යෙදුමෙන් කියවන්න

ලොමසකඞ‍්ගිය භද‍්දෙකරත‍්ත සුත‍්තං

3. 4. 4.

3. 4. 4.

ලොමසකඞ‍්ගිය භද‍්දෙකරත‍්ත සුත‍්තං

ලෝමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ලොමසකඞ‍්ගියො සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො චන්‍දනො දෙවපුත‍්තො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං නිග්‍රොධාරාමං ඔභාසෙත්‍වා යෙනායස‍්මා ලොමසකඞ‍්ගියො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො චන්‍දනො දෙවපුත‍්තො ආයස‍්මන‍්තං ලොමසකඞ‍්ගියං එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු මහසිටුගේ දෙව්රම් වෙහෙර වැඩ වාස කරන සේක. එකල ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි විහරණ කෙරෙති. එසඳ චන්‍දන දේවපුත්‍ර මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති වැ සියලු නිග්‍රෝධාරාමය බබුළුවා ලෝමසකඞ්ගිය තෙරණුවන් කරා එළැඹියේ යි. එළඹ එකත්පස් වැ සිටියේ. එකත්පස් වැ සිටි චන්‍දන දෙව්පුත් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවනට තෙල කී.

ධාරෙසි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති.

මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව? යි.

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

ඇවත, මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති.

ඇවැත්නි, තෙපි වනාහි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරවු යැ?

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

මහණ, මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.

ධාරෙසි පන ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති.

මහණ, තෙපි භද්දේකරත්ති ගාථා ධරව?

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථා.

ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි.

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති.

ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරවු යැ?

ධාරෙමි ඛොහං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති.

මහණ, මම භද්දේකරත්ති ගාථා ධරමි.

යථා කථං පන ත්‍වං ආවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති.

ඇවැත්නි, තෙපි කෙසෙයින් භද්දේකරත්ති ගාථා ධරන්නාව?

එකමිදාහං භික‍්ඛු සමයං භගවා දෙවෙසු තාවතිංසෙසු විහරති පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලායං. තත්‍ර භගවා දෙවානං තාවතිංසානං භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච අභාසි:

මහණ, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි වූ පරසතු මුල පඬුඇඹුල්සලස්නෙහි වැඩවාස කරනසේක. එකල භාග්‍යවතුන්වහන්සේ තව්තිසා වැසි දෙවියනට භදේදකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූසේක.

අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං.

අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ, යමෙක් ඉක්මිණි ද ඒ පුහුන් වෙයි. යමෙක් නො පැමිණි ද ඒ නො එළඹියේ වෙයි.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති, අසංහීරං අසඞ‍්කුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ධර්‍මය ඒ ඒ තැන අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

අද මැ ආතාපනවීර්‍ය්‍යය කර්‍තව්‍ය වෙයි. ‘සෙට යැ මරණ ය’යි කවරෙක් දන්නේ යැ, මහසෙන් ඇති මරහු හා මිත්‍රසංස්තවාදිසංගරයෙක් (ගිවිසුමෙක්) නැත්හු!

එවංවිහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං, තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ තන්‍ද්‍රා නැති ඒ යොගාවචරයා ශාන්ත වූ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි වදාරයි.

එවං ඛො අහං භික‍්ඛු, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථා. උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. පරියාපුණාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. ධාරෙහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. අත්‍ථසංහිතො භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසො ච විභඞ‍්ගො ච ආදිබ්‍රහ‍්මචරියකොති. ඉදමවොච චන්‍දනො දෙවපුත‍්තො. ඉදං වත්‍වා තෙත්‍ථවන‍්තරධායි.

මහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා උගනුව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා වාචනායෙන් ධරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයට මුඛ ද වෙයි. චන්‍දන දෙව්පුත් මෙය කී. මෙය කියා අතුරුදහන් කෙළේ.

