ද මේ එකොළොස් ක්ලේශයන්ගෙන් කළඹන ලද විරූ යැයි දක්වන්නට මේ දේශනාව පටන් ගත්තේය. විචිකිච්ඡා ඛො මෙති යනාදියෙහි මහා සත්ත්වයාට එළිය වර්ධනය කොට දිවැසින් නොයෙක් ආකාරයේ රූප දැක මේ කුමක්දැයි සැකය පහළ විය. සමාධි චවීති පරිකර්ම සමාධිය චුත විය. ඔභාසොති පරිකර්ම ඕභාසය අතුරුදහන් විය. දිවැසින් රූපය නොදැක්කේය. අමනසිකාරොති රූපයන් බලන්නහුට සැකය උපදියි. දැන් කිසිවෙක් සිහි නොකරන්නෙමියි අමනසිකාරය පහළ විය.

ථිනමිද‍්ධන‍්ති කිඤ‍්චි අමනසිකරොන‍්තස‍්ස ථිනමිද‍්ධං උදපාදි.

ථිනමිද්ධන්ති කිසිවක් සිහි නොකරන්නාහට ථිනමිද්ධය පහළ විය.

ඡම‍්භිතත‍්තන‍්ති හිමවන‍්තාභිමුඛං ආලොකං වඩ‍්ඪෙත්‍වා දානවරක‍්ඛසඅජගරාදයො අද‍්දස, අථස‍්ස ඡම‍්භිතත‍්තං උදපාදි.

ඡම්භිතත්තන්ති හිමාලයට අභිමුඛව එළිය වඩා දානව රකුසා පිඹුරු ආදීන් දැක්කේය. එකල ඔහුට තැති ගැනීමක් විය.

උප‍්පිලන‍්ති “මයා දිට‍්ඨභයං පකතියා ඔලොකියමානං නත්‍ථි. අදිට‍්ඨෙ කිං නාම භය”න‍්ති චින‍්තයතො උප‍්පිලාවිතත‍්තං උදපාදි. සකිදෙවාති එකපයොගෙනෙව පඤ‍්ච නිධිකුම‍්භියොපි පස‍්සෙය්‍ය.

උබ්බිල්ලන්ති මා විසින් දක්නා ලද බිය ප්‍රකෘතියෙන් බැලීමක් නම් නැත. නොදක්නා ලද කල්හි කිනම් බියක් දැයි සිතන්නාහට තැතිගැනීම් ඇති විය. සකිදෙවාති එක ප්‍රයෝගයෙන් ම නිදන් සැලි පහක් බලන්නේය.

දුට‍්ඨුල‍්ලන‍්ති මයා වීරියං ගාළ‍්හං පග‍්ගහිතං, තෙන මෙ උප‍්පිලං උප‍්පන‍්නන‍්ති වීරියං සිථිලමකාසි, තතො කායදරථො කායදුට‍්ඨුල‍්ලං කායාලසියං උදපාදි.

දුට්ඨුල්ලන්ති මා විසින් වීය දැඩි කොට ගන්නා ලදි. එහෙයින් මට තැතිගැනීම උපන්නේ යැයි වීර්ය ලිහිල් කළේය. එහෙයින් ශරීරයෙහි අලසබව ඇති විය.

අච‍්චාරද‍්ධවීරියන‍්ති මම වීරියං සිථිලං කරොතො දුට‍්ඨුල‍්ලං උප‍්පන‍්නන‍්ති පුන වීරියං පග‍්ගණ‍්හතො අච‍්චාරද‍්ධවීරියං උදපාදි. පතමෙය්‍යාති මරෙය්‍ය.

අච්චාරද්ධවිරියන්ති මාගේ වීර්ය ලිහිල් කරන්නේ අලසබව උපන්නේය. නැවත වීර්ය ගනිමින් සිටිය දී වීර්ය පහළ වූයේය. පතමෙය්‍යාති මැරෙන්නේය

අතිලීනවීරියන‍්ති මම වීරියං පග‍්ගණ‍්හතො එවං ජාතන‍්ති පුන වීරියං සිථිලං කරොතො අතිලීනවීරියං උදපාදි.

