උපක්කිලෙස සුත්තං
3. 3. 8.
3. 3. 8.
උපක්කිලෙස සුත්තං
උපක්කිලේස සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ භන්තෙ, කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. සාධු භන්තෙ, භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. ඉක්බිති අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේය. එකත්පස් වැ සිටි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, මේ කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණ, උනුන් මුවසැතින් පෙළමින් වෙසෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා අනුකම්පා පිණිස වඩනේ මැනැව’යි ඇයැද සිටිමි” යි, භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් අධිවාසනා කළෝ.
අථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා එළැඹි සේක. එළඹ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, නහමක් භණ්ඩන කරව, නහමක් කලහ කරව, නහමක් විග්රහකරව, නහමක් විරුද්ධවාද කරව” යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච. ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
මෙසේ වදාළ කල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ බලන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සුක ව දෘෂ්ටධර්මසුඛවිහරණයෙහි අනුයුක්ත ව වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්රහ විවාදයෙන් පැනෙම්හ” යි.
දුතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: ‘අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
දෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරව, කලහ නො කරව, විග්රහ නො කරව, විවාද නො කරව” යි.
දුතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ආගමෙතු, භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
දෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සාහ ව ඉහාත්මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වසන සේක්වා. තෙල භණ්ඩනයෙන් කලහයෙන් විරුද්ධග්රහණයෙන් විරුද්ධවාදයෙන් අපි පැනෙම්හ” යි.
තතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරන්නේ මැනැව, කලහ නො කරන්නේ මැනැව, විග්රහ නො කරන්නේ මැනැව, විවාද නො කරන්නේ මැනැව” යි.
තතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
තෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, නවත්නේ මැනැව, වහන්ස, ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සුක ව මෙලො වැ සුඛ විහරණයෙහි යෙදුණාහු වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්රහ විවාදයෙන් පැනෙම්හ” යි.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බිං පිණ්ඩාය පාවිසි. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය ඨිතකොව ඉමා ගාථා අභාසි:
එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන කොසඹෑනුවර පිඬු පිණිස වැඩිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණාහු සෙනසුන් සඟවාතබා, පාසිවුරු ගෙන සිටිවන සිටිසේක් ම මේ ගාථා වදාළ සේක:
පුථුසද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ, සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං නාඤ්ඤං භිය්යො අමඤ්ඤථ
සමානස්වරූප වූ මේ භණ්ඩනකාරක ජන තෙමේ මහාශබ්ද ඇතියේ යැ, කිසිවෙක් ‘මම බාලයෙමි’ නො සිතී, සංඝයා බිඳෙන කල්හි වැඩි පමණ වූ (මා නිසා සහසු බිඳෙති යන) අන් කරුණ නො සිතී.
පරිමුට්ඨා පණ්ඩිතා භාසා වාචාගොචරභාණිනො, යාවිච්ඡන්ති මුඛායාමං යෙන නීතා න තං විදූ.
යම් කලහයෙකින් මේ නිර්ලජ්ජභාවයට එළවන ලද්දාහු (මෙසේ මේ ආදීනව සහිතය යන) එ කරුණ නො දනිත් ද, ඔහු මුළාවූ සිහි ඇතියාහු පණ්ඩිතාභාස ඇතියාහු වාග්ගෝචර කොට ඇත්තාහු යම් තාක් මුව ඇයුම් කැමැති වෙත් ද, එතෙක් බණනාහු වෙති.
අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ ච තං උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.
මට ආක්‍රෝශ කෙළේය, මා පෙළී ය, මා දිනී ය, මා අයත් වස්තු පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ වෛරය සිතැ බඳිත් ද, උන්ගේ වෛරය නො සන්හිඳෙයි.
අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ ච තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.
මට ආක්‍රෝශ කෙළේය, මා පහළේ ය, මා දිනී ය, මා සතු දෑ පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ අයුරු වෛරය සිතැ නො බඳිත් ද, උන්ගේ වෛරය සන්හිඳේ.
