ආනන්ද භද්දෙකරත්ත සුත්තං
3. 4. 2.
3. 4. 2.
ආනන්ද භද්දෙකරත්ත සුත්තං
ආනන්ද භද්දේකරත්ත සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති. සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච භාසති.
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල ආනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. ප්රහර්ෂ කරවති. භද්රඒකරාත්ර ඇති මහණ හට උද්දේස හා විභාග හා කියති.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘කො නු ඛො භික්ඛවෙ උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’ති.
එකල භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පලසමවතින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූසේක. “මහණෙනි, කවරෙක් නම් උපස්ථානශාලායෙහි ලා මහණුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලී ද, සමාදන් කරවාලී ද, තෙද ගන්වාලී ද, සතුටු කරවාලී ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසී දැ” යි වදාළෝ.
ආයස්මා භන්තෙ, ආනන්දො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’ති.
වහන්ස, අනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කැරැවූහ, තෙද ගැන්වූහ, සතුටු කැරැවූහ. භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසූහ’ යි.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි ‘යථා කථං පන ත්වං ආනන්ද, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’ති?
එකල භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරණුවන් ඇමතූසේක. “ආනන්දය, තෙපි කිසෙයින් භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහු ද, සමාදන් කැරැවූහු ද, තෙද ගැන්වූහු ද, පහදවාලූහු ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසූහු දැ” යි.
එවං ඛො අහං භන්තෙ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසිං සමාදපෙසිං සමුත්තෙජෙසිං සම්පහංසෙසිං, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසිං:
වහන්ස, මෙසෙයින් මම භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කැරැවීමි, තෙද ගැන්වීමි, සම්ප්රහර්ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසීමි.
අතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
අතීත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය නො කරන්නේයැ, අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම් හෙයකින් යමක් අතීත වේ ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත වේ ද එය නො පැමිණියේ යි.
පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසඞ්කුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ පඤ්චස්කන්ධ ධර්මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ යැ.
අජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
අද ම ආතාපන වීර්‍ය්‍ය කර්තව්‍ය වෙයි. කවරෙක් සෙට මරණය ඇති’ යි දතහෙන්නේ ද, මහත් සෙන්බල ඇති මරහු සමග සංගරයෙක් නැත් නු!
එවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ දෙක්හි හළ තන්ද්රා ඇති ඒ යොගාවචරයා භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ ප්‍රකාශ කෙරේ.
කථඤ්චාවුසො අතීතං අන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. -පෙ- එවං ඛො ආවුසො අතීතං අන්වාගමෙති.
ඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්ධධර්මය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමි’ යි එහි නන්දිය එළවයි. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්දිය එළවයි ... ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරෙයි.
කථඤ්චාවුසො අතීතං නාන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො ආවුසො අතීතං නාන්වාගමෙති.
ඇවැත්නි, කෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි. ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරේ.
කථඤ්චාවුසො අනාගතං පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ්ඤො සියං -පෙ- එවංසඞ්ඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවං ඛො ආවුසො අනාගතං පටිකඞ්ඛති.
ඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්ධධර්මය තෘෂ්ණාදෘෂ්ටීන් විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි නන්දිය එළවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි නන්දිය එළවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
කථඤ්චාවුසො, අනාගතං නප්පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ්ඤො සියං -පෙ- එවංසඞ්ඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො ආවුසො, අනාගතං නප්පටිකඞ්ඛති.
ඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්ධධර්මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි.
කථඤ්චාවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: ඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනා -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො ආවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති.
ඇවැත්නි, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්ම කෙරෙහි අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්ය්යධර්මය පිළිබඳ අදක්ෂ ආර්ය්යධර්මයෙහි අවිනීත බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මය පිළිබඳ අදක්ෂ සත්පුරුෂධර්මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් තෘෂ්ණාදෘෂ්ටීන් දකී, ආත්මය රූපවත් කොට ද, ආත්මයෙහි රූප කොට ද රූපයෙහි ආත්ම කොට ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ආත්ම විසින් දකී. ආත්මය විඥාන වත් කොට ද, ආත්මයෙහි විඥාන කොට ද විඥාන යෙහි ආත්ම කොට ද දකී. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි අදනා ලැබේ.
