සළායතනවිභඞ්ග සුත්තං
3. 4. 7.
3. 4. 7.
සළායතනවිභඞ්ග සුත්තං
සළායතනවිභඞ්ග සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළසේක:
සළායතනවිභඞ්ගං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති.
‘මහණෙනි, තොපට ෂඩායතනවිභාගය දෙසමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ.
එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
‘වහන්ස, එසේ යැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානි. ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානි. ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා. ඡ ඵස්සකායා වෙදිතබ්බා. අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බා. ඡත්තිංස සත්තපදා වෙදිතබ්බා. තත්රිදං නිස්සාය ඉදං පජහථ තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති, සො වුච්චති යොග්ගාචරියානං අනුත්තරො පුරිසදම්මසාරථී’ති. අයමුද්දෙසො සළායතනවිභඞ්ගස්ස.
සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් ස්පර්ශකායයෝ දතයුත්තාහ. අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ. සතිස් සත්ත්‍වපදයෝ දතයුත්තාහ. එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යනු දතයුත්තේ යැ. ආර්‍ය්‍ය තෙමේ යම් සීවටනක් සෙවුනේ වේ ද, ආර්‍ය්‍ය තෙමේ යම් සීවටනක් සෙවුනේ ශාස්තෘ වී ගණානුශාසනාවට නිසි වේ ද, ඒ තුන් සීවටන්හු දතයුත්තාහ. හේ ‘ආචාර ශික්ෂණ කරන යොග්ගාචාරීන් අතුරින් අනුත්තර වූ “පුරුෂදම්‍යසාරථි” යයි කියනු ලැබේ, යනු දතයුත්තේ යැ. ෂඩායතනවිභාගයාගේ මේ උද්දේස යි.
ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානීති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානීති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: චක්‍ෂුරායතන යැ, ශ්‍රෝත්‍රායතන යැ, ඝ්‍රාණායතන යැ, ජිහ්වායතන යැ, කායායතන යැ, මනායතන යි. ‘සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානීති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ධම්මායතනං. ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානීති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියනලද යැ යත්: රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, ධර්මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බාති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං. ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: චක්ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිව්හාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝවිඥාන යි. ‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියනලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
ඡ ඵස්සකායා වෙදිතබ්බාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො. ඡ ඵස්සකායා වෙදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘සවැදෑරුම් ස්පර්ශකයයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: චක්‍ෂුස්සංස්පර්‍ශ යැ, ශ්රෝත්රසංස්පර්ශ යැ, ඝ්රාණරසංස්පර්ශ යැ, ජිව්හාසංස්පර්ශ යැ, කායසංස්පර්ශ යැ, මනඃසංස්පර්ශ යි. ‘සවැදෑරුම් ස්පර්ශකයයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති, දොමනස්සට්ඨානියං රූපං උපවිචරති, උපෙක්ඛට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, දොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, උපෙක්ඛට්ඨානීයං ධම්මං උපවිචරති. ඉති ඡ සොමනස්සූපවිචාරා, ඡ දොමනස්සූපවිචාරා, ඡ උපෙක්ඛූපවිචාරා, අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ඇසින් සෞමනස්‍යයට ප්‍රත්‍ය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. දෞර්මනස්යයට ප්‍රත්‍යය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. උපේක්ෂාවට ප්‍රත්‍යය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා … ඝ්‍රාණයෙන් ගන්ධාඝ්රාණ කොට … ජිහ්වායෙන් රස ආස්වාදය කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කොට … සිතින් සෞමනස්‍යයට ප්‍රත්‍යය වූ ධර්ම දැන ධර්මොපවිචාර කෙරෙයි. දෞර්මනස්යයට ප්‍රත්‍යය වූ ධර්ම දැන ධර්මොපවිචාර කෙරෙයි. උපේක්ෂාවට ප්‍රත්‍යය වූ ධර්ම දැන ධර්මොපවිචාර කෙරේ. මෙසේ මොහු ෂට් සෞමනස්යෝපචාරයෝ යැ ෂඩ් දෞර්මනස්යෝපචාරයෝ යැ, ෂඩ් උපේක්ෂෝපචාරයෝ යි. ‘අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියනලද ද, තෙල පිණිස කියන ලදී.
