යෙදුමෙන් කියවන්න

මහාකච‍්චාන භද‍්දෙකරත‍්ත සුත‍්තං

3. 4. 3.

3. 4. 3.

මහාකච‍්චාන භද‍්දෙකරත‍්ත සුත‍්තං

මහාකච්චාන භද්දේකරත්ත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ. අථ ඛො ආයස‍්මා සමිද‍්ධි රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය යෙන තපොදො තෙනුපසඞ‍්කමි ගත‍්තානි පරිසිඤ‍්චිතුං. තපොදෙ ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා එකචීවරො අට‍්ඨාසි ගත‍්තානි පුබ‍්බාපයමානො. අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං තපොදං ඔභාසෙත්‍වා යෙනායස‍්මා සමිද‍්ධි, තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා ආයස‍්මන‍්තං සමිද‍්ධිං එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාවනයෙහි වැඩ වසන සේක. එකල සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැඟීසිට ගාත්‍රපරිෂේකයට තපෝද භ්‍රදය කරා එළැඹියහ. තපෝද භ්‍රදයෙහි ගාත්‍රපරිෂේක කොට නැඟී ශරීරාවයව වියළවමින් එක් සිවිරි වැ සිටියහ. එකල එක්තරා දෙව්දුවක් රැය ඉක්මැගිය කල්හි විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තී මුළු තපෝද දහතලාව බබුළුවා සමිද්ධි තෙරණුවන් කරා එළැඹියා. එළැඹ එකත්පස් වැ සිටගතු. එකත් පස් වැ සිටි ඒ දෙව්දූ සමිද්ධි තෙරණුවනට තෙල කියූ:

‘ධාරෙසි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චා’ති?

මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නාව?

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

ඇවත, මම භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති?

ඇවත, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නහු?

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

මහණ, මමත් භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.

ධාරෙසි පන ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති?

මහණ, තෙපි භද්දෙකරත්තගාථා ධරව?

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථාති.

ඇවැත්නි, මම භද්දෙකරත්තගාථා ද නො ධරමි.

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති?

ඇවත, තෙපි භද්දෙකරත්තගාථා ධරහු?

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථා.

මහණ, මම ද භද්දෙකරත්තගාථා නො ධරමි.

උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. පරියාපුණාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. අත්‍ථසංහිතො භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසොච විභඞ‍්ගො ච ආදිබ්‍රහ‍්මචරියකො’ති.

මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවගේ ආදිභූත පූර්‍වභාගප්‍රතිපතැ.

ඉදමවොච සා දෙවතා, ඉදං වත්‍වා තත්‍ථෙවන‍්තරධායි. අථ ඛො ආයස‍්මා සමිද‍්ධි තස‍්සා රත‍්තියා අච‍්චයෙන යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සමිද‍්ධි භගවන‍්තං එතදවොච. ඉධාහං භන‍්තෙ, රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය යෙන තපොදො තෙනුපසඞ‍්කමි. ගත‍්තානි පරිසිඤ‍්චිතුං. තපොදෙ ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා එකචීවරො අට‍්ඨාසිං ගත‍්තානි පුබ‍්බාපයමානො. අථ ඛො භන‍්තෙ, අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං තපොදං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො භන‍්තෙ, සා දෙවතා මං එතදවොච:

ඒ දෙව්දූ මේ කියා එහි මැ අතුරුදහන් වූ. එසඳ සමිද්ධි තෙරණුවෝ එරැය ඇවෑමෙන් බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. වහන්ස, මම රෑ අලුයම නැඟී තපෝදදහතල කරා ගාත්‍රපරිෂේකයට එළැඹියෙමි. තපෝදයෙහි ගාත්‍රපරිෂේක කොට නැඟී ගාත්‍රයන් වියළවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එසඳ එක්තරා දෙව්දුවක් රැය ඉකුත් කල මනා සිවිපැහැ ඇති වැ මුළු තපොදය බබුළුවා මා කරා එළැඹියා, එළැඹ එකත්පස් වැ සිටගතු, එකත්පස් වැ සිටි ඒ දෙව්දූ මට තෙල කියු:

ධාරෙසි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති?

‘මහණ, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරව?

එවං වුත‍්තෙ අහං භන‍්තෙ, තං දෙවතං එතදවොචං: න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

වහන්ස, මෙසේ කීකල මම ඒ දෙව්දුවට තෙල කීමි: ඇවත, මම භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි’ යි.

