යෙදුමෙන් කියවන්න

බාලපණ‍්ඩිත සුත‍්තං

3. 3. 9.

3. 3. 9.

බාලපණ‍්ඩිත සුත‍්තං

බාලපණ්ඩිත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහු ගේ ජේතවන අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල බාලපණ්ඩිත සුත වදාළ සේක.

තීණිමානි භික‍්ඛවෙ, බාලස‍්ස බාලලක‍්ඛණානි බාලනිමිත‍්තානි බාලාපදානානි. කතමානි තීණි: ඉධ භික‍්ඛවෙ, බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච හොති දුබ‍්භාසිතභාසී ච දුක‍්කතකම‍්මකාරී ච. නො චෙතං භික‍්ඛවෙ, බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච අභවිස‍්ස දුබ‍්භාසිතභාසී ච දුක‍්කතකම‍්මකාරී ච කෙන නං පණ‍්ඩිතා ජානෙය්‍යුං: බාලො අයං භවං අසප‍්පුරිසො’ති යස‍්මා ච ඛො භික‍්ඛවෙ, බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච හොති දුබ‍්භාසිතභාසී ච දුක‍්කතකම‍්මකාරී ච, තස‍්මා නං පණ‍්ඩිතා ජානන‍්ති: බාලො අයං භවං අසප‍්පුරිසොති.

මහණෙනි, බාලයා පිළිබඳ බාලයා දැනගන්නා ලක්‍ෂණයේ බාලයා දැනගන්නා කාරණයෝ බාලචරිතාපදානයෝ මොහු තුන්දෙනෙක. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොවැ බාල තෙමේ අභිජ්ඣා ආදි නපුරු සිතිවිලි සිතනසුලු වෙයි. මුසවා ආදි නපුරු බස් බණනසුලු ද වෙයි. පණිවා ආදි නපුරුකම් කරනසුලු ද වෙයි. ඉදින් මහණෙනි, බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ය, නපුරු බස් බණනසුලු ද වේ ය, නපුරු කම් කරනසුලු ද වේ ය යන තෙල නො වී නම් කවර අයුරෙකින් පණ්ඩිත ජනයෝ “මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ද, නපුරු බස් බණනසුලු වේ ද, නපුරු කම් කරනසුලු වේ ද, එහෙයින් පණ්ඩිත ජනයෝ ‘මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිති.

ස ඛො සො භික‍්ඛවෙ, බාලො තිවිධං දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සචෙ භික‍්ඛවෙ, බාලො සභායං වා නිසින‍්නො හොති. රථියාය වා නිසින‍්නො හොති. සිඞ‍්ඝාටකෙ වා නිසින‍්නො හොති. තත්‍ර චෙ ජනො තජ‍්ජං තස‍්සාරුප‍්පං කථං මන‍්තෙති සචෙ භික‍්ඛවෙ, බාලො පාණාතිපාතී හොති. අදින‍්නාදායී හොති. කාමෙසුමිච‍්ඡාචාරී හොති. මුසාවාදී හොති. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායී හොති. තත්‍ර භික‍්ඛවෙ බාලස‍්ස එවං හොති: යං ඛො ජනො තජ‍්ජං තස‍්සාරුප‍්පං කථං මන‍්තෙති. සංවිජ‍්ජන‍්තෙ තෙ ච ධම‍්මා මයි, අහඤ‍්ච තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාමීති. ඉදං භික‍්ඛවෙ, බාලො පඨමං දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

මහණෙනි. ඒ බාල ඉහාත්මයෙහි ම තුන්වැදෑරුම් දුක්දොම්නසක් විදුනේ ය. ඉදින් මහණෙනි, බාල සභායෙක වේව’යි හුන්නේ වේ ද, වීථියෙක වේව’යි හුන්නේ වේ ද, සතරමංසන්‍ධියෙක වේව’යි හුන්නේ වේ ද, එහිදු ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරෙයි. මහණෙනි, ඉදින් බාල පණිවා කරනසුලු වේ ද, අයිනාදන් ගන්නාසුලු වේ ද, කාමයෙහි මිසහසර ඇති වේ ද, මුසවා බණනසුලු වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනසුලු වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: “ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ දුසිරිත් දහම්හු මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි ලා දැක්වෙමි”. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ පළමුවන දුක්දොම්නස විඳුනේ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, බාලො පස‍්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්තෙ: කසාහිපි තාළෙන‍්තෙ, වෙත‍්තෙහිපි තාළෙන‍්තෙ, අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්තෙ, හත්‍ථම‍්පි ඡින්‍දන‍්තෙ, පාදම‍්පි ඡින්‍දන‍්තෙ, හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්තෙ, කණ‍්ණම‍්පි ඡින්‍දන‍්තෙ, නාසම‍්පි ඡින්‍දන‍්තෙ, කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්තෙ, බිලඞ‍්ගථාලිකම‍්පි කරොන‍්තෙ, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොන‍්තෙ, රාහුමුඛම‍්පි කරොන‍්තෙ, ජොතිමාලිකම‍්පි කරොන‍්තෙ, හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොන‍්තෙ, එරකවත‍්තිකම‍්පි කරොන‍්තෙ, චීරකවාසිකම‍්පි කරොන‍්තෙ, එණෙය්‍යකම‍්පි කරොන‍්තෙ, බලිසමංසිකම‍්පි කරොන‍්තෙ, කහාපණකම‍්පි කරොන‍්තෙ, ඛාරාපතච‍්ඡිකම‍්පි කරොන‍්තෙ, පලිඝපරිවත‍්තිකම‍්පි කරොන‍්තෙ, පලාලපීඨකම‍්පි කරොන‍්තෙ, තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන‍්තෙ, ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්තෙ, අසිනාපි සීසං ඡින්‍දන‍්තෙ. තත්‍ර භික‍්ඛවෙ, බාලස‍්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම‍්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං

තවද මහණෙනි, බාල තෙමේ රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටුලු කෙරෙත් ද, කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් අඩදඬියෙනුදු තළනුවන් අත ද සිඳනුවන් පය ද සිඳිනුවන් අත්පා ද සිඳිනුවන් කනුදු සිඳිනුවන් නැහැදු සිඳිනුවන් කන් නැහැදු සිඳිනුවන් බිලඞ්ගථාලික නම් වධ ද කරනුවන් ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරනුවන් රාහුමුඛ නම් වධ ද කරනුවන් ජෝතිමාලික නම් වධ ද කරනුවන් හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරනුවන් එරකවත්තික නම් වධ ද කරනුවන් චීරකවාසික නම් වධ ද කරනුවන් එණෙය්‍යක නම් වධ ද කරනුවන් බලිසමංසික නම් වධ ද කරනුවන් කහාපණක නම් වධ ද කරනුවන් ඛාරාපතච්ඡික නම් වධ ද කරනුවන් පලිඝපරිවත්තික නම් වධ ද කරනුවන් පලාලපීඨක නම් වධ ද කරනුවන් රත්තෙලිනුදු ඉස්නවුන් ශුනකයන් ලවා කවනුවන් දිවස්හුල හිඳුවනවන් කඩුවෙනුදු හිස සිඳනුවන් දක්නේ වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: යම්බඳු පාපකර්‍ම හේතු කොටගෙන රජදරුවෝ අපරාධකාරී

ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරොන‍්ති: කසාහිපි තාළෙන‍්ති වෙත‍්තෙහිපි තාළෙන‍්ති. අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්ති. හත්‍ථම‍්පි ඡින්‍දන‍්ති. පාදම‍්පි ඡින්‍දන‍්ති. හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්ති. කණ‍්ණම‍්පි ඡින්‍දන‍්ති. නාසම‍්පි ඡින්‍දන‍්ති. කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්ති. බිලඞ‍්ගථාලිකම‍්පි කරොන‍්ති. සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොන‍්ති. රාහුමුඛම‍්පි කරොන‍්ති. ජොතිමාලිකම‍්පි කරොන‍්ති. හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොන‍්ති. එරකවත‍්තිකම‍්පි කරොන‍්ති. චීරකවාසිකම‍්පි කරොන‍්ති. එණෙය්‍යකම‍්පි කරොන‍්ති. බලිසමංසිකම‍්පි කරොන‍්ති. කහාපණකම‍්පි කරොන‍්ති. ඛාරාපතච‍්ඡිකම‍්පි කරොන‍්ති. පලිඝපරිවත‍්තිකම‍්පි කරොන‍්ති. පලාලපිට‍්ඨිකම‍්පි කරොන‍්ති. තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්ති. සුනඛෙහිපි ඛාදාපෙන‍්ති. ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්ති. අසිනාපි සීසං ඡින්‍දන‍්ති. සංවිජ‍්ජන‍්තෙ තෙ ච ධම‍්මා මයි, අහඤ‍්ච තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාමි. මඤ‍්චෙපි රාජානො ආජානෙය්‍යුං මම‍්පි රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙය්‍යුං: කසාහිපි තාළෙය්‍යුං. වෙත‍්තෙහිපි තාළෙය්‍යුං. අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙය්‍යුං. හත්‍ථම‍්පි ඡින්‍දෙය්‍යුං. පාදම‍්පි ඡින්‍දෙය්‍යුං. හත්‍ථපාදම‍්පි ඡින්‍දෙය්‍යුං. කණ‍්ණම‍්පි ඡින්‍දෙය්‍යුං. නාසම‍්පි ඡින්‍දෙය්‍යුං. කණ‍්ණනාසම‍්පි ඡින්‍දෙය්‍යුං. බිලඞ‍්ගථාලිකම‍්පි කරෙය්‍යුං. සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරෙය්‍යුං. රාහුමුඛම‍්පි කරෙය්‍යුං. ජොතිමාලිකම‍්පි කරෙය්‍යුං. හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරෙය්‍යුං. එරකවත‍්තිකම‍්පි කරෙය්‍යුං. චීරකවාසිකම‍්පි කරෙය්‍යුං. එණෙය්‍යකම‍්පි කරෙය්‍යුං. බලිසමංසිකම‍්පි කරෙය්‍යුං. කහාපණකම‍්පි කරෙය්‍යුං. ඛාරාපතච‍්ඡිකම‍්පි කරෙය්‍යුං. පලිඝපරිවත‍්තිකම‍්පි කරෙය්‍යුං. තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චෙය්‍යුං. සුනඛෙහිපි ඛාදාපෙය්‍යුං. ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙය්‍යුං. අසිනාපි සීසං ඡින්‍දෙය්‍යුන‍්ති. ඉදම‍්පි භික‍්ඛවෙ බාලො දුතියං දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙත් ද, කසයෙනුදු තළත් ද, වේවැලිනුදු තලත් ද අඩදඬියෙනුදු තළත් ද, අතද සිඳිත් ද, පය ද සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කන ද සිඳිත් ද, නැහැය ද සිඳිත් ද, කන්නැහැ ද සිඳිත් ද, බිලඞ්ගථාලිකවධ ද කෙරෙත් ද, ශඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත් ද, රාහුමුඛවධ ද කෙරෙත් ද, ජෝතිමාලිකවධ ද කෙරෙත් ද, හත්‍ථපජ්ජෝතික වධ ද කෙරෙත් ද, එරකවත්තිකවධ ද කෙරෙත් ද, චීරකවාසිකවධ ද කෙරෙත් ද, එණෙය්‍යකවධ ද කෙරෙත් ද, බලිසමංසිකවධ ද කෙරෙත් ද, කහාපණකවධ ද කෙරෙත් ද, ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත් ද, පලිඝපරිවත්තිකවධ ද කෙරෙත් ද, පලාලපිට්ඨිකවධ ද කෙරෙත් ද, රත්තෙලිනුදු ඉසිත් ද, ශුනකයන් ලවා කවත් ද, දිවස්හුලෙහි හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, එබඳු පාපධර්‍මයෝ මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි දැක්වෙමි. රජදරුවෝ මයිත් දැනගන්නාහු නම් රජදරුවෝ මයිදු ගෙන විවිධ කම්කටොලු කරන්නාහු ය. කසයෙනුදු තළන්නාහු ය, වේවැලිනුදු තළන්නාහු ය, අඩදඬියෙනුදු තළන්නාහු ය, අත ද සිඳින්නාහු ය, පය ද සිඳින්නාහු ය, අත්පා ද සිඳින්නාහු ය, කන ද සිඳින්නාහු ය, නැහැය ද සිඳින්නාහු ය, කන්නැහැ ද සිඳින්නාහු ය, බිලඞ්ගථාලික නම් වධ ද කරන්නාහු ය, ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරන්නාහු ය, රාහුමුඛ නම් වධ ද කරන්නාහු ය, ජෝතිමාලික නම් වධ ද කරන්නාහු ය, හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරන්නාහු ය, එරකවත්තික නම් වධ ද කරන්නාහු ය, චීරකවාසික නම් වධ ද කරන්නාහු ය, එණෙය්‍යක නම් වධ ද කරන්නාහු ය, බලිසමංසික නම් වධ ද කරන්නාහු ය, කහාපණක නම් වධ ද කරන්නාහු ය, බාරාපතච්ඡික නම් වධ ද කරන්නාහු ය, පලිඝපරිවත්තික නම් වධ ද කරන්නාහු ය, රත්වූ තෙලිනුදු ඉස්නාහු ය, ශුනකයන් ලවා ද කවන්නාහු ය, දිවමනුහු දු හුලැ හිඳුවන්නාහු ය, කඩුවෙනුදු හිස සිඳින්නාහු යයි කියා යි. මහණෙනි. බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ දෙවන දුක්දොම්නස විඳුනේ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, බාලං පීඨසමාරූළ‍්හං වා මඤ‍්චසමාරූළ‍්හං වා ඡමායවා සෙමානං, යානිස‍්ස පුබ‍්බෙ පාපකානි කම‍්මානි කතානි කායෙන දුච‍්චරිතානි වාචාය දුච‍්චරිතානි මනසා දුච‍්චරිතානි, තානිස‍්ස තම‍්හි සමයෙ ඔලම‍්බන‍්ති, අජ‍්ඣොලම‍්බන‍්ති, අභිප‍්පලම‍්බන‍්ති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහන‍්තානං පබ‍්බතකූටානං ඡායා සායන‍්හසමයං පථවියා ඔලම‍්බන‍්ති, අජ‍්ඣොලම‍්බන‍්ති, අභිප‍්පලම‍්බන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, බාලං පීඨසමාරූළ‍්හං වා මඤ‍්චසමාරූළ‍්හං වා ඡමාය වා සෙමානං, යානිස‍්ස පුබ‍්බෙ පාපකානි කම‍්මානි කතානි කායෙන දුච‍්චරිතානි වාචාය දුච‍්චරිතානි මනසා දුච‍්චරිතානි, තානිස‍්ස තම‍්හි සමයෙ ඔලම‍්බන‍්ති, අජ‍්ඣොලම‍්බන‍්ති, අභිප‍්පලම‍්බන‍්ති, තත්‍ර භික‍්ඛවෙ බාලස‍්ස එවං හොති: ‘අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත‍්තාණං. කතං පාපං, කතං ලුද‍්දකං, කතං කිබ‍්බිසං. යා ච හොති අකතකල්‍යාණානං අකතකුසලානං අකතභීරුත‍්තාණානං කතපාපානං කතලුද‍්දානං කතකිබ‍්බිසානං ගති. තං ගතිං පෙච‍්ච ගච‍්ඡාමී’ති. සො සොචති, කිලමති, පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති. ඉදම‍්පි ඛො භික‍්ඛවෙ, බාලො තතියං දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

