දෙවදූත සුත්තං
3. 3. 10.
3. 3. 10.
දෙවදූත සුත්තං
දේවදූත සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් අමතාවදාළහ. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේවදූත සූත්‍රය වදාළ සේක:
සෙය්යථාපි භික්ඛවෙ, ද්වෙ අගාරා සද්වාරා, තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි, අනුසඤ්චරන්තෙපි අනුවිචරන්තෙපි. එවමෙව ඛො අහං භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි.
මහණෙනි, දොර සහිත වූ ගෘහ දෙකක් යම්සේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද ගෙහි ඇවිදිනා වූ ද ඔබමොබ හැසිරෙන්නා වූ ද මිනිසුන් යම්සේ දකී ද, එපරිදි මැ මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීනප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්ත්වයන් දක්මි. කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දැනගනිමි.
ඉමෙ වත භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපන්නා.
මේ භවත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු මිනිසුන් කෙරෙහි උපන්නාහු යැ.
ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නාති.
මේ භවත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ප්‍රේත විෂයට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු තිරශ්චීනයෝනියට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහු යයි.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා නානාබාහාසු ගහෙත්වා යමස්ස රඤ්ඤො දස්සෙන්ති ‘අයං දෙව, පුරිසො අමත්තෙය්යො අපෙත්තෙය්යො අසාමඤ්ඤො අබ්රහ්මඤ්ඤො න කුලෙජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූති.
මහණෙනි, නිරයපාලයෝ ඒ සත්ත්වයා වෙන වෙන අත් ගෙන යමරජුට දක්වති. ‘දේවයිනි, මේ පුරුෂ මෑණියන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, පියාණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, මහණුන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, ක්ෂීණාස්රව බමුණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, කුලදෙටුවන් කෙරෙහි අපචායන නො කළ කෙනෙක, දේවයන් වහන්සේ මොහුට දඬුවම් පණවත්ව’ යි.
තමෙනං භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඨමං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමාන’න්ති? සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි ජාතිධම්මො, ජාතිං අනතීතො. හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
මහණෙනි, යමරජ තුලුන් අතින් පළමු වන දේවදූතයා අනුයෝග වතට නංවා ප්‍රශ්න කරයි. ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කරයි. කරුණු විචාරයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි ප්‍රථම දේවදූතයා පහළවූවාහු නුදුටුයෙහි? හෙ මෙසේ කියයි: වහන්ස, නුදුටුමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි මන්ද වූ උඩුහුරු වැ හෝනා සිය මලමූයෙහි ගැලුණු එහි හෝනා ළදරු කුමරුවකු නුදුටුයෙහි? හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු? ‘මයිත් ජාතිස්වභාව ඇතියෙමි, ජාතිය නො ඉක්ම ගියෙමි, එබැවින් මම කයින් වචසින් මනසින් පින් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකි වීමි, වහන්ස, පමාවීමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා වූ බැවින් කයින් වචසින් මනසින් පින් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එයින් පමාවුවක්හට කරන්නාක් සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාප කර්මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද මහණබමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරන ලද, තා විසින් මැ තෙල පාප කර්මය කරන ලද, තො මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
තමෙනං භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා දුතියං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දුතියං දෙවදූතං පාතුභූතන්ති? සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායනං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං පලිතකෙසං විලූනං ඛලිතසිරං වලිතං තිලකාහතගත්ත’න්ති? සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි ජරාධම්මො ජරං අනතීතො, හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, නසමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙව එතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
