යෙදුමෙන් කියවන්න

සුද‍්ධික සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

11. 1. 1.

11. 1. 1.

සුද‍්ධික සුත‍්තං

සුද්ධික සූත්‍රය

550. සාවත්‍ථියං:

550. සැවැත්නුවර:

වලාහකකායිකෙ වො භික‍්ඛවෙ, දෙවෙ දෙසිස‍්සාමි. තං සුණාථ.

මහණෙනි, තොපට වලාහක කායික (වලාහක නම් දේවනිකායෙහි උපන්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසවු.

කතමෙ ච භික‍්ඛවෙ, වලාහකකායිකා දෙවා: සන‍්ති භික‍්ඛවෙ, සීතවලාහකා දෙවා. සන‍්ති භික‍්ඛවෙ, උණ‍්හවලාහකා දෙවා. සන‍්ති භික‍්ඛවෙ, අබ‍්භවලාහකා දෙවා. සන‍්ති භික‍්ඛවෙ, වාතවලාහකා දෙවා. සන‍්ති භික‍්ඛවෙ, වස‍්සවලාහකා දෙවා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, වලාහකකායිකා දෙවා.

මහණෙනි, වලාහක කායික දෙවියෝ කවරහ යත්: මහණෙනි, ශීතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, උණහවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වාතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, මොහු වලාහකකායික දෙවියෝ යි කියනු ලැබෙති යි.

11. 1. 2.

11. 1. 2.

සුචරිත සුත‍්තං

සුචරිත සූත්‍රය

551. සාවත්‍ථියං:

551. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා වලාහකකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.

එ කල්හි එක්තරා මහණෙක්, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත් පස් ව හුන් ඒ මහණ , භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙලො වැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.

ඉධ භික‍්ඛු, එකච‍්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස‍්ස සුතං හොති : වලාහකකායිකා දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”ති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා වලාහකකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා වලාහකකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති.

මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. වලාහක කායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු වලාහක කායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා වලාහකකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.

මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.