චක්කරතනවණ්ණනා අට්ඨකථා
චක්කරතනවණ්ණනා
චක්කරතනවණ්ණනා
සීසං න්හාතස්සාති සීසෙන සද්ධිං ගන්ධොදකෙන න්හාතස්ස. උපොසථිකස්සාති සමාදින්නඋපොසථඞ්ගස්ස. උපරිපාසාදවරගතස්සාති පාසාදවරස්ස උපරි ගතස්ස සුභොජනං භුඤ්ජිත්වා පාසාදවරස්ස උපරි මහාතලෙ සිරීගබ්භං පවිසිත්වා සීලානි ආවජ්ජන්තස්ස. තදා කිර රාජා පාතොව සතසහස්සං විස්සජ්ජෙත්වා මහාදානං දත්වා පුනපි සොළසහි ගන්ධොදකඝටෙහි සීසං න්හායිත්වා කතපාතරාසො සුද්ධං උත්තරාසඞ්ගං එකංසං කත්වා උපරිපාසාදස්ස සිරීසයනෙ පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො අත්තනො දානමයපුඤ්ඤසමුදයං ආවජ්ජෙත්වා නිසීදති, අයං සබ්බචක්කවත්තීනං ධම්මතා .
සීසං නහාතස්සාති හිස සමඟ සුවඳ පැනින් ස්නානය කළහුගේ. උපොසථිකස්සාති සමාදන් වන ලද උපෝසථයාගේ උපරි පාසාදවරගතස්සාති උතුම් ප්‍රාසාදයාගේ මත්තට ගියහුට. යහපත් බොජුන් වළඳා උතුම් ප්‍රාසාදයෙහි මත්තෙහි මහතලයෙහි සිරියහනට පිවිස සිල් ආවර්ජනා කරන්නාහට. එකල රජතෙමේ උදෑසන ම ලක්ෂයක් වියදම් කොට මහත් දන් දී සුවඳ පැන් කළ දාසයකින් හිස සෝදා කරන ලද උදේ බත්කිස ඇත්තේ පිරිසිදු උතුරු සලුව ඒකාංස කොට මතුමහල් පහයෙහි සිරි යහනෙහි ආසනයක් බැඳ සිටියේ තමාගේ දානමය පින්කම් ගැන සිතමින් සිටියි. මේ සියලු සක්විති රජුන්ගේ ස්වභාවයයි.
තෙසං තං ආවජ්ජන්තානංයෙව වුත්තප්පකාරපුඤ්ඤකම්මපච්චයං උතුසමුට්ඨානං නීලමණිසඞ්ඝාටසදිසං පාචීනසමුද්දජලතලං ඡින්දමානං විය ආකාසං අලඞ්කුරුමානං විය දිබ්බං චක්කරතනං පාතුභවති. තයිදං දිබ්බානුභාවයුත්තත්තා දිබ්බන්ති වුත්තං. සහස්සං අස්ස අරානන්ති සහස්සාරං. සහ නෙමියා සහ නාභියා චාති සනෙමිකං සනාභිකං. සබ්බෙහි ආකාරෙහි පරිපූරන්ති සබ්බාකාරපරිපූරං.
මෙසේ ආවර්ජනා කරන ඔවුන්ට කියන ලද ක්‍රමයෙන් පින්කම්වල ප්‍රත්‍යයෙන් සෘතුවෙන් හටගත් නිල් මැණික් සමූහයක් සමාන නැගෙනහිර ජලතලය සිඳින්නාක් මෙන් අහස අලංකාර කරන්නාක් මෙන් දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. ඒ මේ දිව්‍ය ආනුභාවයෙන් යුතු බැවින් දිබ්බං යැයි කියන ලදි. මොහුගේ ගරාදි දහසක් හෙයින් සහස්සාරං නමි. නිම්වළල්ලක් සහිත නාභියක් ඇති හෙයින් සනෙමිකං සනාභිකං නමි. සියළු ආකාරයෙන් සම්පූර්ණ හෙයින් සබ්බකාරපරිපූරං නමි.
තත්ථ චක්කඤ්ච තං රතිජනනට්ඨෙන රතනඤ්චාති චක්කරතනං. යාය පන තං නාභියා “සනාභික”න්ති වුත්තං, සා ඉන්දනීලමණිමයා හොති. මජ්ඣෙ පනස්සා රජතමයා පනාළි, යාය සුද්ධසිනිද්ධදන්තපන්තියා හසමානං විය විරොචති. මජ්ඣෙ ඡිද්දෙන විය චන්දමණ්ඩලෙන උභොසුපි බාහිරන්තෙසු රජතපට්ටෙන කතපරික්ඛෙපො හොති. තෙසු පනස්සා නාභිපනාළි පරික්ඛෙපපට්ටෙසු යුත්තට්ඨානෙ පරිච්ඡෙදලෙඛා සුවිභත්තාව හුත්වා පඤ්ඤායන්ති. අයං තාවස්ස නාභියා සබ්බාකාරපරිපූරතා.
එහි චක්‍රය ද එයයි. ඇල්ම වඩවන අර්ථයෙන් රත්නය ද එයයි. චක්‍රරත්නය නමි. යම්සේ ඒ නාභියෙන් යුතුහෙයින් සනාභිකං යැයි කියන ලදි. එය ඉඳුනිල් මැණිකෙන් කරන ලද්දේ වෙයි. එහි මැද රිදියෙන් කරන ලද පිරිසිදු සිනිඳු ඝණ දත් සමූහයෙන් සිනහසෙන්නාක් මෙන් බබළයි. මැදින් සිදුරක් මෙන් සඳ මඬලින් බාහිර අභ්‍යන්තර දෙපැත්තෙහි ම රිදී පට්ටාවලින් කරන ලද්දක් වෙයි.