මහණෙනි, යමරජ ඔහුට පළමු වන දේවදූතයා අනුයෝග වශයෙන් ප්‍රශ්න කොට ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කොට කරුණු විචාරා දෙවන දේවදූතයා අනුයෝගවතට නඟා විචාරයි, ලබ්ධි පිහිටුවා විචාරයි, කරුණු විචාරයි. එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ දෙවැනි දේවදූතයා නුදුටුයෙහි? යි ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: එම්බා පුරුෂය, මිනිසුන් කෙරෙහි උපතින් අසූවයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියක් වසක් වූ හෝ ජාතියෙන් දිරූ ගොනැස්සක් සෙයින් වක් වූ බිඳුණු සිරුරු ඇති සැරයටිය පිහිට කොට ඇති වෙවුළමින් යන ආතුර වූ ගිය යොවුන්බව් ඇති කඬදත් ඇති පැසුණු කෙසේ ඇති ගිලිහුණු කෙස් ඇති මටතල වූ රැලිහුන් තලකැලැල් හුන් සිරුරු ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නුදුටුයෙහි දැ? යි. හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ මහලු වියපත් තට තෙල සිත නො වී නු? ‘මම් වූ කලි ජරාසැහැවියෙමි, ජරාව නො ඉක්ම වූයෙමි, මම් එබැවින් කයින් වචසින් මනසින් කුසල් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, ප්‍රමාදවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි? එම්බා පුරුෂය, ඒකාන්තයෙන් තට ප්‍රමාද වූවකුට යම් සේ ද එපරිද්දෙන් කරන්නාහ. තාගේ තෙල පාපකර්මය මව විසින් නො මැ කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරනලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්මය කරනලද, තො මැ තෙල කර්මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
තමෙනං භික්ඛවෙ, යමො රාජා දුතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තතියං දෙවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස, මනුස්සෙසු තතියං දෙවදූතං පාතුභූත’න්ති. සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමොරාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමාන’න්ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: අහම්පි ඛොම්හි ව්යාධිධම්මො ව්යාධිං අනතීතො, හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. තයාවෙතං පාපං කම්මං කතං. ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
මහණෙනි, යමරජ තුලුනු අතින් දෙවන දේවදූතයා අනුයෝග වශයෙන් පිළිවිස ලබ්ධි වශයෙන් පිහිටුවා කරුණු අසා කරුණු බැණ තුන්වන දේවදූතයා අනුයෝග වතට නංවා අසයි, ලබ්ධි පිහිටුවයි. සමනුභාෂණ කම් කෙරෙයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි තුන්වන දේවදූතයා පහළ වූවහු නො දුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි හැටි ආබාධ ඇති හටගත් දුක් ඇති දැඩි ගිලන් වූ සිය මලමූයෙහි පිළිපන් එහි හෝනා මෙරමා විසින් නඟාසිටුවන ලබන මෙරමා විසින් හොවනු ලබන මාගමක හෝ පිරිමිනියකු හෝ නුදුටිහි? ‘හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! මම ද ව්‍යාධි ධර්මයෙමි, ව්‍යාධිය අනතීතයෙමි, එයින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමාවීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් පමා වූවහුට දඬුවම් කරන්නා සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්මය මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නොකරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ කරනලද තො මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳුනෙහි” යයි.
තමෙනං භික්ඛවෙ, යමො රාජා තතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා චතුත්ථං දෙවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු චතුත්ථං දෙවදූතං පාතුභූත’න්ති. සො එවමාහ: ‘නාද්දසං, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ, කසාහිපි තාළෙන්තෙ වෙත්තෙහිපි තාළෙන්තෙ අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ හත්ථම්පි ඡින්දන්තෙ පාදම්පි ඡින්දන්තෙ හත්ථපාදම්පි ඡින්දන්තෙ කණ්ණම්පි ඡින්දන්තෙ නාසම්පි ඡින්දන්තෙ කණ්ණනාසම්පි ඡින්දන්තෙ බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ රාහුමුඛම්පි කරොන්තෙ ජොතිමාලිකම්පි කරොන්තෙ හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ එරකවත්තිකම්පි කරොන්තෙ චීරකවාසිකම්පි කරොන්තෙ එණෙය්යකම්පි කරොන්තෙ බලිසමංසිකම්පි කරොන්තෙ කහාපණකම්පි කරොන්තෙ ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ පලාලපීඨකම්පි කරොන්තෙ තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ සුනඛෙහිපි ඛාදාපෙන්තෙ ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ අසිනාපි සීසං ඡින්දන්තෙ’ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: යෙ කිර භො, පාපකානි කම්මානි කරොන්ති. තෙ දිට්ඨෙව ධම්මෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. කිමඞ්ග පන පරත්ථ. හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි. කායෙන වාචාය මනසා, තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
මහණෙනි, යමරජ තුලුනු අතින් තුන් වන දේවදූතයා අනුයෝගවතට නඟා ලබ්ධි ගන්වා සමනුභාෂණ කම් කොට සතර වන දේවදූතයා අනුයෝග වතට නංවයි, ලබ්ධි පිහිටුවයි. කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ සතර වන දේවදූතයා නොදුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ රජදරුවෝ මිනිසුන් කෙරෙහි අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙද්ද කසවැලිනුදු තළද්ද වේවැලිනුදු තළත් ද, අඩදඬියෙනුදු තළත් ද, අත ද සිඳිත් ද පා ද සිඳිත් ද අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසිකාත් සිඳිත් ද, කන්නැහැත් සිඳිත් ද බීලඞ්ගථාලිකවධත් කෙරෙත් ද සංඛමුණ්ඩික වධත් කෙරෙත් ද රාහුමුඛවධත් කෙරෙත් ද ජෝතිමාලිකවධත් කෙරෙත් ද හත්ථපජ්ජෝතික වධත් කෙරෙත් ද ඒරකවත්තකවධත් කෙරෙත් ද චීරකවාසිකවධත් කෙරෙත් ද එණෙය්‍යකවධත් කෙරෙත් ද බලිසමංසිකවධත් කෙරෙත් ද කහාපණකවධත් කෙරෙත් ද ඛාරාපතච්ඡිකවධත් කෙරෙත් ද පලිඝපරිවත්තිකවධත් කෙරෙත් ද පලාලපීඨකවධත් කෙරෙත් ද තප්තතෛලයෙනුත් ඉසිත් ද නහවුන් ලවා කවත් ද ජීවත්වන්නහු හුල හිඳුවත් ද කඩුයෙනුදු හිස සිඳිත් ද තෙල අපරාධකාරීහු නුදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’, මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් ද ඔහු ඉහාත්මයෙහි මැ මෙබඳු විවිධ කම්කටොලු කරනු ලබති. පරලොව කියනු කිම? එබැවින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි, වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා ඇති බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවහුට යම්සේ ද එසෙයින් දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්මය කරන ලදි’ යි. තෝ මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳුව’ යි.
තමෙනං භික්ඛවෙ, යමො රාජා චතුත්ථං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා පඤ්චමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඤ්චමං දෙවදූතං පාතුභූත’න්ති, සො එවමාහ: ‘නාද්දසං, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාත’න්ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි මරණධම්මො මරණං අනතීතො, හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
මහණෙනි, යමරජ තුලුනු අතින් සතර වන දේවදූතයා ගෙන අනුයෝග විසින් පිළිවිස ලබ්ධි විසින් ගන්වා සමනුභාෂණකර්‍ම කොට පස් වන දේවදූතයා ගෙන අනුයෝග වතට නංවයි, ලබ්ධි විසින් ගන්වයි, කරුණු පිළිවිසී. ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පස් වන දේවදූතයා පහළ වූවහු නො දිටිහි? හේ මෙසේ කියයි: ‘නො දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: තෝ මිනිසුන් කෙරෙහි මළ එක් දින වූ හෝ මළ දෙදින වූ හෝ මළ තුන් දින වූ හෝ ඉදිමීගිය නිල්වන් වූ හටගත් පූයා ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නොදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු ! මම ද මරණධර්මයෙමි, අනතීත මරණ ඇතියෙමි, එහෙයින් කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවකුට යම්සේ ද එසෙයින් කෙරෙති. තාගේ තෙල පව්කම මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරනලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පව්කම කරන ලදි. තෝ මැ තෙල කර්මයාගේ විපාක විඳුනෙහි’ යයි.
තමෙනං භික්ඛවෙ, යමො රාජා පඤ්චමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හී හොති.
මහණෙනි, යමරජ තුලුන් පස් වන දේවදූතයා ගෙන අනුයෝග කොට ලබ්ධි පිහිටුවා කරුණු පිළිවිය තුෂ්ණීම්භූත වෙයි.