යළිදු මහණෙයි, බාලයා පීඨයෙහි නැඟී හුන්නහුට වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහුට වේ ව’යි බිමැ හෝනහුට වේව’යි ඔහු විසින් පෙර කරන ලද කායදුශ්චරිත වූ වාග්දුශ්චරිත වූ මනෝදුශ්චරිත වූ යම් ලාමක කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ එළැඹ සිටිති, (අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්.) මහණෙනි, යම් පරිදි සවස් කාලයෙහි මහත් පර්‍වතකූටයන් ගේ සෙවණැලි පොළොවෙහි පැතිරේ ද, එපරිදි මැ මහණෙනි, පීඨයෙහි නැඟී හුන්නහු වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහු වේව’යි බිමැ හෝනහු වේව’යි බාල හට ඔහු විසින් කළ කායදුශ්චරිත වූ හෝ වාග්දුශ්චරිත වූ හෝ මනෝදුශ්චරිත වූ හෝ යම් පූර්‍ව පාපකර්‍ම කෙනෙක් ඇද්ද එකල්හි එ කර්‍මයෝ එළැබ සිටිත්. මහණෙනි, ඒ වැටැහීම් ආපාතගත කල්හි බාලයා හට මෙසේ සිත් වෙයි: ‘මා විසින් කල්‍යණයෙක් නො කරන ලද මැ ය, කුශලයෙක් නො කරන ලද මැ ය, බියට පිහිටෙක් නො කරන ලද මැ ය, පව් කරන ලද, කැකුළුකම් කරන ලද, කිලුටු කම් කරන ලද, කලණ කම් නොකළ කුසල් නො කළ බියට පිහිට නො කළ පව් කළ කැකුළුකම් කළ කිලුටුකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ එ ගතියට යෙමි’යි කියා යි. හේ ශෝක කෙරෙයි, හේ ක්ලාන්ත වෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි අත් පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ තුන්වන දුක්දොම්නස ද විඳුනේ වෙයි.

ස ඛො සො භික‍්ඛවෙ බාලො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. යං ඛො තං භික‍්ඛවෙ සම‍්මා වදමානො වදෙය්‍ය: ‘එකන‍්තං අනිට‍්ඨං එකන‍්තං අකන‍්තං එකන‍්තං අමනාප’න‍්ති. නිරයමෙවෙතං සම‍්මා වදමානො වදෙය්‍ය: එකන‍්තං අනිට‍්ඨං එකන‍්තං අකන‍්තං එකන‍්තං අමනාපන‍්ති. යාවඤ‍්චිදං භික‍්ඛවෙ, උපමාපි න සුකරා යාව දුක‍්ඛා නිරයාති.

මහණෙනි, ඒ බාල කයින් දුශ්චරිත කොට බසින් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට එළැබෙයි, මහණෙනි, මොනොවට බණනුයෙක් ඒකාන්ත අනිෂ්ට යයි ඒකාන්ත අකාන්ත යයි ඒකාන්ත අමනාප යයි යමක් ගෙන බෙණේ නම් මොනොවට බණනුයේ ඒකාන්ත අනිෂ්ට යයි ඒකාන්ත අමනාප යයි තෙල නිරය මැ ගෙන බණන්නේ ය, මහණෙනි, නිරයයෝ අතිශය දුක් ඇතියහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ යයි වදාළෝ.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: සක‍්කා පන මෙ භන‍්තෙ, උපමං කාතුන‍්ති?

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘වහන්ස, උපමාවක් කරන්නට හැකි දැ’යි.

සක‍්කා භික‍්ඛූති භගවා අවොච. ‘සෙය්‍යථාපි භික‍්ඛු, චොරං ආගුචාරිං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙය්‍යුං: ‘අයං ඛො දෙව, චොරො ආගුචාරී, ඉමස‍්ස යං ඉච‍්ඡසි, තං දණ‍්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ‘ගච‍්ඡථ භො, ඉමං පුරිසං පුබ‍්බණ‍්හසමයං සත‍්තිසතෙන හනථා’ති. තමෙනං පුබ‍්බණ‍්හසමයං සත‍්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා මජ‍්ඣන‍්තිකසමයං එවං වදෙය්‍ය: ‘අම‍්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව දෙව ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ‘ගච‍්ඡථ, භො, තං පුරිසං මජ‍්ඣන‍්තිකසමයං සත‍්තිසතෙන හනථා’ති. තමෙනං මජ‍්ඣන‍්තිකසමයං සත‍්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා සායන‍්හසමයං එවං වදෙය්‍ය: ‘අම‍්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව දෙව ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ‘ගච‍්ඡථ, භො, තං පුරිසං සායන‍්හසමයං සත‍්තිසතෙන හනථා’ති. තමෙනං සායන‍්හසමයං සත‍්තිසතෙන හනෙය්‍යුං. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු සො පුරිසො තීහි සත‍්තිසතෙහි හඤ‍්ඤමානො තතො නිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියෙථා’ති?

භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, හැක්කැ’යි වදාළ සේක: “මහණ, යම් පරිදි ‘දේවයෙනි, මේ අපරාධකාරී සොරෙක, මුහුට යම් දඬුවමක් කැමැත්තහු නම් ඒ දඬුවම එළවාලව’යි පාපකාරී සොරකු ගෙන රජුට දක්වත් ද, රජ ඔහුට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, මේ පුරුෂයා පෙරවරුයෙහි සියක් සිරිපහරින් හිංසා කරව’යි. පෙරවරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කෙරෙයි. ඉක්බිති රජ මධ්‍යාහ්නයෙහි මෙසේ කියන්නේ ය: ‘එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ ය’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා මධ්‍යාහ්න සමයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි. මධ්‍යාහ්න සමයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කරන්නාහු ය. ඉක්බිති රජ සවස්වරුයෙහි මෙසේ කියන්නේ ය: එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දේවයෙනි, එසේ ම ජීවත් වේ යැ’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා සවස්වරුයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි, සවස්වරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් නස්නාහුය. මහණෙනි, කෙසේ හඟව, ඒ පුරුෂ සියක් සිරියෙන් නැස්නේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳුනේ වේ දැ”යි.

එකිස‍්සාපි භන‍්තෙ, සත‍්තියා හඤ‍්ඤමානො සො පුරිසො තතො නිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියෙථ. කො පන වාදො තීහි සත‍්තිසතෙහීති.

වහන්ස, එක් සිරිපහරකිනුදු හන්‍යමාන පුරුෂ ඒ හේතුයෙන් දුක්දොම්නස් විඳුනේ ය. තුන්සියක් සිරියෙන් නැස්නේ කවර කථා යැ.

අථ ඛො භගවා පරිත‍්තං පාණිමත‍්තං පාසාණං ගහෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: ‘තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමො නු ඛො මහන‍්තතරො, යො චායං මයා පරිත‍්තො පාණිමත‍්තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ‍්බතරාජා’ති?

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇතුළුමිටැ සිටුනා කුඩා කැටක් ගෙන මහණුන් ඇමැතූ සේක: ‘මහණෙනි, ඒ කිසේ හඟව, මා විසින් ඇතුළුමිටැ සිටුනා පමණ ඇලුප් කැටෙක් ගන්නා ලද ද, යම් හිමාලය පර්‍වතරාජයෙක් ඇද්ද, මුන් කෙරෙහි කිමෙක් මහත්තර වේ ද?

අප‍්පමත‍්තො ඛො අයං භන‍්තෙ, භගවතා පරිත‍්තො පාණිමත‍්තො පාසාණො ගහිතො, හිමවන‍්තං පබ‍්බතරාජානං උපනිධාය සඞ‍්ඛම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙතී’ති.