අතිලිනවිරියන්ති මාගේ වීර්ය ඉගෙන ගනිමින් සිටිය දී මෙසේ හටගත්තේ යැයි නැවත ඵය ලිහිල් කරමින් සිටිය දී ඉතා සැඟවුණු වීර්ය ඇති විය.

අභිජප‍්පාති දෙවලොකාභිමුඛං ආලොකං වඩ‍්ඪෙත්‍වා දෙවසඞ‍්ඝං පස‍්සතො තණ‍්හා උදපාදි.

අභිජප්පාති දිව්‍ය ලෝකයට අභිමුඛව එළිය වඩා දිව්‍ය සමූහයා බලා සිටිය දී තෘෂ්ණාව ඇති විය.

නානත‍්තසඤ‍්ඤාති මය‍්හං එකජාතිකං රූපං මනසිකරොන‍්තස‍්ස අභිජප‍්පා උප‍්පන‍්නා, නානාවිධරූපං මනසි කරිස‍්සාමීති කාලෙන දෙවලොකාභිමුඛං කාලෙන මනුස‍්සලොකාභිමුඛං වඩ‍්ඪෙත්‍වා නානාවිධානි රූපානි මනසිකරොතො නානත‍්තසඤ‍්ඤා උදපාදි.

නානත්තසඤ්ඤාති මාගේ එක් ජාතියක වූ රූපය මෙනෙහි කරමින් සිටිය දී තෘෂ්ණාව ඇතිවිය. නොයෙක් ආකාර රූප සිහි කරන්නෙමියි කලකින් දිව්‍ය ලෝකයට අභිමුඛව ද කලකින් මනුෂ්‍ය ලෝකයට අභිමුඛව ද වඩා නොයෙක් රූප සිහිකරන්නාහට නානත්ත සංඥාව පහළ වූයේය.

අතිනිජ‍්ඣායිතත‍්තන‍්ති මය‍්හං නානාවිධානි රූපානි මනසිකරොන‍්තස‍්ස නානත‍්තසඤ‍්ඤා උදපාදි, ඉට‍්ඨං වා අනිට‍්ඨං වා එකජාතිකමෙව මනසි කරිස‍්සාමීති තථා මනසිකරොතො අතිනිජ‍්ඣායිතත‍්තං රූපානං උදපාදි.

අතිනිජ්ඣායිතත්තන්ති නොයෙක් ප්‍රකාර රූප සිහිකරන මාහට නානත්ත සංඥාව පහළ විය. ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද එකම ජාතියක රූප සිහි කරන්නෙමියි එසේ සිහි කරන්නාහට අතිනිජ්ඣායිත රූපය පහළ විය.

ඔභාසනිමිත‍්තං මනසි කරොමීති පරිකම‍්මොභාසමෙව මනසි කරොමි. න ච රූපානි පස‍්සාමීති දිබ‍්බචක‍්ඛුනා රූපානි න පස‍්සාමි. රූපනිමිත‍්තං මනසි කරොමීති දිබ‍්බචක‍්ඛුනා විසයරූපමෙව මනසි කරොමි.

ඔභාසනිමිත්තං මනසිකරොමීති පරිකර්ම ඕභාසය ම සිහි කරමි. න ච රූපානිපස්සාමීති දිවැසින් රූප නොබලන්නෙමි. රූපනිමිත්තං මනසි කරොමීති දිවැසින් විෂය රූපය ම සිහි කරමි.

පරිත‍්තඤ‍්චෙව ඔභාසන‍්ති පරිත‍්තකට‍්ඨානෙ ඔභාසං. පරිත‍්තානි ච රූපානීති පරිත‍්තකට‍්ඨානෙ රූපානි. විපරියායෙන දුතියවාරො වෙදිතබ‍්බො. පරිත‍්තො සමාධීති පරිත‍්තකො පරිකම‍්මොභාසො, ඔභාසපරිත‍්තතඤ‍්හි සන්‍ධාය ඉධ පරිකම‍්මසමාධි “පරිත‍්තො”ති වුත‍්තො. පරිත‍්තං මෙ තස‍්මිං සමයෙති තස‍්මිං සමයෙ දිබ‍්බචක‍්ඛුපි පරිත‍්තකං හොති. අප‍්පමාණවාරෙපි එසෙව නයො.

