සීල සුත්තං
1. 3. 2. 10.
1. 3. 2. 10.
සීල සුත්තං
සීල සූත්‍රය
122. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො, බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “සීලවතා ආවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා”ති.
122. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මිගදායයෙහි වාස කෙරෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි ශාරීපුත්රනි, සිල්වත් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
සීලවතාවුසො කොට්ඨිත, භික්ඛුනා පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසිකාතබ්බා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. සීලවතාවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො, විජ්ජති යං සීලවා භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසි කරොන්තො සොතාපත්තිඵලං සච්ඡිකරෙය්යාති.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩ වශයෙන් හුල් වශයෙන් පීඩා වශයෙන් ආබාධ වශයෙන් මෙරමා වශයෙන් වැනසීම් වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු ය. කවර පස් කඳෙකැ යත්: එනම් – රූපෝපාදාන ස්කන්ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් ... දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යි. ඇවැත්නි, සිල්වත් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
සොතාපන්නෙන පනාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෝවන් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි?
සොතාපන්නෙන’පි ඛො ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො, විජ්ජති යං සොතාපන්නො භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො සකදාගාමිඵලං සච්ඡිකරෙය්යාති.
ඇවැත්නි, කොට්ඨිතයෙනි. සෝවන් මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යැ. ඇවැත්නි, සෝවන් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනුයේ සෙදගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
සකදාගාමිනා පනාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෙදගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
සකදාගාමිනාපි ඛො ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති යං සකදාගාමී භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො අනාගාමිඵලං සච්ඡිකරෙය්යාති.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සෙදගැමි මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, සෙදගැමි මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ අනගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
අනාගාමිනා පනාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති? අනාගාමිනාපි ඛො ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො, විජ්ජති යං අනාගාමී භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො අරහත්තඵලං සච්ඡිකරෙය්යාති.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අනගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි. අනගැමි මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහු ය. ඇවැත්නි, අනගැමි මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ රහත් ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
අරහතා පනාවුසො සාරිපුත්ත, කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුත්තාහු දැ යි?
අරහතා’පි ඛො ආවුසො කොට්ඨිත, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසිකාතබ්බා. නත්ථි ඛො ආවුසො අරහතො උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො අපි ච ඉමෙ ධම්මා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තන්ති සතිසම්පජඤ්ඤාය චාති.
ඇවැත්නි, කොට්ඨිතයෙනි. රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසීම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිස ද, සිහිනුවණ පිණිස ද පවත්නාහ යි.