වහන්ස, මුබ වහන්සේ විසින් යම් ඇතුළුමිටැ සිටුනා පමණ අල්ප පාෂාණයෙක් ගන්නා ලද ද, මෙය හිමවත් පර්‍වතරාජයා පිණිස අල්පමාත්‍ර වෙයි, ගණනාවට ද නො යෙයි. කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, යං සො පුරිසො තීහි සත‍්තිසතෙහි හඤ‍්ඤමානො තතො නිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. තං ෙනරයිකස‍්ස දුක‍්ඛස‍්ස උපනිධාය සඞ‍්ඛම‍්පි න උපෙති. කලභාගම‍්පි න උපෙති. උපනිධිම‍්පි න උපෙති.

එසෙයින් මැ මහණෙනි, ඒ පුරුෂ තුන් අඩයටි සියෙන් පෙළනු ලබනුයේ ඒ හේතුයෙන් යම් දුකක් දොම්නසක් විඳි ද, එය නිරයදුක සඳහා ගණනාවට ද නො යෙයි, කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා පඤ‍්චවිධබන්‍ධනං නාම කාරණං කරොන‍්ති: තත‍්තං අයොඛීලං හත්‍ථෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං දුතියෙ හත්‍ථෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛිලං පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං මජ‍්ඣෙ උරස‍්මිං ගමෙන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති.

මහණෙනි, ඔහුට නිරයපාලයෝ පඤ්චවිධබන්‍ධන නම් වධයක් කෙරෙති: රත්වූ යහුලක් දකුණතෙහි ගසති, රත් යහුලක් දෙවැනි අතෙහි ගසති, රත් යහුලක් දකුණු පයෙහි ගසති, රත් යහුලක් දෙවැනි පයෙහි ගසති, රත් යහුලක් ළමැද ගසති, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී, යම් තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්‍වා කුඨාරීහි තච‍්ඡන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති.

මහණෙනි, නිරයපාලයෝ ඔහු යපොළො වැ හොවා කෙටේරියෙන් සසිති, හේ එහි දුඃඛ ත්‍රව්‍ර වේදනා විඳී. යම් තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා වාසීහි තච‍්ඡන‍්ති. සො තත්‍ථ -පෙ- යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති.

මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශීර්‍ෂ කොට ගෙන වෑයෙන් සසති. හේ එහි ... යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්‍වා ආදිත‍්තාය පඨවියා සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය සාරෙන‍්තිපි පච‍්චාසාරෙන‍්තිපි. සො තත්‍ථ -පෙ- යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති.

මහණෙනි, නිරයපාලයෝ ඔහු සම්ප්‍රජ්වලිත වූ රථයෙහි යොදා ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ සප්‍රභ වූ අයෝමය පෘථිවියෙහි සාරණය ද ප්‍රත්‍යාසාරණය ද කරවත්. (ඔබ මොබැ ඇවිදුවත්.) හේ එහි ... යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා මහන‍්තං අඞ‍්ගාරපබ‍්බතං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං ආරොපෙන‍්තිපි ඔරොපෙන‍්තිපි. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපකම‍්මං බ්‍යන‍්තීහොති.

මහණෙනි, නිරයපාලයේ ඔහු ගෙන ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ ඇවිළගත් ගිනි ඇති මහත් අඞ්ගාරපර්‍වතයකට නැංවීම ද බැස්වීම ද කෙරෙති. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී, යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා තත‍්තාය ලොහකුම‍්භියා පක‍්ඛිපන‍්ති ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චති. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චමානො සකිම‍්පි උද‍්ධං ගච‍්ඡති. සකිම‍්පි අධො ගච‍්ඡති. සකිම‍්පි තිරියං ගච‍්ඡති. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති.

මහණෙනි, නිරයපාලයෝ ඔහු උඩුපා කොට හිස් යටිහුරු කොට ගෙන ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනි ඇවිළගත් ප්‍රතප්ත ලොහොකුඹුනිරයෙහි බහාලති, හේ එහි පෙණ පිඬක් බඳු දේහ ඇති ව පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති ව පස්නේ එක්වට උඩ නැඟෙ යි: එක්වට යටට බස්සි, එක්වට සරස ඇවිදී, හේ එහි තීව්‍ර වූ කටුක වූ දුඃඛ වේදනා විඳී. යම් තාක් ඒ පාපක්‍රියා නො ගෙ වේ ද, ඒ තාක් කලුරිය නො කෙරේ.

තමෙනං භික‍්ඛවෙ, නිරයපාලා මහානිරයෙ පක‍්ඛිපන‍්ති. සො ඛො පන භික‍්ඛවෙ, මහානිරයො.

මහණෙනි, නිරයපාලයෝ ඔහු ගෙන මහානිරයෙහි බහාලති. මහණෙනි, ඒ මහානිරය නම්:

චතුක‍්කණ‍්ණො චතුද‍්වාරො විභත‍්තො භාගසො මිතො, අයොපාකාරපරියන‍්තො අයසා පටිකුජ‍්ජිතො.

(ඒ මහානිරය) චතුෂ්කර්‍ණ යැ, චතුර්ද්වාර යැ, වෙන වෙන ම කොටස් වශයෙන් බෙදන ලද, අයස්ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ, යපියනින් පිළිසොයන ලද.

තස‍්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන‍්තා යොජනසතං ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා.

ඒ නරකයා ගේ අයෞමය වූ භූමියැ, එ ද ජ්වලිත යැ, ගිනිදල සහිත යැ, හැමදාම අවට සියක් යොදුන් තන්හි පැතිරැ සිටුනේ යි.

අනෙකපරියායෙනපි ඛො අහං භික‍්ඛවෙ, නිරයකථං කථෙය්‍යං, යාවඤ‍්චිදං භික‍්ඛවෙ, න සුකරාං අක‍්ඛානෙන පාපුණිතුං යාව දුක‍්ඛා නිරයාති.

මහණෙනි, මම නන් අයුරින් නිරයකථා කියමි, මහණෙනි, නිරයයෝ මෙතෙක් දුක් ඇතියහ’යි කීමෙකින් මස්තකප්‍රාප්ත කොට කියන්නට සුකර නො වේ මැයි.

සන‍්ති භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා තිණභක‍්ඛා. තෙ අල‍්ලානිපි තිණානි සුක‍්ඛානිපි තිණානි දන‍්තුල‍්ලෙහකං ඛාදන‍්ති. කතමෙ ච භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා තිණභක‍්ඛා, අස‍්සා ගොණා ගද්‍රභා අජා මිගා, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි තිරච‍්ඡානගතා පාණා තිණභක‍්ඛා. ස ඛො සො භික‍්ඛවෙ, බාලො ඉධ පුබ‍්බෙ රසාදො ඉධ පාපානි කම‍්මානි කරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා තෙසං සත‍්තානං සහව්‍යතං උපපජ‍්ජති යෙ තෙ සත‍්තා තිණභක‍්ඛා.

මහණෙනි, තණපතක් බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත. ඔහු තෙත් වූත් වියැළි වූත් තණ දතින් සිඳිමින් කති. මහණෙනි, තණ බුදිනා තිරිසන්ගිය සත්හු කවරහ යත්: අශ්වයෝ යැ, ගොන්නු හැ, ගද්‍රභයෝ යැ, එළුවෝ යැ, මෘගයෝ යි, තෘණභක්‍ෂ්‍ය වූ මෙයින් අන්‍ය තිරිසන්ගිය කිසි ප්‍රාණි කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස බුදිනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු තණ බුදිනා සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

සන‍්ති භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා ගූථභක‍්ඛා. තෙ දූරතොව ගූථගන්‍ධං ඝායිත්‍වා ධාවන‍්ති: ‘එත්‍ථ භුඤ‍්ජිස‍්සාම, එත්‍ථ භුඤ‍්ජිස‍්සාමා’ති. සෙය්‍යථාපි නාම බ්‍රාහ‍්මණා ආහුතිගන්‍ධෙන ධාවන‍්ති: ‘එත්‍ථ භුඤ‍්ජිස‍්සාම, එත්‍ථ භුඤ‍්ජිස‍්සාමා’ති. එවමෙව ඛො භික‍්ඛවෙ, සන‍්ති තිරච‍්ඡානගතා පාණා ගූථභක‍්ඛා, තෙ දූරතොව ගූථගන්‍ධං ඝායිත්‍වා ධාවන‍්ති: එත්‍ථ භුඤ‍්ජිස‍්සාම, එත්‍ථ භුඤ‍්ජිස‍්සාමාති. කතමෙ ච භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා ගූථභක‍්ඛා: කුක‍්කුටා සූකරා සොණා සිගාලා, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි තිරච‍්ඡානගතා පාණා ගූථභක‍්ඛා. ස ඛො සො භික‍්ඛවෙ බාලො ඉධ පුබ‍්බෙ රසාදො ඉධ පාපානි කම‍්මානි කරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා තෙසං සත‍්තානං සහව්‍යතං උපපජ‍්ජති යෙ තෙ සත‍්තා ගූථභක‍්ඛා.

මහණෙනි, අසුචි බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත, ඔහු දුරින් මැ අසුචිගඳ අසා “මෙහි දී කම්හ, මෙහි දී කම්හ”යි දිවෙති. යම් සේ බමුණෝ “මෙහි දී වළඳම්හ, මෙහි දී වළඳම්හ”යි යාගගන්‍ධයෙන් දිවෙත් ද, මහණෙනි, එපරිදි මැ අසුචි කන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත, ඔහු දුරින් මැ ගූථගන්‍ධය අසා මෙහි කම්හ, මෙහි කම්හ’යි දිවෙත්. මහණෙනි, අසුචි කන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කුකුළෝ යැ, ඌරෝ යැ, බල්ලෝ යැ, සිවල්හු යි, අසුචි බුදිනා මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු ඇද්ද, මහණෙනි, ඒ බාල මෙලොවැ පෙර ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කායභේදයෙන් මරණින් මතු අසුචි බුදිනා යම් සත්ත්‍ව කෙනෙක් වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

සන‍්ති භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා අන්‍ධකාරෙ ජායන‍්ති අන්‍ධකාරෙ ජීයන‍්ති අන්‍ධකාරෙ මීයන‍්ති. කතමෙ ච භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා අන්‍ධකාරෙ ජායන‍්ති අන්‍ධකාරෙ ජීයන‍්ති අන්‍ධකාරෙ මීයන‍්ති: කීටා පුලවා ගණ‍්ඩුප‍්පාදා, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි තිරච‍්ඡානගතා පාණා අන්‍ධකාරෙ ජායන‍්ති අන්‍ධකාරෙ ජීයන‍්ති අන්‍ධකාරෙ මීයන‍්ති. ස ඛො සො භික‍්ඛවෙ, බාලො පුබ‍්බෙ රසාදො, ඉධ පාපානි කම‍්මානි කරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා තෙසං සත‍්තානං සහව්‍යතං උපපජ‍්ජති, යෙ තෙ සත‍්තා අන්‍ධකාරෙ ජායන‍්ති අන්‍ධකාරෙ ජීයන‍්ති අන්‍ධකාරෙ මීයන‍්ති.

මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන් ගිය ප්‍රාණීහු ඇත. මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කීටයෝ යැ, පණුවෝ යැ, ගඩවිල්හු යි. අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

සන‍්ති භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා උදකස‍්මිං ජායන‍්ති උදකස‍්මිං ජීයන‍්ති උදකස‍්මිං මීයන‍්ති. කතමෙ ච භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා උදකස‍්මිං ජායන‍්ති උදකස‍්මිං ජීයන‍්ති උදකස‍්මිං මීයන‍්ති: මච‍්ඡා කච‍්ඡපා සුංසුමාරා යෙ වා පනඤ‍්ඤෙපි කෙචි තිරච‍්ඡානගතා පාණා උදකස‍්මිං ජායන‍්ති උදකස‍්මිං ජීයන‍්ති උදකස‍්මිං මීයන‍්ති. ස ඛො සො භික‍්ඛවෙ, බාලො ඉධ පුබ‍්බෙ රසාදො ඉධ පාපානි කම‍්මානි කරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා තෙසං සත‍්තානං සහව්‍යතං උපපජ‍්ජති, යෙ තෙ සත‍්තා උදකස‍්මිං ජායන‍්ති උදකස‍්මිං ජීයන‍්ති උදකස‍්මිං මීයන‍්ති.

මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු ඇත, මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මස් හ, කසුබුවෝ යැ, කිඹුල්හු යි. දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි ප්‍රාණී කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව් කම් කොට කාබුන් මරණින් මතු දියෙහි දනන දියෙහි දිරන දියෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

සන‍්ති භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා අසුචිස‍්මිං ජායන‍්ති අසුචිස‍්මිං ජීයන‍්ති අසුචිස‍්මිං මීයන‍්ති. කතමෙ ච භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා අසුචිස‍්මිං ජායන‍්ති අසුචිස‍්මිං ජීයන‍්ති අසුචිස‍්මිං මීයන‍්ති: යෙ තෙ භික‍්ඛවෙ, සත‍්තා පූතිමච‍්ඡෙ වා ජායන‍්ති පූතිමච‍්ඡෙ වා ජීයන‍්ති පූතිමච‍්ඡෙ වා මීයන‍්ති. පූතිකුණපෙ වා -පෙ- පූතිකුම‍්මාසෙ වා -පෙ- චන්‍දනිකාය වා -පෙ- ඔලිගල‍්ලෙ වා ජායන‍්ති, -පෙ- ස ඛො සො භික‍්ඛවෙ, බාලො ඉධ පුබ‍්බෙ රසාදො ඉධ පාපානි කම‍්මානි කරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා තෙසං සත‍්තානං සහව්‍යතං උපපජ‍්ජති යෙ තෙ සත‍්තා අසුචිස‍්මිං ජායන‍්ති අසුචිස‍්මිං ජීයන‍්ති අසුචිස‍්මිං මීයන‍්ති.

මහණෙනි, අසුචියෙහි උපදනා අසුචියෙහි දිරන අසුචියෙහි මියන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත. මහණෙනි, අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් කුණුමසෙයි හෝ උපදිත් ද, කුණුමසෙහි හෝ දිරත් ද, කුණුමසෙහි හෝ මියත් ද, පූතිකුණපයෙහි හෝ ... කුණු කොමුයෙහි හෝ ... මොහොළෙහි හෝ ... ගවරවළැ හෝ උපදනා ... සත්ත්‍වයෝ ඇද්ද .... මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතුයෙහි අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන යම් සත්ත්‍ව කෙනෙක් ඇද්ද, ඒ සතුන් ගේ සහ වාසයට එළැබෙයි.

අනෙකපරියායෙනපි ඛො අහං භික‍්ඛවෙ, තිරච‍්ඡානයොනිකථං කථෙය්‍යං, යාවඤ‍්චිදං භික‍්ඛවෙ, න සුකරං අක‍්ඛානෙන පාපුණිතුං යාව දුක‍්ඛා තිරච‍්ඡානයොනීති.

මහණෙනි, මම නන්අයුරින් තිරශ්චීනයෝනිකථා කියමි. මහණෙනි, තිරශ්චීනයෝනිය ඉමහත් දුකැ’යි වචනයෙන් කියා නිමහම් පැමිණෙන්නට සුකර නොවෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො එකච‍්ඡිග‍්ගලං යුගං මහාසමුද‍්දෙ පක‍්ඛිපෙය්‍ය, තමෙනං පුරත්‍ථිමො වාතො පච‍්ඡිමෙන සංහරෙය්‍ය. පච‍්ඡිමො වාතො පුරත්‍ථිමෙන සංහරෙය්‍ය. උත‍්තරො වාතො දක‍්ඛිණෙන සංහරෙය්‍ය. දක‍්ඛිණො වාතො උත‍්තරෙන සංහරෙය්‍ය. තත්‍රාස‍්ස කාණකච‍්ඡපො, සො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන සකිං උම‍්මුජ‍්ජෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු සො කාණො කච‍්ඡපො අමුස‍්මිං එකච‍්ඡිග‍්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍යාති?

මහණෙනි, යම්සේ පුරුෂයෙක් එක් සිදුරැති වියදඬක් මහමුහුදෙහි බහාලන්නේ වේ ද, තෙල වියදඬ පෙරදිගින් හමන සුළඟ පැසුළු කරා ගෙන යන්නේ වේ ද, පැසුළු දිගින් හමන සුළඟ පෙරදිග කරා ගෙනයන්නේ වේ ද, උතුරුදිගින් හමන සුළඟ දකුණුදික්හි ගෙනයන්නේ වේ ද, දකුණුදිගින් හමන සුළඟ උතුරුදිග්හි ගෙනයන්නේ වේ ද, ඒ මුහුදෙහි කණකැස්බෙක් ඇද්ද, ඒ කසුබු වර්‍ෂශතයක් වර්‍ෂශතයක් ඇවෑමෙන් වරක් ඉල්පෙන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟිව් ද, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ගෙල බහන්නේ වේ දැ’යි.

යදි නු න භන‍්තෙ, කදාචි කරහචි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙනාති.

වහන්ස, දීර්‍ඝකාලයක් ඇවෑමෙන් යම් මැ දිනෙක වියැහෙන්නේ යැ’යි.

ඛිප‍්පතරං ඛො සො භික‍්ඛවෙ, කාණො කච‍්ඡපො අමුස‍්මිං එකච‍්ඡිග‍්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍ය, අතො දුල‍්ලභතරාහං භික‍්ඛවෙ, මනුස‍්සත‍්තං වදාමි සකිං විනිපාතගතෙන බාලෙන. තං කිස‍්ස හෙතු: න හෙත්‍ථ භික‍්ඛවෙ, අත්‍ථි ධම‍්මචරියා සමචරියා කුසලකිරියා පුඤ‍්ඤකිරියා, අඤ‍්ඤමඤ‍්ඤඛාදිකා එත්‍ථ භික‍්ඛවෙ, වත‍්තති දුබ‍්බලඛාදිකා.

මහණෙනි, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ඉතා ශීඝ්‍ර ව ගෙල බහන්නේය. මහණෙනි, මම වරක් විනිපාතගත බාලයා විසින් මනුෂ්‍යත්‍වය එයට වඩා දුර්‍ලභතර යයි කියමි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා, කුශලක්‍රියා පුණ්‍යක්‍රියා නැත් ම ය, මහණෙනි, මෙහි උනුන් කෑම දුර්‍වලයන් කෑම ඇත.

ස ඛො සො භික‍්ඛවෙ, බාලො සචෙ කදාචි කරහචි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන මනුස‍්සත‍්තං ආගච‍්ඡති. යානි තානි නීචකුලානි: චණ‍්ඩාලකුලං වා නෙසාදකුලං වා වෙණකුලං වා රථකාරකුලං වා පුක‍්කුසකුලං වා. තථාරූපෙ කුලෙ පච‍්චාජායති දළිද‍්දෙ අප‍්පන‍්නපානභොජනෙ කසිරවුත‍්තිකෙ, යත්‍ථ කසිරෙන ඝාසච‍්ඡාදො ලබ‍්භති. සො ච හොති දුබ‍්බණ‍්ණො දුද‍්දසිකො ඔකොටිමකො බව‍්හාබාධො කාණො වා කුණී වා ඛුජ‍්ජො වා පක‍්ඛහතො වා, න ලාභී අන‍්නස‍්ස පානස‍්ස වත්‍ථස‍්ස යානස‍්ස මාලාගන්‍ධවිලෙපනස‍්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස‍්ස. සො කායෙන දුච‍්චරිතං චරති වාචාය දුච‍්චරිතං චරති මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

මහණෙනි, ඒ බාල ඉදින් කිසි කලෙක දීර්‍ඝකාලයක්හු ගේ ඇවෑමෙන් සැඬල්කුලය වේව’යි වැදිකුලය වේව’යි කුලුපොතු කුලය වේව’යි රියකරු කුලය වේව’යි පුප්සඬුකුලය වේව’යි යම් නීචකුල කෙනෙක් ඇද්ද, යම් කුලයෙක්හි දුකසේ බත් වත් ලැබේ ද, දිළිඳු වූ අල්ප ආහාරපාන භෝජන ඇති දුකසේ දිවිවැටුම් ඇති එබඳු කුලයෙහි උපදනේය. හේ වැලිත් දුර්වර්‍ණ වූයේ බිය එළවන දැකුම් ඇතියේ ලකුණුටක (අඟුටුමිටි) වූයේ බොහෝ ආබාධ ඇතියේ වෙයි, කණ හෝ කොර හෝ කුදු හෝ පිළු හෝ වෙයි, ආහාර පැන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් ශයන අගාර හා පහන්තෙල් දුකසේ ලබනසුලු වෙයි. හේ කයින් දුසිරිත් කෙරෙයි, බසින් දුසිරිත් කෙරෙයි, සිතින් දුසිරිත් කෙරෙයි, හේ කයින් දුසිරිත් පුරා බසින් දුසිරිත් පුරා සිතින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු සැපයෙන් පහවැගිය දුර්‍ගති ඇති විවස ව පතිත වන නිරයට එළැඹෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, අක‍්ඛධුත‍්තො පඨමෙනෙව කලිග‍්ගහෙන පුත‍්තම‍්පි ජීයෙථ දාරම‍්පි ජීයෙථ සබ‍්බං සාපතෙය්‍යම‍්පි ජීයෙථ උත‍්තරිම‍්පි අනුබන්‍ධං නිගච‍්ඡෙය්‍ය. අප‍්පමත‍්තකො සො භික‍්ඛවෙ, කලිග‍්ගහො යං සො අක‍්ඛධුත‍්තො පඨමෙනෙව කලිග‍්ගහෙන පුත‍්තම‍්පි ජීයෙථ දාරම‍්පි ජීයෙථ සබ‍්බං සාපතෙය්‍යම‍්පි ජීයෙථ උත‍්තරිම‍්පි අනුබන්‍ධං නිගච‍්ඡෙය්‍ය. අථ ඛො අයමෙව තතො මහන‍්තතරො කලිග‍්ගහො: යං සො බාලො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. අයංම‍්පි භික‍්ඛවෙ, කෙවලපරිපූරා බාලභූමීති.