න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
මෙ ලොවැ කිසිදු කලෙක වෛරයෝ වෛරයෙන් නොසන්හිඳෙති. අවෛරයෙන් ම සන්හිඳෙත්, මෙය පුරාතන වූ (බුදු පසේබුදු මහරහතන් විසින් පුරුදු කළ) ධර්මයෙකි.
පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
මේ කලහයෙහි දී ‘අපි නැසෙම්හ’ යි (කලහකාර) අන්‍යජනයෝ නො දන්නාහ. යම් කෙනෙක් ඒ කලහයෙහි දී (ඇපි නැසෙම්හ’ යි) දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සන්හිඳෙත්.
අට්ඨිච්ඡිදා පාණහරා ගවාස්සධනහාරිනො, රට්ඨං විලුම්පමානානං තෙසම්පි හොති සඞ්ගති. කස්මා තුම්හාක නො සියා?
ඇට බිඳුනා පණ නස්නා ගෙරි අස් ධන පැහැරගන්නා යම් කෙනෙක් ඇත් ද, රට වොලොගන්නා ඔවුනුදුගේ සඞ්ගති වෙයි. තොපගේ සඞ්ගති කවර හෙයින් නො වේ ද?
සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු ලබන්නේ නම්, (ප්‍රකට වූත් අප්‍රකට වූත්) හැම උවදුරු තාක් මැඩ ඔහු හා සතුටු සිත් ඇති ව ස්මෘතිමත් ව හැසිරෙන්නේ ය.
නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු නො ලබන්නේ නම්, දිනන ලද රට හැරපියා එකලා වූ (මහාජනක) රජු සෙයින් ද, රක්ෂිතවනයෙහි එකලා වූ මාතඞ්ග නාගයා මෙන් ද එකලා වැ වසන්නේ ය.
එකස්ස චරිතං සෙය්යො නත්ථි බාලෙ සහායතා, එකො චරෙ න ච පාපානි කයිරා අප්පොස්සුක්කො මාතඞ්ග රඤ්ඤෙව නාගොති.
එකලා වූවහුගේ හැසිරීම ශ්‍රේෂ්ඨ වෙයි. බාලයා කෙරෙහි සහායභාවයෙක් නැත. අල්පොත්සුක වූ අරණ්‍යයෙහි වාසයට පැමිණි ශ්‍රේෂ්ඨ මාතඞ්ගයා සෙයින් එකලා වැ හැසිරෙන්නේ ය.
අථ ඛො භගවා ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන බාලකලොණකාරගාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මා භගු බාලකලොණකාරගාමෙ විහරති. අද්දසා ඛො ආයස්මා භගු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසි උදකඤ්ච පාදානං. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. ආයස්මාපි ඛො භගු භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භගුං භගවා එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිටිසේක් ම මේ ගාථා වදාරා (උපාලි ගැහැවිහුගේ භෝගග්රාම වූ) බාලකලෝණකාර ග්‍රාමයට වැඩිසේක. එකල ආයුෂ්මත් භගු තෙරණුවෝ බාලකලෝණකාර ගම්හි වෙසෙති. ආයුෂ්මත් භගු තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී මැ දුටහ, දැක අසුන් පැන්වී, පා දෝනා දිය ද එළැවී. භාග්‍යවතුන් වහන්සේ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් භගු තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කච්චි භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමසීති?
“මහණ, කිම සිහියැ හැකි ද? කිම් යැපියැ හේ ද? කිම පිඬුවායෙන් ක්ලාන්ත නො වන්නෙහි ද?”
ඛමනීයං භගවා, යාපනීයං භගවා, න චාහං භන්තෙ පිණ්ඩකෙන කිලමාමී’ති.
භාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි යැ, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යැ, වහන්ස, මම පිඬුවායෙන් ක්ලාන්ත නො වෙමි.
අථ ඛො භගවා ආයස්මන්තං භගුං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන පාචීනවංසදායො තෙනුපසඞ්කමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරණුවනට දැහැමිකථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහදවා හුනස්නෙන් නැඟී පාචීනවංසදාය කරා වැඩි සේක.
තෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො පාචීනවංසදායෙ විහරන්ති. අද්දසා ඛො දායපාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: මා මහාසමණ, එතං දායං පාවිසි. සන්තෙත්ථ තයො කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති, මා තෙසං අඵාසුං අකාසී’ති. අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච:
එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද පාචීනවංසදායයෙහි වෙසෙති. උයන්පලු වඩනා බුදුරදුන් දුරදී මැ දිට, දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “මහමහණ, තෙල වනයට නො වදු, මෙහි තමන් කැමැති සේ වැඩවසන කුලපුත්‍රයෝ තුන් දෙනෙක් ඇත. ඔවුනට නහමක් නො පහසු කරව” යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ බුදුන් හා මන්ත්‍රණ කරන දායපාලයාගේ බස් ඇසූහ. අසා දායපාලයාට තෙල කී:
‘මා ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තොති.
“ඇවැත දායපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො වළහව, අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි.
අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො යෙනායස්මා ච කිම්බිලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිලං එතදවොච: ‘අභික්කමථායස්මන්තො, සත්ථා නො භගවා අනුප්පත්තො’ති. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො භගවන්තං පච්චුග්ගන්ත්වා එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි, එකො ආසනං පඤ්ඤාපෙසි, එකො පාදොදකං උපට්ඨපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් නන්දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවන් කරා ගියහ. ගොස් ආයුෂ්මත් නන්දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවනට තෙල කී: ‘ආයුෂ්මත්නි, වහා එව, ආයුෂ්මත්නි වහා එව. අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද බුදුන්ට පෙර ගමන් කොට, එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගති, එක් නමෙක් අසුන් පැන්වී, එක් නමෙක් පා දෝනා දිය එළැවී. බුදුහු පැන්වූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු දු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:
කච්චි වො අනුරුද්ධා, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමථාති?
“කිම අනුරුද්ධයෙනි, තොප විසින් සිහියැ හැකි ද? කිමැ යැපියැ හේ ද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු දැ” යි.
ඛමනීයං භගවා, යාපනීයං භගවා. න ච මයං භන්තෙ, පිණ්ඩකෙන කිලමාමාති.
භාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි ය, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි ය, වහන්ස, අපි පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වම්හ’ යි.
කච්චි පන වො අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථාති?
කිම අනුරුද්ධයෙනි, තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නහු වාස කරවු ද?
තග්ඝ මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’ති.
වහන්ස, ඒකාන්තයෙන් අපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නමෝ වසම්හ’ යි.
යථා කථං පන තුම්හෙ අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා’ති.
අනුරුද්ධයෙනි, කෙසේ නම් තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්මින් වාස කරව් ද?
ඉධ මය්හං භන්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ, එවං හොති: යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්ය’න්ති. සො ඛො අහං භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ, කායා, එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති.
වහන්ස, මෙහි වසන මට මෙබඳු සිත් වෙයි: “මම මෙබඳු සබ්‍රම්සරුන් සමග වාස කෙරෙම් ද, මට ඒකාන්තයෙන් ලාභයෙක, මට ඒකාන්තයෙන් මනා ලැබීමෙක, වහන්ස, මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත කායකර්ම එළැඹ සිටියේ ය, මෛත්‍රීසහගත වාක්කර්ම ... හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත මනඃකර්ම එළැඹ සිටියේ ය. වහන්ස, ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ චිත්ත වශයෙන් වැටෙම් නම් මැනැව’ යි මට මෙබඳු සිත් විය. වහන්ස, මම සිය සිත් පියා මේ ආයුෂ්මතුන්ගේ සිත් විසින් වැටෙමි. වහන්ස, අපගේ ශරීරයෝ වෙන වෙන වෙති, සිත එකක් මෙනි.
ආයස්මාපි ඛො නන්දියො -පෙ- ආයස්මාපි කිම්බිලො භගවන්තං එතදවොච. මය්හම්පි ඛො භන්තෙ, එවං හොති: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං -පෙ- එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති.
ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ... ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මට ද මෙබඳු සිත් වෙයි: ඒකාන්තයෙන් මට ලාභයෙක, ඒකාන්තයෙන් මට මනා ලාභයෙක, මම ... සිත එක්බඳු වෙතී.
එවං ඛො මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමාති.