අථ ඛො ආයස‍්මා ලොමසකඞ‍්ගියො තස‍්සා රත‍්තියා අච‍්චයෙන සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි ජෙතවනං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො, යෙන භගවා, තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ලොමසකඞ‍්ගියො භගවන‍්තං එතදවොච:

ඉක්බිති ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ එරැය ඇවෑමෙන් සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන සැවැත්නුවර කරා චාරිකා කළෝ. චාරිකා කරන්නේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ දෙව්රම්වෙහෙර බුදුන් කරා ගියෝ, ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ:

‘එකමිදාහං භන‍්තෙ, සමයං සක‍්කෙසු විහරාමි කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො භන‍්තෙ, අඤ‍්ඤතරො දෙවපුත‍්තො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං නිග්‍රොධාරාමං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො භන‍්තෙ, සො දෙවපුත‍්තො මං එතදවොච: ‘ධාරෙසි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති. එවං වුත‍්තෙ අහං භන‍්තෙ තං දෙවපුත‍්තං එතදවොචං: ‘න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. ත්‍වං පනාවුසො ධාරෙසි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චා’ති. අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. ධාරෙසි පන ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථා’ති. න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථාති. ත්‍වං පනාවුසො ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති. ධාරෙමි ඛො අහං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති. යථා කථං පන ත්‍වං ආවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති.

වහන්ස, එක් කලෙක සැහැදනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි මම වාස කෙරෙමි. වහන්ස, එකල අන්‍යතර දේවපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති වැ නිග්‍රෝධාරාමය හාත්පස බබුළුවා මා කරා එළැඹියේ. එළඹ එකත්පස් වැ සිටියේ. වහන්ස, එකත්පස් වැ සිටි ඒ දෙව්පුත් මට තෙල කී: ‘මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව යි? වහන්ස, මෙසේ කී කල මම ඒ දෙව්පුත්හට තෙල කීමි: ‘ඇවත මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි. ‘ඇවත, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරන්නාව’යි පිලිවිත්මි. ‘මහණ මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි කී. ‘මහණ තෙපි භද්දේකරත්ත ගාථා ධරන්නාව?’ කී, (පිළිවිත්). ‘ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි’ යි (කියා), ‘ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරන්නාව?’ යි (පිළිවිත්මි). ‘මහණ මම භද්දේකරත්ති ගාථා ධරමි’ යි කී. ඇවැත්නි, තෙපි කිසෙයින් භද්දේකරත්ති ගාථා ධරව! යි ඇසීමි.

එකමිදාහං භික‍්ඛු, සමයං භගවා දෙවෙසු තාවතිංසෙසු විහරති පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලායං. තත්‍ර භගවා දෙවානං තාවතිංසානං භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච අභාසි:

මහණ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියන් කෙරෙහි වූ පරසතුමුල පඬුඇඹුල් සලස්නේහි විහාර කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියනට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූ සේක.

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

අතීතය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.

‘එවං ඛො අහං භික‍්ඛු, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථා. උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච, පරියාපුණාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. ධාරෙහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. අත්‍ථසංහිතො භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසො ච විභඞ‍්ගො ච ආදිබ්‍රහ‍්මචරියකොති. ඉදමවොච සො භන‍්තෙ, දෙවපුත‍්තො, ඉදං වත්‍වා තත්‍ථෙවන‍්තරධායි. සාධු මෙ භන‍්තෙ, භගවා භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච දෙසෙතූ’ති.

මහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අසා උගනුව. මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථ වාචනා වශයෙන් ධරව. මහණ භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථ සංහිත යැ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ද වෙයි. වහන්ස, ඒ දෙව්පුත් මෙය කී, මෙය කියා එහි මැ අතුරුදහන් විහි. වහන්ස, යදිමි. භාග්‍යවතුන් වහන්සේ මට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසන සේක්වා.

ජානාසි පන ත්‍වං භික‍්ඛු, තං දෙවපුත‍්ත’න‍්ති.

මහණ, තෝ එ දෙව්පුත් දන්නෙහි?

න ඛො අහං භන‍්තෙ, ජානාමි තං දෙවපුත‍්තන‍්ති.

වහන්ස, මම එ දෙව්පුත් නො දන්මි.