ත්‍වං පන ආවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති?

ඇවත, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරහු?

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

මහණ, මම ද භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.

ධාරෙසි පන ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති?

මහණ, තෙපි භද්දේකරත්තගාථාවන් ධරව?

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථාති.

ඇවත, මම භද්දේකරත්තගාථාවන් නො ධරමි.

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති?

ඇවත, තෙපි භද්දේකරත්තගාථාවන් ධරහු?

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථාති.

මහණ, මම ද භද්දේකරත්තගාථාවන් නො ධරමි.

උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. පරියාපුණාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. ධාරෙහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. අත්‍ථසංහිතො භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසො ච විභඞ‍්ගො ච ආදිබ්‍රහ‍්මචරියකොති.

මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ, මාර්‍ගබ්‍රහ්මර්‍ය්‍යයට පූර්‍වභාග ප්‍රතිපතැ යි.

ඉදමවොච භන‍්තෙ, සා දෙවතා. ඉදං වත්‍වා තත්‍ථෙවන‍්තරධායි. සාධු මෙ භන‍්තෙ, භගවා භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච දෙසෙතූති.

වහන්ස, ඒ දෙව්දූ මේ කියු යැ, මේ කියා එහි මැ අතුරුදහන් වූ, මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා දේසනා කරන සේක්ව’යි.

තෙන හි භික‍්ඛු, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති.

එසේ නම් මහණ, අස, මොනොවට මෙනෙහි කර’ යි වදාළහ.

එවං භන‍්තෙති ඛො ආයස‍්මා සමිද‍්ධි භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සමිද්ධි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල වදාළහ:

අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං.

අතීත වූ (චක්‍ෂුරාදි ද්වාදශ) ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත වූ ආයතනධර්‍මය (තෘෂ්ණාදෘෂ්ටින්) නො පතන්නේ ය. යමක් අතීත ද එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යි.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති, අසංහීරං අසඞ‍්කුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ආයතනධර්‍මය අනිත්‍යාදි විසින් ඒ ඒ තැන්හි විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

අද ම ආතාපන වීර්‍ය්‍යය කර්‍තව්‍ය යැ, සෙට මරණය ඇත යනු කවරෙක් දතහෙන්නේ ද, (ගිනි විෂ ආදි) මහත් සෙන්බල ඇත මරහු සමග (මිත්‍රසන්‍ථවාදි) සංගරයෙක් නැත් නු!

එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං, තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

මෙබඳු විහරණ ඇති ආතාපන වීර්‍ය්‍ය ඇති අනලස්වූ පුඟුලා ‘භද්දේකරත්ත’ යැයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ යයි.

ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො උට‍්ඨායාසනා විහාරං පාවිසි.

බුදුහු මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟීසිට විහාරයට පිවිසිසේක.

අථ ඛො තෙසං භික‍්ඛූනං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො.

ඉක්බිති බුදුන් වඩනා හා මැ භික්‍ෂූන්ට තෙල සිත් වී: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය වදාරා විස්තරයෙන් අර්‍ත්‍ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.

අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනී’ති.

අතීත වූ (චක්‍ෂුරාදි ද්වාදශ) ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත ආයතනධර්‍මය තෘෂ්ණාදෘෂ්ටියෙන් නො පතන්නේ ය ... ඒ පුඟුල්හු ඒකාන්තයෙන් භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.

කො නු ඛො ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි.

අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: ‘අයං ඛො ආයස‍්මා මහාකච‍්චානො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා මහාකච‍්චානො ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමෙය්‍යාම. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමා’ති.

ඉක්බිති ඒ භික්‍ෂූන්ට තෙල සිත් විය. “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රහ්මසරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ” යි.

අථ ඛො තෙ භික‍්ඛූ යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාකච‍්චානෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතදවොචුං: ‘ඉදං ඛො නො ආවුසො කච‍්චාන, භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු: ‘ඇවත කාත්‍යායනයෙනි, බුදුහු මේ උද්දේස සැකෙවින් වදාරා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ’:

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.

තෙසං නො ආවුසො කච‍්චාන, අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො.

ඇවැත කාත්‍යායනයෙනි, බුදුන් නික්ම වඩනා හා මැ අපට තෙල සිත් විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියහ:

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.