යෙහි පන තං අරෙහි “සහස්සාර”න්ති වුත්තං, තෙ සත්තරතනමයා සූරියරස්මියො විය පභාසම්පන්නා හොන්ති. තෙසම්පි ඝටමණිකපරිච්ඡෙදලෙඛාදීනි සුවිභත්තානෙව පඤ්ඤායන්ති. අයමස්ස අරානං සබ්බාකාරපරිපූරතා.
[missing trans]
යාය පන තං නෙමියා සහ “සනෙමික”න්ති වුත්තං, සා බාලසූරියරස්මිකලාපසිරිං අවහසමානා විය සුරත්තසුද්ධසිනිද්ධපවාළමයා හොති. සන්ධීසු පනස්සා සඤ්ඣාරාගසස්සිරිකරත්තජම්බොනදපට්ටා වට්ටපරිච්ඡෙදලෙඛා ච සුවිභත්තා පඤ්ඤායන්ති. අයමස්ස නෙමියා සබ්බාකාරපරිපූරතා.
[missing trans]
නෙමිමණ්ඩලපිට්ඨියං පනස්ස දසන්නං දසන්නං අරානමන්තරෙ ධමනවංසො විය අන්තොසුසිරො ඡිද්දමණ්ඩලචිත්තො වාතගාහී පවාළදණ්ඩො හොති, යස්ස වාතෙන පහරිතස්ස සුකුසලසමන්නාහතස්ස පඤ්චඞ්ගිකතූරියස්ස විය සද්දො වග්ගු ච රජනීයො ච කමනීයො ච හොති. තස්ස ඛො පන පවාළදණ්ඩස්ස උපරි සෙතච්ඡත්තං, උභොසු පස්සෙසු සමොසරිතකුසුමදාමපන්තියොති එවං සමොසරිතකුසුමදාමපන්තිසතද්වයපරිවාරෙන සෙතච්ඡත්තසතධාරිනා පවාළදණ්ඩසතෙන සමුපසොභිතනෙමිපරික්ඛෙපස්ස ද්වින්නම්පි නාභිපනාළීනං අන්තො ද්වෙ සීහමුඛානි හොන්ති, යෙහි තාලක්ඛන්ධප්පමාණා පුණ්ණචන්දකිරණකලාපසස්සිරිකා තරුණරවිසමානරත්තකම්බලගෙණ්ඩුකපරියන්තා ආකාසගඞ්ගාගතිසොභං අභිභවමානා විය ද්වෙ මුත්තකලාපා ඔලම්බන්ති, යෙහි චක්කරතනෙන සද්ධිං ආකාසෙ සම්පරිවත්තමානෙහි තීණි චක්කානි එකතො පරිවත්තන්තානි විය ඛායන්ති. අයමස්ස සබ්බසො සබ්බාකාරපරිපූරතා.
[missing trans]
තං පනෙතං එවං සබ්බාකාරපරිපූරං පකතියා සායමාසභත්තං භුඤ්ජිත්වා අත්තනො අත්තනො ඝරද්වාරෙ පඤ්ඤත්තාසනෙසු නිසීදිත්වා පවත්තකථාසල්ලාපෙසු මනුස්සෙසු වීථිචතුක්කාදීසු කීළමානෙ දාරකජනෙ නාතිඋච්චෙන නාතිනීචෙන වනසණ්ඩමත්ථකාසන්නෙන ආකාසප්පදෙසෙන උපසොභයමානං විය රුක්ඛසාඛග්ගානි, ද්වාදසයොජනතො පට්ඨාය සුය්යමානෙන මධුරස්සරෙන සත්තානං සොතානි ඔධාපයමානං යොජනතො පට්ඨාය නානප්පභාසමුදයසමුජ්ජලෙන වණ්ණෙන නයනානි සමාකඩ්ඪන්තං රඤ්ඤො චක්කවත්තිස්ස පුඤ්ඤානුභාවං උග්ඝොසයන්තං විය රාජධානිඅභිමුඛං ආගච්ඡති.
[missing trans]
අථ තස්ස චක්කරතනස්ස සද්දස්සවනෙනෙව “කුතො නු ඛො, කස්ස නු ඛො අයං සද්දො”ති ආවජ්ජිතහදයානං පුරත්ථිමදිසං ඔලොකයමානානං තෙසං මනුස්සානං අඤ්ඤතරො අඤ්ඤතරං එවමාහ – “පස්ස භො අච්ඡරියං, අයං පුණ්ණචන්දො පුබ්බෙ එකො උග්ගච්ඡති, අජ්ජ පන අත්තදුතියො උග්ගතො, එතඤ්හි රාජහංසමිථුනං විය පුණ්ණචන්දමිථුනං පුබ්බාපරියෙන ගගනතලං අභිලඞ්ඝතී”ති. තමඤ්ඤො ආහ – “කිං කථෙසි සම්ම කහං නාම තයා ද්වෙ පුණ්ණචන්දා එකතො උග්ගච්ඡන්තා දිට්ඨපුබ්බා, නනු එස තපනීයරංසිධාරො පිඤ්ඡරකිරණො දිවාකරො උග්ගතො”ති. තමඤ්ඤො සිතං කත්වා එවමාහ – “කිං උම්මත්තොසි, නනු ඛො ඉදානිමෙව දිවාකරො අත්ථඞ්ගතො, සො කථං ඉමං පුණ්ණචන්දං අනුබන්ධමානො උග්ගච්ඡිස්සති, අද්ධා පනෙතං අනෙකරතනප්පභාසමුජ්ජලං එකස්ස පුඤ්ඤවතො විමානං භවිස්සතී”ති. තෙ සබ්බෙපි අපසාදයන්තා අඤ්ඤෙ එවමාහංසු – “කිං බහුං විප්පලපථ, නෙවෙස පුණ්ණචන්දො, න සූරියො න දෙවවිමානං. න හෙතෙසං එවරූපා සිරිසම්පත්ති අත්ථි, චක්කරතනෙන පනෙතෙන භවිතබ්බ”න්ති.
