යෙදුමෙන් කියවන්න

සාරගන්‍ධාදි සුත‍්තානි

10. 1. 4-12.

10. 1. 4-12.

සාරගන්‍ධාදි සුත‍්තානි

සාරගන්‍ධාදි සූත්‍ර

441-449. සාවත්‍ථියං:

441-449. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා සාරගන්‍ධෙ අධිවත්‍ථානං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.

ඉධ භික‍්ඛු එකච‍්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස‍්ස සුතං හොති : “සාරගන්‍ධෙ අධිවත්‍ථා දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”ති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා සාරගන්‍ධෙ අධිවත්‍ථානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො දාතා හොති සාරගන්‍ධානං -පෙ- සො දාතා හොති ඵෙග‍්ගුගන්‍ධානං -පෙ- සො දාතා හොති තචගන්‍ධානං -පෙ- සො දාතා හොති පපටිකගන්‍ධානං -පෙ- සො දාතා හොති පත‍්තගන්‍ධානං -පෙ- සො දාතා හොති පුප‍්ඵගන්‍ධානං -පෙ- සො දාතා හොති ඵලගන්‍ධානං -පෙ- සො දාතා හොති රසගන්‍ධානං -පෙ- සො දාතා හොති ගන්‍ධගන්‍ධානං. සො කායස‍්ස භෙදා පරම‍්මරණා ගන්‍ධගන්‍ධෙ අධිවත්‍ථානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති.

මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, සිතින් සුසිරිත් කෙරෙයි. “හරගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු හරගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ හරගඳ දෙන්නේ වේ. ... හෙ ඵලගඳ දෙන්නේ වේ. ... හෙ සිවිගඳ දෙන්නේ වේ. ... හෙ පොතුගඳ දෙන්නේ වේ. ... හෙ පත්ගඳ දෙන්නේ වේ. ... හෙ මල්ගඳ දෙන්නේ වේ. ... හෙ පලගඳ දෙන්නේ වේ. ... හෙ රසගඳ දෙන්නේ වේ. ... හෙ ගඳගඳ දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො, කායස‍්ස භෙදා පරම‍්මරණා ගන්‍ධගන්‍ධෙ අධිවත්‍ථානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.

මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.