ඡත්තිංස සත්තපදා වෙදිතබ්බාති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙ තං පටිච්ච වුත්තං: ඡ ගෙහසිතානි සොමනස්සානි, ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි, ඡ ගෙහසිතානි දොමනස්සානි, ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි, ඡ ගෙහසිතා උපෙක්ඛා, ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා.
‘සතිස් සත්ත්‍වපදයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: ගෙහනිඃශ්‍රිත සෞමනස්‍යයෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්‍රිත සෞමනස්‍යයෝ සදෙනෙක, ගෙහනිඃශ්‍රිත දෞර්මනස්යයෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්‍රිත දෞර්මනස්යයෝ සදෙනෙක, ගෙහනිඃශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක.
තත්ථ කතමානි ඡ ගෙහසිතානි සොමනස්සානි: චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති ගෙහසිතං සොමනස්සං. සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං -පෙ- ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං -පෙ- ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං -පෙ- කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං -පෙ- මනොවිඤ්ඤෙය්යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං, ඉදං වුච්චති ගෙහසිතං සොමනස්සං. ඉමානි ඡ ගෙහසිතානි සොමනස්සානි.
එහි ගෙහනිඃශ්රීත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ ලෝකාමිෂ ප්‍රතිසංයුක්ත වූ චක්‍ෂුර්විඥේය රූපප්‍රතිලාභය ප්රතිලාභවශයෙන් දක්නහුට හෝ ප්‍රතිලබ්ධ බැවින් අතීත වූ නිරුද්ධ වූ ප්‍රකෘති විජහනයෙන් විපරිණාම වූ පෙර ලැබූ විරූ රූපයක් හෝ දක්නහුට සෞමනස්‍යය උපදනේ ය, මෙබඳු යම් සෞමනස්‍යයෙක් ඇද්ද මේ ගෘහශ්‍රිත සෞමනස්‍ය යයි කියනු ලැබේ. ශ්‍රෝත්‍ර විඥේය ශබ්දප්‍රතිලාභය … ඝ්‍රාණවිඥේය ගන්ධප්රතිලාභ … ජිව්හාවිඥේය රසප්රතිලාභ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ තෘෂ්ණා ප්‍රතිසංයුක්ත වූ මනෝවිඥේය ධර්මප්රතිලාභ වශයෙන් දක්නහුට හෝ අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ පෙර ලදවිරූ හෝ ධර්මයක් සිහි කරන්නහුට සෞමනස්‍යය උපදනේ ය. මෙබඳු යම් සෞමනස්‍යයෙක් ඇද්ද මේ ගෘහශ්‍රිත සෞමනස්‍ය යැයි කියනු ලැබේ. මොහු සවැදෑරුම් ගෘහශ්‍රිත සෞමනස්‍යයෝ යි.
තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි: රූපානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්සං. සද්දානං ත්වෙව -පෙ- ගන්ධානං ත්වෙව -පෙ- රසානං ත්වෙව -පෙ- ඵොට්ඨබ්බානං ත්වෙව -පෙ- ධම්මානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව ධම්මා, එතරහි ච සබ්බෙ තෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්සං. ඉමානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි.
එහි විදර්ශනා නිඃශ්‍රිත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙර වූ මැ රූපයෝ ඇද්ද ‘දැනුදු එහැම රූපයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමධර්‍මයහ’ යි මෙසේ තෙල යථාභූතය විදර්ශනා ප්‍රඥායෙන් දක්නහුට සෞමනස්‍යය උපදනේ යැ. මෙබඳු වූ යම් සෞමනස්‍යයෙක් වේ ද මෙය ‘විදර්‍ශනාශ්‍රිත සෞමනස්‍ය’ යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ … ගන්ධයන්ගේ මැ … ස්පර්ෂ්ටව්යයන්ගේ මැ … ධර්මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධ ලක්ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙර ද වූ මැ ධර්මයෝ ඇද්ද, දැනුදු රූපයෝ ඇද්ද, ‘එහැම ධර්මයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමධර්‍මයහ’ යි මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නහුට සෞමනස්‍යය උපදනේ යැ. මෙබඳු වූ යම් සෞමනස්‍යයෙක් වේ ද මේ විදර්‍ශනාශ්‍රිත ‘සෞමනස්‍ය’ යැයි කියනු ලැබේ. මොහු සදෙන ‘විදර්‍ශනාශ්‍රිත සෞමනස්‍යයෝ’ වෙති.