[missing trans]
එවං පවත්තසල්ලාපස්සෙව තස්ස ජනස්ස චන්දමණ්ඩලං ඔහාය තං චක්කරතනං අභිමුඛං හොති. තතො තෙහි “කස්ස නු ඛො ඉදං නිබ්බත්ත”න්ති වුත්තෙ භවන්ති වත්තාරො – “න කස්සචි අඤ්ඤස්ස, නනු අම්හාකං රාජා පූරිතචක්කවත්තිවත්තො, තස්සෙතං නිබ්බත්ත”න්ති. අථ සො ච මහාජනො, යො ච අඤ්ඤො පස්සති, සබ්බො චක්කරතනමෙව අනුගච්ඡති. තම්පි චක්කරතනං රඤ්ඤොයෙව අත්ථාය අත්තනො ආගතභාවං ඤාපෙතුකාමං විය සත්තක්ඛත්තුං පාකාරමත්ථකෙනෙව නගරං අනුසංයායිත්වා රඤ්ඤො අන්තෙපුරං පදක්ඛිණං කත්වා අන්තෙපුරස්ස උත්තරසීහපඤ්ජරආසන්නෙ ඨානෙ යථා ගන්ධපුප්ඵාදීහි සුඛෙන සක්කා හොති පූජෙතුං, එවං අක්ඛාහතං විය තිට්ඨති.
[missing trans]
එවං ඨිතස්ස පනස්ස වාතපානච්ඡිද්දාදීහි පවිසිත්වා නානාවිරාගරතනප්පභාසමුජ්ජලං අන්තො පාසාදං අලඞ්කුරුමානං පභාසමූහං දිස්වා දස්සනත්ථාය සඤ්ජාතාභිලාසො රාජා හොති. පරිජනොපිස්ස පියවචනපාභතෙන ආගන්ත්වා තමත්ථං නිවෙදෙති. අථ රාජා බලවපීතිපාමොජ්ජඵුටසරීරො පල්ලඞ්කං මොචෙත්වා උට්ඨායාසනා සීහපඤ්ජරසමීපං ගන්ත්වා තං චක්කරතනං දිස්වා “සුතං ඛො පන මෙත”න්තිආදිකං චින්තනං චින්තෙසි. තෙන වුත්තං – “දිස්වාන රඤ්ඤො ඛත්තියස්ස…පෙ… අස්සං නු ඛො අහං රාජා චක්කවත්තී”ති. තත්ථ සො හොති රාජා චක්කවත්තීති කිත්තාවතා චක්කවත්තී හොති? එකඞ්ගුලද්වඞ්ගුලමත්තම්පි චක්කරතනෙ ආකාසං අබ්භුග්ගන්ත්වා පවත්තෙ.
[missing trans] සුතං ඛො පන මෙතන්ති මේ ආදි සිතීම සිතීමයි. දිස්වාන රඤ්ඤො ඛත්තියස්ස -පෙ- අස්සං නු ඛො අහං රාජා චක්කවත්තීති යන්න එහෙයින් කියන ලදි. එහි සො හොති රාජා චක්කවත්තීති කොපමණ කාලයකින් සක්විති රජ වන්නේ ද? අඟල් එකක් දෙකක් ප්‍රමාණවත් තැනින් චක්‍රරත්නය අහසට පැන නැඟී පැවැති කල්හි
ඉදානි තස්ස පවත්තාපනත්ථං යං කාතබ්බං තං දස්සෙන්තො අථ ඛො, භික්ඛවෙතිආදිමාහ. තත්ථ උට්ඨායාසනාති නිසින්නාසනතො උට්ඨහිත්වා චක්කරතනසමීපං ආගන්ත්වා. භිඞ්කාරං ගහෙත්වාති හත්ථිසොණ්ඩසදිසපනාළිං සුවණ්ණභිඞ්කාරං උක්ඛිපිත්වා වාමහත්ථෙන උදකං ගහෙත්වා. පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතනන්ති. අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනායාති සබ්බචක්කවත්තීනඤ්හි උදකෙන අභිසිඤ්චිත්වා “අභිවිජානාතු භවං චක්කරතන”න්ති වචනසමනන්තරමෙව වෙහාසං අබ්භුග්ගන්ත්වා චක්කරතනං පවත්තති, යස්ස පවත්තිසමකාලමෙව සො රාජා චක්කවත්තී නාම හොති.
