දුතිය ධම්මකථික සුත්තං
1. 3. 2. 4.
1. 3. 2. 4.
දුතිය ධම්මකථික සුත්තං
දුතිය ධම්ම කථික සූත්‍රය
116. සාවත්ථියං:
116. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ධම්මකථිකො ධම්මකථිකො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ධම්මකථිකො හොති? කිත්තාවතා ධම්මානුධම්මපටිපන්නො හොති? කිත්තාවතා දිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතී”ති?
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් ධම්මකථික වේ ද? කොපමණෙකින් ධම්මානුධම්මපටිපන්න වේ ද? කොපමණෙකින් දිටුදැමියෙහි නිවනට පැමිණියේ වේ දැ යි.
රූපස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, “ධම්මකථිකො භික්ඛූ”ති අලං වචනාය. රූපස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, “ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ”ති අලං වචනාය. රූපස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, “දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ”ති අලං වචනාය.
මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වේ. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වෙයි.
වෙදනාය චෙ භික්ඛු -පෙ- සඤ්ඤාය චෙ භික්ඛු -පෙ- සඞ්ඛාරානං චෙ භික්ඛු -පෙ- විඤ්ඤාණස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති “ධම්මකථිකො භික්ඛූ”ති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, “ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ”ති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, “දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ”ති අලං වචනායාති.
මහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සංඥායෙහි ... මහණ, ඉදින් සංස්කාරයන්හි ... මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු වේ.