කථඤ්චාවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති: ඉධාවුසො, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං, නාත්තනි වා රූපං න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො, ආවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්ය්යධර්මයට දක්ෂ ආර්ය්යධර්මයෙහි සුශික්ෂිත සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්මයට දක්ෂ සත්පුරුෂධර්මයෙහි සුශික්ෂිත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ, රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ, වේදනා ආත්ම විසින් නො දක්නේ යැ ... සංඥා ආත්ම විසින් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම විසින් නො දක්නේ යැ ... විඥාන ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි ලා විඥාන ද නො දක්නේ යැ, විඥානයෙහි ලා ආත්ම ද නො දක්නේ යැ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි නො අදනා ලැබේ.
අතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
අතීත ස්කන්ධධර්ම අනුගමනය නො කරන්නේ යැ, අනාගත ස්කන්ධධර්මය නො පතන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් ශාන්ත වූ භදේදකරත්ත යයි බුද්ධ මුනි තෙමේ කියා.
එවං ඛො අහං භන්තෙ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසිං සමාදපෙසිං සමුත්තෙජෙසිං සම්පහංසෙසිං, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසින්ති.
වහන්ස, මෙසෙයින් මම භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කරවීමි, තෙද ගැන්වීමි, සම්ප්රහර්ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පැවැසීමි’ යි.
සාධු සාධු ආනන්ද සාධු ඛො ත්වං ආනන්ද භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසි.
මැනැව මැනැව ආනන්දයෙනි, ආනන්දයෙනි, තෙපි මනා කොට භික්ෂූන් ට දැහැමි කථායෙන් කරුණු දැක්වූවහු යැ, සමාදන් කැරැවූහු යැ, තෙද ගන්වාලූහු යැ, සතුටු කරවා ලූහු යැ, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ප්‍රකාශ කළහු යැ.
අතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.
කථඤ්චානන්ද, අතීතං අන්වාගමෙති? -පෙ- එවං ඛො, ආනන්ද, අතීතං අන්වාගමෙති. කථඤ්චානන්ද, අතීතං නාන්වාගමෙති? -පෙ- එවං ඛො ආනන්ද, අතීතං නාන්වාගමෙති. කථඤ්චානන්ද, අනාගතං පටිකඞ්ඛති? -පෙ- එවං ඛො ආනන්ද, අනාගතං පටිකඞ්ඛති. කථඤ්චානන්ද, අනාගතං නප්පටිකඞ්ඛති? -පෙ- එවං ඛො ආනන්ද, අනාගතං නප්පටිකඞ්ඛති. කථඤ්චානන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: -පෙ- එවං ඛො ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති. කථඤ්චානන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති: -පෙ- එවං ඛො ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
ආනන්දයෙනි කිසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරෙයි. ආනන්දයෙනි, කිසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරෙයි. ආනන්දයෙනි, කිසෙයින් අනාගත ස්කන්ධධර්ම පතන්නේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්ම පතන්නේ යැ. ආනන්දයෙනි, කිසෙයින් අනාගත ස්කන්ධධර්ම නො පතන්නේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්ම නො පතන්නේ යැ. ආනන්දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි අදනා ලැබේ යැ යත් … ආනන්දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි අදනා ලැබේ. ආනන්දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි නො අදනා ලැබේ යැ යත් ... ආනන්දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි නො අදනා ලැබේ.
අතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනය කළහ.
ආනන්ද භද්දෙකරත්ත සුත්තං දුතියං.
දෙවැනි ආනන්ද භද්දේකරත්ත සූත්‍ර යි.