වහන්ස, මෙසේ අපි සමගිව සතුටු ව විවාද නො කරනු ව කිරි හා දිය වැනි ව උනුන් පියඇසින් දක්නමෝ වසම්හ’ යි.
සාධු සාධු අනුරුද්ධා, ‘කච්චි පන වො අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’ති?
මැනැව මැනැව අනුරුද්ධයෙනි, කිමෙක අනුරුද්ධයෙනි, තෙපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?
‘තග්ඝ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’ති.
‘වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍යය ඇතිව ප්‍රහිතාත්ම ව වසම්හ’ යි.
‘යථා කථං පන තුම්හෙ අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’ති?
අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් නොපමා ව කෙලෙස් තැවුලි වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?
ඉධ භන්තෙ, අම්හාකං යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති. සො ආසනානි පඤ්ඤාපෙති, පානීයං පරිභොජනීයං උපට්ඨපෙති, අවක්කාරපාතිං උපට්ඨපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති අප්පහරිතෙ වා ඡඩ්ඩෙති, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනානි පටිසාමෙති, පානීයං පරිභොජනීයං පටිසාමෙති. අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති, භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං. සො උපට්ඨපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨපෙම. නත්වෙව මයං භන්තෙ, තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛො පන මයං භන්තෙ, සබ්බරත්තියං ධම්මියා කථාය සන්නිසීදාම. එවං ඛො මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’ති.
වහන්ස, මේ වන වසන අප අතුරින් යමෙක් පළමු ව ගමින් පිඬු පිණිස හැසිර වටාලා එන්නේද, හේ අසුන් පන්වයි, පියයුතු පැන් පරිභෝග කළයුතු පැන් එළවයි. අවකරතලිය එළවාතබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟා වටාලා ඒ ද, ඉදින් වළඳා ඉතිරි අහරෙක් වේ නම්, ඉදින් රිසි වී නම්, වළඳ කෙරෙයි. ඉදින් නො රිසි වී නම්, නිල් තණ රහිත බිමෙකැ හෝ දමයි, (එයින් නැසෙන) ප්‍රාණීන් නැති දියෙක හෝ බහාලයි. හේ අසුන් සඟවා තබයි, පානීය පරිභෝජනීය දිය සඟවා තබයි, අවකර තලි සෝදා සඟවයි, භක්තග්රය හමදී. යමෙක් පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ හිස් වූවා දක්නේ ද, හේ එ ද එළවාතබයි. ඉදින් ඔහුට නො සැහියැ හැකි වී නම්, හස්තවිකාරයෙන් දෙවැන්නා අමතා අතිනත් ගැනීමෙන් වටම්හ. වහන්ස, අපි ඒ හේතුයෙන් වාග්භේදයක් නො කරම්හ. වහන්ස, අපි පස්දවසකට වරක් කොට මුළු රැය දැහැමි කථායෙන් මුළු දී හිඳුම්හ. වහන්ස, මෙසේ අපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරම්හ’ යි.
සාධු සාධු අනුරුද්ධා, අත්ථි පන වො අනුරුද්ධා, එවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරන්තානං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’ති.
මැනැව මැනැව අනුරුද්ධයෙනි, යළි අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමත්ත ව ආතාප ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන තොපට මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්ත්ථ ඥානදර්ශනවිශේෂයෙක් අධිගත ව ඵාසුවිහාර ව ඇද්ද?
ඉධ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා ඔභාසඤ්චෙව සඤ්ජානාම දස්සනඤ්ච රූපානං. සො ඛො පන නො ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තඤ්ච නිමිත්තං න පටිවිජ්ඣාමා’ති.
වහන්ස, අපි මේ වෙනෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත නිරපේක්ෂක ව වසන්නමෝ අවභාසය හා (දිවැසින්) රූපදර්ශනය හඳුනම්හ, අපගේ ඒ අවභාසය හා රූපදර්ශනය නො බෝකල්හි මැ අන්තර්හිත වෙයි. ඒ කරුණ ද නො පිළිවිදුම්හ’ යි.
තං ඛො පන වො අනුරුද්ධා, නිමිත්තං පටිවිජ්ඣිතබ්බං. අහම්පි සුදං අනුරුද්ධා පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘කො නුඛො හෙතු කො පච්චයො, යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘විචිකිච්ඡා ඛො මෙ උදපාදි.