තත්ථ කතමානි ඡ ගෙහසිතානි දොමනස්සානි: චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා අප්පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං. යං එවරූපං දොමනස්සං, ඉදං වුච්චති ගෙහසිතං දොමනස්සං. සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං -පෙ- ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං -පෙ- ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං -පෙ- කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං -පෙ- මනොවිඤ්ඤෙය්යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා අප්පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතො උප්පජ්ජති දොමනස්සං. යං එවරූපං දොමනස්සං, ඉදං වුච්චති ගෙහසිතං දොමනස්සං. ඉමානි ඡ ගෙහසිතානි දොමනස්සානි.
එහි ගෘහශ්‍රිත දෞර්මනස්යයෝ සදෙන කවරහ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ තෘෂ්ණාප්රතිසංයුක්ත වූ චක්‍ෂුර්විඥේය රූපයන්ගේ අප්‍රතිලාභ අප්‍රතිලාභ වශයෙන් දක්නහුට හෝ පෙර අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ නොලදවිරූ රූපයක් සිහි කරන්නහුට හෝ දෞර්මනස්ය උපදනේ යැ. මෙබඳු වූ යම් දෞර්මනස්යයෙක් වේ ද මෙය ‘ගෘහශ්‍රිත දෞර්මනස්ය’ යයි කියනු ලැබේ. ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයන්ගේ … ඝ්‍රාණවිඥේය ගන්ධයන්ගේ ජිව්හාවිඥේය රසයන්ගේ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ තෘෂ්ණාසංශ්රිත වූ මනෝවිඥේය ධර්මයන්ගේ අප්‍රතිලාභ හෝ අප්‍රතිලාභ වශයෙන් දක්නහුට අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ පෙර නොලදවිරූ ධර්මයක් හෝ දක්නහුට දොම්නස් උපදනේ යැ. මෙබඳු යම් දොම්නසෙක් වේ ද මෙය ‘ගෘහශ්‍රිත වූ දොම්නසැ’ යි කියනු ලැබේ. මොහු සදෙන ගෘහශ්‍රිත වූ දොම්නස්හු වෙති.
තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි: රූපානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපෙති: කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි. යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති. ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති පිහප්පච්චයා දොමනස්සං. යං එවරූපං දොමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දොමනස්සං. සද්දානං ත්වෙව -පෙ- ගන්ධානං ත්වෙව -පෙ- රසානං ත්වෙව -පෙ- ඵොට්ඨබ්බානං ත්වෙව -පෙ- ධම්මානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං පුබ්බෙ චෙව ධම්මා එතරහි ච සබ්බෙ තෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපෙති. කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති. ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති පිහපච්චයා දොමනස්සං. යං එවරූපං දොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දොමනස්සං. ඉමානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි.