මහණෙනි, යම් පිරිදි අක්‍ෂධූර්‍ත තෙමේ පළමු පරාජයෙන් ම පුතුගෙනුදු පිරිහෙන්නේ යැ, අඹුවන්ගෙනුදු පිරිහෙන්නේ යැ, හැම වස්තුවෙනුදු පිරිහෙන්නේ යැ, මතුයෙහි දු බන්‍ධනයට පැමිණෙන්නේ යැ. මහණෙනි, යම් හෙයකින් ඒ අක්‍ෂධූර්‍ත පළමු පරාජයෙන් මැ පුතුගෙනුදු පිරිහේ ද, අඹුවන්ගෙනුදු පිරිහේ ද, සියලු වස්තුවෙනුදු පිරිහේ ද, මතුයෙහිත් බන්‍ධනයට පැමිණේ ද, ඒ පරාජය අල්පමාත්‍ර වූයෙක, වැළි යම් හෙයකින් ඒ බාල කයින් දුසිරිත් කොට බසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ ද මෙය මැ ඊට වඩා ඉතා මහත් පරාජයෙකි. මෙ ද මහණෙනි, සර්‍වපරිපූර්‍ණ වූ බාලභූමි වේ” යයි.

තීණිමානි භික‍්ඛවෙ, පණ‍්ඩිතස‍්ස පණ‍්ඩිතලක‍්ඛණානි පණ‍්ඩිතනිමිත‍්තානි පණ‍්ඩිතාපදානානි. කතමානි තීණි: ඉධ භික‍්ඛවෙ, පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම‍්මකාරී ච. නො චෙ තං භික‍්ඛවෙ, පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච අභවිස‍්ස සුභාසිතභාසී ච සුකතකම‍්මකාරී ච. කෙන නං පණ‍්ඩිතා ජානෙය්‍යුං පණ‍්ඩිතො අයං භවං සප‍්පුරිසො’ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම‍්මකාරී ච තස‍්මා නං පණ‍්ඩිතා ජානන‍්ති පණ‍්ඩිතො අයං භවං සප‍්පුරිසො’ති.

මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිත නිමිති හා පණ්ඩිත අපදානයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙකැ යත්: මහණෙනි, මෙලොව පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේ ද වෙයි, මනා බස් බණනුයේ ද වෙයි, මනා ක්‍රියා කරනුයේ ද වෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් නොවී නම් මනා බස් බණනු නො වී නම්, සුකෘත කර්‍ම නො කරනු වී නම් මේ භවත් පුරුෂ පණ්ඩිතයෙකැ යි පණ්ඩිතයෝ කවර ලකුණෙකින් ඔහු හඳුනත් ද, යම් හෙයකින් මහණෙනි, පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් වේ ද, සුභාෂිත බණනුයේත් වේ ද, සුකෘතකර්‍ම කරනුයේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ ‘මේ භවත් සත්පුරුෂ පණ්ඩිතයෙකැ’යි ඔහු දැන ගනිති.

ස ඛො සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො තිවිධං දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සචෙ භික‍්ඛවෙ, පණ‍්ඩිතො සභාය වා නිසින‍්නො හොති, රථියාය වා නිසින‍්නො හොති. සිඞ‍්ඝාටකෙ වා නිසින‍්නො හොති. තත්‍ර චෙ ජනො තජ‍්ජං තස‍්සාරුප‍්පං කථං මන‍්තෙති. සචෙ භික‍්ඛවෙ, පණ‍්ඩිතො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානා පටිවිරතො හොති. තත්‍ර භික‍්ඛවෙ, පණ‍්ඩිතස‍්ස එවං හොති: යං ඛො ජනො තජ‍්ජං තස‍්සාරුප‍්පං කථං මන‍්තෙති. සංවිජ‍්ජන‍්තෙව තෙ ධම‍්මා මයි, අහඤ‍්ච තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාමී’ති. ඉදං භික‍්ඛවෙ, පණ‍්ඩිතො පඨමං දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති.

මහණෙනි, මේ පණ්ඩිතපුරුෂ ඉහාත්මයෙහි මැ තුන් වැදෑරුම් සුවසොම්නස් විඳුනේ යැ. මහණෙනි, ඉදින් මේ පණ්ඩිත තෙමේ සභායෙකැ හුන්නේ හෝ වේ ද, වීථියෙකැ හුන්නේ හෝ වේ ද, සතර මංසන්‍ධියෙකැ හුන්නේ හෝ වේ ද, එහිලා ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරේ. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙමේ පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසාවායෙන් දුරු වූයේ වේ ද, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, මහණෙනි, එහි දී ඒ පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි: ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ පණ්ඩිතධර්‍මයෝ මා වෙත ඇත. මම ද ඒ පණ්ඩිතධර්‍මයෙහි මොනොවට පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ පළමු වන සුඛ සෞමනස්‍ය විඳුනේ යැ.

පුන චපරං භික‍්ඛවෙ, පණ‍්ඩිතො පස‍්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්තෙ. කසාහිපි තාළෙන‍්තෙ වෙත‍්තෙහිපි තාළෙන‍්තෙ -පෙ- අසිනාපි සීසං ඡින්‍දන‍්තෙ. තත්‍ර භික‍්ඛවෙ, පණ‍්ඩිතස‍්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම‍්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්ති කසාහිපි තාළෙන‍්ති. වෙත‍්තෙහිපි තාළෙන‍්ති -පෙ- අසිනාපි සීසං ඡින්‍දන‍්ති, න තෙ ධම‍්මා මයි සංවිජ‍්ජන‍්ති, අහඤ‍්ච න තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාමීති. ඉදම‍්පි භික‍්ඛවෙ, පණ‍්ඩිතො දුතියං දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති.

යළිදු මහණෙනි, පණ්ඩිත තෙමේ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කරන රජුන් දකී. කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් ... කඩුයෙනුදු හිස සිඳුනුවන් දකී. මහණෙනි, එහි දී පණ්ඩිත පුරුෂහට මෙ සිත වෙයි. ‘යම්බඳු ලාමක අකුශල කර්‍මයන් හේතුකොටගෙන අපරාධකාරී සොරු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරද්ද: කසයෙනුදු තළද්ද, වේවැලිනුදු තළද්ද ... කඩුයෙනුදු හිස සිඳිද්ද, ඒ අකුශල ධර්‍මයෝ මා කෙරෙහි විද්‍යමාන නො වෙති, මම ද ඒ අකුශලධර්‍මයන්හි නො පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙම ඉහාත්මයෙහි මේ දෙවැනි සුවසොම්නස වි ඳී.

පුන චපරං භික‍්ඛවෙ, පණ‍්ඩිතං පීඨසමාරූළ‍්හං වා මඤ‍්චසමාරූළ‍්හං වා ඡමාය වා සෙමානං. යානිස‍්ස පුබ‍්බෙ කල්‍යාණානි කම‍්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි තානිස‍්ස තම‍්හි සමයෙ ඔලම‍්බන‍්ති අජ‍්ඣොලම‍්බන‍්ති අභිප‍්පලම‍්බන‍්ති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහන‍්තානං පබ‍්බතකූටානං ඡායා සායන‍්හසමයං පඨවියා ඔලම‍්බන‍්ති, අජ‍්ඣොලම‍්බන‍්ති, අභිප‍්පලම‍්බන‍්ති. එව මෙව ඛො භික‍්ඛවෙ, පණ‍්ඩිතං පීඨසමාරූළ‍්හං වා මඤ‍්චසමාරූළ‍්හං වා ඡමාය වා සෙමානං යානිස‍්ස පුබ‍්බෙ කල්‍යාණානි කම‍්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි, තානිස‍්ස තම‍්හි සමයෙ ඔලම‍්බන‍්ති, අජ‍්ඣොලම‍්බන‍්ති, අභිප‍්පලම‍්බන‍්ති. තත්‍ර භික‍්ඛවෙ, පණ‍්ඩිතස‍්ස එවං හොති: ‘අකතං වත මෙ පාපං අකතං ලුද‍්දං අකතං කිබ‍්බිසං, කතං කල්‍යාණං කතං කුසලං කතං භීරුත‍්තාණං. යාවතා හොති අකතපාපානං අකතලුද‍්දානං අකතකිබ‍්බිසානං, කතකල්‍යාණානං කතකුසලානං කතභීරුත‍්තාණානං ගති, තං ගතිං පෙච‍්ච ගච‍්ඡාමී’ති. සො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති. ඉදම‍්පි භික‍්ඛවෙ, පණ‍්ඩිතො තතියං දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති.

යළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟී සිටියහුට වේවයි මඤ්චයෙහි නැගී සිටියහුට වේවයි බිම හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනඃසුචරිත වූ යම් කුශල කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්‍මයෝ එළැඹසිටිති අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්, යම්පරිදි මහණෙනි, මහත් වූ පර්‍වත කූටයන්ගේ සෙවණැළි සවස් කාලයෙහි පොළොවෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද එපරිදි ම මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු වේවයි මඤ්චයෙහි නැඟීසිටියහු වේවයි බිමැ හෝනහු වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනස්සුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. මහණෙනි, එහි දී පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි, ‘ඒකාන්තයෙන් මා විසින් පව් නො කරනලද, රෞද්‍රකර්‍ම නො කරනලද, කිල්විෂ නො කරනලද, කල්‍යාණය කරනලද, කුශලය කරනලද, භයපරිත්‍රාණය කරනලද, නො කළ පව් ඇති නො කළ රෞද්‍රකර්‍ම ඇති නො කළ කිල්විෂ ඇති කළ කල්‍යාණ ඇති, කළ කුසල් ඇති කළ භයපරිත්‍රාණ ඇති සත්නට යම්බඳු ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොවැ යෙමි’යි හේ ශෝක නො කෙරෙයි, වෙහෙස නො වෙයි, පරිදේවනා නො කෙරෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ තුන්වැනි සුවසොම්නස විඳී.

ස ඛො සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො කායෙන සුචරිතං චරිත්‍වා වාචාය සුචරිතං චරිත්‍වා මනසා සුචරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. යං ඛො තං භික‍්ඛවෙ, සම‍්මා වදමානො වදෙය්‍ය ‘එකන‍්තං ඉට‍්ඨං එකන‍්තං කන‍්තං එකන‍්තං මනාප’න‍්ති. සග‍්ගමෙව තං සම‍්මා වදමානො වදෙය්‍ය ‘එකන‍්තං ඉට‍්ඨං එකන‍්තං කන‍්තං එකන‍්තං මනාප’න‍්ති. යාවඤ‍්චිදං භික‍්ඛවෙ, උපමාපි න සුකරා යාවසුඛා සග‍්ගාති.

මහණෙනි, ඒ පණ්ඩිත තෙමේ කයින් සුචරිතය කොට බසින් සුචරිතය කොට සිතින් සුචරිතය කොට කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, මනාකොට කියනුයෙක් යම්ගතියක් සඳහා ඒකාන්තයෙන් ඉෂ්ට යැ ඒකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැයි කියා නම් මනාකොට කියනුයෙක් ඒ ස්වර්‍ගය මැ ඒකාන්තයෙන් ඉෂ්ට යැ ඒකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැ’යි කියන්නේ යැ. මහණෙනි, ඒ ස්වර්‍ගයෝ අතිශය සුව ඇත්තාහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ’යයි වදාළහ.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: සක‍්කා, පන භන‍්තෙ, උපමං කාතුන‍්ති?

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, උපමාවක් එළවන්ට හැකි දැ? යි.

