1. වලාහකවග‍්ගො අට‍්ඨකථා
1. වලාහක වර්ගය
1-57. සුද‍්ධික සුත‍්තාදිවණ‍්ණනා
1-57. සුද්ධික ආදි සූත්‍ර වර්ණනා
වලාහකසංයුත‍්තෙ වලාහකකායිකාති වලාහකනාමකෙ දෙවකායෙ උප‍්පන‍්නා ආකාසචාරිකදෙවා. සීතවලාහකාති සීතකරණවලාහකා. සෙසපදෙසුපි එසෙව නයො. චෙතොපණිධිමන්‍වායාති චිත‍්තට‍්ඨපනං ආගම‍්ම. සීතං හොතීති යං වස‍්සානෙ වා හෙමන‍්තෙ වා සීතං හොති, තං උතුසමුට‍්ඨානමෙව. යං පන සීතෙපි අතිසීතං, ගිම‍්හෙ ච උප‍්පන‍්නං සීතං, තං දෙවතානුභාවෙන නිබ‍්බත‍්තං සීතං නාම. උණ‍්හං හොතීති යං ගිම‍්හානෙ උණ‍්හං, තං උතුසමුට‍්ඨානිකං පාකතිකමෙව. යං පන උණ‍්හෙපි අතිඋණ‍්හං, සීතකාලෙ ච උප‍්පන‍්නං උණ‍්හං, තං දෙවතානුභාවෙන නිබ‍්බත‍්තං උණ‍්හං නාම. අබ‍්භං හොතීති අබ‍්භමණ‍්ඩපො හොති. ඉධාපි යං වස‍්සානෙ ච සිසිරෙ ච අබ‍්භං උප‍්පජ‍්ජති, තං උතුසමුට‍්ඨානිකං පාකතිකමෙව. යං පන අබ‍්භෙයෙව අතිඅබ‍්භං, සත‍්තසත‍්තාහම‍්පි චන්‍දසූරියෙ ඡාදෙත්‍වා එකන්‍ධකාරං කරොති, යඤ‍්ච චිත‍්තවෙසාඛමාසෙසු අබ‍්භං, තං දෙවතානුභාවෙන උප‍්පන‍්නං අබ‍්භං නාම. වාතො හොතීති යො තස‍්මිං තස‍්මිං උතුම‍්හි උත‍්තරදක‍්ඛිණාදිපකතිවාතො හොති, අයං උතුසමුට‍්ඨානොව. යොපි පන රුක‍්ඛක‍්ඛන්‍ධාදිපදාලනො අතිවාතො නාම අත්‍ථි, අයඤ‍්චෙව, යො ච අඤ‍්ඤොපි අකාලවාතො, අයං දෙවතානුභාවනිබ‍්බත‍්තො නාම. දෙවො වස‍්සතීති යං වස‍්සිකෙ චත‍්තාරො මාසෙ වස‍්සං, තං උතුසමුට‍්ඨානමෙව. යං පන වස‍්සෙයෙව අතිවස‍්සං, යඤ‍්ච චිත‍්තවෙසාඛමාසෙසු වස‍්සං, තං දෙවතානුභාවනිබ‍්බත‍්තං නාම.
වලාහක සංයුත්තයේ - “වලාහකකායිකා” යනු වලාහක නම් දේව කොට්ඨාසයේ උපන් ආකාශචාරි දෙවියෝය. “සීතවලාහකා” යනු ශීතල ඇතිකරන වලාහකයෝය. සෙසු පදයන්හි ද මෙම ක්‍රමයම යෙදේ. “චෙතො පණිධිමත්‍වාය” යනු සිත එක අරමුණක තැබීමට සමාධිගත කිරීමට පැමිණ යනුයි. “සීතං හොති” යනු යමක් වස්සානයේ හෝ හේමන්තයේ හෝ ශීතල ඇතිවේද ඒ සෘතුව එළඹ සිටියේය. යම් ශීත කාලයක අධික ශීතලත්, ග්‍රීෂ්මයක උපදින ශීතලත් දෙවියන්ගේ ආනුභාවයෙන් මැවූ “සීතල” නම් වේ. “උණ්හං හොති” යනු ගිම්හාන ඍතුවේ හටගන්නා ස්වභාවික උණුසුමයි. යම්විටෙක උෂ්ණ කාලයේ ඇතිවන අධික උණුසුමද සීත කාලයේ උපදින උණුසුමද දෙවියන් විසින් ඉපිද වූ උණුසුමක් ලෙස හැඳින්වේ. “අබ්භං හොති” යනු වළාකුළු මණ්ඩලයක් වේ. මෙයද වස්සානයේ හා සිසිර ඍතුවල යම් වලාකුලක් උපදී ද ඒ සෘතුවලින් හටගත් වළාකුළු ප්‍රකෘතියෙන්ම ඇතිවූයේය. යම් වලාකුළු ඇතිවීමකදී දැඩි වළාවන් හටගනියිද සත්දිනක්ම සඳහිරු පවා වසාගෙන දැඩි අඳුර පවතීයිද යම් ඒ බක්-වෙසක් මාසයන්හි වලාකුළු ඇතිවේද මේ සියල්ල දෙවියන්ගේ ආනුභාවයෙන් උපන් වලාකුළු නම් වේ. “වාතො හොති” යනු ඒ ඒ ඍතුවෙහි උතුරු-දකුණු ප්‍රදේශවල යම් ස්වාභාවික සුළඟක් ඇතිවේනම් එය ඍතුවෙන් හටගත්තකි. යම් ඒ සුළඟක් රුක් කඳ ආදිය පලාදමන දැඩි සුළඟක් වේද නොකල්හි හටගත් සුළඟක් වේද ඒ සියල්ල දේවතානුභාවයෙන් නිපදවුණු සුළං නම් වේ. “දෙවො වස්සති” යු යම් වැසි සාරමාසෙහි වසින වැස්ස ස්වාභාවික වූවකි. ස්වභාවිකව හටගත්තකි. යම් වැස්සක්, වර්ෂා සමයේ අධිකව පවතීයිද බක්-වෙසක් මාසයන්හි පවතින වැස්ස දෙවියන් විසින් ඉපිදවූවක් නම් වේ.