එහි විදර්‍ශනාශ්‍රිත දෞර්මනස්යයෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙර තුබූ රූපයෝ ඇද්ද, දැනුදු වූ රූපයෝ ඇද්ද, එහැම රූපයෝ ‘අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමධර්‍මයහ’ යි මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැක අනුත්තර විමෝක්ෂයෙහි ස්පෘහා එළවයි. ආර්‍ය්‍යයෝ දැන් යම් ආයතනයකට පැමිණ විහරණ කෙරෙත් ද, මම කවර දිනෙක නම් ඒ ආයතනයට පැමිණ වාස කෙරෙම් ද කියා යි. මෙසේ අනුත්තර විමෝක්ෂයෙහි ස්පෘහා එළවන්නහුට ස්පෘහා හේතුයෙන් දොම්නස් උපදනේ යැ. මෙබඳු යම් දොම්නසෙක් වේ ද, මෙය විදර්‍ශනාශ්‍රිත වූ දොම්නස යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ… ගන්ධයන්ගේ මැ… රසයන්ගේ මැ… ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ… ධර්මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙරත් දැනුත් ධර්ම කෙනෙක් ඇද්ද එහැම ධර්මයෝ ‘අනිත්‍යයහ දුඃඛයහ ප්‍රකෘති විජහනස්වභාව ඇතියහ’ය යි මෙසේ තෙල ඇති සැටිය විදර්ශනාප්රඥායෙන් දැක අනුත්තර විමෝක්ෂයෙහි කැමැත්ත එළවයි. ආර්‍ය්‍යයෝ දැන් මේ ආයතනයකට එළඹ විහාර කෙරෙත් ද මම කවර දිනෙක නම් ඒ ආයතන උපයාගෙන වාස කෙරෙම්දෝ’ කියා යි. මෙසේ අනුත්තර විමෝක්ෂයෙහි ස්පෘහා උපයන්නහුට ස්පෘහාහේතුයෙන් දොම්නස උපදනේ යැ. මෙබඳු යම් දොම්නසෙක් වේ ද මේ ‘විදර්‍ශනාශ්‍රිත වූ දොම්නස’ යයි කියනු ලැබේ. මොහු සදෙන විදර්‍ශනාශ්‍රිත වූ දොම්නස්හු වෙති.
තත්ථ කතමා ඡ ගෙහසිතා උපෙක්ඛා: චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා, රූපං සා නාතිවත්තති. තස්මා සා උපෙක්ඛා ගෙහසිතාති වුච්චති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා, ධම්මං සා නාතිවත්තති. තස්මා සා උපෙක්ඛා ගෙහසිතාති වුච්චති. ඉමා ඡ ගෙහසිතා උපෙක්ඛා.
එහි ගෘහශ්‍රිත (කාමගුණනිඃශ්රිත) උපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැන් බාල වූ මුඪ වූ බොහෝ කෙලෙස් දනවන ක්ලේශාවධි නො දිනූ ආයතිවිපාක නො දිනූ ආදීනව නො දක්නා අශ්‍රැතවත් පෘථග්ජනහට උපේක්ෂා උපදී. මෙබඳු යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව රූපය නො ඉක්ම පවතී. එහෙයින් ඒ උපේක්ෂාව ‘ගෘහශ්‍රිත’ යයි කියනු ලැබේ. කනින් හඬක් අසා… නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට… දිවින් රසක් විඳ… කයින් පැහැසියක් පැහැස… සිතින් දහමක් දැන බාල වූ මුඪ වූ බොහෝ කෙලෙස් දනවන කෙලෙස්හිම් නො දිනූ ආයතිවිපාක නො දිනූ ආදීනව නො දක්නා ඇසූපිරූතැන් නැති පුහුදුන් පුඟුල්හට උපේක්ෂා උපදී. මෙබඳු යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දහම් නො ඉක්ම පවතී. එයින් ඒ උපේක්ෂා ‘ගෘහශ්‍රිත’ යයි කියනු ලැබේ. මොහු සදෙන ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ වෙති.