අනුරුද්ධයෙනි, තොප විසින් ඒ කරුණ පිළිවිදිය යුතු ය. අනුරුද්ධයෙනි, මම ද සම්බෝධියෙන් පෙර මැ අනභිසම්බුද්ධ බෝධිසත්ත්ව වූයෙම් මැ පරිකර්මාවභාසය හා රූපදර්ශන හැඳිනීමි. මාගේ ඒ පරිකර්මාවභාසය ද දිවැසින් කළ රූපදර්ශනය ද නො නො බෝකල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි මට තෙල සිත් වී: ‘යම් හෙයෙකින් මාගේ අවභාසයත් රූපදර්ශනත් අන්තර්හිත වේද, ඊට හේතු කවරේ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි. අනුරුද්ධයෙනි, එසඳ මට තෙල සිත් වී මට විචිකිච්ඡා උපන.
විචිකිච්ඡාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සතීති. සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘කො නු ඛො හෙතු කො පච්චයො, යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘අමනසිකාරො ඛො මෙ උදපාදි. අමනසිකාරාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි. යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති. න අමනසිකාරොති.
විචිකිච්ඡා හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ. සමාධි ගිලිහුණු කල්හි අවභාසයත් රූපදර්ශනත් අන්තර්හිත වී, යම්පරිදි මට විචිකිච්ඡා නූපදනේ ද, මම එසේ කරමි, කියා යි. අනුරුද්ධයෙනි, මම නො පමා ව වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන්නෙම් අවභාසයත් රූපදර්ශනයත් හැඳිනීමි. මාගේ ඒ අවභාසය හා රූපදර්ශන නො බෝ කල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි, මට මෙ සිත් වී: ‘යම් හෙයෙකින් මගේ අවභාසය හා රූපදර්ශන අන්තර් හිත වී ද, එයට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි, අනුරුද්ධයෙනි මට මෙ සිත් වී: ‘මට අමනසිකාරය උපන, අමනසිකාර හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාස හා රූපදර්ශන අන්තර්හිත වී. යම්පරිදි මට යළි විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ථිනමිද්ධං ඛො මෙ උදපාදි. ථිනමිද්ධාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි. යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධන්ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ථීනමිද්ධය උපන, ථීනමිද්ධ හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, ථිනමිද්ධ නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.
සො ඛො අහං අනුරුද්ධා, -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ඡම්භිතත්තං ඛො මෙ උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා, පුරිසො අද්ධානමග්ගපටිපන්නො, තස්ස උභතො පස්සෙ වධකා උප්පතෙය්යුං තස්ස තතො නිදානං ඡම්භිතත්තං උප්පජ්ජෙය්ය. එවමෙව ඛො මෙ අනුරුද්ධා, ඡම්භිතත්තං උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තන්ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තැතිගැනුම් උපන, තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. අනුරුද්ධයෙනි, යම් පරිදි අදන්මගට පිළිපන් පුරුෂයෙක් ඇද්ද, ඔහු දෙපස වධකයෝ නැඟීසිටිත් ද, ඔහුට ඒ හේතුවෙන් තැතිගැනුම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි, එපරිදි ම තැතිගැනුම් උපන. තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට විචිකිච්ඡා, අමනසිකාර ථීනමිද්ධ තැතිගැනුම් නූපදනේ වේ ද, එසේ කරමි’ යි කියා යි.
සො ඛො අහං අනුරුද්ධා, -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: උබ්බිල්ලං ඛො මෙ උදපාදි. උබ්බිල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො එකං නිධිමුඛං ගවෙසන්තො සකිදෙව පඤ්චනිධිමුඛානි අධිගච්ඡෙය්ය. තස්ස තතො නිදානං උබ්බිල්ලං උප්පජ්ජෙය්ය. එවමෙව ඛො අනුරුද්ධා උබ්බිල්ලං ඛො මෙ උදපාදි. උබ්බිල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලන්ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ඉපිලීම් උපන, ඉපිලීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම් පරිදි පුරුෂයෙක් එක් නිධිමුඛයක් සොයනුයේ එක්වරම නිධිමුඛ පසක් ලබා ද, ඔහුට ඒ හේතුයෙන් ඉල්පීම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි එපරිදි ම මට ඉල්පීම් උපන. ඉල්පීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.