චන්‍දනො නාම සො භික‍්ඛු, දෙවපුත‍්තො. චන්‍දනො භික‍්ඛු, දෙවපුත‍්තො අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතො ධම‍්මං සුණාති. තෙන හි භික‍්ඛු, සුණාහි. සාධුකං මනසි කරොහි. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා ලොමසකඞ‍්ගියො භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

මහණ, එදෙව්පුත් චන්‍දන නමි. මහණ, චන්‍දන දෙව්පුත් අර්‍ත්‍ථ කොට මෙනෙහි කොට මුළු හිතින් එළවා බැහූ කන් ඇති වැ දහම් අසයි. මහණ, එයින් අස, මනා කොට මෙනෙහිකර කියමි’ යි. වහන්ස, එසේ යයි ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ ... ඒ යොගාවචරයා එකැතින් ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.

කථඤ‍්ච භික‍්ඛු, අතීතං අන්‍වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංවෙදනො අහොසිං -පෙ- එවං සඤ‍්ඤො අහොසිං -පෙ- එවං සංඛාරො අහොසිං -පෙ- එවංවිඤ‍්ඤාණො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛු අතීතං අන්‍වාගමෙති.

මහණෙනි, කිසෙයින් අතීතය අනුව යේ ද යත්: අතීතයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි යි, එහි තෘෂ්ණා එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි.

කථඤ‍්ච භික‍්ඛු, අතීතං නාන්‍වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. -පෙ- එවංවෙදනො අහොසිං -පෙ- එවං සඤ‍්ඤො අහොසිං -පෙ- එවං සංඛාරො අහොසිං -පෙ- එවංවිඤ‍්ඤාණො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛු අතීතං නාන්‍වාගමෙති.

මහණ, කෙසේ අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කෙරේ ය යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි’යි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වී මි’යි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා නො එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කරන්නේ නම් වෙයි.

කථඤ‍්ච භික‍්ඛු, අනාගතං පටිකඞ‍්ඛති: එවංරූපො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවංවෙදනො සියං -පෙ- එවං සඤ‍්ඤො සියං -පෙ- එවං සංඛාරො සියං -පෙ- එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛු අනාගතං පටිකඞ‍්ඛති.

මහණෙනි, කෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ යත්: අනාගතයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංඥා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මහණ, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛු, අනාගතං න පටිකඞ‍්ඛති. එවංරූපො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවංවෙදනො සියං -පෙ- එවං සඤ‍්ඤො සියං -පෙ- එවං සංඛාරො සියං -පෙ- එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන්‍වානෙති. එවං ඛො භික‍්ඛු අනාගතං න පටිකඞ‍්ඛති.

මහණ, කෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මහණ, මෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම නො ඉස්නේ නම් වෙයි.

කථඤ‍්ච භික‍්ඛු, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති: ඉධ භික‍්ඛු, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො භික‍්ඛු, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති.

මහණ, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබේ යැ යත්: මහණ, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයට අකෝවිද වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් තෘෂ්ණාදීන් දකී. ආත්මය රූපවත් කොට ද ආත්මයෙහි රූපය ද රූපයෙහි ආත්මය ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකී. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකී. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබෙයි.

කථඤ‍්ච භික‍්ඛු, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති: ඉධ භික‍්ඛු සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො. න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො භික‍්ඛු, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති.

මහණ, කෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනාලැබේ යැ යත්: මහණ, මෙලොව ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට කෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයට දක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමෙ රූපය ආත්ම විසින් නො දක්නේ යැ. රූපවත් ආත්මය, ආත්මයෙහි රූපය, රූපයෙහි ආත්මය නො දක්නේ යැ. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දක්නේ යැ. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලබන්නේ නම් වෙයි.

අතීතං නාන්‍වාගමෙය්‍ය -පෙ- තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

‘අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ යොගාවචරයා ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත බුද්ධමුනි තෙමේ කියයි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ලොමසකඞ‍්ගියො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ලෝමසකඞ්ගික තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ.

ලොමසකඞ‍්ගිය භද‍්දෙකරත‍්ත සුත‍්තං චතුත්‍ථං.

සතර වැනි ලෝමසකඞ්ගිය භදේදකරත්ත සූත්‍ර යි.