දැන් එහි පැවැත්ම සඳහා යමක් කළ යුතද? එය දක්වන්නේ අථ ඛො භික්ඛවෙති යනාදිය කීය. එහි උට්ඨායාසනාති හුන් ආසනයෙන් නැගිට චක්‍රරත්නය සමීපයට ඇවිත් භිංකාරං ගහෙත්වාති ඇත් සොඬක් හා සමාන ප්‍රණාලිය ඇති රන් කෙණ්ඩිය ඔසවා වම් අතින් ජලය ගෙන පින්වත් චක්‍රරත්නය පවතීවා යි පින්වත් චක්‍රරත්නය දිනේවා යි. අන්වදෙව රාජා චක්කවත්ති සද්ධිං චතුරංගනියා සෙනායාති සියලු සක්විති රජුන්ගේ ජලයෙන් විහිදුවා පින්වත් චක්‍රරත්නය දිනේවා යි වචනයට අනතුරුව අහසට පැන නැගී චක්‍රරත්නය පවතියි. යම්ල යක් එය පවතී ද ඒ සියලු කාලයෙහි ම ඒ රජු සක්විති රජු වෙයි.
පවත්තෙ පන චක්කරතනෙ තං අනුබන්ධමානොව රාජා චක්කවත්තී යානවරං ආරුය්හ වෙහාසං අබ්භුග්ගච්ඡති, අථස්ස ඡත්තචාමරාදිහත්ථො පරිජනො චෙව අන්තෙපුරජනො ච. තතො නානප්පකාරකඤ්චුකකවචාදිසන්නාහවිභූසිතෙන විවිධාහරණප්පභාසමුජ්ජලිතෙන සමුස්සිතද්ධජපටාකපටිමණ්ඩිතෙන අත්තනො අත්තනො බලකායෙන සද්ධිං උපරාජසෙනාපති පභූතයොපි වෙහාසං අබ්භුග්ගන්ත්වා රාජානමෙව පරිවාරෙන්ති. රාජයුත්තා පන ජනසඞ්ගහත්ථං නගරවීථීසු භෙරියො චරාපෙන්ති “තාතා අම්හාකං රඤ්ඤො චක්කරතනං නිබ්බත්තං, අත්තනො අත්තනො විභවානුරූපෙන මණ්ඩිතප්පසාධිතා සන්නිපතථා”ති. මහාජනො පන පකතියා චක්කරතනසද්දෙනෙව සබ්බකිච්චානි පහාය ගන්ධපුප්ඵාදීනි ආදාය සන්නිපතිතොව, සොපි සබ්බො වෙහාසං අබ්භුග්ගන්ත්වා රාජානමෙව පරිවාරෙති. යස්ස යස්ස හි රඤ්ඤා සද්ධිං ගන්තුකාමතා උප්පජ්ජති, සො සො ආකාසගතොව හොති. එවං ද්වාදසයොජනායාමවිත්ථාරා පරිසා හොති. තත්ථ එකපුරිසොපි ඡින්නභින්නසරීරො වා කිලිට්ඨවත්ථො වා නත්ථි. සුචිපරිවාරො හි රාජා චක්කවත්තී. චක්කවත්තිපරිසා නාම විජ්ජාධරපරිසා විය ආකාසෙ ගච්ඡමානා ඉන්දනීලමණිතලෙ විප්පකිණ්ණරතනසදිසා හොති. තෙන වුත්තං “අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනායා”ති.
චක්‍රරත්නය පැවැති කල්හි ම එය අනුබඳින්නේ ම සක්විති රජ තෙමේ උතුම් යානාවට නැගී අහසට පැන නගියි. එකල ඔහුට සේසත් සෙමර ආදිය ගත් අත් ඇති පිරිවර ජනයා ද ඇතුල්පුර ජනයා ද එයින් නොයෙක් ආකාර සන්නාහ සන්නද්ධ යුද්ධ සැට්ට ආදියෙන් සැරසුණා වූ නොයෙක් ආභරණයන්ගෙන් දිලිසෙන ඔසවන ලද ධජපතාකයන්ගෙන් සැදුම්ලත් තමතමන්ගේ බල සෙනඟ සමඟ යුවරජ සේනාපති ආදී කොට ඇත්තෝ අහසට පැන නැගී රජු ම පිරිවරා ගනිත්. රාජකාරියෙහි යෙදුණෝ ජනතාවගේ සංග්‍රහය පිණිස නුවර වීදිවල බෙර හසුරුවත්. දරුවෙනි, අපේ රජ්ජුරුවන්ට චක්‍රරත්නයක් උපන්නේය. තමතමන්ට පුළුවන් හැටියෙන් සැරසිළි ඇතිව රැස් වෙවයි. මහා ජනයා ප්‍රකෘතියෙන් චක්‍රරත්නයාගේ ශබ්දයෙන් ම සියළු වැඩ අත්හැර සුවඳ මල් ආදිය ගෙන රැස්වුනේ ම ඒ සියලු දෙනාම අහසට නැග රජු ම පිරිවරා ගනිත්. යම් කෙනෙකු රජු සමඟ යාමට කැමැති වේ ද ඒ ඒ තෙමේ අහසින් ම ගියේ වෙයි. මෙසේ දිගින් හා පළලින් දොළොස් යොදුනක් පිරිස වෙයි. එහි එක් පුරුෂයෙක්වත් සිඳුණු බිඳුණු ශරීර ඇත්තේ හෝ කිලිටි වස්ත්‍ර ඇත්තේ හෝ නොවෙයි. සක්විති රජ තෙමේ පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. සක්විති රජුගේ පිරිස නම් විද්‍යාධර පිරිස් මෙන් අහසින් යන්නේ ඉඳුනිල් මැණික් තලයක විසුරුවන ලද මැණික් හා සමාන වෙයි. එහෙයින් කියන ලදි. සක්විති රජ සිවුරඟ සේනාව සමඟ අනුව යාම වෙයි.
