යෙදුමෙන් කියවන්න

අනුරුද‍්ධ සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

අනුරුද‍්ධ සුත‍්තවණ‍්ණනා

අනුරුද්ධ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අනුරුද‍්ධසුත‍්තං. තත්‍ථ එවමාහංසූති තස‍්ස උපාසකස‍්ස අඵාසුකකාලො අහොසි, තදා උපසඞ‍්කමිත්‍වා එවමාහංසු. අපණ‍්ණකන‍්ති අවිරාධිතං. එකත්‍ථාති අප‍්පමාණාති වා මහග‍්ගතාති වා ඣානමෙව චිත‍්තෙකග‍්ගතායෙව එවං වුච‍්චතීති ඉමං සන්‍ධාය එවමාහ.

එවම්මෙසුතන්ති මා විසින් අනුරුද්ධ සූත්‍රය මෙසේ අසන ලදි. එහි එවමාහංසූති ඒ උපාසකයාගේ අපහසු කාලය විය. එකල්හි පැමිණ මෙසේ කීහ. අපණ්ණකන්ති විරුද්ධ නොවූ. එකට්ඨාති අප්‍රමාණ වූ හෝ මහර්ඝ වූ හෝ ධ්‍යානය ම සිතේ එකඟබවමය. එවං වුච්චතීති මේ සඳහා මෙසේ කීය.

යාවතා එකං රුක‍්ඛමූලං මහග‍්ගතන‍්ති ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා විහරතීති එකරුක‍්ඛමූලපමාණට‍්ඨානං කසිණනිමිත‍්තෙන ඔත්‍ථරිත්‍වා තස‍්මිං කසිණනිමිත‍්තෙ මහග‍්ගතජ‍්ඣානං ඵරිත්‍වා අධිමුච‍්චිත්‍වා විහරති. මහග‍්ගතන‍්ති පනස‍්ස ආභොගො නත්‍ථි, කෙවලං මහග‍්ගතජ‍්ඣානපවත‍්තිවසෙන පනෙතං වුත‍්තං. එස නයො සබ‍්බත්‍ථ. ඉමිනා ඛො එතං ගහපති පරියායෙනාති ඉමිනා කාරණෙන. එත්‍ථ හි අප‍්පමාණාති වුත‍්තානං බ්‍රහ‍්මවිහාරානං නිමිත‍්තං න වඩ‍්ඪති, උග‍්ඝාටනං න ජායති, තානි ඣානානි අභිඤ‍්ඤානං වා නිරොධස‍්ස වා පාදකානි න හොන‍්ති, විපස‍්සනාපාදකානි පන වට‍්ටපාදකානි භවොක‍්කමනානි ච හොන‍්ති. “මහග‍්ගතා”ති වුත‍්තානං පන කසිණජ‍්ඣානානං නිමිත‍්තං වඩ‍්ඪති, උග‍්ඝාටනං ජායති, සමතික‍්කමා හොන‍්ති, අභිඤ‍්ඤාපාදකානි නිරොධපාදකානි වට‍්ටපාදකානි භවොක‍්කමනානි ච හොන‍්ති. එවමිමෙ ධම‍්මා නානත්‍ථා, අප‍්පමාණා මහග‍්ගතාති එවං නානාබ්‍යඤ‍්ජනා ච.

