යෙදුමෙන් කියවන්න

බන්‍ධන සුත‍්තං

1. 3. 2. 5.

1. 3. 2. 5.

බන්‍ධන සුත‍්තං

බන්‍ධන සූත්‍රය

117. සාවත්‍ථියං:

117. සැවැත්නුවර:

අස‍්සුතවා භික‍්ඛවෙ, පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී -පෙ- සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො රූපබන්‍ධනබද‍්ධො සන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො අතීරදස‍්සී අපාරදස‍්සී, බද‍්ධො ජායති, බද‍්ධො මීයති, බද‍්ධො අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡති.

මහණෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ... සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන රූපබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර බන්‍ධනයෙන් (ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන්) බැඳුණේ සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශබන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොවට යේ යි කියනු ලැබෙයි.

වෙදනං අත‍්තතො සමනුපස‍්සති -පෙ- වෙදනාය වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො වෙදනාබන්‍ධනබද‍්ධො සන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො අතීරදස‍්සී අපාරදස‍්සී. බද‍්ධො ජායති, බද‍්ධො මීයති, බද‍්ධො අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡති.

මහණෙනි, වේදනාව ආත්ම විසින් දකියි … වේදනායෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන වේදනාබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර (සංයෝජන) බන්‍ධනයෙන් බැඳුණේ සසරවට නො දක්නේ නිවන නො දක්නේ බැඳුණේ උපදියි. බැඳුණේ මියෙයි. බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.

සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති -පෙ- සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො සඞ‍්ඛාරබන්‍ධනබද‍්ධො සාන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො අතීරදස‍්සී අපාරදස‍්සී. බද‍්ධො ජායති, බද‍්ධො මීයති, බද‍්ධො අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡති.

සංඥාව ... සංස්කාර ආත්ම වශයෙන් දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංස්කාර බන්‍ධනයෙන් බැඳුණේ, ආධ්‍යාත්මික බාහිර බන්‍ධනයෙන් බැඳුණේ, සසරවට නො දක්නේ, නිවන නො දක්නේ, බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.

විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං. අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො විඤ‍්ඤාණබන්‍ධනබද‍්ධො සන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො අතීරදස‍්සී අපාරදස‍්සී. බද‍්ධො ජායති, බද‍්ධො මීයති, බද‍්ධො අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡති.

විඥානය ආත්ම වශයෙන් දකියි , විඥානවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ විඥානය දකියි, විඥානයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශ බන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යේ යි කියනු ලැබේ.

සුතවා ච ඛො භික‍්ඛවෙ, අරියසාවකො අරියානං දස‍්සාවී -පෙ- සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සුතවා අරියසාවකො න රූපබන්‍ධන බද‍්ධො, න සන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො තීරදස‍්සී පාරදස‍්සී, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි බුද්ධාදී ආර්‍ය්‍යයන් දක්නා ... සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. රූපවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපබන්‍ධනයෙන් නො බැඳුණේ ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන් නො බැඳුණේ සසරතෙර දක්නේ නිර්‍වාණ පාරය දක්නේ යි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.

න වෙදනං අත‍්තතො සමනුපස‍්සති -පෙ- න වෙදනාය වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සුතවා අරියසාවකො න වෙදනාබන්‍ධනබද‍්ධො න සන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො තීරදස‍්සී පාරදස‍්සී. පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.

වේදනාව ආත්ම වශයෙන් නො දකියි ... වේදනායෙහි හෝ ආත්මය නො දකියි, මේ ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවක වේදනා බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.

න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති -පෙ- න සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සුතවා අරියසාවකො න සඞ‍්ඛාරබන්‍ධනබද‍්ධො න සන‍්තරබාහිරබන්‍ධනබද‍්ධො තීරදස‍්සී පාරදස‍්සී. පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.

සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සංස්කාර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සංසාරවර්‍තය දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණ පාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.

න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං. න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, අයං වුච‍්චති භික‍්ඛවෙ, සුතවා අරියසාවකො න ව‍්ඤ‍්ඤාණබන්‍ධනබද‍්ධො තීරදස‍්සී පාරදස‍්සී. පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමීති.

විඥානය ආත්ම වශයෙන් නො දකියි. විඥානවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ විඥානය නො දකියි. විඥානයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත්ආර්‍ය්‍යශ්‍රාවක විඥාන බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර බාහිර සංයෝජනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.