සුද්ධික සුත්තං
10. 1. 1.
10. 1. 1.
සුද්ධික සුත්තං
සුද්ධික සූත්‍රය
438. සාවත්ථියං:
438. සැවැත්නුවර:
ගන්ධබ්බකායිකෙ වො භික්ඛවෙ, දෙවෙ දෙසිස්සාමි. තං සුණාථ.
මහණෙනි, තොපට ගන්ධබ්බකායික (ගඳට අරක් ගත්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසව්.
කතමා ච භික්ඛවෙ, ගන්ධබ්බකායිකා දෙවා? සන්ති භික්ඛවෙ, මූලගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, සාරගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ඵෙග්ගුගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, තචගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පපටිකාගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පත්තගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පුප්ඵගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ඵලගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, රසගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ගන්ධගන්ධෙ අධිවත්ථා දෙවා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, ගන්ධබ්බකායිකා දෙවාති.
මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්.
10. 1. 2.
10. 1. 2.
සුචරිත සුත්තං
සුචරිත සූත්‍රය
439. සාවත්ථියං:
439. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “ගන්ධබ්බකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජති.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “ගන්ධබ්බකායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි, හේ කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 3.
10. 1. 3.
මූලගන්ධ සුත්තං
මූලගන්ධ සූත්‍රය
440. සාවත්ථියං:
440. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “මූලගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො දාතා හොති මූලගන්ධානං. සො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජති.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “මුල්ගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ මුල්ගඳ (පරිත්‍යාග වශයෙන්) දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.