තමෙනං භික්ඛවෙ නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කරොන්ති. තත්තං අයොඛිලං හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති. තමෙනං භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුඨාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධො ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
මහණෙනි, නිරයපාලයෝ තුලුනට පඤ්චවිධබන්ධන නම් කම්කටොලු කෙරෙත්: තප්ත වූ යහුලක් එක් අතෙකැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන අතෙහි ගසත්, තප්ත වූ යහුලක් පළමු පයැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන පයැ ගසත්, තප්ත වූ යහුලක් ළමැඩියෙහි ගසත්. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වූ වේදනාවන් විඳි. ඒ පාපකර්මය ක්ෂය නො වූ තාක් කාලක්‍රියා නො කෙරේ. මහණෙනි, නිරයපාලයෝ ඔහු හොවා කූඨාරියෙන් සසති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශිරස්ක කොට ගෙන් වෑයෙන් සසිත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු රථ යෙහි යොදා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති පොළොවෙහි ඇවිදුවති. පෙරළාත් ඇවිදුවති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති අඟුරුපවියට නංවත්, බස්වත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට හිස් බිම්බල්වාලීම් කොට ගෙන රත් වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිගෙන දිලෙන ඇවිලගත් ගිනි සහිත ලොහොකුඹු නිරයෙහි බහත්, හේ එහි පෙනබඳු කොට පැසෙත්. හේ එහි පෙන බඳු කොට පස්නේ වරක් උඩ එයි, වරක් යට බස්සී, වරක් සරස යෙයි. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වූ වේදනාවන් විඳී. යම් තාක් ඒ පව්කම් ක්ෂය නො වේ ද ඒ තාක් කලුරිය නො කෙරේ.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන භික්ඛවෙ, මහානිරයො:
මහණෙනි, නිරයපාලයෝ ඔහු මහනිරෑහි බහත්. මහණෙනි, ඒ මහනිරය වනාහි:
චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො, අයොපාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො.
චතුස්කර්‍ණ යැ, චතුර්ද්වාරය, කොටස් විසින් බෙදන ලද, යපවුරින් වටකරන ලද, යදැලින් පිළිසොයන ලද,
තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා
ඒ මහානිරයයා ගේ අයෝමය භූමිය ඇවිළැගත් ගිනිදැලින් යුක්ත ය, හැමදා හාත්පස සියක්යොදුන් තැන් පැතිරැසිටී.
තස්ස ඛො පන භික්ඛවෙ, මහානිරයස්ස පුරත්ථිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පච්ඡිමාය භිත්තියා පටිහඤ්ඤති. පච්ඡිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පුරත්ථිමාය භිත්තියා පටිහඤ්ඤති. උත්තරාය භිත්තියා අච්චි උට්ඨහිත්වා දක්ඛිණාය භිත්තියා පටිහඤ්ඤති. දක්ඛිණාය භිත්තියා අච්චි උට්ඨහිත්වා උත්තරාය භිත්තියා පටිහඤ්ඤති. හෙට්ඨා අච්චි උට්ඨහිත්වා උපරි පටිහඤ්ඤති. උපරිතො අච්චි උට්ඨහිත්වා හෙට්ඨා පටිහඤ්ඤති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
මහණෙනි, ඒ මහානිරයයා ගේ පෙරදිග බිතින් ගිනිසිළි නැඟී පැසුළු බිතෙහි හැනෙයි, පැසුළු බිතින් ගිනිසිළි නැඟී පෙරදිග බිතෙහි හැනෙයි, උතුරු බිතින් ගිනිසිළි නැඟී දකුණු බිතෙහි හැනෙයි, දකුණු බිතින් ගිනිසිළි නැඟී උතුරු බිතෙහි හැනෙයි, යට ගිනිසිළි නැඟී උඩුතල හැනෙයි, උඩතින් ගිනිසිළි නැඟී යට හැනේ. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වේදනා විඳි. යම්තාක් පාපකර්මය ක්ෂය නො වේ ද ඒ තාක් නො මියෙයි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අවාපුරීයති. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමෙව හොති. යතො ච ඛො සො භික්ඛවෙ, බහුසම්පත්තො හොති, අථ තං ද්වාරං පිථීයති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
මහණෙනි, යම් හෙයෙකින් කිසිකලෙක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පූර්වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. ඒ නිරිසත් එහි ශීඝ්‍ර වූ නහර ද දැවෙයි, ජවයෙන් දුවයි. ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිය ද දැවෙයි, සම ද දැවෙයි, මස් ද දැවෙයි, ඇට දු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, යම් කලෙක හෙතෙම බොහෝ වර්ෂසහස්රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ ද්වාරය වැසෙයි. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වේදනා විඳියි. යම් තාක් පාපකර්මය නො ගෙවේ ද ඒ තාක් කල් නො මියෙයි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පච්ඡිමං ද්වාරං අවාපුරීයති -පෙ- උත්තරං ද්වාරං අවාපුරීයති -පෙ- දක්ඛිණං ද්වාරං අවාපුරීයති. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති. අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමෙව හොති. යතො ච ඛො සො භික්ඛවෙ, බහුසම්පත්තො හොති. අථ තං ද්වාරං පිථීයති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
මහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පශ්චිමද්වාරය විවෘත වේ ද එබඳු කාලයෙක් වෙයි. ... උතුරු දොර විවර වේ ද ... දකුණු දොර විවර වේ ද එබඳු කාලයෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දිවෙයි. ශීඝ් රජවයෙන් දුවන ඔහුගේ සිවි ද දැවෙයි, සම් ද දැවෙයි, මස් ද දැවෙයි, නහර ද දැවෙයි, ඇටදු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, හෙතෙම යම් කලෙක බොහෝ වර්ෂ සහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ දොර වැසෙයි. හේ එහි දුඃඛ ත්‍රීව කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො මියෙයි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අවාපුරීයති. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමෙව හොති. සො තෙන ද්වාරෙන නික්ඛමති.
මහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයාගේ පූර්වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දුවයි, ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිදු දැවෙයි, සමුදු දැවෙයි, මසුදු දැවෙයි, නහරදු දැවෙයි, ඇටදු දුමයි, නැඟූ පිය එබඳු මැ වෙයි. හේ ඒ දොරින් නික්මයෙයි.
තස්ස ඛො පන භික්ඛවෙ, මහානිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තො ගූථනිරයො. සො තත්ථ පපතති තස්මිං ඛො පන භික්ඛවෙ, ගූථනිරයෙ සූචිමුඛා පාණා ඡවිං ඡින්දන්ති. ඡවිං ඡෙත්වා චම්මං ඡින්දන්ති. චම්මං ඡෙත්වා මංසං ඡින්දන්ති. මංසං ඡෙත්වා නහාරුං ඡින්දන්ති. නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දන්ති. අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ඛාදන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තවද මහණෙනි, ඒ මහානිරයට සමනන්තර වැ ඝටිත වැ මැ මහත් වූ ගූථනිරය වෙයි. හේ එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි ගැලෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි වැළිත් හිදි බඳු තුඩ ඇති පණුවෝ සිවිය සිඳිති, සිවිය සිඳ සම් සිඳිති, සම් සිඳ මස් සිඳිති, මස් සිඳ නහර සිඳිති, නහර සිඳ ඇට සිඳිති, ඇට සිඳ ඇටමිදුළු කත්. හේ එහි දුඃඛ තීව්ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තස්ස ඛො පන, භික්ඛවෙ ගූථනිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තො කුක්කුලනිරයො. සො තත්ථ පපතති සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තවද මහණෙනි, ඒ ගූථනරකයට සමනන්තර වැ එක්ව මැ මහත් වූ උණු අළු නිරය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි දුඃඛ තීව්ර කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තස්ස ඛො පන භික්ඛවෙ, කුක්කුලනිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තං සිම්බලීවනං උද්ධං යොජනමුග්ගතං සොළසඞ්ගුලකණ්ටකං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං, තත්ථ ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තවද මහණෙනි, ඒ කුක්කුල නිරයට සමනන්තර වැ එක් වැ මැ සියක්යොදුන් උස නැඟුණු සොළොසඟුල් කටු ඇති ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිදැල් සහිත වූ මහත් හිඹුල්වනය වෙයි. (ඔහු) එහි නංවති, බස්වති. හේ එහි දුඃඛ තීව්ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ,ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තස්ස ඛො පන භික්ඛවෙ, සිම්බලීවනස්ස සමනන්තරා සහිතමෙව මහන්තං අසිපත්තවනං. සො තත්ථ පවිසති තස්ස වාතෙරිතානි පත්තානි පතිතානි හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තවද මහණෙනි, ඒ හිඹුල්වනයට අනතුරු වැ එක් වැ මැ මහත් වූ අසිපත්‍රවනය වෙයි. හේ එහි පිවිසෙයි, වාතයෙන් සැලී වැටුණු පත්‍රයෝ ඔහුගේ අත ද සිඳුති පය ද සිඳුති අත්පා ද සිඳුති කන ද සිඳුති නැහැය ද සිඳුති. කන්නාසා ද සිඳුති හේ එහි දුඃඛ තීව්ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තස්ස ඛො පන භික්ඛවෙ, අසිපත්තවනස්ස සමනන්තරා සහිතමෙව මහතී ඛාරොදිකා නදී. සො තත්ථ පපතති. සො තත්ථ අනුසොතම්පි වුය්හති. පටිසොතම්පි වුය්හති. අනුසොතපටිසොතම්පි වුය්හති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තවද