තත්ථ කතමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා: රූපානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති උපෙක්ඛා. යා එවරූපා උපෙක්ඛා, රූපං සා අතිවත්තති. තස්මා සා උපෙක්ඛා නෙක්ඛම්මසිතාති වුච්චති. සද්දානං ත්වෙව -පෙ- ගන්ධානං ත්වෙව -පෙ- රසානං ත්වෙව -පෙ- ඵොට්ඨබ්බානං ත්වෙව -පෙ- ධම්මානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව ධම්මා එතරහි ච සබ්බෙ තෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති උපෙක්ඛා. යා එවරූපා උපෙක්ඛා, ධම්මං සා අතිවත්තති. තස්මා සා උපෙක්ඛා නෙක්ඛම්මසිතාති වුච්චති. ඉමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා. ඡත්තිංස සත්තපදා වෙදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
එහි විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග ලක්ෂණ වූ අනිත්‍යාකාරය දැන ‘පෙරත් රූප කෙනෙක් වූහු ද, දැනුත් රූප කෙනෙක් ඇද්ද, එහැම රූපයෝ අනිත්‍යයහ දුඃඛයහ විපරිණාමස්වභාව ඇතියහ’ යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට උපේක්ෂා උපදී. මෙබඳු යම් උපේක්ෂාවක් ඇද්ද, හෝ රූපය ඉක්ම පවතී. එයින් ඒ උපේක්ෂාව ‘විදර්‍ශනාශ්‍රිත’ යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ… ගන්ධයන්ගේ මැ… රසයන්ගේ මැ… ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ… ධර්මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධ ලක්ෂණ වූ අනිත්‍යාකාරය දැන් පෙරත් ධර්ම කෙනෙක් වූහු ද, දැනුත් ධර්ම කෙනෙක් ඇද්ද, එහැම ධර්මයෝ ‘අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමස්වභාව ඇතියහ’ යි මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට උපේක්ෂා උපදී. මෙබඳු යම් උපේක්ෂාවක් ඇද්ද, හෝ ධර්මාලම්බනය ඉක්ම පවතී. එයින් ඒ උපේක්ෂාව ‘විදර්‍ශනාශ්‍රිත’ යයි කියනු ලැබේ. මොහු සදෙන විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ’ යි. සතිස් සත්ත්‍වපදයෝ දතයුත්තාහ’ යි මෙසේ යමක් කියන ලද ද, තෙල මේ සඳහා කියනලදී.
තත්රිදං නිස්සාය ඉදං පජහථාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ර භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි, තානි නිස්සාය තානි ආගම්ම, යානි ඡ ගෙහසිතානි සොමනස්සානි, තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති. තත්ර භික්ඛවෙ යානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම, යානි ඡ ගෙහසිතානි දොමනස්සානි, තානි පජහථ. තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති. එවමෙතෙසං සමතික්කමො හොති. තත්ර භික්ඛවෙ යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා, තා නිස්සාය තා ආගම්ම, යා ඡ ගෙහසිතා උපෙක්ඛා තා පජහථ, තා සමතික්කමථ. එවමෙතාසං පහානං හොති, එවමෙතාසං සමතික්කමො හොති. තත්ර භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි, තානි නිස්සාය තානි ආගම්ම, යානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි, තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති. තත්ර භික්ඛවෙ, යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා, තා නිස්සාය තා ආගම්ම යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යි යළි මෙසේ තෙල කියන ලදි. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් නිසා උන් ඇසුරුකොට යම් ගෘහශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව. උන් ඉක්මව. මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි, මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත දොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් නිසා යම් ගෘහශ්‍රිත දොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව, මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි, මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක් ඇද්ද, උන් නිසා යම් ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව, මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි. මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් නිසා යම් විදර්‍ශනාශ්‍රිත දොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව. මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි. මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක් ඇද්ද, උන් නිසා උන් ලබා යම් විදර්‍ශනාශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව. මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි. මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ.
අත්ථි භික්ඛවෙ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා. අත්ථි උපෙක්ඛා එකත්තා එකත්තසිතා. කතමා ච භික්ඛවෙ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා: අත්ථි භික්ඛවෙ, උපෙක්ඛා රූපෙසු, අත්ථි සද්දෙසු, අත්ථි ගන්ධෙසු, අත්ථි රසෙසු, අත්ථි ඵොට්ඨබ්බෙසු. අයං භික්ඛවෙ උපෙක්ඛා නානත්තා නානත්තසිතා.
මහණෙනි, නානාලම්බන නිඃශ්‍රිත වූ නානාත්ව (නානාප්‍රකාර) උපේක්ෂාවක් අත. ඒකාලම්බන නිඃශ්‍රිත වූ ඒකත්ව උපේක්ෂාවක් ඇත. මහණෙනි, නානාලම්බන නිඃශ්‍රිත නානාත්වඋපේක්ෂා කවර යත්: මහණෙනි, රූපාලම්බනයන්හි උපේක්ෂා ඇත. ශබ්ද ලම්බනයන්හි උපේක්ෂා ඇත. ගන්ධාලම්බනයන්හි උපේක්ෂා ඇත. රසාලම්බනයන්හි උපේක්ෂා ඇත. ස්ප්රෂ්ටව්යාලම්බනයන්හි උපේක්ෂා ඇත. මහණෙනි, මේ නානාලම්බන නිඃශ්‍රිත නානාත්වඋපේක්ෂා යි.