තම්පි චක්කරතනං රුක්ඛග්ගානං උපරූපරි නාතිඋච්චෙන ගගනපදෙසෙන පවත්තති, යථා රුක්ඛානං පුප්ඵඵලපල්ලවෙහි අත්ථිකා තානි සුඛෙන ගහෙතුං සක්කොන්ති, භූමියං ඨිතා “එස රාජා, එස උපරාජා, එස සෙනාපතී”ති සල්ලක්ඛෙතුං සක්කොන්ති. ඨානාදීසුපි ඉරියාපථෙසු යො යෙන ඉච්ඡති, සො තෙනෙව ගච්ඡති. චිත්තකම්මාදිසිප්පපසුතා චෙත්ථ අත්තනො අත්තනො කිච්චං කරොන්තායෙව ගච්ඡන්ති. යථෙව හි භූමියං, තථා නෙසං සබ්බකිච්චානි ආකාසෙ ඉජ්ඣන්ති. එවං චක්කවත්තිපරිසං ගහෙත්වා තං චක්කරතනං වාමපස්සෙන සිනෙරුං පහාය සමුද්දස්ස උපරිභාගෙන අට්ඨයොජනසහස්සප්පමාණං පුබ්බවිදෙහං ගච්ඡති.
ඒ චක්‍රරත්නය ද ගස්වල මුදුනෙහි ඉතා උස් නොවී අහසේ පවතී. යම්සේ ගස්වල මල් ගෙඩි දළු කැමැති වූවාහු ද ඒවා සැපසේ ගන්නට හැකි වෙත්. බිම සිටියාහු මේ රජුය මේ සෙනෙවියාය යැයි සළකන්නට හැකිවෙත්. සිටීම් ආදී ඉරියව් අතරින් යමෙක් යමකින් කැමැති වේද ඔහු එයින් ම යයි. චිත්‍රකර්ම ආදී ශිල්පවල යෙදුනාහු එහි තම තමන්ගේ කටයුතු කරන්නාහු ම යත්. බිම යම්සේ ද එසේම ඔවුන්ගේ සියලු වැඩ අහසෙහි සමෘද්ධ වෙත්. මෙසේ සක්විති පිරිස ගෙන ඒ චක්‍රරත්නය වම් පැත්තෙන් මහමෙර හැර මුහුදට මතුභාගයෙන් අටදාහක් යොදුන් ප්‍රමාණ පූර්ව විදේහයට යයි.
තත්ථ යො විනිබ්බෙධෙන ද්වාදසයොජනාය පරික්ඛෙපතො ඡත්තිංසයොජනපරිසාය සන්නිවෙසක්ඛමො සුලභාහාරූපකරණො ඡායූදකසම්පන්නො සුචිසමතලො රමණීයො භූමිභාගො, තස්ස උපරිභාගෙ තං චක්කරතනං ආකාසෙ අක්ඛාහතං විය තිට්ඨති. අථ තෙන සඤ්ඤාණෙන සො මහාජනො ඔතරිත්වා යථාරුචි න්හානභොජනාදීනි සබ්බකිච්චානි කරොන්තො වාසං කප්පෙති, තෙන වුත්තං “යස්මිං ඛො පන, භික්ඛවෙ, පදෙසෙ තං චක්කරතනං පතිට්ඨාති, තත්ථ රාජා චක්කවත්තී වාසං උපෙති සද්ධිං චතුරඞ්ගිනියා සෙනායා”ති.
එහි යමෙක් උසින් දොළොස් යොදුන් වූ ද වටින් යොදුන් තිස්හයක් වූ ද පිරිසෙහි විසීම යහපත් ය. ආහාර උපකරණ සුලභය. සෙවණින් හා වතුරෙන් සම්පූර්ණය. පිරිසිදු සමතලාය. භූමිභාගය සිත්කළුය. එහි මතුකොටසෙහි ඒ චක්‍රරත්නය අලවංගුවක ගැසුවක් මෙන් සිටියි. එකල්හි ඒ සංඥාවෙන් මහජනයා බැස කැමැති පරිද්දෙන් නෑම අනුභව කිරීමාදි සියලු කටයුතු කරන්නේ විසීම කරයි. එහෙයින් කියන ලදි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටා ද එහි සක්විති රජ සිවුරඟ සේනාව සමග වාසය කරයි.
එවං වාසං උපගතෙ චක්කවත්තිම්හි යෙ තත්ථ රාජානො, තෙ “පරචක්කං ආගත”න්ති සුත්වාපි න බලකායං සන්නිපාතෙත්වා යුද්ධසජ්ජා හොන්ති. චක්කරතනස්ස උප්පත්තිසමනන්තරමෙව නත්ථි සො සත්තො නාම, යො පච්චත්ථිකසඤ්ඤාය රාජානං ආරබ්භ ආවුධං උක්ඛිපිතුං විසහෙය්ය. අයමනුභාවො චක්කරතනස්ස.