පරිත්තං චෙව ඔභාසන්ති ස්වල්ප කමටහනෙහි එළිය. පරිත්තානි ච රූපානීති ස්වල්ප කමටහනෙහි රූප. විපර්යාසයෙන් දෙවැනි වාරය දත යුතුයි. පරිත්තො සමාධීති ස්වල්ප වූ පරිකර්ම එළියයි. ඕභාස පරිත්තබව සඳහා මෙම පරිකර්ම සමාධි පරිත්ත යැයි කියන ලදි. පරිත්තං තස්මිං සමයෙති ඒ කාලයෙහි දිවැස ද ස්වල්ප වෙයි. අප්‍රමාණ වාරයෙහි ද මේ ක්‍රමයයි.

අවිතක‍්කම‍්පි විචාරමත‍්තන‍්ති පඤ‍්චකනයෙ දුතියජ‍්ඣානසමාධිං. අවිතක‍්කම‍්පි අවිචාරන‍්ති චතුක‍්කනයෙපි පඤ‍්චකනයෙපි ඣානත‍්තයසමාධිං. සප‍්පීතිකන‍්ති දුකතිකජ‍්ඣානසමාධිං. නිප‍්පීතිකන‍්ති දුකජ‍්ඣානසමාධිං. සාතසහගතන‍්ති තිකචතුක‍්කජ‍්ඣානසමාධිං. උපෙක‍්ඛාසහගතන‍්ති චතුක‍්කනයෙ චතුත්‍ථජ‍්ඣානසමාධිං පඤ‍්චකනයෙ පඤ‍්චමජ‍්ඣානසමාධිං.

අතක්කම්පි විචාරමත්තන්ති පංචකවිනයෙහි දෙවන ධ්‍යාන සමාධියයි. අතක්කම්පි අවිචාරන්ති චතුක්කවිනයෙහි ද පංචකවිනයෙහි ද ධ්‍යානත්‍රය සමාධියයි. සප්පීතිකන්ති දෙවන හා තුන්වන සමාධියයි. නිප්පීතිකන්ති තුන්වන හා හතරවන ධ්‍යාන සමාධියයි. සාතසහගතන්ති තුන්වන හා හතරවන ධ්‍යාන සමාධියයි. උපෙක්ඛා සහගතන්ති හතරවන ක්‍රමයෙහි හතරවන ධ්‍යාන සමාධියයි. පස්වන ක්‍රමයෙහි පස්වන ධ්‍යාන සමාධියයි.

කදා පන භගවා ඉමං තිවිධං සමාධිං භාවෙති? මහාබොධිමූලෙ නිසින‍්නො පච‍්ඡිමයාමෙ. භගවතො හි පඨමමග‍්ගො පඨමජ‍්ඣානිකො අහොසි, දුතියාදයො දුතියතතියචතුත්‍ථජ‍්ඣානිකා. පඤ‍්චකනයෙ පඤ‍්චමජ‍්ඣානස‍්ස මග‍්ගො නත්‍ථීති සො ලොකියො අහොසීති ලොකියලොකුත‍්තරමිස‍්සකං සන්‍ධායෙතං වුත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

කවරකලෙක බුදුරදුන් මේ ත්‍රිවිධ සමාධිය වැඩියේ ද? මහ බෝ මුල වැඩ සිටියේ පශ්චිම යාමයෙහිය. බුදුරදුන්ට පළමු මාර්ගය ප්‍රථම ධ්‍යානය විය. දෙවන ආදිය දුතිය තෘතීය චතුර්ථ ධ්‍යාන වූහ. පස්වන ක්‍රමයෙහි පංචම ධ්‍යානයට මාර්ගය නැත. සො ලොකියො අහොසීති ලෞකික ලෝකෝත්තර මිශ්‍රබව සඳහා මෙය කියන ලදි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය උපක‍්කිලෙසසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

උපක්කිලෙස සුත්‍ර වර්ණනාව නිමි.