මහණෙනි, ඒ අසිපත්‍රවනයට සමනන්තර වැ එක් වැ මැ මහත් වූ වේතරණී නම් ක්ෂාරෝදකනදිය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි අනුශ්‍රොතසට ද ගෙනයෙයි, ප්රතිශ්රෝතසට ද ගෙනයෙයි, අනුශ්රෝතප්රතිශ්රෝතසට ද ගෙනයෙයි, හේ එහි දුඃඛ තීව්ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා බළිසෙන උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙත්වා එවමාහංසු: ‘අම්භො පුරිස, කිං ඉච්ඡසී’ති. සො එවමාහ: ජිඝච්ඡිතොස්මි භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, නිරයපාලා තත්තෙන අයොසඞ්කුනා මුඛං විවරිත්වා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන තත්තං ලොහගුළං මුඛෙ පක්ඛිපන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. සො තස්ස ඔට්ඨම්පි ඩය්හති, මුඛම්පි ඩය්හති, කණ්ඨම්පි ඩය්හති, උරම්පි ඩය්හති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලියෙන් නඟා ස්ථලයෙහි හොවා මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රිසියෙයි දැ? යි. හේ මෙසේ කියා: ‘සාමි’ වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනි ගෙන දිලියෙන ලොහොගුලා මුඛයෙහි ප්රක්ෂේප කෙරෙත්. ඒ ලොහොගුලා ඔහුගේ දෙතොල ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, උදරය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධෝභාගයෙන් නික්මයේ. හේ එහි දුඃඛ තීව්ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය ක්ෂය නො වේ ද ඒ තාක් නො ද මියෙයි.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා එවමාහංසු: ‘අම්භො පුරිස, කිං ඉච්ඡසී’ති. සො එවමාහ: ‘පිපාසිතොස්මි, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, නිරයපාලා තත්තෙන අයොසඞ්කුනා මුඛං විවරිත්වා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන තත්තං තම්බලොහං මුඛෙ ආසිඤ්චන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. තං තස්ස ඔට්ඨම්පි ඩය්හති, මුඛම්පි ඩය්හති, කණ්ඨම්පි ඩය්හති, උරම්පි ඩය්හති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
මහණෙනි, යමපල්හු ඔහුට මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රුස්වහි?’ හේ මෙසේ කියා: ‘පිපාසිතයෙමි, වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනිගෙන දිලියෙන ලොහොදිය මුඛයෙහි ප්රක්ෂේප කෙරෙත්, ඒ ලොහොදිය ඔහුගේ තොල් ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, ළය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධෝභාගයෙන් නික්මෙයි. හේ එහි තීව්ර කටුක දුඃඛ වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය ක්ෂය නො වේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා පුන මහානිරයෙ පක්ඛිපන්ති.
මහණෙනි, යමපල්හු නැවත ඔහු මහානිරයෙහි ප්රක්ෂේප කෙරෙත්.
භූතපුබ්බං භික්ඛවෙ, යමස්ස රඤ්ඤො එතදහොසි: ‘යෙ කිර භො ලොකෙ පාපකානි අකුසලානි කම්මානි කරොන්ති, තෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. අහොවතාහං මනුස්සත්තං ලභෙය්යං. තථාගතො ච ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො. තඤ්චාහං භගවන්තං පයිරුපාසෙය්යං, සො ච මෙ භගවා ධම්මං දෙසෙය්ය, තස්ස චාහං භගවතො ධම්මං ආජානෙය්ය’න්ති.
