අනනදානාදි සාරගන්ධාදි සුත්තානි
10. 1. 23-112.
10. 1. 23-112.
අනනදානාදි සාරගන්ධාදි සුත්තානි
අන්නදානාදි මූලගන්ධ සූත්‍ර
460-549. සාවත්ථියං:
460-549. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සාරගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උප්පජ්ජති. -පෙ- ඵෙග්ගුගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- තචගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- පපටිකාගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- පත්තගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- පුප්ඵගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- ඵලගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- රසගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් ... ඵල ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... සිවි ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පොතු ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පත් ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... මල් ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පල ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... රස ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... ගඳ ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “ගන්ධගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති. “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි, ඔහු විසින් “ගඳ අරක්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ” යි අසන ලද්දේත් වෙයි.
අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජති.
(එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු ගඳ ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙබඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් (වාහන) දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වාසස්ථාන දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
(එවං පිණ්ඩකෙන එකසතඤ්ච බාරස ච සුත්තන්තා භවන්ති.)
(මෙසේ පිඬුවශයෙන් එක්සිය දොළසෙක් සූත්‍ර වෙයි.)
ගන්ධබ්බවග්ගො පඨමො.
පළමුවැනි ගන්ධබ්බ වර්ගයි.
තත්රුද්දානං :
එහි සූත්‍ර නාමාවලිය :
සුද්ධිකඤ්ච සුචරිතං දාතා හි අපරෙ දස, දානූපකාරා දසධා ගන්ධබ්බෙකසතං ද්වාදසාති.
සුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අනෙක් අන්නදායකාදි සූත්‍ර දශය ද, දානූපකාර සූත්‍ර දශක දශය දැ යි ගන්ධබ්බ වර්ගයෙහි සූත්‍ර එක්සිය දොළසෙකි.
ගන්ධබ්බකායසංයුත්තං සමත්තං.
ගන්ධබ්බකාය සංයුත්තය නිමියේ ය.