සො ඛො අහං, අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘දුට්ඨුල්ලං ඛො මෙ උදපාදි. දුට්ඨුල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලන්ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට කායදරථ උපන, කායදරථ හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, කායදරථ නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: අච්චාරද්ධවිරියං ඛො මෙ උදපාදි. අච්චාරද්ධවිරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො උභොහි හත්ථෙහි වට්ටකං ගාළ්හං ගණ්හෙය්ය. සො තත්ථෙව පතමෙය්‍ය. එවමෙව ඛො අනුරුද්ධා, අච්චාරද්ධවිරියං ඛො මෙ උදපාදි, අච්චාරද්ධවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියන්ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය උපන. යළි අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල්හි අවභාසය ද රූපදර්ශනය ද අන්තර්හිත වෙයි. යම් පරිදි අනුරුද්ධයෙනි, පුරුෂයෙක් දෑතින් වටුවකු දැඩි කොට ගන්නේ ද, ඌ එහි මරුමුවට පැමිණේ ද, එපරිදි මැ අනුරුද්ධයෙනි, මට අත්‍යාරබ්ධවීර්‍ය්‍ය උපන. අත්‍යාරබ්ධවීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද මම එපරිදි කරමි.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: අතිලීනවිරියං ඛො මෙ උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො වට්ටකං සිථිලං ගණ්හෙය්ය. සො තස්ස හත්ථතො උප්පතෙය්ය. එවමෙව ඛො මෙ අනුරුද්ධා, අතිලීනවිරියං උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං නඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියන්ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අතිලීනවීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්ශනය අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම්පරිදි පුරුෂයෙක් වටුවකු ලිහිල් කොට ගන්නේ වේ ද, එ වටු ඔහු අතින් පිය හඹා නඟී ද, අනුරුද්ධයෙනි, එපරිදි ම මට අතිලීන වීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද මම එසේ කරමි.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘අභිජප්පා ඛො මෙ උදපාදි. අභිජප්පාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියං න අභිජප්පාති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තෘෂ්ණා උපන. තෘෂ්ණා හේතුයෙනුදු ... රූපදර්ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද මම එසේ කරමි.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: නානත්තසඤ්ඤා ඛො මෙ උදපාදි. නානත්තසඤ්ඤාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා’ති.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට නානත්තසඤ්ඤා උපන. නානත්තසඤ්ඤා හේතුයෙනුදු ... රූපදර්ශන අන්තර්හිත වී. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද නානත්තසඤ්ඤා නූපදී ද, මම එසේ කරමි.
සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘අතිනිජ්ඣායිතත්තං ඛො මෙ රූපානං උදපාදි. අතිනිජ්ඣායිතත්තාධිකරණඤ්ච පන මෙ රූපානං සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියං න අභිජප්පා න නානත්තසඤ්ඤා න අතිනිජ්ඣායිතත්තං රූපානන්ති.
අනුරුද්ධයෙනි, මම නොපමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරන්නෙම් ඕභාසය ද හා රූපදර්ශනය ද හඳුනමි. මාගේ ඒ ඕභාසය හා රූපදර්ශනය නොබෝ වේලෙහි අතුරුදහන් කෙරෙයි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී. යම් හේතුයෙකින් මාගේ ඕභාසය හා රූපදර්ශන අතුරුදහන් කෙරේ ද, ඊට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට රූපයන් පිළිබඳ අධික නිජ්ඣායනා ඇති බව උපන. මාගේ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනා ඇති බව හේතු කොටගෙන සමාධි බුන. සමාධිය බුන් කල ඕභාස හා රූපදර්ශන අතුරුදහන් කැරෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද අතිලීනවීර්‍ය්‍ය නූපදනේ ද තෘෂ්ණා නූපදනේ ද නානත්තසඤ්ඤා නූපදනේ ද රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනා නූපදනේ ද මම එසේ කරමි.
