යෙදුමෙන් කියවන්න

සීතවලාහක සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

11. 1. 53.

11. 1. 53.

සීතවලාහක සුත‍්තං

සීතවලාහක සූත්‍රය

602. සාවත්‍ථියං:

602. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනෙකදා සීතං හොතීති.

එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.

සන‍්ති භික‍්ඛු, සීතවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : ‘යන‍්නූන මයං සකාය රතියා රමෙය්‍යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්‍වාය සීතං හොති. අයං ඛො, භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනෙකදා සීතං හොතීති.

මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.

11. 1. 54.

11. 1. 54.

උණ‍්හවලාහක සුත‍්තං

උණ්හවලාහක සූත්‍රය

603. සාවත්‍ථියං:

603. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො: යෙනෙකදා උණ‍්හං හොතීති.

එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

සන‍්ති භික‍්ඛු, උණ‍්හවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : “යන‍්නූන මයං සකාය රතියා රමෙය්‍යාමාති”. තෙසං තං චෙතොපණිධිමන්‍වාය උණ‍්හං හොති. අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනෙකදා උණ‍්හං හොතීති.

මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනෙක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.

11. 1. 55.

11. 1. 55.

අබ‍්භවලාහකා සුත‍්තං

අබ්භවලාහක සූත්‍රය

604. සාවත්‍ථියං:

604. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනෙකදා අබ‍්භං හොතීති.

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

සන‍්ති භික‍්ඛු, අබ‍්භවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : “යන‍්නූන මයං සකාය රතියා රමෙය්‍යාමාති.” තෙසං තං චෙතො පණිධිමන්‍වාය අබ‍්භං හොති. අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනෙකදා අබ‍්භං හොතීති.

මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.

11. 1. 56.

11. 1. 56.

වාතවලාහක සුත‍්තං

වාතවලාහක සූත්‍රය

605. සාවත්‍ථියං:

605. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : “කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනෙකදා වාතො හොතී”ති.

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

සන‍්ති භික‍්ඛු, වාතවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : “යන‍්නූන මයං සකාය රතියා රමෙය්‍යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්‍වාය වාතො හොති. අයං ඛො, භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනෙකදා වාතො හොතීති.

මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

11. 1. 57.

11. 1. 57.

වස‍්සවලාහක සුත‍්තං

වස්සවලාහක සූත්‍රය

606. සාවත්‍ථියං:

606. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනෙකදා දෙවො වස‍්සතීති.

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි.

සන‍්ති භික‍්ඛු, වස‍්සවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : ‘යන‍්නූන මයං සකාය රතියා රමෙය්‍යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්‍වාය දෙවො වස‍්සති. අයං ඛො, භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනෙකදා දෙවො වස‍්සතීති.

මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

වලාහකවග‍්ගො පඨමො.

පළමුවැනි වලාහක වර්‍ග යි.

(විත්‍ථාරෙන සත‍්තපඤ‍්ඤාය සුත‍්තන‍්තා භවන‍්ති.)

(විතර විසින් සුත්‍රාන්තයෝ සත්පනසෙක් වෙති.)

තත්‍රුද‍්දානං :

එහි සූත්‍රනාමාවලිය :

සුද‍්ධිකං සුචරිතඤ‍්ච දානෙහි දස පඤ‍්චකං, සීතං උණ‍්හඤ‍්ච අබ‍්භඤ‍්ච වාත වස‍්සවලාහකාති.

සුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අන්නදායකා දි දසක පස ද, සීතවලාහක, උණ්හවලාහක, අබ්භවලාහක, වාතවලාහක, වස්සවලාහක සූත්‍රයෝ දැ යි’ සූත්‍ර සත්පනසෙකි.

වලාහසසංයුත‍්තං සමත‍්තං.

වලාහක සංයුත්තය නිමියේ යි.