මහණෙනි, පෙර යමරජුට තෙල සිත් වී. ‘ලොවැ යම් කෙනෙක් ලමු අකුශලකර්ම කෙරෙත් ද ඔහු මෙබඳු විවිධ කම්කටොලු කරනු ලැබෙති. මම් මිනිසත්බව ලබම් නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝත් ලොවැ උපදනාහු නම් මම් ඒ භාග්‍යවතුන් වහන්සේ පර්ය්යුපාසනය කෙරෙම් නම් ඒ භාග්‍යවත්හු මට දහම් දෙසනසේක් නම් මම් ඒ භාග්‍යවත්හුගේ ධර්මය අවබෝධ කෙරෙම් නම් ඉතා මැනැවැ’ යි.
තං ඛො පන අහං භික්ඛවෙ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි. අපි ච යදෙව සාමං ඤාතං, සාමං දිට්ඨං, සාමං විදිතං තදෙවාහං වදාමීති.
තවද මහණෙනි, මම එකරුණ අන් ශ්‍රමණයක්හුගේ වේවයි බ්‍රාහ්මණයක්හුගේ වේවයි සමීපයෙන් අසා නො කියමි. වැළි යමක් මැ මා විසින් තමා මැ දන්නාලද තමා මැ දක්නාලද තමා මැ ප්‍රකට කොට දක්නාලද ද මම් එය මැ කියමි’යි.
ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මේ දේවදූතසුත වදාළහ. මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථා වදාළසේක:
චොදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මාණවා, තෙ දීඝරත්තං සොචන්ති හීනකායූපගා නරා.
“යම් මිනිස් කෙනෙක් දෙවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහු ප්‍රමාද වෙත්” ද, හීන වූ නරකයට පැමිණි ඒ නරයෝ දීර්ඝකාලයක් ශෝක කෙරෙත්.
යෙ ච ඛො දෙවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ, චොදිතා නප්පමජ්ජන්ති අරියධම්මෙ කුදාචනං.
මෙලොවැ දෙවදූතයන් විසින් චෝදිත වූ යම් සාධුපුරුෂ කෙනෙක් කිසිකලෙක ආර්‍ය්‍ය ධර්මයෙහි ප්‍රමාද නො වෙත් ද,
උපාදානෙ භයං දිස්වා ජාතිමරණ සම්භවෙ, අනුපාදා විමුච්චන්ති ජාතිමරණසඞ්ඛයෙ.
ජාතිමරණ දෙකට කාරණ වූ තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත උපාදානයෙහි බිය දැක ජාතිමරණ සඞ්ඛය සංඛ්‍යාත නිර්වාණයෙහි චතුරුපාදානයෙන් උපාදාන නො කොට විමුක්ත වෙත් ද,
තෙ ඛෙමප්පත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා, සබ්බවෙරභයාතීතා සබ්බදුක්ඛං උපච්චගුන්ති.
ඒ සත්ත්වයෝ ක්ෂේමයට පැමිණියාහු සුඛිත වූවාහු දෘෂ්ටධර්ම සංඛ්‍යාත ඉහාත්මයෙහි ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවුණාහු සියලු වෛරභය ඉක්මවූවාහු සියලු සසරදුක් ඉක්මැගියාහු යයි.
දෙවදූතසුත්තං දසමං
දස වැනි දේවදුතසුත්ර යි.
සුඤ්ඤතවග්ගො තතියො.
තුන් වැනි ශූන්‍යත වර්ග යි.
තස්ස වග්ගස්ස උදානං:
ඒ වර්ගයාගේ උද්දානය:
ද්විධාව සුඤ්ඤතා හොති - අබ්භුතධම්මබාහුලං, අචිරවත භූමිජ නාමො - අනුරුද්ධුපක්කිලෙසං බාලපණ්ඩිතො දෙවදූතඤ්ච තෙ දසාති.
චූළසුඤ්ඤතමහාසුඤ්ඤත සූත්‍ර දෙක යැ, අච්ඡරියධම්ම සූත්‍ර යැ, බක්කුල සූත්‍ර යැ, දන්තභූමි සූත්‍ර යැ, භූමිජ සූත්‍ර යැ, අනුරුද්ධ සූත්‍ර යැ, උපක්කිසෙල සූත්‍ර යැ, බාලපණ්ඩිත සූත්‍ර යැ, දේවදූත සූත්‍ර යැ යි දශ සූත්‍රයෝ වෙති.