සො ඛො අහං අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති: ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අමනසිකාරං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජප්පං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා නානත්තසඤ්ඤං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසං පජහිං.
අනුරුද්ධයෙනි, මම විචිකිච්ඡාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ විචිකිච්ඡාව හළෙමි. අමනසිකාරය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අමනසිකාරය හළෙමි. ථීනමිද්ධය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ථීනමිද්ධය හළෙමි. තැතිගැනුම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තැතිගැනුම හළෙමි. ඉල්පීම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ඉල්පීම හළෙමි. කායදරථය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ කායදරථය හළෙමි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය හළෙමි. අතිලීනවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අතිලීනවීර්‍ය්‍යය හළෙමි. තෘෂ්ණාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තෘෂ්ණාව හළෙමි. නානත්තසඤ්ඤාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ නානත්තසඤ්ඤාව හළෙමි. රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව හළෙමි.
සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසම්පි හි ඛො සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි. රූපානි හි ඛො පස්සාමි, න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: කො නු ඛො හෙතු, කො පච්චයො, සොහං ඔභාසම්පි ඛො සඤ්ජානාමි. න ච රූපානි පස්සාමි. රූපානි හි ඛො තස්මිං සමයෙ පස්සාමි. න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: යස්මිං හි ඛො අහං සමයෙ රූපනිමිත්තං අමනසිකරිත්වා ඔභාසනිමිත්තං මනසිකරොමි. ඔභාසං හි ඛො තස්මිං සමයෙ සඤ්ජානාමි න ච රූපානි පස්සාමි. යස්මිං පනාහං සමයෙ ඔභාසනිමිත්තං අමනසි කරිත්වා රූපනිමිත්තං මනසි කරොමි. රූපානි හි ඛො තස්මිං හි සමයෙ පස්සාමි. න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවං කෙවලම්පි රත්තින්දිවන්ති.
අනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන්නෙම් මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඕභාසය දනිමි. රූප නො දක්මි. රූප දක්මි, එතෙකුදු ඕභාස නො දනිමි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඕභාසය දනිම් ද රූප නො දකිම් ද, එසමයෙහි රූප දකිම් ද ඕභාස නො ද දනිම් ද, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙකම දැයි මෙසේ යම් සමයෙක මම රූප නිමිති මෙනෙහි නො කොට ඕභාසය නිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි ඕභාස දනිමි. රූප නො දක්මි. යම් කලෙක මම ඕභාසය නිමිති මෙනෙහි නො කොට රූපනිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි රූප දක්මි, ඕභාස නො ද දනිමි.
ඛො අහං අනුරුද්ධා අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො පරිත්තං චෙව ඔභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි. අප්පමාණානි ච රූපානි පස්සාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං, කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො, සොහං පරිත්තං චෙව ඔභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවංසං කෙවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: යස්මිං ඛො මෙ සමයෙ පරිත්තො, සමාධි හොති, පරිත්තං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං පරිත්තෙන චක්ඛුනා පරිත්තඤ්චෙව ඔභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. යස්මිං පන සමයෙ අප්පමාණො මෙ සමාධි හොති. අප්පමාණං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං අප්පමාණෙන චක්ඛුනා අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති.
අනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වසනුයෙම් මුළුරැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද පරිත්ත වූ කර්මස්ථානයෙහි ඕභාසයක් දැනගනිමි, පරිත්ත වූ කර්මස්ථානයෙහි රූපයනුදු දක්මි. අප්‍රමාණ කර්මස්ථානයෙහි ඕභාසයත් දැනගනිමි, අප්‍රමාණ කර්මස්ථානයෙහි රූප ද දක්මි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද මම පරිත්ත ඕභාස හඳුනමි, පරිත්ත රූප දක්මි. අප්රමාණොභාස හඳුනමි, අප්‍රමාණ රූප දක්මි. ඊට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරෙ යැ’ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘යම් කලෙක පරිත්ත පරිකර්මෝභාස වේ ද, ඒ සමයෙහි මට පරිත්ත වූ දිවැස් වෙයි, මම පරිත්ත වූ දිවැසින් පරිත්ත වූ ඕභාස හඳුනමි, පරිත්තරූප දක්මි. යම් කලෙක මට අප්‍රමාණ සමාධි වේ ද, එසමයෙහි මට අප්‍රමාණ වූ දිවැස වෙයි, මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ඕභාස හඳුනමි, අප්‍රමාණ වූ රූප ද දක්මි. මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද ගෙනය කියා යි.
