රූප අඤ්ඤාණ සුත්තං
12. 1. 1.
12. 1. 1.
රූප අඤ්ඤාණ සුත්තං
රූප අඤ්ඤාණ සූත්‍රය
607. සාවත්ථියං:
607. සැවැත්නුවර:
අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච :
එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වියැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ යැ. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ:
කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති. සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ, ලෝකය අන්තවත් ය යි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ජීවයත් එය යැ ශරීරයත් එය ය යි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැයි හෝ, සත්ත්වයා මරණින් මතු වේ ය යි හෝ, සත්ත්වයා මරණින් මතු නො වේ ය යි හෝ, සත්ත්වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ, සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු කෙනෙක් ලොව උපදිත් නම් (එයට) හේතු කවරැ ප්‍රත්‍යය කවරැ” යි.
රූපෙ ඛො වච්ඡ, අඤ්ඤාණා, රූපසමුදයෙ අඤ්ඤාණා, රූපනිරොධෙ අඤ්ඤාණා, රූපනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති. ‘සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අයං ඛො වච්ඡ, හෙතු, අයං පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති. ‘සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා’ති.
වච්ඡය, රූපයෙහි නො දැනීමෙන්, රූපසමුදයෙහි නො දැනීමෙන් රූපනිරෝධයෙහි නොදැනීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් “ලෝකය ශාශ්වත ය යි හෝ, ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ “නන් වැදෑරුම් වූ මේ මිසදිටුහු මෙසේ ලොවැ උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.