අන්නදානාදි මූලගන්ධ සුත්තානි
10. 1. 13-22.
10. 1. 13-22.
අන්නදානාදි මූලගන්ධ සුත්තානි
අන්නදානාදි මූලගන්ධ සූත්‍ර
450-459. සාවත්ථියං:
450-459. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
එකත්පස් වැ හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “මූලගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති’.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි.
තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජති.
ඔහුට “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙබඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් (යාන) දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙන තැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් මේ එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.