මෙසේ සක්විති රජ වාසය කරන කල්හි එහි යම් රජ කෙනෙක් අන්‍ය චක්‍රයක් ආවේ යැයි අසා ද ඔවුහු බල සෙනඟ රැස්කොට යුද්ධයට නොසැරසෙත්. චක්රරත්නයේ ඉපදීමට අනතුරුව සතුරු සත්වයෙක් නැත. යමෙක් සතුරු කල්පනාවෙන් රජුන් අරබයා ආයුධයක් ඔසවන්නට නොඉවසන්නේ ද මේ චක්රරත්නයේ ම ආනුභාවයයි.
චක්කානුභාවෙන හි තස්ස රඤ්ඤො, අරී අසෙසා දමථං උපෙන්ති; අරින්දමං නාම නරාධිපස්ස, තෙනෙව තං වුච්චති තස්ස චක්කං.
ඒ රජුගේ චක්‍රයේ ආනුභාවයෙන් සියලු ම සතුරෝ දමනයට පැමිණෙති. එහෙයින් එය චක්‍රය යැයි කියයි.
තස්මා සබ්බෙපි තෙ රාජානො අත්තනො අත්තනො රජ්ජසිරිවිභවානුරූපං පාභතං ගහෙත්වා තං රාජානං උපගම්ම ඔනතසිරා අත්තනො මොළියමණිප්පභාභිසෙකෙනස්ස පාදපූජං කරොන්තො “එහි ඛො මහාරාජා”තිආදීහි වචනෙහි තස්ස කිඞ්කාරප්පටිස්සාවිතං ආපජ්ජන්ති. තෙන වුත්තං යෙ ඛො පන, භික්ඛවෙ, පුරත්ථිමාය…පෙ… අනුසාස මහාරාජාති.
එහෙයින් ඒ සියලු රජවරු තමාගේ රාජශ්‍රීයට අනුව පඬුරු ගෙන ඒ රජු කරා පැමිණ තමාගේ ඔටුණුවල මැණික් කාන්තියෙන් අභිෂේක කිරීම නැමැති පා පූජාව කරන්නේ එහි ඛො මහාරාජාති යනාදී වචනයන්ගෙන් ඔහුගේ කීකරු බවට පැමිණෙති. එහෙයින් කියන ලදි. යෙ ඛො පන භික්ඛවෙ පුරත්ථිමාය දිසාය -පෙ- අනුසාස මහාරාජාති
තත්ථ ස්වාගතන්ති සුආගමනං. එකස්මිඤ්හි ආගතෙ සොචන්ති, ගතෙ නන්දන්ති. එකස්මිං ආගතෙ නන්දන්ති, ගතෙ සොචන්ති. තාදිසො ත්වං ආගතනන්දනො ගමනසොචනො, තස්මා තව ආගමනං සුආගමනන්ති වුත්තං හොති. එවං වුත්තෙ පන චක්කවත්තී නාපි “එත්තකං නාම මෙ අනුවස්සං බලිං උපකප්පෙථා”ති වදති, නාපි අඤ්ඤස්ස භොගං අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දෙති. අත්තනො පන ධම්මරාජභාවස්ස අනුරූපාය පඤ්ඤාය පාණාතිපාතාදීනි උපපරික්ඛිත්වා පෙමනීයෙන මඤ්ජුනා සරෙන “පස්සථ තාතා, පාණාතිපාතො නාමෙස ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො හොතී”තිආදිනා නයෙන ධම්මං දෙසෙත්වා “පාණො න හන්තබ්බො”තිආදිකං ඔවාදං දෙති. තෙන වුත්තං රාජා චක්කවත්තී එවමාහ පාණො න හන්තබ්බො…පෙ… යථාභුත්තඤ්ච භුඤ්ජථාති.
එහි ස්වාගතන්ති යහපත් පැමිණීමයි. සමහරු ආ කල්හි ශෝක කරත්. ගිය කල්හි සතුටු වෙත්. ඇතැමෙක් ආ කල්හි සතුටු වෙත්. ගිය කල්හි ශෝක කරත්. එබඳු වූ ඔබගේ පැමිණිම සතුටකි. යාම ශෝකයකි. එහෙයින් ඔබගේ පැමිණීම යහපත් පැමිණීමක් යැයි කියන ලදි. මෙසේ කී කල සක්විති රජු විසින් මට සුදුසු පූජාව මෙපමණකින් එළවව් යැයි කියයි. අනිකකුගේ සම්පතක් නොසිඳීම අනිකෙකුට දෙයි. තමාගේ ධර්ම රාජ බවට සුදුසු නුවණින් ප්‍රාණඝාතය සෙව්නා ලද්දේ වඩන ලද්දේ බොහෝ සේ වඩනා ලද්දේ නිරයට යාමට හේතුවෙයි ආදී ක්‍රමයෙන් බණ කියා ප්‍රාණය නොනැසිය යුතු යැයි අවවාද දෙයි. එහෙයින් කියන ලදී. රාජා චක්කවත්ති එවමාහ. පාණො න හන්තබ්බො -පෙ- යථාභුත්තඤ්ච භුඤ්ජථාති
කිං පන සබ්බෙපි රඤ්ඤො ඉමං ඔවාදං ගණ්හන්තීති. බුද්ධස්සපි තාව සබ්බෙ න ගණ්හන්ති, රඤ්ඤො කිං ගණ්හිස්සන්ති. තස්මා යෙ පණ්ඩිතා විභාවිනො, තෙ ගණ්හන්ති. සබ්බෙ පන අනුයන්තා භවන්ති. තස්මා “යෙ ඛො පන, භික්ඛවෙ”තිආදිමාහ.
