යෙදුමෙන් කියවන්න

අන‍්නදායකාදි උණ‍්හවලාහකාදි සුත‍්තානි

11. 1. 13-52.

11. 1. 13-52.

අන‍්නදායකාදි උණ‍්හවලාහකාදි සුත‍්තානි

අන්නදායකාදි උණ්හවලාහකාදි සූත්‍ර

562-601. සාවත්‍ථියං:

562-601. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : “කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා උණ‍්හවලාහකානං දෙවානං -පෙ- අබ‍්භවලාහකානං දෙවානං -පෙ- වාතවලාහකානං දෙවානං -පෙ- වස‍්සවලාහකානං දෙවානං -පෙ- සහව්‍යතං උපපජ‍්ජතීති.

එකත්පස් ව හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු උණහවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ ... සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.

ඉධ භික‍්ඛු, එකච‍්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස‍්ස සුතං හොති, වස‍්සවලාහකා දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලාති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා වස‍්සවලාහකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො අන‍්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්‍ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්‍ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්‍යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්‍යං දෙති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සීතවලාහකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති.

මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “වස්සවලාහක දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛ බහුලහ” යි අසන ලද්දේත් වෙයි. ඔහුට: “මම් කාබුන් මරණින් මතූ වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා වස‍්සවලාහකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.

මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.