යතො ඛො මෙ අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි. යෙ ඛො මෙ චිත්තස්ස උපක්කිලෙසා, තෙ මෙ පහීනා හන්දදානාහං තිවිධෙන සමාධිං භාවෙමී’ති. සො ඛො අහං අනුරුද්ධා සවිතක්කම්පි සවිචාරං සමාධිං භාවෙසිං. අවිතක්කම්පි විචාරමත්තං සමාධිං භාවෙසිං. අවිතක්කම්පි අවිචාරං සමාධිං භාවෙසිං. සප්පීතිකම්පි සමාධිං භාවෙසිං. නිප්පීතිකම්පි සමාධිං භාවෙසිං. සාතසහගතම්පි සමාධිං භාවෙසිං. උපෙක්ඛාසහගතම්පි සමාධිං භාවෙසිං. යතො ඛො මෙ අනුරුද්ධා, සවිතක්කොපි සවිචාරො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි විචාරමත්තො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි අවිචාරො සමාධි භාවිතො අහොසි, සප්පීතිකොපි සමාධි භාවිතො අහොසි. නිප්පීතිකොපි සමාධි භාවිතො අහොසි, සාතසහගතොපි සමාධි භාවිතො අහොසි. උපෙක්ඛාසහගතොපි සමාධි භාවිතො අහොසි. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති. නත්ථි දානි පුනබ්භවොති.
අනුරුද්ධයෙනි, යම් කලෙක විචිකිච්ඡාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ විචිකිච්ඡාව ප්‍රහීණ වී ද, අමනසිකාරය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අමනසිකාරය ප්‍රහීණ වී ද, ථීනමිද්ධය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ථිනමිද්ධය ප්‍රහීණ වී ද, තැතිගැන්ම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තැතිගැන්ම ප්‍රහීණ වී ද, ඉල්පීම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ඉල්පීම ප්‍රහීණ වී ද, කායදරථ චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ කායදරථය ප්‍රහීණ වී ද, අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, අතිලීනවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අතිලීනවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, තෘෂ්ණාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තෘෂ්ණාව ප්‍රහීණ වී ද, නානාත්වසංඥාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ නානාත්වසංඥාව ප්‍රහීණ වී ද, රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව ප්‍රහීණ වී ද, අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: මාගේ යම් චිත්තෝපක්ලේශයෝ ඇද්ද, ඔහු මට ප්‍රහීණයහ, එයින් දැන් මම තුන් අයුරෙකින් සමාධිය වඩමි. අනුරුද්ධයෙනි, මම සවිතර්ක වූ ද සවිචාර වූ ද සමාධිය වැඩුවෙමි, අවිතර්ක වූ ද විචාරමාත්‍ර වූ ද සමාධිය වැඩීමි. අවිතර්ක වූ ද අවිචාරසමාධිය වැඩීමි, සප්‍රීතික සමාධිය වැඩීමි, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වැඩීමි, සුඛසහගත වූ ද සමාධිය වැඩීමි, උපේක්ෂා සහගත වූ ද සමාධිය වැඩීමි. අනුරුද්ධයෙනි, යම් කලෙක මා විසින් සවිතර්ක වූ ද සවිචාර වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, අවිතර්ක වූ ද විචාරමාත්‍ර සමාධිය වඩන ලදුයේ වී ද අවිතර්ක වූ ද අවිචාර සමාධිය වඩන ලදුයේ වී ද, සප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, සුඛසහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, උපේක්ෂා සහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, (එකල්හි) මට සියල්ල දක්නා සර්වඥතාඥානය ද උපන: ‘මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මේ අන්තිම ජාතිය යි, මෙවිට පුනර්භවයෙක් නැතැ’ යි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ උපක්ලේශ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කළහ.
උපක්කිලෙසසුත්තං අට්ඨමං.
අටවැනි උපක්කිලේස සූත්‍ර යි.