කො නු ඛො ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යා’ති. තෙසං නො ආවුසො කච‍්චාන, අම‍්හාකං එතදහොසි: ‘අයං ඛො ආයස‍්මා මහාකච‍්චානො සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා මහාකච‍්චානො ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමෙය්‍යාම. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමා’ති. විභජතායස‍්මා මහාකච‍්චානොති.

කවරෙක් භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මේ උද්දේසයාගේ විතර විසින් අරුත් විභාග කරන්නේ දැ? යි. ඇවැත කච්චානයෙනි, ඒ අපට තෙල සිත් විය: ‘මේ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මෙ උද්දේසයාගේ විතර විසින් අරුත් බෙදා දක්වන්නට පොහොසත් ද වෙති. ඇපි ඇවැත් මහාකච්චාන් තෙරුන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකච්චානයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ’යි කියා යි. ඇවැත් මහකසයින් තෙරණුවෝ විභාග කෙරෙත්ව’ යි.

සෙය්‍යථාපි ආවුසො, පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො අතික‍්කම‍්මෙව මූලං අතික‍්කම‍්ම ඛන්‍ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය. එවං සම‍්පදමිදං, ආයස‍්මන‍්තානං සත්‍ථරි සම‍්මුඛීභූතෙ තං භගවන‍්තං අතිසිත්‍වා අම‍්හෙ එතමත්‍ථං පටිපුච‍්ඡිතබ‍්බං මඤ‍්ඤථ. සො ‘හාවුසො භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති, චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි යං භගවන‍්තං යෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, යම් පරිදි සාරයෙන් අර්‍ත්‍ථ ඇති හර සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් තර වැ පිහිටි හරවත් වූ මහත් රුකක්හුගේ මුල ඉක්මවාපියා කඳ ඉක්මවාපියා කොළඅතුයෙහි හර සෙවියයුතු කොට සිතන්නේ නම් මේ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමුව සිටි කල්හි ඒ භාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප පිළිවිස්සයුතු කොට සිතවු. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය වූවහ, ශ්‍රේෂ්ඨ වූවහ, වක්තෘහය, ප්‍රවක්තෘහය, අර්‍ත්‍ථය නඟා දක්වනුවහ, නිවන් අමා දෙනුවහ, ධර්‍ම ස්වාමීහ, තථාගතයහ. යම් හෙයෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නවු නම් තෙල කරුණට ඒ කල් විය. තොපට යම්සේ බුදුහු ප්‍රකාශ කරනසේක් නම් එය එපරිද්දෙන් දරව’යි.

අද‍්ධාවුසො කච‍්චාන, භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි යං භගවන‍්තං යෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාම. යථා නො භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාම. අපිචායස‍්මා මහාකච‍්චානො සත්‍ථුචෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා මහාකච‍්චානො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. විභජතායස‍්මා මහාකච‍්චානො අගරුං කරිත්‍වාති.

ඇවැත කච්චායෙනි, ඒකාන්තයෙන් බුදුහු දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, බ්‍රහ්ම වැනියහ, වක්තෘයහ, ප්‍රවක්තෘහය, අර්‍ත්‍ථ එළවා දක්වනුහ, අමෘතය එළවනුවහ, ධර්මෙශ්වරයහ, තථාගතයහ. යම් හෙහෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ අතින් මැ පුළුවුස්නමෝ නම්, ඊට ඒ කල් මැ විය. යම්සේ අපට බුදුහු ප්‍රකාශ කරනසේක් ද එපරිදි ඒ ධරම්හ. වැළි එකෙක් ඇත. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතය, විඥ වූ සබ්‍රම්සරුන් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහෝනාහු ද වෙති, ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාග කෙරෙත්ව’යි.

තෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති.

ඇවැත්නි, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහාකච‍්චානස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාකච‍්චානො එතදවොච:

‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ඇවැත් මහකසයින් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ තෙල වදාළහ.

යං ඛො නො ආවුසො, භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

ඇවැත්නි, බුදුහු යම් උද්දේසයක් කෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද,

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

අතීත වූ ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ‘භද්දේකරත්ත’ නමැ යි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.

ඉමස‍්ස ඛො අහං ආවුසො, භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස, එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

ඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර විසින් දැනගනිමි.