කිමෙක් ද? සියල්ලෝ ම රජුගේ මේ අවවාදය ගණිත් ද? බුදුරදුන්ගේ ද ඒතාක් සියල්ලෝ ම නොගණිත්. රජුගේ අවවාදය කුමක්හෙයින් ගන්නාහු ද? එහෙයින් යම් පණ්ඩිත කෙනෙක් වෙත් ද ඔවුහු ගණිති. සියල්ලෝ ම අනුව පැවැත්තාහු වෙත්. එහෙයින් යෙ ඛො පන භික්ඛවෙති යනාදිය කීය.
අථ තං චක්කරතනං එවං පුබ්බවිදෙහවාසීනං ඔවාදෙ දින්නෙ කතපාතරාසෙ චක්කවත්තීබලෙන වෙහාසං අබ්භුග්ගන්ත්වා පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහති. යථා යථා ච තං අජ්ඣොගාහති, තථා තථා අගදගන්ධං ඝායිත්වා සංඛිත්තඵණො නාගරාජා විය සංඛිත්තඌමිවිප්ඵාරං හුත්වා ඔගච්ඡමානං මහාසමුද්දසලිලං යොජනමත්තං ඔගන්ත්වා අන්තොසමුද්දෙ වෙළුරියභිත්ති විය තිට්ඨති. තඞ්ඛණඤ්ඤෙව ච තස්ස රඤ්ඤො පුඤ්ඤසිරිං දට්ඨුකාමානි විය මහාසමුද්දතලෙ විප්පකිණ්ණානි නානාරතනානි තතො තතො ආගන්ත්වා තං පදෙසං පූරයන්ති. අථ සා රාජපරිසා තං නානාරතනපරිපූරං මහාසමුද්දතලං දිස්වා යථාරුචි උච්ඡඞ්ගාදීහි ආදියති, යථාරුචි ආදින්නරතනාය පන පරිසාය තං චක්කරතනං පටිනිවත්තති. පටිනිවත්තමානෙ ච තස්මිං පරිසා අග්ගතො හොති, මජ්ඣෙ රාජා, අන්තෙ චක්කරතනං. තම්පි ජලනිධිජලං පලොභියමානමිව චක්කරතනසිරියා, අසහමානමිව ච තෙන වියොගං, නෙමිමණ්ඩලපරියන්තං අභිහනන්තං නිරන්තරමෙව උපගච්ඡති.
එකල්හි ඒ චක්‍රරත්නය මෙසේ පූර්වවිදේහ වැසියන්ට අවවාද දුන් කළ කරන ලද උදෑසන බත්කිස ඇත්තේ සක්විති බලයෙන් අහසට නැග උතුරුදිග මුහුද අළලයි. යම්සේ එය අළලා ද එසේ බෙහෙත් සුවඳ ආඝ්‍රාණය කොට හකුලන ලද පෙනය ඇති නාග රාජයෙකු මෙන් හකුළන ලද රළ ඇතිව බසින මහත් මුහුදු වතුර යොදුනක් පමණ මැඩගෙන මුහුද ඇතුළත වෛරෝඩි බිත්තියක් මෙන් සිටියි. ඒ මොහොතෙහි ම ඒ රජුන්ගේ පුණ්යශ්රීය දකිනු කැමැත්තාක් මෙන් මහ මුහුදෙහි විසිරුණු නොයෙක් මැණික් ඒ ඒ ස්ථානයෙන් අවුත් ඒ ප්‍රදේශය පුරවත්. එකල්හි ඒ රාජ පිරිස නොයෙක් මැණික්වලින් පිරුණු මුහුදු තලය දැක කැමැති පරිද්දෙන් ඇලපත් ආදියෙන් ගනියි. කැමැති පරිදි ගන්නා ලද මැණික් ඇති පිරිසෙහි ඒ චක්‍රරත්නය නවතියි. එය නවතින කල්හි පිරිස ඉදිරියෙහි වෙයි. රජතුමා මැදය. චක්‍රරත්නය කෙළවරෙහිය. එය ද මුහුදු ජලය ප්රලෝභය කරන්නාක් මෙන් චක්රරත්තයේ ශෝභාව නොඉවසන්නාක් මෙන් එයින් වෙන් වූ නිම්වළලු මණ්ඩල අවසානයේ පීඩාකර නිතර ම යයි.
එවං රාජා චක්කවත්තී පුරත්ථිමසමුද්දපරියන්තං පුබ්බවිදෙහං අභිවිජිනිත්වා දක්ඛිණසමුද්දපරියන්තං ජම්බුදීපං විජෙතුකාමො චක්කරතනදෙසිතෙන මග්ගෙන දක්ඛිණසමුද්දාභිමුඛො ගච්ඡති. තෙන වුත්තං අථ ඛො තං, භික්ඛවෙ, චක්කරතනං පුරත්ථිමසමුද්දං අජ්ඣොගාහෙත්වා පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්තතීති. එවං පවත්තමානස්ස පන තස්ස පවත්තනවිධානං සෙනාසන්නිවෙසො පටිරාජගමනං තෙසං අනුසාසනිප්පදානං දක්ඛිණසමුද්දං අජ්ඣොගාහනං සමුද්දසලිලස්ස ඔගච්ඡනං රතනාදානන්ති සබ්බං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
මෙසේ සක්විති රජු උතුරුදිග මුහුද කෙළවර ඇති පූර්ව විදේහය ජයගෙන දකුණු මුහුද කෙළවර කොට ඇති දඹදිව දිනනු කැමැත්තේ චක්‍රරත්නයාගේ කීමෙන් දකුණුදිග මුහුදට අභිමුඛව යයි. එහෙයින් කියන ලදි. අථ ඛො තං භික්ඛවෙ චක්කරතනං පුරත්ථිමං සමුද්දං අජ්ඣොගහෙත්වා පච්චුත්තරිත්වා දක්ඛිණදිසං පවත්තතීති මෙසේ පවත්වනු ලබන ඔහු පවත්වන විධානය සේනාවගේ සන්නිවාසය, ප්රතිරාජ ගමන, ඔවුන්ගේ අනුශාසන නිෂ්පාදනය, දකුණු මුහුද අළලා මුහුදු ජලයෙහි රත්න දානය යන සියල්ල පළමුව කී ක්‍රමයෙන් ම දත යුතුයි.