‘සක‍්කා භික‍්ඛූ’ති භගවා අවොච. “සෙය්‍යථාපි භික‍්ඛු, රාජා චක‍්කවත‍්තී සත‍්තහි රතනෙහි සමන‍්නාගතො චතූහි ච ඉද‍්ධීහි, තතො නිදානං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. කතමෙහි සත‍්තහි:

භාග්‍යවතුන් වහන්සේ මහණ, හැකි යයි වදාළසේක. ‘මහණ, යම්සේ සප්තරත්නයෙන් ද චතුර්විධ ඍද්ධියෙන් ද සමන්‍වාගත වූ සක්විති රජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳී. කවර සතෙකින් ද යත්:

ඉධ භික‍්ඛු රඤ‍්ඤො ඛත‍්තියස‍්ස මුද‍්ධාවසිත‍්තස‍්ස තදහුපොසථෙ පණ‍්ණරසෙ සීසං නහාතස‍්ස උපොසථිකස‍්ස උපරිපාසාදවරගතස‍්ස දිබ‍්බං චක‍්කරතනං පාතුභවති සහස‍්සාරං සනෙමිකං සනාභිකං සබ‍්බාකාරපරිපූරං. තං දිස‍්වාන රඤ‍්ඤො ඛත‍්තියස‍්ස මුද‍්ධාවසිත‍්තස‍්ස එවං හොති: ‘සුතං ඛො පන මෙතං: යස‍්ස රඤ‍්ඤො ඛත‍්තියස‍්ස මුද‍්ධාවසිත‍්තස‍්ස තදහුපොසථෙ පණ‍්ණරසෙ සීසං නහාතස‍්ස උපොසථිකස‍්ස උපරිපාසාදවරගතස‍්ස දිබ‍්බං චක‍්කරතනං පාතුභවති සහස‍්සාරං සනෙමිකං සනාභිකං සබ‍්බාකාරපරිපූරං, සො හොති රාජා චක‍්කවත‍්තී. අස‍්සං නු ඛො අහං රාජා චක‍්කවත‍්තී’ති.

මහණ මෙලොවැ මූර්‍ධාභිෂික්ත වූ එදවස් පණුරැසි පොහොයෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල්තලයට නැඟී සිටි කැත්රජුහට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. මූර්‍ධාභිෂික්ත වූ ඒ ක්‍ෂත්‍රියරජුට එදැක මෙසිත වෙයි: ‘මා විසින් තෙල අසන ලද, මූර්‍ධාභිෂික්ත වූ එදවස් පෙහොයැ පණුරැසියෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල් තලයට පැමිණි කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වේ ද, ඒ රජ සක්විති වෙයි. මම් සක්විති රජ වීම් දෝ හො’යි.

අථ ඛො භික‍්ඛවෙ, රාජා ඛත‍්තියො මුද‍්ධාවසිත‍්තො උට‍්ඨායාසනා වාමෙන හත්‍ථෙන භිඞ‍්කාරං ගහෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන චක‍්කරතනං අබ‍්භුක‍්කිරති, ‘පවත‍්තතු භවං චක‍්කරතනං, අභිවිජිනාතු භවං චක‍්කරතන’න‍්ති. අථ ඛො තං භික‍්ඛවෙ, චක‍්කරතනං පුරත්‍ථිමං දිසං පවත‍්තති, අන්‍වදෙව රාජා චක‍්කවත‍්තී සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය. යස‍්මිං ඛො පන භික‍්ඛවෙ, පදෙසෙ චක‍්කරතනං පතිට‍්ඨාති. තත්‍ර රාජා චක‍්කවත‍්තී වාසං උපෙති සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය.

මහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජ හුනස්නෙන් නැගී වමතින් කෙණ්ඩිය ගෙන දකුණතින් චක්‍රරත්නයට පැන් වඩයි. භවත් චක්‍රරත්නය ප්‍රවර්‍තන කෙරේවා, භවත් චක්‍රරත්නය දිනාව’යි කියා යි. එසඳ මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ප්‍රවර්‍තන කෙරෙයි. තදනු කොට සක්විති රජ ද සිවුරඟ සෙනඟ සමග ප්‍රවර්‍තන කෙරෙයි. මහණෙනි, යම් පෙදෙසකැ චක්‍රරත්නය පිහිටා ද එහි සක්විති රජ සිවුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි.

යෙ ඛො පන භික‍්ඛවෙ, පුරත්‍ථිමාය දිසාය පටිරාජානො, තෙ රාජානං චක‍්කවත‍්තිං උපසඞ‍්කමිත්‍වා එවමාහංසු: ‘එහි ඛො මහාරාජ, ස‍්වාගතං මහාරාජ, සකන‍්තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති.

මහණෙනි, පෙරදිග යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද ඔහු සක්විති රජු කරා එළැඹ මෙසේ කියති: ‘එව මහරජ, මහරජ ස්වාගත යැ, මහරජ තොප අයති යැ, මහරජ අනුශාසනා කරව’යි.

රාජා චක‍්කවත‍්තී එවමාහ: ‘පාණො න හන‍්තබ‍්බො, අදින‍්නං නාදාතබ‍්බං, කාමෙසු මිච‍්ඡා න චරිතබ‍්බා, මුසා න භාසිතබ‍්බා, මජ‍්ජං න පාතබ‍්බං, යථාභුත‍්තඤ‍්ච භුඤ‍්ජථා’ති. යෙ ඛො පන භික‍්ඛවෙ, පුරත්‍ථිමාය දිසාය පටිරාජානො, තෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අනුයුත‍්තා භවන‍්ති. අථ ඛො තං භික‍්ඛවෙ චක‍්කරතනං පුරත්‍ථිමසමුද‍්දං අජ‍්ඣොගහෙත්‍වා පච‍්චුත‍්තරිත්‍වා දක‍්ඛිණං දිසං පවත‍්තති -පෙ- දක‍්ඛිණං සමුද‍්දං අජ‍්ඣොගහෙත්‍වා පච‍්චුත‍්තරිත්‍වා පච‍්ඡිමං දිසං පවත‍්තති -පෙ- පච‍්ඡිමං සමුද‍්දං අජ‍්ඣොගහෙත්‍වා පච‍්චුත‍්තරිත්‍වා උත‍්තරං දිසං පවත‍්තති. අන්‍වදෙව රාජා චක‍්කවත‍්තී සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය.

සක්විතිරජ මෙසේ කියා: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ වැළඳූ පරිදි මැ වළඳව’යි කියා යි. යළි මහණෙනි, පූර්‍වදිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් වෙද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පූර්‍ව සාගරයට වැදගෙන නැඟී දකුණුදිගට ප්‍රවර්‍තන කෙරෙයි. ... දක්‍ෂිණ සාගරයට බැසගෙන නැඟී පශ්චිමදිශාවට ප්‍රවර්‍තන කෙරෙයි. ... පශ්චිමසාගරයට බැසගෙන නැඟී උතුරුදිගට ප්‍රවර්‍තන කෙරෙයි. සක්විතිරජ සියුරඟ සෙනඟ සමග අනුප්‍රවර්‍තන කෙරෙයි.

යස‍්මිං ඛො පන භික‍්ඛවෙ, පදෙසෙ චක‍්කරතනං පතිට‍්ඨාති. තත්‍ථ රාජා චක‍්කවත‍්තී වාසං උපෙති සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය. යෙ ඛො පන භික‍්ඛවෙ, උත‍්තරාය දිසාය පටිරාජානො තෙ රාජානං චක‍්කවත‍්තිං උපසඞ‍්කමිත්‍වා එවමාහංසු: ‘එහි ඛො මහාරාජ, ස‍්වාගතං මහාරාජ, සකං තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති.

තවද මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටා ද එහි සක්විතිරජ සියුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි. තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජු කරා එළඹ මෙසේ කියති: එව මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තොපගේ අයතියැ වෙයි, අනුශාසනා කරව මහරජ’යි.

රාජා චක‍්කවත‍්තී එවමාහ: ‘පාණො න හන‍්තබ‍්බො, අදින‍්නං නාදාතබ‍්බං, කාමෙසු මිච‍්ඡා න චරිතබ‍්බා, මුසා න භාසිතබ‍්බා, මජ‍්ජං න පාතබ‍්බං, යථාභුත‍්තඤ‍්ච භුඤ‍්ජථා’ති. යෙ ඛො පන භික‍්ඛවෙ, උත‍්තරාය දිසාය පටිරාජානො තෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අනුයුත‍්තා භවන‍්ති.

සක්විතිරජ මෙසේ කියයි: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ, වැළඳූ පරිදි මැ වළඳව’යි, තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති.

අථ ඛො තං භික‍්ඛවෙ, චක‍්කරතනං සමුද‍්දපරියන‍්තං පඨවිං අභිවිජිනිත්‍වා තමෙව රාජධානිං පච‍්චාගන‍්ත්‍වා රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අන‍්තෙ පුරද‍්වාරෙ අක‍්ඛාහතං මඤ‍්ඤෙ තිට‍්ඨති, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අන‍්තෙපුරද‍්වාරං උපසොභයමානං. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං චක‍්කරතනං පාතුභවති.

ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය සමුද්‍රපර්‍ය්‍යන්ත කොට ඇති පෘථිවිය දිනා ඒ රාජධානියට ම පෙරළා අවුත් සක්විති රජුගේ අන්තඃපුරද්වාරය හොබවමින් අකුරැ ගැසූ කලක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ චක්‍රරත්නය පහළ වෙයි:

පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස හත්‍ථිරතනං පාතුභවති සබ‍්බසෙතො සත‍්තප‍්පතිට‍්ඨො ඉද‍්ධිමා වෙහාසඞ‍්ගමො උපොසථො නාගරාජා. තං දිස‍්වාන රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස චිත‍්තං පසීදති. භද‍්දකං වත භො හත්‍ථියානං, සචෙ දමථං උපෙය්‍යා’ති. අථ ඛො තං භික‍්ඛවෙ, හත්‍ථිරතනං සෙය්‍යථාපි නාම භද‍්දො හත්‍ථාජානීයො දීඝරත‍්තං සුපරිදන‍්තො, එවමෙව දමථං උපෙති. භූතපුබ‍්බං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී තමෙව හත්‍ථිරතනං වීමංසමානො පුබ‍්බණ‍්හසමයං අභිරුහිත්‍වා සමුද‍්දපරියන‍්තං පඨවිං අනුසංයායිත්‍වා තමෙව රාජධානිං පච‍්චාගන‍්ත්‍වා පාතරාසං අකාසි. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං හත්‍ථිරතනං පාතුභවති.

තවද මහණෙනි, සක්විති රජුට හස්තිරත්නය පහළ වෙයි. සව්සුදු සතඟින් පොළොව පහස්නා ඉදුහ ඇති අහසැ යන උපෝසථකුලයෙහි ඇත්රජෙකි. එ දැක සක්විති රජුගේ සිත පහදී. ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් ඒකාන්තයෙන් භද්‍ර වූ හස්තියානයෙකැ, යි. ඉක්බිති මහණෙනි, ඒ හස්තිරත්නය දීර්‍ඝරාත්‍රයෙහි මොනොවට දමනය කළ භද්‍ර වූ ආජානීය හස්තියකු යම්සේ නම් එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ හස්තිරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එ මැ රාජධානියට පෙරළා අවුත් පෙරබත්කිස කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ හස්තිරත්නය පහළ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අස‍්සරතනං පාතුභවති සබ‍්බසෙතො කාකසීසො මුඤ‍්ජකෙසො ඉද‍්ධිමා වෙහාසඞ‍්ගමො වලාහකො අස‍්සරාජා. දිස‍්වාන රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස චිත‍්තං පසීදති: භද‍්දකං වත භො අස‍්සයානං, සචෙ දමථං උපෙය්‍යා’ති. අථ ඛො තං භික‍්ඛවෙ, අස‍්සරතනං සෙය්‍යථාපි නාම භද‍්දො අස‍්සාජානීයො දීඝරත‍්තං සුපරිදන‍්තො, එවමෙව දමථං උපෙති. භූතපුබ‍්බං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී තමෙව අස‍්සරතනං වීමංසමානො පුබ‍්බන‍්හසමයං අභිරුහිත්‍වා සමුද‍්දපරියන‍්තං පථවිං අනුසංයායිත්‍වා තමෙව රාජධානිං පච‍්චාගන‍්ත්‍වා පාතරාසං අකාසි. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං අස‍්සරතනං පාතුභවති.