තත්‍රිදං වත්‍ථු – එකො කිර වස‍්සවලාහකදෙවපුත‍්තො තලකූටකවාසි ඛීණාසවත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. ථෙරො “කොසි ත්‍ව”න‍්ති පුච‍්ඡි. “අහං, භන‍්තෙ, වස‍්සවලාහකදෙවපුත‍්තො”ති. “තුම‍්හාකං කිර චිත‍්තෙන දෙවො වස‍්සතී”ති? “ආම, භන‍්තෙ”ති. “පස‍්සිතුකාමා මය”න‍්ති. “තෙමිස‍්සථ, භන‍්තෙ”ති. “මෙඝසීසං වා ගජ‍්ජිතං වා න පඤ‍්ඤායති, කථං තෙමිස‍්සාමා”ති? “භන‍්තෙ, අම‍්හාකංචිත‍්තෙන දෙවො වස‍්සති, තුම‍්හෙ පණ‍්ණසාලං පවිසථා”ති. “සාධු දෙවපුත‍්තා”ති සො පාදෙ ධොවිත්‍වා පණ‍්ණසාලං පාවිසි. දෙවපුත‍්තො තස‍්මිං පවිසන‍්තෙයෙව එකං ගීතං ගායිත්‍වා හත්‍ථං උක‍්ඛිපි. සමන‍්තා තියොජනට‍්ඨානං එකමෙඝං අහොසි. ථෙරො අද‍්ධතින‍්තො පණ‍්ණසාලං පවිට‍්ඨොති.
මෙහිදී මේ කථාවස්තුවයි. - එක් වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයෙක් හිමාල පර්වත වැසි එක් රහතන් වහන්සේ නමකගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්ද?”යි විමසූහ. “ස්වාමීනි! මම වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයෙක්මි.” “නුඹගේ සිතින් මෙහෙයවීමෙන් වැසි වසින්නෙහිද?” “ස්වාමීනි! එසේය.” “අපි එය දකිනු කැමැත්තෙමු.”යි තෙරුන් වහන්සේ වදාළවිට “ස්වාමීනි! ඔබවහන්සේ තෙමෙන්නේයැ”යි දෙව්පුතු කීය. එවිට තෙරණුවෝ “වැහි වළාකුලක් හෝ මේඝ ගර්ජනාවක් හෝ නොපෙනේ. කෙසේ තෙමෙන්නේද?”යි ඇසූහ. “ස්වාමීනි! මගේ සිතින් වැස්ස වසී. ඔබවහන්සේ පන්සලට වඩින්න”යි දෙව්පුතු කීය. “යහපති, දෙව්පුතුනි”යි පැවසු තෙරණුවෝ පා සෝදාගෙන පන්සලට වැඩියහ. දෙව්පුතු උන්වහන්සේ පන්සලට වැඩි මොහොතේම එක් ගීයක් ගයා අත එසවීය. හාත්පස යොදුන් තුනක් පමණ ප්‍රදේශයේ එකම මේඝයක් (වැස්සක්) විය. තෙරුන් වහන්සේ අඩක් තෙත්වුණු පන්සලට පිවිසියහ.
අපිච දෙවො නාමෙස අට‍්ඨහි කාරණෙහි වස‍්සති නාගානුභාවෙන සුපණ‍්ණානුභාවෙන දෙවතානුභාවෙන සච‍්චකිරියාය උතුසමුට‍්ඨානෙන මාරාවට‍්ටනෙන ඉද‍්ධිබලෙන විනාසමෙඝෙනාති.
තවද දෙවියෝ නම් අට කරුණකින් වැසි වස්වති. නාගානුභාවයෙන්, සුපර්ණයන්ගේ ආනුභාවයෙන්, දේවතානුභාවයෙන්, සත්‍ය ක්‍රියාවෙන්, ඍතු හටගැනීමෙන්, මාරාවර්තනයෙන්, සෘද්ධි බලයෙන්, වැහිවලාකුළු විනාශ කිරීමෙන් යන ක්‍රම අටෙනි.
වලාහකසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.
වලාහක සංයුත්තය නිමියේ ය.