කතමා ච භික්ඛවෙ, උපෙක්ඛා එකත්තා එකත්තසිතා: අත්ථි භික්ඛවෙ, උපෙක්ඛා ආකාසානඤ්චායතනනිස්සිතා, අත්ථි විඤ්ඤාණඤ්චායතනනිස්සිතා, අත්ථි ආකිඤ්චඤ්ඤායතනනිස්සිතා, අත්ථි නෙවසඤ්ඤානාසඤ්ඤායතනනිස්සිතා. අයං භික්ඛවෙ, උපෙක්ඛා එකත්තා එකත්තසිතා. තත්ර භික්ඛවෙ, යා’යං උපෙක්ඛා එකත්තා එකත්තසිතා, තං නිස්සාය තං ආගම්ම, යා’යං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං පජහථ, තං සමතික්කමථ. එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොති. අතම්මයතං භික්ඛවෙ නිස්සාය අතම්මයතං ආගම්ම යා’යං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං පජහථ. තං සමතික්කමථ. එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොති. තත්රිදං නිස්සාය ඉදං පජහථා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, ඒකාලම්බනනිඃශ්‍රිත ඒකත්වඋපේක්ෂා කවර යත්: මහණෙනි, ආකාසානඤ්චායතන නිඃශ්‍රිත වූ උපේක්ෂා ඇත. විඤ්ඤාණඤ්චායතන නිඃශ්‍රිත වූ උපේක්ෂා ඇත. ආකිඤ්ඤායතන නිඃශ්‍රිත වූ උපේක්ෂා ඇත. නේවසඤ්ඤානාසඤ්ඤායතන නිඃශ්‍රිත වූ උපේක්ෂා ඇත. මහණෙනි, මේ ඒකාලම්බනනිඃශ්‍රිත වූ ඒකත්ව උපේක්ෂා යි. මහණෙනි, එහි ඒකාලම්බනනිඃශ්‍රිත ඒකත්ව වූ යම් උපේක්ෂාවක් ඇද්ද, එය නිසා එයට පැමිණ නානාලම්බනනිඃශ්රිත නානාත්ව වූ යම් උපේක්ෂාවක් ඇද්ද, එය දුරලව, එය ඉක්මව. මෙසේ තෙල උපේක්ෂාවගේ ප්‍රහාණ වෙයි. මෙසේ තෙල උපේක්ෂාවගේ සමතික්‍රමණ වේ. මහණෙනි, (තම්මයතා නම් වූ තෘෂ්ණාව මැඩලන ව්යුත්ථානගාමිනීවිදර්ශනා සංඛ්‍යාත) අතම්මයතාව නිසා අතම්මයතාවට පැමිණ ඒකාලම්බනනිඃශ්‍රිත ඒකත්ව වූ යම් උපේක්ෂාවක් ඇද්ද, එය දුරු කරව, එය ඉක්මව. මෙසේ තෙල උපේක්ෂාවගේ ප්‍රහාණ වෙයි. මෙසේ තෙල උපේක්ෂාවගේ සමතික්‍රමණ වේ. එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යි මෙසේ යමක් කියනලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහතී’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය: ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස සාවකා න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. වොක්කම්ම ච සත්ථුසාසනං වත්තන්ති. තත්ර භික්ඛවෙ, තථාගතො න චෙව අත්තමනො හොති. න ච අත්තමනතං පටිසංවෙදෙති. අනවස්සුතො ච විහරති සතො සම්පජානො. ඉදං, භික්ඛවෙ, පඨමං සතිපට්ඨානං, යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති.