යාවතා එකං රුක්ඛමූලං මහග්ගතන්ති ඵරිත්‍වා අධිමුච්චිතා විහරතීති එක් ගසක් මුල ප්‍රමාණස්ථාන කසිණ නිමිත්තෙන් පැතිර ඒ කසින නිමිත්තෙහි මහද්ගත ධ්‍යානය පැතිර මිදී වාසය කරයි. මහද්ගතයාගේ ආභෝගයක් නැත. හුදෙක් මහද්ගත ධ්‍යානයෙන් පැවතීම් වශයෙන් මෙය කියන ලදි. සියලු තැන්හි ම මේ ක්‍රමයයි. ඉමිනා ඛො එතං ගහපති පරියායෙනාති මේ කාරණයෙන්. මෙහි අප්‍රමාණ යැයි කියන ලද බ්‍රහ්ම විහරණයන්ගේ නිමිත්ත නොවැඩෙයි. ඇරීම නූපදියි. ඒ ධ්‍යාන අභිඥාවන්ගේ නිරෝධයට පාදක නොවෙත්. විදර්ශනා පාදකයෝ ද ව්‍රත පාදකයෝ ද භවයේ ආක්‍රමණයට පැමිණෙත්. මහද්ගත යැයි කියන ලද කසින ධ්‍යානයේ නිමිත්ත වැඩෙත්. ඇරීම උපදියි. සමතික්‍රමය වෙයි. අභිඥා පාදකත් නිරෝධ පාදකත් ව්‍රත පාදකත් භවෝක්‍රමය වෙත්. එවමිමෙ ධම්මා නානට්ඨා අප්පමාණා මහග්ගතාති මෙසේ නොයෙක් නොයෙක් ව්‍යඤ්ජනයි.

ඉදානි මහග‍්ගතසමාපත‍්තිතො නීහරිත්‍වා භවූපපත‍්තිකාරණං දස‍්සෙන‍්තො චතස‍්සො ඛො ඉමාතිආදිමාහ. පරිත‍්තාභාති ඵරිත්‍වා ජානන‍්තස‍්ස අයමාභොගො අත්‍ථි, පරිත‍්තාභෙසු පන දෙවෙසු නිබ‍්බත‍්තිකාරණං ඣානං භාවෙන‍්තො එවං වුත‍්තො. එස නයො සබ‍්බත්‍ථ. පරිත‍්තාභා සියා සංකිලිට‍්ඨාභා හොන‍්ති සියා පරිසුද‍්ධාභා, අප‍්පමාණාභා සියා සංකිලිට‍්ඨාභා හොන‍්ති සියා පරිසුද‍්ධාභා. කථං? සුප‍්පමත‍්තෙ වා සරාවමත‍්තෙ වා කසිණපරිකම‍්මං කත්‍වා සමාපත‍්තිං නිබ‍්බත‍්තෙත්‍වා පඤ‍්චහාකාරෙහි ආචිණ‍්ණවසිභාවො පච‍්චනීකධම‍්මානං සුට‍්ඨු අපරිසොධිතත‍්තා දුබ‍්බලමෙව සමාපත‍්තිං වළඤ‍්ජිත්‍වා අප‍්පගුණජ‍්ඣානෙ ඨිතො කාලං කත්‍වා පරිත‍්තාභෙසු නිබ‍්බත‍්තති, වණ‍්ණො පනස‍්ස පරිත‍්තො චෙව හොති සංකිලිට‍්ඨො ච. පඤ‍්චහි පනාකාරෙහි ආචිණ‍්ණවසිභාවො පච‍්චනීකධම‍්මානං සුට‍්ඨු පරිසොධිතත‍්තා සුවිසුද‍්ධං සමාපත‍්තිං වළඤ‍්ජිත්‍වා පගුණජ‍්ඣානෙ ඨිතො කාලං කත්‍වා පරිත‍්තාභෙසු නිබ‍්බත‍්තති, වණ‍්ණො පනස‍්ස පරිත‍්තො චෙව හොති පරිසුද‍්ධො ච. එවං පරිත‍්තාභා සියා සංකිලිට‍්ඨාභා හොන‍්ති සියා පරිසුද‍්ධාභා. කසිණෙ පන විපුලපරිකම‍්මං කත්‍වා සමාපත‍්තිං නිබ‍්බත‍්තෙත්‍වා පඤ‍්චහාකාරෙහි ආචිණ‍්ණවසිභාවොති සබ‍්බං පුරිමසදිසමෙව වෙදිතබ‍්බං. එවං අප‍්පමාණාභා සියා සංකිලිට‍්ඨාභා හොන‍්ති සියා පරිසුද‍්ධාභාති.