විජිනිත්වා පන තං දසසහස්සයොජනප්පමාණං ජම්බුදීපං දක්ඛිණසමුද්දතොපි පච්චුත්තරිත්වා සත්තයොජනසහස්සප්පමාණං අපරගොයානං විජෙතුං පුබ්බෙ වුත්තනයෙනෙව ගන්ත්වා තම්පි සමුද්දපරියන්තං තථෙව අභිවිජිනිත්වා පච්ඡිමසමුද්දතොපි පච්චුත්තරිත්වා අට්ඨයොජනසහස්සප්පමාණං උත්තරකුරුං විජෙතුං තථෙව ගන්ත්වා තම්පි සමුද්දපරියන්තං තථෙව අභිවිජිය උත්තරසමුද්දතොපි පච්චුත්තරති.
ඒ දසදහසක් යොදුන් ප්‍රමාණ දඹදිව දකුණු මුහුදින් ද එතරව හත්දාහක් යොදුන් ප්‍රමාණ අපරගෝයානය ජය ගැනීමට පෙර කියන ලද ක්‍රමයෙන් ම ගොස් එහි මුහුදු කෙළවර ද එසේම ජයගෙන පශ්චිම මුහුදින් ද එතරව යොදුන් අටදාහක් ප්‍රමාණ උතුරු දිවයින ජය ගන්නට එසේම ගොස් මුහුද කෙළවර කොට ඇති එය ද එසේම ජයගෙන උතුරු මුහුදින් ද එතර වෙයි.
එත්තාවතා රඤ්ඤා චක්කවත්තිනා චාතුරන්තාය පථවියා ආධිපච්චං අධිගතං හොති. සො එවං විජිතවිජයො අත්තනො රජ්ජසිරිසම්පත්තිදස්සනත්ථං සපරිසො උද්ධං ගගනතලං අභිලඞ්ඝිත්වා සුවිකසිතපදුමුප්පලපුණ්ඩරීකවනවිචිත්තෙ චත්තාරො ජාතස්සරෙ විය පඤ්චසතපඤ්චසතපරිත්තදීපපරිවාරෙ චත්තාරො මහාදීපෙ ඔලොකෙත්වා චක්කරතනදෙසිතෙනෙව මග්ගෙන යථානුක්කමං අත්තනො රාජධානිමෙව පච්චාගච්ඡති. අථ තං චක්කරතනං අන්තෙපුරද්වාරං සොභයමානං විය හුත්වා තිට්ඨති.
මෙපමණකින් සක්විති රජු විසින් කෙළවර හතරක් ඇති පෘථිවියෙහි අධිපති බවට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ දිනන ලද විජයශ්‍රීය අත්තේ තමාගේ රජසිරි සැප දැකීම පිණිස පිරිස් සහිතව උඩ අහසට පැන නැගී මනාකොට පිපුන පියුම් රත් නෙළුම් වනයෙන් විසිතුරු විල් හතරක් මෙන් පන්සීය පන්සීය කුඩා දිවයින් පිරිවරා ඇති සතර මහද්වීප බලා චක්‍රය කියන ලද මාර්ගයෙන් පිළිවෙළින් තමාගේ රාජධානියට ම ආපසු එයි. එකල ඒ චක්‍රරත්නය ඇතුළු නුවර දොරටුව මෙන් සිටියි.
එවං පතිට්ඨිතෙ පන තස්මිං චක්කරතනෙ රාජන්තෙපුරෙ උක්කාහි වා දීපිකාහි වා කිඤ්චි කරණීයං න හොති, චක්කරතනොභාසොයෙව රත්තිං අන්ධකාරං විධමති. යෙ ච පන රත්තිං අන්ධකාරත්ථිකා හොන්ති, තෙසං අන්ධකාරමෙව හොති. තෙන වුත්තං දක්ඛිණසමුද්දං අජ්ඣොගාහෙත්වා…පෙ… එවරූපං චක්කරතනං පාතුභවතීති.
ඒ චක්‍රරත්නය මෙසේ සිටි කල්හි රජු ඇතුළු නුවර උල්කාවලින් හෝ පහන්වලින් හෝ කිසිකටයුත්තක් නොවෙයි. චක්රරත්නයේ ආලෝකයෙන් ම රාත්‍රියේ කළුවර නසයි. යමෙකුට කළුවර අවශ්‍ය ද ඔහුට කළුවර වෙයි. එහෙයින් කියන ලදි. දක්ඛිණසමුද්දං අජ්ඣොගහෙත්වා -පෙ- එවරූපං චක්කරතනං පාතුභවතීති