යෙදුමෙන් කියවන්න

සුතවන‍්ත සුත‍්තං

1. 3. 2. 11.

1. 3. 2. 11.

සුතවන‍්ත සුත‍්තං

සුතවන්ත සූත්‍රය

123. බාරාණසියං:

123. බරණැස්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: සුතවතාවුසො සාරිපුත‍්ත, භික‍්ඛුනා කතමෙ ධම‍්මා යොනිසො මනසිකාතබ‍්බාති.

එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කට යුත්තාහු දැ යි.

සුතවතාවුසො කොට‍්ඨිත, භික‍්ඛුනා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො යොනිසො මනසිකාතබ‍්බා.

ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ.

කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. සුතවතාවුසො කොට‍්ඨිත, භික‍්ඛුනා ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අනිච‍්චතො දුක‍්ඛතො -පෙ- අනත‍්තතො යොනිසො මනසිකාතබ‍්බා.

කවර පසෙක් ද යත්: එනම්-රූපෝපාදානස්කන්‍ධය … විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහ.

ඨානං ඛො පනෙතං ආවුසො විජ‍්ජති යං සුතවා භික‍්ඛු ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ අනිච‍්චතො දුක‍්ඛතො -පෙ- අනත‍්තතො යොනිසො මනසිකරොන‍්තො සොතාපත‍්තිඵලං සච‍්ඡිකරෙය්‍යාති. -පෙ- සකදාගාමිඵලං සච‍්ඡිකරෙය්‍යාති. -පෙ- අනාගාමිඵලං සච‍්ඡිකරෙය්‍යාති. -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකරෙය්‍යාති.

ඇවැත්නි යම් හෙයකින් ශ්‍රැතවත් මහණ තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරන්නේ සෝවන්පල පසක් කරන්නේ යැ ... සෙදගැමිපල පසක් කරන්නේ යැ ... අනගැමිපල පසක් කරන්නේ යැ ... රහත්පල පසක් කරන්නේ යැ යන තෙල කරුණ ඇත්තේ යි.

අරහතා පනාවුසො සාරිපුත‍්ත, කතමෙ ධම‍්මා යොනිසො මනසිකාතබ‍්බාති. අරහතාපි ඛො ආවුසො, කොට‍්ඨිත, ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො යොනිසො මනසිකාතබ‍්බා. නත්‍ථි ඛො ආවුසො අරහතො උත‍්තරි කරණීයං, කතස‍්ස වා පතිචයො, අපි ච ඉමෙ ධම‍්මා භාවිතා බහුලීකතා දිට‍්ඨධම‍්මසුඛවිහාරාය චෙව සංවත‍්තන‍්ති සතිසම‍්පජඤ‍්ඤාය චාති.

ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවත්, කොට්ඨිතයෙනි, රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත්, සිහිනුවණ පිණිසත් පවත්නාහ යි.