දැන් මහද්ගත සමාපත්තියෙන් ගෙනහැර භවයාගේ ඉපදීමට කාරණය දක්වන්නේ චතස්සො ඛො ඉමාති යනාදිය කීය. පරිත්තාභාති පැතිර දන්නා තැනැත්තාට මේ ආභෝගය ඇත. පරිත්තසුභ දෙවියන් කෙරෙහි උපදින කාරණය ධ්‍යාන වඩන්නේ මෙසේ කියන ලදි. සියලු තැන්හිම මේ ක්‍රමයයි. පරිත්තාභයෝ කිළිටු එලිය ඇත්තෝ ද පිරිසිදු එලිය ඇත්තෝ ද වෙත්. අප්‍රමාණභා දෙවියෝ කිළිටු එලිය ඇත්තෝ ද පිරිසිදු එලිය ඇත්තෝ ද වෙත්. කෙසේද යත්? කුල්ලක් ප්‍රමාණ වූ ද නෑඹිලියක් ප්‍රමාණ වූ ද කසිනයෙහි පරිකර්ම කොට සමාපත්ති උපදවා පස් ආකාරයකින් ආචීර්ණ වශීබව පච්චනික ධර්මයන්ගේ මනාකොට පිරිසිදු නොකරන ලද බැවින් දුර්වල වූ සමාපත්තිය වළඳා ප්‍රගුණ නොවූ ධ්‍යානයෙහි සිට කළුරිය කොට පරිත්තාභයෙහි උපදියි. ඔහුගේ පැහැය ද ස්වල්පය. කිළිටි ද වෙයි. ආකාර පහෙන් ආචීර්ණයෙහි වශීබව පච්චනීක ධර්මයන්ගේ මොනවට පිරිසිදු කරන ලද හෙයින් ඉතා පිරිසිදු සමාපත්තිය වළඳා ප්‍රගුණ ධ්‍යානයෙහි සිට කළුරිය කොට පරිත්තාභයෙහි උපදියි. ඔහුගේ පැහැය ස්වල්ප වූයේ ද පිරිසිදු යැයි වැටහෙයි. මෙසේ එලිය ස්වල්ප වුවත් පිරිසිදුය. කසිනයෙහි මහත් පරිකර්මය කොට සමාපත්තිය උපදවා ආකාර පහකින් ආචීර්ණයාගේ වශී බවයි. සියල්ල පළමු පරිද්දෙන් ම දත යුතුයි. එසේම අප්‍රමාණභා දෙවියෝ කිළිටි එලිය ද පිරිසිදු එලිය ද ඇත්තෝ වෙත්.

වණ‍්ණනානත‍්තන‍්ති සරීරවණ‍්ණස‍්ස නානත‍්තං. නො ච ආභානානත‍්තන‍්ති ආලොකෙ නානත‍්තං න පඤ‍්ඤායති. අච‍්චිනානත‍්තන‍්ති දීඝරස‍්සඅණුථූලවසෙන අච‍්චියා නානත‍්තං.

වණ්ණනානත්තන්ති ශරීර වර්ණයේ නොයෙක් බවයි. නො ච ආභානානත්තන්ති එලියෙහි නොයෙක් බව නොපෙනෙයි. අච්චි නානත්තන්ති දිග කොට සියුම්ගත වශයෙන් දැක්කේ වෙනස් ආකාරයයි.

යත්‍ථ යත්‍ථාති උය්‍යානවිමානකප‍්පරුක‍්ඛනදීතීරපොක‍්ඛරණීතීරෙසු යත්‍ථ යත්‍ථ. අභිනිවිසන‍්තීති වසන‍්ති. අභිරමන‍්තීති රමන‍්ති න උක‍්කණ‍්ඨන‍්ති. කාජෙනාති යාගුභත‍්තතෙලඵාණිතමච‍්ඡමංසකාජෙසු යෙන කෙනචි කාජෙන. “කාචෙනාති”පි පාඨො, අයමෙව අත්‍ථො. පිටකෙනාති පච‍්ඡියා. තත්‍ථ තත්‍ථෙවාති සප‍්පිමධුඵාණිතාදීනං සුලභට‍්ඨානතො ලොණපූතිමච‍්ඡාදීනං උස‍්සන‍්නට‍්ඨානං නීතා “පුබ‍්බෙ අම‍්හාකං වසනට‍්ඨානං ඵාසුකං, තත්‍ථ සුඛං වසිම‍්හා, ඉධ ලොණං වා නො බාධති පූතිමච‍්ඡගන්‍ධො වා සීසරොගං උප‍්පාදෙතී”ති එවං චිත‍්තං අනුප‍්පාදෙත්‍වා තත්‍ථ තත්‍ථෙව රමන‍්ති.

