යෙදුමෙන් කියවන්න

පඨම පරිපුච‍්ඡිත සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 3. 2. 6.

1. 3. 2. 6.

පඨම පරිපුච‍්ඡිත සුත‍්තං

පඨම පරිපුච්ඡිත සූත්‍රය

118. සාවත්‍ථියං:

118. සැවැත්නුවර:

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං “එතං මම එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සථාති? නො හෙතං භන‍්තෙ, සාධු භික‍්ඛවෙ. රූපං භික‍්ඛවෙ “නෙතං මම නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං “එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සථාති? නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ, විඤ‍්ඤාණං භික‍්ඛවෙ, “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දැකිවූ දැ යි. වහන්ස, තෙල නො වේ ම යැ. මහණෙනි, මැනැවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම”යි දකිවු දැ යි වහන්ස, තෙල නො වේ මැ යි. මහණෙනි, මැනවි. මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි. තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්කයුතු.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- වෙදනායපි -පෙ- සඤ‍්ඤායපි -පෙ- සඞ‍්ඛාරෙසුපි -පෙ- විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි ... වේදනාවෙහිත් ... සංඥාවෙහිත් ... සංස්කාරයන්හිත් ... විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස කළයුතු අන්කිසෙක් නැතැ යි දැනගනී යි.

1. 3. 2. 7.

1. 3. 2. 7.

දුතිය පරිපුච‍්ඡිත සුත‍්තං

දුතිය පරිපුච්ඡිත සූත්‍රය

119. සාවත්‍ථියං:

119. සැවැත්නුවර:

තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති සමනුපස‍්සථාති? එවං භන‍්තෙ.

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි දකිවු දැ යි. වහන්ස එසේ යැ.

සාධු භික‍්ඛවෙ, රූපං භික‍්ඛවෙ, “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. වෙදනං “නෙතං මම -පෙ- සඤ‍්ඤං ‘නෙතං මම -පෙ- සඞ‍්ඛාරෙ නෙතං මම -පෙ- විඤ‍්ඤාණං “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති සමනුපස‍්සථාති?

මහණෙනි, මැනවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යැ. වේදනාව ... තෙල මාගේ නො වෙයි .... සඥාව තෙල මාගේ නො වෙයි ... සංස්කාර “තෙල මාගේ නො වෙයි ... විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි දකිවු දැ යි.

එවං භන‍්තෙ, සාධු භික‍්ඛවෙ, විඤ‍්ඤාණං භික‍්ඛවෙ, “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං

වහන්ස එසේ යි. මහණෙනි, මැනැවි, මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යි.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපයෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.

1. 3. 2. 8.

1. 3. 2. 8.

සඤ‍්ඤොජනිය සුත‍්තං

සඤ්ඤොජනිය සූත්‍රය

120. සාවත්‍ථියං:

120. සැවැත්නුවර:

සඤ‍්ඤොජනියෙ ච භික‍්ඛවෙ, ධම‍්මෙ දෙසිස‍්සාමි සඤ‍්ඤොජනඤ‍්ච, තං සුණාථ.

මහණෙනි සංයෝජනිය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍ම ද සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු.

කතමෙ ච භික‍්ඛවෙ, සඤ‍්ඤොජනියා ධම‍්මා, කතමං සඤ‍්ඤොජනං:

මහණෙනි සංයෝජනිය ධර්‍මයෝ කවරහු ද, සංයෝජන කවරහු ද යත්:

රූපං භික‍්ඛවෙ, සඤ‍්ඤොජනියො ධම‍්මො. යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. වෙදනා සඤ‍්ඤොජනියො ධම‍්මො. යො තත්‍ථ ඡන්‍දරාගො, තං තත්‍ථ සඤ‍්ඤොජනං. සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං සඤ‍්ඤොජනියො ධම‍්මො, යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, සඤ‍්ඤොනියා ධම‍්මා, ඉදං සඤ‍්ඤොජනන‍්ති.

මහණෙනි, රූපය සංයෝජනිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. වේදනාව සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. සංඥාව ... සංස්කාර ... විඥානය සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනිය දහම්හු යයි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) සංයෝජන යි.

1. 3. 2. 9.

1. 3. 2. 9.

උපාදානිය සුත‍්තං

උපාදානිය සූත්‍රය

121. සාවත්‍ථියං:

121. සැවැත්නුවර:

උපාදානියෙ ච භික‍්ඛවෙ, ධම‍්මෙ දෙසිස‍්සාමි උපාදානඤ‍්ච, තං සුණාථ.

මහණෙනි, උපාදානිය (උපාදානයන්ට හිතවූ) දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු.

කතමෙ ච භික‍්ඛවෙ, උපාදානියා ධම‍්මා, කතමං උපාදානං:

මහණෙනි, උපාදානිය දහම්හු කවරහු ද, උපාදානය කවරේ ද යත්:

රූපං භික‍්ඛවෙ, උපාදානියො ධම‍්මො, යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ උපාදානං. වෙදනා උපාදානියො ධම‍්මො, යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ උපාදානං. සඤ‍්ඤා උපාදානියො ධම‍්මො -පෙ- සඞ‍්ඛාරා උපාදානියො ධම‍්මො -පෙ- විඤ‍්ඤාණං උපාදානියො ධම‍්මො, යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ උපාදානං. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, උපාදානියා ධම‍්මා, ඉදං උපාදානන‍්ති.

මහණෙනි, රූපය උපාදානිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. වේදනාව උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. සඤ්ඤාව උපාදානිය දහමෙකි ... සංඛාර උපාදානිය දහමෙකි ... විඤ්ඤාණය උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානිය දහම්හු ය යි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) උපාදාන යි.