යෙදුමෙන් කියවන්න

භද‍්දෙකරත‍්ත සුත‍්තං

3. 4. 1.

3. 4. 1.

භද‍්දෙකරත‍්ත සුත‍්තං

භද්දේකරත්ත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එහි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්‍ෂූන් අඬගාවදාළහ. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල භද්දේකරත්ත සූත්‍රය වදාළසේක.

භද‍්දෙකරත‍්තස‍්ස වො භික‍්ඛවෙ, උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති.

‘මහණෙනි, (විදර්‍ශනානුයෝග සමන්‍වාගත හෙයින්) භද්‍ර වූ එක් රැයක්හුගේ මාතෘකාව ද විස්තරවිභාගය ද දෙසමි. ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියමි’ යි වදාළසේක.

එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

‘එසේ යැ වහන්ස’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළෝ:

අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං.

‘අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ. අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ. යම් හෙයකින් යමක් අතීත ද එය ප්‍රහීණ යැ. යමක් අනාගත ද එය නො පැමිණියේ යැ.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති, අසංහීරං අසංකුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්‍මයෙක් ඇද්ද) ඒ ධර්‍මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ ය.

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

අද මැ ආතාපනවීර්‍ය්‍ය කර්‍තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද මහත් වූ (ගිනි විෂ ආදි) සේනා ඇති මරහු සමග (මිත්‍රසන්‍ථවාදි) සංගරයෙක් නැත් නු!

එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං, තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

මෙ බඳු විහරණ ඇති ආතාපනවීර්‍ය්‍ය ඇති රෑදෙවෙහි අනලස් වූ ඒ පුඟුලා ‘භද්දේකරත්ත යැ’ යි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ’ යයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, අතීතං අන්‍වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංවෙදනො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංසඤ‍්ඤො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංසඞ‍්ඛාරො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංවිඤ‍්ඤාණො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛවෙ, අතීතං අන්‍වාගමෙති.

මහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය කෙරෙයි යත්: ‘අතීත කාලයෙහි මෙ බඳු රූ ඇතියෙම් වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාව පිහිටුවයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇතියෙම් වීමි’ යි ඒ අතීත වේදනායෙහි තෘෂ්ණා එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංඥායෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංස්කාරයෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි ඒ අතීත විඥානයෙහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය කෙරෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, අතීතං නාන්‍වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවංවෙදනො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවංසඤ‍්ඤො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවංසඞ‍්ඛාරො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවංවිඤ‍්ඤාණො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛවෙ, අතීතං නාන්‍වාගමෙති.

මහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි යත්: ‘අතීතයෙහි මෙ බඳු වූ රූ ඇති වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු විඥාන ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙ සෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය නො කෙරෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, අනාගතං පටිකඞ‍්ඛති: එවංරූපො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංවෙදනො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංසඤ‍්ඤො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංසඞ‍්ඛාරො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛවෙ, අනාගතං පටිකඞ‍්ඛති.

මහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, අනාගතං නප‍්පටිකඞ‍්ඛති: එවංරූපො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ‍්ඤො සියං -පෙ- එවංසඞ‍්ඛාරො සියං -පෙ- එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛවෙ, අනාගතං නප‍්පටිකඞ‍්ඛති.

මහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව නො එළවයි. ‘මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි … ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි ඒ අනාගත විඥානයෙහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති: ඉධ භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං අත‍්තතො සමනුපස‍්සති, වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානං. සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඤ‍්ඤං, සඤ‍්ඤාය වා අත‍්තානං. සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, සංඛාරවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සංඛාරෙ, සංඛාරෙසු වා අත‍්තානං. විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො, භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති.

මහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ‘මහණෙනි, මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මහෙයින් තෘෂ්ණා දෘෂ්ටි විසින් දකී. ආත්මය රූපවත් කොට හෝ දකී. ආත්මයෙහි රූපය ඇතැ’ යි හෝ දකී. රූපයෙහි ආත්මය ඇතැ’ යි හෝ දකී. වේදනාව ආත්ම හෙයින් දකී. වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්ම හෙයින් තෘෂ්ණාදෘෂ්ටි විසින් දකී. සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්ම හෙයින් දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්ම හෙයින් දකී. විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණෙනි, මෙ සෙයින් ප්‍රත්‍යුත්පන්නධර්‍මයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් අදනා ලැබෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති: ඉධ භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති. න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති.

මහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධධර්‍මයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො අදනා ලැබේ යැ යත්: මහණෙනි, මෙලොවැ බුද්ධාදී ආර්‍ය්‍යන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි කෝවිද වූ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මවශයෙන් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ නො දක්නේ ය. වේදනා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංඥා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංස්කාර ආත්මවශයෙන් නො දක්නේ යැ … විඥාන ආත්මවශයෙන් නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි ලා විඥානය හෝ විඥානයෙහි ලා ආත්මය හෝ නො දක්නේ යැ. මහණෙනි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධධර්‍මයෙහි (විදර්‍ශනා ඇතියෙන්) තෘෂ්ණාදෘෂ්ටීන් නො අදනා ලැබේ.

අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං.

අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම්හෙයෙකින් යමක් අතීත ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යැ. (එහෙයින් අනුගමන හා ප්‍රාර්‍ත්‍ථනා නො කරන්නේ යයි සේ යි).

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති, අසංහීරං අසංකුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් පඤ්චස්කන්‍ධධර්‍මයෙක් ඇද්ද,) ඒ ධර්‍මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ ය.

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

අද ම අතාපන වීර්‍ය්‍ය කර්‍තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද, මහත් වූ සේනා ඇති මරහු සමග සඞ්ගරයෙක් නැත් නු!

එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං, තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

මෙබඳු විහරණ ඇති අතාපන වීර්‍ය්‍ය ඇති දවරෑ තන්‍ද්‍රා නැති ඒ පුඟුලා ඒකාන්තයෙන් ‘භද්දේකරත්ත’ යයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ.

භද‍්දෙකරත‍්තස‍්ස වො භික‍්ඛවෙ, උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච දෙසිස‍්සාමීති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

මහණෙනි, භද්‍ර වූ ඒකරාත්‍ර විහරණ ඇති තොපට උද්දේසය හා විභාගය හා දෙසමි’ යි යමක් කියන ලද ද, මෙ බස් තෙල සඳහා කියන ලදි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ භද්දේකරත්ත සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

භද‍්දෙකරත‍්ත සුත‍්තං පඨමං.

පළමුවැනි භද්දේකරත්ත සූත්‍ර යි.