‘යම් සීවටනයක් ආර්‍ය්‍ය වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ සෙවුනාහු වෙත් ද, යම් සීවටනයක් ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සෙවුනාහු අනුශාසක වැ ගණානුශාසනයට නිසි වෙත් ද, එබඳු සීවටන්හු තුන් දෙනෙකි’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා නිසා සව්වනට දහම් දෙසති: ‘මේ තොපට හිත පිණිස යැ, මේ තොපට සුව පිණිස යැ, කියා යි’. ඔබගේ බස සව්වෝ අදහා අසනු නො කැමැති වෙති. කන් නතු නො කෙරෙති. දැනගන්නට සිත් නො එළවති. ශාස්තෘන්ගේ අනුසසුන් ඉක්මවා වැටෙත්. මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ සතුටු වූවාහු නො වෙති. සතුටු සිතැති බව නො දන්වති. ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ (ප්‍රතිඝ අවස්රවයෙන්) අනවස්රැත වැ වාස කෙරෙත්. මහණෙනි, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනයක් සෙවුනාහු වෙත් ද, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනයක් සෙවුනාහු අනුශාසක වැ ගණානුශාසනයට නිසි වැ වාස කෙරෙත් ද, මේ ඒ පළමු වැනි සීවටන යි.
පුන චපරං භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය: ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස එකච්චෙ සාවකා න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනං වත්තන්ති. එකච්චෙ සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනා වත්තන්ති. තත්ර භික්ඛවෙ, තථාගතො න චෙව අත්තමනො හොති, න ච අත්තමනතං පටිසංවෙදෙති. න ච අනත්තමනො හොති, න ච අනත්තමනතං පටිසංවෙදෙති. අත්තමනතඤ්ච අනත්තමනතඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා සො උපෙක්ඛකො විහරති සතො සම්පජානො. ඉදං වුච්චති භික්ඛවෙ, දුතියං සතිපට්ඨානං යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති.
තවද මහණෙනි, ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා සඳහා ශ්‍රාවකයනට දහම් දෙසති: මේ තොපට හිත පිණිස යැ. මේ තොපට සුව පිණිස යැ’ යි. ඔබගේ අනුශාසනාව කිසි ශ්‍රාවක කෙනෙක් නො අසනු කැමැති වෙති, කන් නතු නො කෙරෙති. දැනගන්නට සිත් නො එළවති. ශාස්තෘන්ගේ අනුශාසනාව ඉක්මවා වැටෙත්. කිසි ශ්‍රාවක කෙනෙක් අසනු කැමැති වෙති. කන් නතු කෙරෙති. දැනගන්නට සිත් එළවති. ශාස්තෘශාසනය ඉක්මවා නො වැටෙත්. මහණෙනි, එහි ලා තථාගතයන් වහන්සේ සතුටු වූවාහු නො වෙති. සතුටු සිතැති බව නො ද දන්වති. නො සතුටු වූවාහු නො ද වෙති. නො සතුටු සිතැති බව නො ද දන්වති. සතුටු සිතැති බව ද නො සතුටු සිතැති බව ද යන එදෙක වර්ජනය කොට උන් වහන්සේ උපේක්ෂක වැ ස්මෘතිමත් වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ වාස කෙරෙත්. මහණෙනි, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සෙවුනාහු වෙත් ද ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සෙවුනාහු අනුශාසක වැ ගණානුශාසනා කරන්නට නිසි වැ වාස කෙරෙත් ද, මේ ඒ දෙවන සීවටන යයි කියනු ලැබේ.
පුන චපරං භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය: ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනං වත්තන්ති. තත්ර භික්ඛවෙ, තථාගතො අත්තමනො චෙව හොති, අත්තමනතඤ්ච පටිසංවෙදෙති. අනවස්සුතො ච විහරති සතො සම්පජානො. ඉදං වුච්චති භික්ඛවෙ, තතියං සතිපට්ඨානං යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති.