තවද මහණෙනි, සක්විතිරජුට අශ්වරත්නය පහළ වෙයි. සව්සුදු කළුවන්හිස් ඇති මුදුතණ බඳු කෙස් ඇති ඉදුහ ඇති අහසැ යන වලාහක කුලයෙහි අස්රජෙකි. එ දැක සක්විතිරජුගේ සිත පහදී: ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකැතින් භද්‍ර වූ අශ්වයානයෙකැ’යි. ඉක්බිති මහණෙනි, ඒ අශ්වරත්නය දීර්‍ඝරාත්‍රයෙහි මොනොවට දැමූ භද්‍ර වූ ආජානීය අශ්වයෙක් යම්සේ නම්, එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ අශ්වරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එමැ රාජධානියට පෙරළා අවුත් පාතරාසය කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු වූ අශ්වරත්නය පහළ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස මණිරතනං පාතුභවති සො හොති මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො තස‍්ස ඛො පන භික‍්ඛවෙ, මණිරතනස‍්ස ආභා සමන‍්තා යොජනං ඵුටා හොති. භූතපුබ‍්බං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී තමෙව මණිරතනං වීමංසමානො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා මණිං ධජග‍්ගං ආරොපෙත්‍වා රත‍්තන්‍ධකාරතිමිසායං පායාසි. යෙ ඛො පන භික‍්ඛවෙ, සමන‍්තා ගාමා අහෙසුං, තෙ තෙනොභාසෙන කම‍්මන‍්තෙ පයොජෙසුං දිවාති මඤ‍්ඤමානා. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං මණිරතනං පාතුභවති.

තවද මහණෙනි, සක්විති රජුට මණිරත්නය පහළ වෙයි. හේ ශෝභන වූ ජාතිමත් වූ අටැස් වූ මොනවට පිරියම් කළ වෙරළුමිණෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යරත්නයාගේ වැළිත් ආලොකය හාත්පසැ යොදුනක් පැතිරැ සිටියේ වෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විතිරජ එ මැ මිණිරුවන විමසනුයේ සියුරඟ සෙනඟ සන්නද්ධ කොට මිණිරුවන ධ්වජාග්‍රයට නඟා රැය ගනඅඳුරෙහි නික්ම ගියේ යැ. මහණෙනි, හාත්පසැ යම් ගම්වැසි කෙනෙක් වූවාහු ද ඔහු ඒ ආලොකයෙන් ‘දහවලැ’යි සිතමින් කර්‍මාන්තයන් කළහ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු මිණිරුවන පහළ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස ඉත්‍ථිරතනං පාතුභවති. අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා නාතිදීඝා නාතිරස‍්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී නාච‍්චොදාතා, අතික‍්කන‍්තා මානුසං වණ‍්ණං අප‍්පත‍්තා දිබ‍්බං වණ‍්ණං. තස‍්ස ඛො පන භික‍්ඛවෙ, ඉත්‍ථිරතනස‍්ස එවරූපො කායසම‍්ඵස‍්සො හොති: සෙය්‍යථාපි නාම තූලපිචුනො වා කප‍්පාසපිචුනො වා තස‍්ස ඛො පන භික‍්ඛවෙ, ඉත්‍ථිරතනස‍්ස සීතෙ උණ‍්හානි ගත‍්තානි හොන‍්ති. උණ‍්හෙ සීතානි ගත‍්තානි හොන‍්ති. තස‍්ස ඛො පන භික‍්ඛවෙ, ඉත්‍ථිරතනස‍්ස කායතො චන්‍දනගන්‍ධො වායති. මුඛතො උප‍්පලගන්‍ධො වායති. තං ඛො පන භික‍්ඛවෙ, ඉත්‍ථිරතනං රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස පුබ‍්බුට‍්ඨායිනී හොති පච‍්ඡානිපාතිනී කිංකාරපටිස‍්සාවිනී මනාපචාරිනී පියවාදිනී. තං ඛො පන භික‍්ඛවෙ, ඉත්‍ථිරතනං රාජානං චක‍්කවත‍්තිං මනසාපි නො අතිචරති, කුතො පන කායෙන. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං ඉත්‍ථිරතනං පාතුභවති.

තවද මහණෙනි, සක්විති රජුට ස්ත්‍රීරත්නය පහළ වෙයි. විශිෂ්ට රූප ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවන්නී යැ උතුම් වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත යැ. ඉතා නො උස් යැ ඉතා නො මිටි යැ ඉතා සිඟු නො වූ යැ ඉතා මහත් නො යූ යැ, ඉතා කැළි නො වූ යැ ඉතා සුදු නො වූ යැ මිනිස් පැහැ ඉක්ම සිටියේ යැ දිව්‍යවර්‍ණයට නො පැමිණියා වෙයි. මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ මෙ බඳු කායසංස්පර්‍ශයෙක් වෙයි. හිඹුල්පුළුන් හෝ කපු පුළුන් හෝ යම්සේ නම් එමෙනි. යළි මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ ගාත්‍රයෝ සිහිලෙහි උණුසුම් වෙති, උණුසුමෙහි සිහිලුවූ ගාත්‍රයෝ වෙත්, මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ වැළිත් සිරිරින් සඳුන්සුවඳ හමයි, මුවින් උපුල්සුවඳ හමයි. තවද මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජුට පළමු නැඟීසිටින්නී පසුව නිදන්නී ‘කුම් කෙරෙම් දැ’ යි (උපස්ථායිකා වශයෙන්) පිළිවිස කරන්නී මනවඩනා දෑ කරන්නී ප්‍රිය තෙපුල් බණන්නී වෙයි. ඒ ස්ත්‍රීරත්නය වැළිත් සක්විතිරජු සිතිනුදු නො ඉක්මවයි, කයින් ඉක්මවයි යනු කිම? මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ ස්ත්‍රීරත්නය පහළ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස ගහපතිරතනං පාතුභවති. තස‍්ස කම‍්මවිපාකජං දිබ‍්බං චක‍්ඛුං පාතුභවති, යෙන නිධිං පස‍්සති සස‍්සාමිකම‍්පි අස‍්සාමිකම‍්පි. සො රාජානං චක‍්කවත‍්තිං උපසඞ‍්කමිත්‍වා එවමාහ: අප‍්පොස‍්සුක‍්කො ත්‍වං දෙව හොහි. අහං තෙ ධනෙන ධනකරණීයං කරිස‍්සාමී’ති. භූතපුබ‍්බං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී තමෙව ගහපතිරතනං වීමංසමානො නාවං අභිරුහිත්‍වා මජ‍්ඣෙගඞ‍්ගාය නදියා සොතං ඔගහෙත්‍වා ගහපතිරතනං එතදවොච: අත්‍ථො මෙ ගහපති හිරඤ‍්ඤසුවණ‍්ණෙනා’ති. තෙන හි මහාරාජ එකං තීරං නාවා උපෙතූ’ති. ඉධෙව මෙ ගහපති, අත්‍ථො හිරඤ‍්ඤසුවණ‍්ණෙනා’ති. අථ ඛො තං භික‍්ඛවෙ, ගහපතිරතනං උභොහි හත්‍ථෙහි උදකෙ ඔමසිත්‍වා පූරං හිරඤ‍්ඤසුවණ‍්ණස‍්ස කුම‍්භිං උද‍්ධරිත්‍වා රාජානං චක‍්කවත‍්තිං එවමාහ: අලං එත‍්තාවතා මහාරාජ, කතං එත‍්තාවතා මහාරාජ, පූජිතං එත‍්තාවතා මහාරාජා’ති. රාජා චක‍්කවත‍්තී එවමාහ: අලං එත‍්තාවතා ගහපති, කතං එත‍්තාවතා ගහපති, පූජිතං එත‍්තාවතා ගහපතී’ති. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං ගහපතිරතනං පාතුභවති.

තවද මහණෙනි, සක්විති රජුට ගෘහපති රත්නයෙක් පහළ වෙයි. ඔහුට කර්‍මවිපාකජ වූ දිව ඇස පහළ වෙයි. යම් ඇසෙකින් සස්වාමික වූ ද අස්වාමික වූ ද නිධාන දකී ද එ බඳු ඇසෙකි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම් තොපට ධනයෙන් ධනකරණී කෙරෙමි’යි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ ගෘහපතිරත්නය විමසනුයේ නැවකට නැඟී ගංඟානදී මැද ශ්‍රෝතසට වැද ගෘහපතිරත්නයට තෙල කී: ‘ගෘහපතිය, මට හිරණ්‍යස්වරණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ‘මහරජ, එසේ වී නම් නැව එක් ඉවුරකට පැමිණෙව’යි. ‘ගෘහපතිය, මට මෙහි දී ම, හිරණ්‍යස්වර්‍ණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ඉක්බිති මහණෙනි, ඒ ගෘහපතිරත්නය දෑතින් දිය ස්පර්‍ශ කොට රත්රන් අමුරනු පිරූ කළයක් නඟාගෙන සක්විති රජුට මෙසේ කී: ‘මහරජ මෙතෙකින් පමණ, මහරජ මෙතෙකින් කළකිස ඇත. මහරජ මෙතෙකින් පුදනලදැ’යි. සක්විතිරජ මෙසේ කී: ගෘහපතිය මෙතෙකින් පමණ. ගැහැවිය මෙතෙකින් කළකිස ඇත. ගැහැවිය මෙතෙකින් පුදනලදැ’යි. මහණෙනි, සක්විතිරජුට මෙ බඳු වූ ගෘහපතිරත්නය පහළ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස පරිනායකරතනං පාතුභවති. පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී පටිබලො රාජානං චක‍්කවත‍්තිං උපට‍්ඨාපෙතබ‍්බං උපට‍්ඨාපෙතුං අපයාපෙතබ‍්බං අපයාපෙතුං. ඨපෙතබ‍්බං ඨපෙතුං. සො රාජානං චක‍්කවත‍්තිං උපසඞ‍්කමිත්‍වා එවමාහ: අප‍්පොස‍්සුක‍්කො ත්‍වං දෙව හොහි. අහං අනුසාසිස‍්සාමී’ති. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස එවරූපං පරිනායකරතනං පාතුභවති.

තවද මහණෙනි, සක්විති රජුට පරිනායක රත්නය පහළ වෙයි. හේ පණ්ඩිත යැ ව්‍යක්ත යැ විශිෂ්ටබුද්ධි ඇත්තේ යැ සක්විතිරජු කරා එළවියයුත්තහු එළවාලන්නට ද නෙරවා ලියයුත්තහු නෙරවාලන්නට ද ප්‍රතිබල වෙයි, තනතුරෙහි තැබියයුත්තහු තනතුරෙහි තබන්නට ද ප්‍රතිබල වෙයි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම අනුශාසනා කෙරෙමි’යි. මහණෙනි, සක්විති රජහට මෙබඳු පුත්‍රරත්නය පහළ වෙයි.

රාජා භික‍්ඛවෙ, චක‍්කවත‍්තී ඉමෙහි සත‍්තහි රතනෙහි සමන‍්නාගතො හොති.

මහණෙනි, සක්විතිරජ මේ සප්තරත්නයෙන් සමන්‍වාගත වෙයි.