යත්‍ථ යත්‍ථාති උයන් විමන් කප්රුක් ගං ඉවුරු පොකුණු යන මොවුන්ගේ ඉවුරුවලින් යම් යම් තැනක. අධිවසන්තීති වාසය කරත්. අභිරමන්තීති ඇලෙත්. කලනොකිරෙත්. කාජෙනාති කැඳබත් තෙල් පැණි මස් මාංශ යන මොවුන් අතුරෙන් යම්කිසි කඳකින්. කාවෙනාති යන පදයේ ද මේ තේරුමයි. පිටකෙනාති පැසෙන්. තත්‍ථ තත්‍ථෙන්ති ගිතෙල් මීපැණි ආදීන්ගේ සුලභ ස්ථානයකින් ලුණු මස් ආදීන්ගේ උත්සන්න ස්ථානයයි. එය පෙර අපේ වසන තැන පහසුය. එහි වසමු. මෙහි ලුණු වාතයෙන් බාධා කරයි. කුණු මාලු ගඳ හිසේ ලෙඩ උපදවයි. මෙසේ සිත නූපදවා එහි එහි ම ඇලෙයි.

ආභාති ආභාසම‍්පන‍්නා. තදඞ‍්ගෙනාති තස‍්සා භවූපපත‍්තියා අඞ‍්ගෙන, භවූපපත‍්තිකාරණෙනාති අත්‍ථො. ඉදානි තං කාරණං පුච‍්ඡන‍්තො කො නු ඛො, භන‍්තෙතිආදිමාහ.

ආභාති එලියෙන් යුක්ත වූ. තදංගෙනාති ඒ භවයාගේ උප්පත්තියට කාරණා හෙයින් භව උත්පන්න කාරණය යන තේරුමයි. දැන් ඒ කාරණය අසන්නේ කො නු ඛො භන්තෙති යනාදිය කීය.

කායදුට‍්ඨුල‍්ලන‍්ති කායාලසියභාවො. ඣායතොති ජලතො.

කායදුට්ඨුල්ලන්ති ශරීරයේ අලස බවයි. ඣායතොති දිලිසෙමින්.

දීඝරත‍්තං ඛො මෙති ථෙරො කිර පාරමියො පූරෙන‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා සමාපත‍්තිං නිබ‍්බත‍්තෙත්‍වා නිරන‍්තරං තීණි අත‍්තභාවසතානි බ්‍රහ‍්මලොකෙ පටිලභි, තං සන්‍ධායෙතං ආහ. වුත‍්තම‍්පි චෙතං –

දීඝරත්තං ඛො මෙති තෙරුන් වහන්සේ පාරමිතා පුරන්නේ සෘෂි පැවිද්දෙන් මහණව සමාපත්ති උපදවා නිතර ආත්මභාව තුන්සියයක් බඹලොව ප්‍රතිසන්ධිය ලැබීය. ඒ සඳහාම කියන ලදි. එහෙයින් කියන ලදි.

“අවොකිණ‍්ණං තීණි සතං, යං පබ‍්බජිං ඉසිපබ‍්බජ‍්ජං; අසඞ‍්ඛතං ගවෙසන‍්තො, පුබ‍්බෙ සඤ‍්චරිතං මම”න‍්ති.

[missing trans]

සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අනුරුද‍්ධසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අනුරුද්ධ සූත්‍ර වර්ණනාව නිමි.