තවද මහණෙනි, ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති: ‘මේ තොපට හිත පිණිස යැ. මේ තොපට සුව පිණිස යැ’ යි. ඔබගේ බස සව්වෝ අසනු කැමැති වෙති. කන් නතු කෙරෙති. දැනගන්නට සිත එළවති. ශාස්තෘශාසනය ඉක්මවා නො ද වැටෙත්. මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ සතුටු සිත් ඇත්තාහු වෙති. සතුටු සිත් ඇති බව ද දන්වති. අනවස්රැත වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ වාස ද කෙරෙත්. මහණෙනි, ආර්‍ය්‍ය වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කෙරෙත් ද, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කරන්නාහු අනුශාසක වැ ගණානුශාසනා කරන්නට නිසි වැ වාස කෙරෙත් ද, මේ ඒ තෙවන සීවටන යයි කියනු ලැබේ.
තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහතීති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘ආර්‍ය්‍ය වූ සම්‍යක්සම්බුධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කෙරෙත් ද, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කරන්නාහු අනුශාසක වැ ගණානුශාසනා කරන්නට නිසි වැ වාස කෙරෙත් ද, ඒ සීවටන්හු තුන් දෙනෙකි’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල සඳහා කියන ලදී.
සො වුච්චති යොග්ගාචරියානං අනුත්තරො පුරිසදම්මසාරථීති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: හත්ථිදමකෙන භික්ඛවෙ, හත්ථිදම්මො සාරිතො එකංයෙව දිසං ධාවති, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. අස්සදමකෙන භික්ඛවෙ, අස්සදම්මො සාරිතො එකංයෙව දිසං ධාවති, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. ගොදමකෙන භික්ඛවෙ, ගොදම්මො සාරිතො එකංයෙව දිසං ධාවති පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. තථාගතෙන හි භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන පුරිසදම්මො සාරිතො අට්ඨදිසා විධාවති රූපී රූපානි පස්සති. අයං පඨමා දිසා අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියා දිසා. සුභන්ත්වෙව අධිමුත්තො හොති. අයං තතියා දිසා. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථි දිසා. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමී දිසා. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨී දිසා. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමී දිසා. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමී දිසා. තථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන පුරිසදම්මො සාරිතො. ඉමා අට්ඨ දිසා විධාවති. සො වුච්චති යොග්ගාචරියානං අනුත්තරො පුරිසදම්මසාරථීති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
හේ යොග්ගාචාරීන් අතුරින් ‘අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි යයි කියනු ලැබෙති’ යි. මෙසෙයින් යම් බසෙක් කියලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, හස්තිදමකයා විසින් නහඹු ඇත මෙහෙයන ලදුයේ පෙරදිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ එක් මැ දිගකට දුවයි. මහණෙනි, අශ්වදමකයා විසින් නහඹු අසු දමිත වූයේ පෙරදිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ එක් මැ දිගකට දුවයි. මහණෙනි, ගෝදමකයා විසින් නහඹු ගොන් මෙහෙයනලදුයේ පෙරදිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග එක් මැ දිගකට දුවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ විසින් පුරුෂදම්‍යයා සාරිත වූයේ අෂ්ටදිශාවට දුවයි. රූපී වැ රූපයන් දක්නේ යැ. මේ පළමු දිග යි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති වැ බැහැර රූපයන් දක්නේ යැ. මේ දෙවන දිග යි. ශුභ මැ යයි අධිමුක්ත වෙයි. මේ තෙවන දිග යි. හැමසේ රූපසංඥා සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතන උපයා වාස කෙරෙයි. මේ සතර වන දිග යි. හැම සේ ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන උපයා වාස කෙරෙයි. මේ පස් වන දිග යි. හැම සේ විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිදු නැති’ යි ආකිඤ්චඤ්ඤායතනය උපයා වාස කෙරෙයි. මේ සවන දිග යි. හැම සේ ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපයා වාස කෙරෙයි. මේ සත් වන දිග යි. හැම සේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධය උපයා වාස කෙරෙයි. මේ අට වැනි දිග යි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ විසින් පුරුෂදම්‍යයා මෙහෙයන ලදුයේ මේ අටදිගුන් කරා දිවෙයි. ‘ඔහු යොග්ගාචාරීන් අතුරින් අනුත්තරපුරුෂදම්යසරථී යයි කියනු ලැබෙති’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල පිණිස කියන ලදී.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
සළායතනවිභඞ්ගසුත්තං සත්තමං.
සත් වැනි සළායතනවිභඞ්ග සූත්‍ර යි.