කථඤ‍්චාවුසො, අතීතං අන්‍වාගමෙති: ඉති මෙ චක‍්ඛුං අහොසි අතීතමද‍්ධානං, ඉති රූපාති තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො අතීතං අන්‍වාගමෙති. ඉති මෙ සොතං අහොසි අතීතමද‍්ධානං, ඉති සද‍්දාති තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති -පෙ- ඉති මෙ ඝානං අහොසි අතීතමද‍්ධානං, ඉති ගන්‍ධාති -පෙ- ඉති මෙ ජිව‍්හා අහොසි අතීතමද‍්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො අහොසි අතීතමද‍්ධානං, ඉති මෙ ඵොට‍්ඨබ‍්බාති -පෙ- ඉති මෙ මනො අහොසි අතීතමද‍්ධානං, ඉති ධම‍්මාති තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති, තදභිනන්‍දන‍්තො අතීතං අන්‍වාගමෙති. එවං ඛො ආවුසො අතීතං අන්‍වාගමෙති.

ඇවැත්නි, කිසෙයින් අතීත වූ ද්වාදශායතනධර්‍මය අනුගමනය කෙරෙයි යත්: අතීත කාලයෙහි මාගේ ඇස විය, මෙසේ රූපයෝ වූහයි ඒ අතීත චක්‍ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය කෙරෙයි. අතීතයෙහි මෙසේ මාගේ ශ්‍රෝත්‍රය විය, මෙසේ ශබ්දය වී යයි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වෙයි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණය විය මෙසේ ගන්‍ධයෝ වූහ යි ... මෙසේ අතීතයෙහි මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ මාගේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වී’ යයි ... අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය, මෙසේ ධර්‍මයෝ වූහ’ යි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ වූ විඥානය වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය කෙරෙයි. ඇවැත්නි, මෙසේ අතීත ආයතන ධර්‍මය අනුගමනය කෙරෙයි.

කථඤ‍්චාවුසො, අතීතං නාන්‍වාගමෙති: ඉති මෙ චක‍්ඛුං අහොසි අතීතමද‍්ධානං, ඉති රූපාති න තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. න ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස න තදභිනන්‍දති. න තදභිනන්‍දන‍්තො අතීතං නාන්‍වාගමෙති. ඉති මෙ සොතං අහොසි අතීතමද‍්ධානං ඉති සද‍්දාති -පෙ- ඉති මෙ ඝානං අහොසි අතීතමද‍්ධානං, ඉති ගන්‍ධාති -පෙ- ඉති මෙ ජිව‍්හා අහොසි අතීතමද‍්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො අහොසි අතීතමද‍්ධානං, ඉති ඵොට‍්ඨබ‍්බාති -පෙ- ඉති මෙ මනො අහොසි අතීතමද‍්ධානං, ඉති ධම‍්මාති න තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. න ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස න තදභිනන්‍දති. න තදභිනන්‍දන‍්තො අතීතං නාන්‍වාගමෙති. එවං ඛො ආවුසො අතීතං නාන්‍වාගමෙති.

ඇවැත්නි, කිසෙයින් අතීතය අනුගමනය නො කෙරෙයි යත්: අතීතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතනය විය මෙසේ රූපයෝ වූහ’යි ඒ අතීත චක්‍ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය නො කෙරෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය විය, මෙසේ මාගේ ශබ්දයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය විය, මෙසේ ගන්‍ධයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යයෝ වූහ’යි අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය. මෙසේ ධර්‍මයෝ වූහ’ යි එහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීතය අනුගමනය නො කෙරෙයි, ඇවැත්නි, මෙසේ අතීත ආයතනධර්‍මය අනුගමනය නො කෙරෙයි.

කථඤ‍්චාවුසො, අනාගතං පටිකඞ‍්ඛති: ඉති මෙ චක‍්ඛුං සියා අනාගතමද‍්ධානං, ඉති රූපාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. චෙතසො පණිධානපච‍්චයා තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො අනාගතං පටිකඞ‍්ඛති. ඉති මෙ සොතං සියා අනාගතමද‍්ධානං, ඉති සද‍්දාති -පෙ- ඉති මෙ ඝානං සියා අනාගතමද‍්ධානං, ඉති ගන්‍ධාති -පෙ- ඉති මෙ ජිව‍්හා සියා අනාගතමද‍්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො සියා අනාගතමද‍්ධානං, ඉති ඵොට‍්ඨබ‍්බාති -පෙ- ඉති මෙ මනො සියා අනාගතමද‍්ධානං, ඉති ධම‍්මාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. චෙතසො පණිධානපච‍්චයා තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො අනාගතං පටිකඞ‍්ඛති. එවං ඛො ආවුසො අනාගතං පටිකඞ‍්ඛති.

ඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්‍මයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවාලයි. චිත්තයාගේ ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි. අනාගත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්‍ධයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය, මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වන්නේය’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්‍මයෝ වන්නාහ’ යි. අප්‍රතිලබ්ධ වූ ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය ප්‍රාර්‍ත්‍ථනා කරනුයේ අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි. ඇවැත්නි, මෙසේ අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.

කථඤ‍්චාවුසො අනාගතං න පටිකඞ‍්ඛති: ඉති මෙ චක‍්ඛුං සියා අනාගතමද‍්ධානං, ඉති රූපාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං න පණිදහති. චෙතසො අප‍්පණිධානපච‍්චයා න තදභිනන්‍දති. න තදභිනන්‍දන‍්තො අනාගතං න පටිකඞ‍්ඛති. ඉති මෙ සොතං සියා අනාගතමද‍්ධානං, ඉති සද‍්දාති -පෙ- ඉති මෙ ඝානං සියා අනාගතමද‍්ධානං, ඉති ගන්‍ධාති -පෙ- ඉති මෙ ජිව‍්හා සියා අනාගතමද‍්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො සියා අනාගතමද‍්ධානං, ඉති ඵොට‍්ඨබ‍්බාති -පෙ- ඉති මෙ මනො සියා අනාගතමද‍්ධානං, ඉති ධම‍්මාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං න පණිදහති. චෙතසො අප‍්පණිධානපච‍්චයා න තදභිනන්‍දති, න තදභිනන්‍දන‍්තො අනාගතං න පටිකඞ‍්ඛති. එවං ඛො ආවුසො අනාගතං න පටිකඞ‍්ඛති.

ඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්‍මයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම් පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි, එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනධර්‍ම ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි. අනාගතයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්‍ධයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය. මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්පර්‍ශ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්‍මයෝ වන්නාහ ’ යි නො ලත් ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ.

කථඤ‍්චාවුසො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති: යඤ‍්චාවුසො චක‍්ඛුං යෙ ච රූපා, උභයමෙතං පච‍්චුප‍්පන‍්නං, තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති. යඤ‍්චාවුසො සොතං යෙ ච සද‍්දා -පෙ- යඤ‍්චාවුසො ඝානං යෙ ච ගන්‍ධා -පෙ- යා චාවුසො ජිව‍්හා යෙ ච රසා -පෙ- යො චාවුසො, කායො යෙ ච ඵොට‍්ඨබ‍්බො -පෙ- යො චාවුසො, මනො යෙ ච ධම‍්මා, උභයමෙතං පච‍්චුප‍්පන‍්නං, තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති, තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති. එවං ඛො ආවුසො, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති.

ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ඇවැත්නි, යම් චක්‍ෂුරින්‍ද්‍රියයෙකුත් යම් රූපාලම්බන කෙනෙකුත් ඇද්ද, තෙල චක්‍ෂුරූප දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්නධර්‍මයෙහි අදනාලැබෙයි. ඇවැත්නි, යම් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයෙකුත් යම් ශබ්දාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ඝ්‍රාණෙන්‍ද්‍රියයෙකුත් යම් ගන්‍ධාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ජිහ්වේන්‍ද්‍රියයෙකුත් යම් රසාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් කායේන්‍ද්‍රියයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍යාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් මනින්‍ද්‍රියයෙකුත් යම් ධර්‍මාලම්බන කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේ ද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි අදනා ලැබෙයි. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්නධර්‍මයෙහි අදනා ලැබේ.

කථඤ‍්චාවුසො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති. යඤ‍්චාවුසො, චක‍්ඛුං, යෙ ච රූපා, උභයමෙතං පච‍්චුප‍්පන‍්නං, තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ න ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. න ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස න තදභිනන්‍දති. න තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති. යඤ‍්චාවුසො, සොතං යෙ ච සද‍්දා -පෙ- යඤ‍්චාවුසො ඝානං, යෙ ච ගන්‍ධා -පෙ- යා චාවුසො, ජිව‍්හා යෙ ච රසා -පෙ- යො චාවුසො, කායො යෙ ච ඵොට‍්ඨබ‍්බා -පෙ- යො චාවුසො, මනො යෙ ච ධම‍්මා, උභයමෙතං පච‍්චුප‍්පන‍්නං. තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ න ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. න ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස න තදභිනන්‍දති. න තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති. එවං ඛො ආවුසො, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති.

ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, යම් චක්‍ෂුසෙක් යම් රූප කෙනෙක් ඇද්ද මෙ දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි මැ විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබෙයි. ඇවත, යම් ශ්‍රෝතයෙකුත් යම් ශබ්ද කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ඝ්‍රාණයෙකුත් යම් ගන්‍ධ කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ජිහ්වාවකුත් යම් රස කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් කයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් මනසකුත් යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න යැ. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයේ ඒ අභිනන්‍දනා නො කෙරෙයි. ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ.

යං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

ඇවැත්නි, අපගේ බුදුහු යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියෝ ද,

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ මහණහු ඒකාන්තයෙන් ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.

ඉමස‍්ස ඛො අහං ආවුසො, භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. ආකඞ‍්ඛමානා ච පන තුම‍්හෙ, ආයස‍්මන‍්තො, භගවන‍්තං යෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරොති. තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ විස්තරාර්‍ත්‍ථය මෙසේ දැනගනිමි. ආයුෂ්මත්නි, තෙපි ඉදින් කැමැත්තාහු නම් බුදුන් කරා මැ එළඹ තෙල කරුණ පුළුවුස්වූ යැ. යම්සේ බුදුහු ප්‍රකාශ කෙරෙත් ද එපරිද්දෙන් එය ධරව යි.

අථ ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහාකච‍්චානස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: යං ඛො නො භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවන්ගේ භාෂිත අභිනන්‍දනා කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද,

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති, සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණහු ‘භද්‍රෛකරාත්‍ර’ යැයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.”

තෙසං නො භන‍්තෙ, අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම යත් මැ අපට තෙල සිත් විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තරාර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.

අතීතං නාන්‍වාගමෙය්‍ය, නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, නො පත් ආයතනධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රාර්‍ත්‍ථනා නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.

කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති. තෙසං නො භන‍්තෙ අම‍්හාකං එතදහොසි: ‘අයං ඛො ආයස‍්මා මහාකච‍්චානො සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති චායස‍්මා මහාකච‍්චානො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමෙය්‍යාම. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමා’ති. අථ ඛො මයං භන‍්තෙ, යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතමත්‍ථං පටිපුච‍්ඡිම‍්හ. තෙසං නො භන‍්තෙ, ආයස‍්මතා මහාකච‍්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්‍යඤ‍්ජනෙහි අත්‍ථො විභත‍්තොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි. වහන්ස, අපට තෙල සිත් විය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනිදු සම්භාවිතයහ. ආයුෂ්මත් කච්චායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහොසත් වන්නාහ. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායනයන් අතින් තෙල කරුණු පුළුවුස්නමෝ නම් මැනැවැයි. වහන්ස, එකල්හි ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළැඹියම්හ. එළඹ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් අතින් පුළුවුසුම්හ. වහන්ස, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් විසින් අපට මේ අයුරින් මේ පදයෙන් මේ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය විභාග කරන ලදැ’යි.

පණ‍්ඩිතො භික‍්ඛවෙ මහාකච‍්චානො. මහාපඤ‍්ඤො භික‍්ඛවෙ මහාකච‍්චානො. මං චෙපි තුම‍්හෙ භික‍්ඛවෙ, එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි තං එවමෙවං ව්‍යාකරෙය්‍යං, යථා තං මහාකච‍්චානෙන ව්‍යාකතං. එසො චෙව තස‍්ස අත්‍ථො එවඤ‍්ච නං ධාරෙථාති.

මහණෙනි, මහාකාත්‍යායනයෝ පණ්ඩිතයහ, මහණෙනි, මහාකාත්‍යායනයෝ මහාප්‍රඥයහ. මහණෙනි, ඉදින් තෙපි මයිදු අතින් තෙල කරුණ පුළුවුස්නවු නම් මම් ද එය ‘යම්සේ එය මහාකාත්‍යායනයන් විසින් ප්‍රකාශ කරන ලද ද, එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. තවද ඒ උද්දේසයාගේ තෙලෙ මැ අර්‍ත්‍ථ වෙයි. එපරිද්දෙන් එය ධරව’යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක, සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ යි.

මහාකච‍්චානභද‍්දෙකරත‍්ත සුත‍්තං තතියං.

තුන් වැනි මහාකච්චාන භදේදකරත්ත සූත්‍ර යි.