කතමාහි චතූහි ඉද‍්ධීහි:

කවර සතර ඍද්ධියකින් සමන්‍විත වේ ද යත්:

ඉධ භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී අභිරූපො හොති දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො අතිවිය අඤ‍්ඤෙහි මනුස‍්සෙහි. රාජා භික‍්ඛවෙ, චක‍්කවත‍්තී ඉමාය පඨමාය ඉද‍්ධියා සමන‍්නාගතො හොති.

මහණෙනි, මොලොව සක්විතිරජ අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාද එළවනු වූයේ වෙයි. අන් මිනිසුන්ට වඩා උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් අතිශයින් සමන්‍වාගත වෙයි. මහණෙනි, සක්විතිරජ මේ පළමු වන ඍද්ධියෙන් සමන්‍විත වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී දීඝායුකො හොති චිරට‍්ඨිතිකො අතිවිය අඤ‍්ඤෙහි මනුස‍්සෙහි. රාජා භික‍්ඛවෙ, චක‍්කවත‍්තී ඉමාය දුතියාය ඉද‍්ධියා සමන‍්නාගතො හොති.

තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අතිශයින් දීර්‍ඝායුෂ්ක වූයේ චිරස්ථායී වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ දෙවන ඍද්ධියෙන් සමන්‍විත වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී අප‍්පාබාධො හොති අප‍්පාතඞ‍්කො සමවෙපාකිනියා ගහණියා සමන‍්නාගතො නාතිසීතාය නාච‍්චුණ‍්හාය අතිවිය අඤ‍්ඤෙහි මනුස‍්සෙහි. රාජා භික‍්ඛවෙ, චක‍්කවත‍්තී ඉමාය තතියාය ඉද‍්ධියා සමන‍්නාගතො හොති.

තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නො වූ සමව පැසෙන ග්‍රහණියෙන් සමන්‍විත වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ තුන්වැනි ඍද්ධියෙන් සමන්‍විත වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී බ්‍රාහ‍්මණගහපතිකානං පියො හොති මනාපො. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පිතා පුත‍්තානං පියො හොති මනාපො, එවමෙව ඛො භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී, බ්‍රාහ‍්මණගහපතිකානං පියො හොති මනාපො. රඤ‍්ඤොපි භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස බ්‍රාහ‍්මණගහපතිකා පියා හොන‍්ති මනාපා. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පිතු පුත‍්තා පියා හොන‍්ති මනාපා. එවමෙව ඛො භික‍්ඛවෙ, රඤ‍්ඤොපි චක‍්කවත‍්තිස‍්ස බ්‍රාහ‍්මණගහපතිකා පියා හොන‍්ති මනාපා. භූතපුබ‍්බං භික‍්ඛවෙ, රාජා චක‍්කවත‍්තී චතුරඞ‍්ගිනියා සෙනාය උය්‍යානභූමිං නිය්‍යාසි. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රාහ‍්මණගහපතිකා රාජානං චක‍්කවත‍්තිං උපසඞ‍්කමිත්‍වා එවමාහංසු: ‘අතරමානො, දෙව, යාහි, යථා තං මයං චිරතරං පස‍්සෙය්‍යාමා’ති. රාජාපි භික‍්ඛවෙ, චක‍්කවත‍්තී සාරථිං ආමන‍්තෙසි: ‘අතරමානො සාරථි, පෙසෙහි යථා මං බ්‍රාහ‍්මණගහපතිකා චිරතරං පස‍්සෙය්‍ය’න‍්ති. රාජා භික‍්ඛවෙ, චක‍්කවත‍්තී ඉමාය චතුත්‍ථාය ඉද‍්ධියා සමන‍්නාගතො හොති.

තවද මහණෙනි, සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වෙයි. මහණෙනි, යම්සේ පිය තෙම පුතුනට ප්‍රිය මනාප වේ ද, මහණෙනි, එපරිදි මැ සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වේ. මහණෙනි, බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙති. මහණෙනි, යම්සේ පුත්‍රයෝ පියාට ප්‍රියමනාප වෙත් ද, මහණෙනි, එපරිදි මැ බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙත්. මහණෙනි, පෙර සක්විතිරජ සියුරඟ සෙනඟ සමග උයන්බිමට නික්මිණ. මහණෙනි, එකල්හි බමුණුගැහැවියෝ සක්විතිරජු කරා එළඹ මෙසේ කීහ: ‘දේවයෙනි, යම්සේ ඇපි තොප බොහෝ වෙලාවක් දක්නමෝ ද එසෙයින් ලැසි වැ ගියමැනැවැ’යි, මහණෙනි, සක්විතිරජ ද රියැදුරා ඇමැතී: ‘සාරථිය, යම් පරිදි බමුණුගැහැවියෝ මා බොහෝ වේලාවක් දක්නාහු නම් එපරිදි ලැසි වැ (අසුන්) මෙහෙයාලව’යි. මහණෙනි, සක්විතිරජ මේ සතර වැනි ඍද්ධියෙන් සමන්‍වාගත වෙයි.

රාජා භික‍්ඛවෙ, චක‍්කවත‍්තී ඉමාහි චතූහි ඉද‍්ධීහි සමන‍්නාගතො හොති.

මහණෙනි, සක්විතිරජ මේ සතර ඍද්ධියෙන් සමන්‍වාගත වේ.

තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, අපි නු ඛො රාජා චක‍්කවත‍්තී ඉමෙහි සත‍්තහි රතනෙහි සමන‍්නාගතො ඉමාහි චතූහි ච ඉද‍්ධීහි තතො නිදානං සුඛං සොමනස‍්සං පටිසංවෙදියෙථාති.

මහණෙනි, ඒ කිමායි සිතවු ද, මේ සප්තරත්නයෙන් ද මේ චතුර්විධ ඍද්ධියෙන් ද සමන්‍වාගත වූ සක්විතිරජ කිම ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ දැ?යි.

එකමෙකෙනාපි භන‍්තෙ, රතනෙන සමන‍්නාගතො රාජා චක‍්කවත‍්තී තතො නිදානං සුඛං සොමනස‍්සං පටිසංවෙදියෙථ. කො පන වාදො සත‍්තහි රතනෙහි චතූහි ච ඉද‍්ධීහීති.

වහන්ස, ඒ එකෙකි රත්නයෙකිනුදු සමන්‍වාගත සක්විතිරජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ යැ, සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද යුක්ත වූයේ කියනු කිමැ’යි.

අථ ඛො භගවා පරිත‍්තං පාණිමත‍්තං පාසාණං ගහෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: ‘තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමො නු ඛො මහන‍්තතරො: යො චායං මයා පරිත‍්තො පාණිමත‍්තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ‍්බතරාජාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ වූ පුරුතු පහණක් ගෙන භික්‍ෂූන් ඇමැතූ සේක. මහණෙනි, ඒ කිමැයි සිතවු ද? මා විසින් ගන්නාලද අතුල් පමණ වූ යම් පුරුතු පහණෙක් ඇද්ද, යම් හිමවත් පර්‍වතරාජයෙකුත් ඇද්ද, මෙයින් කවරෙක් අතිශයින් මහත් වේ දැ? යි.

අප‍්පමත‍්තකො අයං භන‍්තෙ, භගවතා පරිත‍්තො පාණිමත‍්තො පාසාණො ගහිතො හිමවන‍්තං පබ‍්බතරාජානං උපනිධාය සඞ‍්ඛම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අල්ප වූ පාණිමාත්‍ර වූ ගන්නාලද මේ පාෂාණය අල්පමාත්‍ර යැ හිමවත් පර්‍වතරාජයා නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි. කලභාගයට ද නො පැමිණෙයි. උපනික්‍ෂේපයට ද නො පැමිණෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, යං රාජා චක‍්කවත‍්තී සත‍්තහි රතනෙහි චතූහි ච ඉද‍්ධීහි සමන‍්නාගතො තතො නිදානං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. තං දිබ‍්බස‍්ස සුඛස‍්ස උපනිධාය සඞ‍්ඛම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති.

එපරිදි මැ මහණෙනි, සක්විතිරජ සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද සමන්‍වාගත වූයේ එකරුණෙන් යම් සුවයක් සොම්නසක් විඳී ද එය දිව්‍ය සුඛය නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි, කාලභාගයට ද නො පැමිණෙයි, උපනික්‍ෂේපයට ද නො පැමිණෙයි.

ස ඛො සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො සචෙ කදාචි කරහචි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන මනුස‍්සත‍්තං ආගච‍්ඡති. යානි තානි උච‍්චාකුලානි ඛත‍්තියමහාසාලකුලං වා බ්‍රාහ‍්මණමහාසාලකුලං වා ගහපතිමහාසාලකුලං වා, තථාරූපෙ කුලෙ පච‍්චාජායති අඩ‍්ඪෙ මහද‍්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත‍්තූපකරණෙ පහූතධනධඤ‍්ඤෙ. සො ච හොති අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො. ලාභී අන‍්නස‍්ස පානස‍්ස වත්‍ථස‍්ස යානස‍්ස මාලාගන්‍ධවිලෙපනස‍්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස‍්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්‍වා වාචාය සුචරිතං චරිත්‍වා මනසා සුචරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අක‍්ඛධුත‍්තො පඨමෙනෙව කටග‍්ගහෙන මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡෙය්‍ය, අප‍්පමත‍්තකො සො භික‍්ඛවෙ, කටග‍්ගහො, යං සො අක‍්ඛධුත‍්තො පඨමෙනෙව කටග‍්ගහෙන මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡෙය්‍ය. අථ ඛො අයමෙව තතො මහන‍්තතරො කටග‍්ගහො, යං සො පණ‍්ඩිතො කායෙන සුචරිතං චරිත්‍වා වාචාය සුචරිතං චරිත්‍වා මනසා සුචරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. අයං භික‍්ඛවෙ,කෙවලා පරිපූරා පණ‍්ඩිතභූමීති.

මහණෙනි, ඒ පණ්ඩිත ඉදින් කිසි කලෙක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේ ද කැත්මහසල්කුල වේවයි බමුණු මහසල් කුල වේවයි ගැහැවිමහසල්කුල වේවයි යම් ඒ කුල කෙනෙක් ඇද්ද, ආඪ්‍ය වූ මහත්ධන ඇති මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ පරිභෝග උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති එබඳු කුලයෙහි උපදනේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාද එළවනුයේ උතුම් වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් වාසාගාර හා පහන්තෙල් ලබනසුලු වෙයි. හේ කයින් සුචරිතය පුරයි. බසින් සුචරිතය පුරයි, සිතින් සුචරිතය පුරයි. හේ කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, යම් පරිදි අක්‍ෂධූර්‍තයෙක් පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භෝගස්කන්‍ධය ලබා ද මහණෙනි, යම් හෙයෙකින් ඒ අක්‍ෂධූර්‍ත පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භොග ස්කන්‍ධය ලබා නම් ඒ ජයග්‍රහණය අල්පමාත්‍ර යැ. වැළි යම් හෙයෙකින් ඒ පණ්ඩිත කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්‍ගලෝකයට පැමිණේ ද මේ ජයග්‍රහණය මැ ඊට වඩා අතිශයින් මහත් වෙයි. මහණෙනි, මේ සර්‍වපරිපූර්‍ණ වූ පණ්ඩිතභූමි වේ යයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ බාලපණ්ඩිත සුත වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යි.

බාලපණ‍්ඩිතසුත‍්තං නවමං.

නව වැනි බාලපණ්ඩිත සූත්‍ර යි.