යෙදුමෙන් කියවන්න

1. සුපණ‍්ණ වග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

1. සුපණ්ණ වර්‍ගය

9. 1. 1.

9. 1. 1.

සුද‍්ධික සුත‍්තං

සුද්ධික සූත්‍රය

392. සාවත්‍ථියං:

392. සැවැත්නුවර:

චතස‍්සො ඉමා භික‍්ඛවෙ, සුපණ‍්ණයොනියො, කතමා චතස‍්සො: අණ‍්ඩජා සුපණ‍්ණා ජලාබුජා සුපණ‍්ණා සංසෙදජා සුපණ‍්ණා ඔපපාතිකා සුපණ‍්ණා. ඉමා ඛො භික‍්ඛවෙ, චතස‍්සො සුපණ‍්ණයොනියොති.

මහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ ය යි. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.

9. 1. 2.

9. 1. 2.

හරන‍්ති සුත‍්තං

හරන්ති සූත්‍රය

393. සාවත්‍ථියං:

393. සැවැත්නුවර:

චතස‍්සො ඉමා භික‍්ඛවෙ, සුපණ‍්ණයොනියො. කතමා චතස‍්සො: අණ‍්ඩජා සුපණ‍්ණා ජලාබුජා සුපණ‍්ණා සංසෙදජා සුපණ‍්ණා ඔපපාතිකා සුපණ‍්ණා.

මහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ යයි.

තත්‍ර භික‍්ඛවෙ, අණ‍්ඩජා සුපණ‍්ණා අණ‍්ඩජෙ නාගෙ හරන‍්ති, න ජලාබුජෙ, න සංසෙදජෙ, න ඔපපාතිකෙ.

මහණෙනි, ඔවුනතුරෙහි අණ්ඩජ ගුරුළෝ අණ්ඩජ නාගයන් හැරගනිත්. ජලාබුජ නාගයන් නො හැරගනිති. සංසේදජ නාගයන් නො හැර ගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.

තත්‍ර භික‍්ඛවෙ, ජලාබුජා සුපණ‍්ණා අණ‍්ඩජෙ ච ජලාබුජෙ ච නාගෙ හරන‍්ති, න සංසෙදජෙ, න ඔපපාතිකෙ.

මහණෙනි, ඔවුනතුරෙහි ජලාබුජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද හැරගනිත්. සංසේදජ නාගයන් නො හැරගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.

තත්‍ර භික‍්ඛවෙ, සංසෙදජා සුපණ‍්ණා අණ‍්ඩජෙ ච ජලාබුජෙ ච සංසෙදජෙ ච නාගෙ හරන‍්ති, න ඔපපාතිකෙ.

මහණෙනි, ඔවුනතුරෙහි සංසේදජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද හැරගනිති. ඕපපාතික නාගයන් නො හැරගනිත්.

තත්‍ර භික‍්ඛවෙ, ඔපපාතිකා සුපණ‍්ණා අණ‍්ඩජෙ ච ජලාබුජෙ ච සංසෙදජෙ ච ඔපපාතිකෙ ච නාගෙ හරන‍්ති. ඉමා ඛො භික‍්ඛවෙ, චතස‍්සො සුපණ‍්ණයොනියොති.

මහණෙනි, ඔවුනතුරෙහි ඕපපාතික ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද, ඕපපාතික නාගයන් ද හැරගනිත්. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.

9. 1. 3.

9. 1. 3.

ද‍්වයකාරී සුත‍්තං

ද්වයකාරී සූත්‍රය

394. සාවත්‍ථියං:

394. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එ කවර හෙයිනැ, කවර ප්‍රත්‍යයෙනැ යි.

ඉධ භික‍්ඛු, එකච‍්චො කායෙන ද‍්වයකාරී හොති, වාචාය ද‍්වයකාරී, මනසා ද‍්වයකාරී. තස‍්ස සුතං හොති : “අණ‍්ඩජා සුපණ‍්ණා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”ති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජති.

මහණ, මෙලොවැ එකෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ ගුරුළෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළන්ගේ සහවාසයට පැමිණේ.

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යයැ යි වදාළ සේක.

9. 1. 4-6.

9. 1. 4-6.

දුතිය, තතිය, චතුත්‍ථ ද‍්වයකාරී සුත‍්තානි

දුතිය, තතිය, චතුත්‍ථ ද්වයකාරී සූත්‍ර

395-397. සාවත්‍ථියං:

395-397. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා ජලාබුජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජති -පෙ- සංසෙදජානං සුපණ‍්ණානං -පෙ- ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙලොව එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ... සංසේදජ සුපර්‍ණයන්ගේ ... ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැ යත්.

ඉධ භික‍්ඛු, එකච‍්චො කායෙන ද‍්වයකාරී හොති, වාචාය ද‍්වයකාරී, මනසා ද‍්වයකාරී. තස‍්ස සුතං හොති “ඔපපාතිකා සුපණ‍්ණා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”ති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජති. අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

මහණ, මෙලොව එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ. මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ මේ ප්‍රත්‍යය යි වදාළ සේක.

9. 1. 7.

9. 1. 7.

අන‍්නදායක අණ‍්ඩජ සුත‍්තං

අන්නදායක අණ්ඩජ සූත්‍රය

398. සාවත්‍ථියං:

398. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

එකත්පස් ව හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ; වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්‍රත්‍ය කවරැ යත්:

ඉධ භික‍්ඛු, එකච‍්චො කායෙන ද‍්වයකාරී හොති, වාචාය ද‍්වයකාරී, මනසා ද‍්වයකාරී. තස‍්ස සුතං හොති : “අණ‍්ඩජා සුපණ‍්ණා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”ති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො අන‍්නං දෙති -පෙ- උපපජ‍්ජතී”ති.

මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි; “මම කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ අහර දෙයි ..

9. 1. 8.

9. 1. 8.

පානදායක අණ‍්ඩජ සුත‍්තං

පානදායක අණ්ඩජ සූත්‍රය

399. -පෙ- පානං දෙති -පෙ- උපපජ‍්ජතීති.

399. ... බොන දෑ දෙයි. ... පැමිණේ.

9. 1. 9.

9. 1. 9.

වත්‍ථදායක අණ‍්ඩජ සුත‍්තං

වත්‍ථදායක අණ්ඩජ සූත්‍රය

400. -පෙ- වත්‍ථං දෙති -පෙ- උපපජ‍්ජතීති.

400. ... වස්ත්‍ර දෙයි. ... පැමිණේ.

9. 1. 10.

9. 1. 10.

යානදායක අණ‍්ඩජ සුත‍්තං

යානදායක අණ්ඩජ සූත්‍රය

401. -පෙ- යානං දෙති -පෙ- උපපජ‍්ජතීති.

401. ... වහන් දෙයි. ... පැමිණේ.

9. 1. 11.

9. 1. 11.

මාලාදායක අණ‍්ඩජ සුත‍්තං

මාලදායක අණ්ඩජ සූත්‍රය

402. -පෙ- මාලං දෙති -පෙ- උපපජ‍්ජතීති.

402. ... මල් දෙයි. ... පැමිණේ.

9. 1. 12.

9. 1. 12.

ගන්‍ධදායක අණ‍්ඩජ සුත‍්තං

ගන්‍ධදායක අණ්ඩජ සූත්‍රය

403. -පෙ- ගන්‍ධං දෙති -පෙ- උපපජ‍්ජතීති.

403. ... ගඳ දෙයි. ... පැමිණේ.

9. 1. 13.

9. 1. 13.

විලෙපනදායක අණ‍්ඩජ සුත‍්තං

විලේපනදායක අණ්ඩජ සූත්‍රය

404. -පෙ- විලෙපනං දෙති -පෙ- උපපජ‍්ජතීති.

404. ... විලෙවුන් දෙයි. ... පැමිණේ.

9. 1. 14.

9. 1. 14.

සෙය්‍යදායක අණ‍්ඩජ සුත‍්තං

සෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය

405. -පෙ- සෙය්‍යං දෙති -පෙ- උපපජ‍්ජතීති.

405. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.

9. 1. 15.

9. 1. 15.

ආවසථදායක අණ‍්ඩජ සුත‍්තං

අවස්ථදායක අණ්ඩජ සූත්‍රය

406. -පෙ- ආවසථං දෙති -පෙ- උපපජ‍්ජතීති.

406. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.

9. 1. 16.

9. 1. 16.

පදීපෙය්‍යදායක අණ‍්ඩජ සුත‍්තං

පදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය

407. -පෙ- පදීපෙය්‍යං දෙති සො කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජති.

407. ... පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අණ‍්ඩජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති.

මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

9. 1. 17-36.

9. 1. 17-36.

අන‍්නදායකාදිජලාබුජ සංසෙදජ සුත‍්තානි

අන්නදායකාදි ජලාබුජ සසේදජ සූත්‍ර

408-427. සාවත්‍ථියං:

408-427. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා ජලාබුජානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති. -පෙ- සංසෙදජානං සුපණ‍්ණානං -පෙ- උපපජ‍්ජති.

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. ... සංසේදජ සුපර්‍ණයන්ගේ ... පැමිණේ.

9. 1. 37.

9. 1. 37.

අන‍්නදායක ඔපපාතික සුත‍්තං

අන්නදායක ඕපපාතික සූත්‍රය

428. -පෙ- ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතී”ති.

428. ... ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ...

ඉධ භික‍්ඛු එකච‍්චො කායෙන ද‍්වයකාරී හොති, වාචාය ද‍්වයකාරී, මනසා ද‍්වයකාරී. තස‍්ස සුතං හොති : “ඔපපාතිකා සුපණ‍්ණා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”ති. තස‍්ස එවං හොති : “අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය”න‍්ති. සො අන‍්නං දෙති -පෙ- උපපජ‍්ජති.

මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුව බහුලහ” යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ අහර දෙයි ...

9. 1. 38.

9. 1. 38.

පානදායක ඔපපාතික සුත‍්තං

පානදායක ඕපපාතික සූත්‍රය

429. -පෙ- පානං දෙති -පෙ- උපපජ‍්ජතීති.

429. ... බොන දෑ දෙයි ...

9. 1. 39.

9. 1. 39.

වත්‍ථදායක ඔපපාතික සුත‍්තං

වත්‍ථදායක ඕපපාතික සූත්‍රය

430. -පෙ- වත්‍ථං දෙති -පෙ- උපපජ‍්ජතීති.

430. ... වස්ත්‍ර දෙයි ...

9. 1. 40.

9. 1. 40.

යානදායක ඔපපාතික සුත‍්තං

යානදායක ඕපපාතික සූත්‍රය

431. -පෙ- යානං දෙති -පෙ- උපපජ‍්ජතීති.

431. ... වහන් දෙයි ...

9. 1. 41.

9. 1. 41.

මාලාදායක ඔපපාතික සුත‍්තං

මාලදායක ඕපපාතික සූත්‍රය

432. -පෙ- මාලං දෙති -පෙ- උපපජ‍්ජතීති.

432. ... මල් දෙයි ...

9. 1. 42.

9. 1. 42.

ගන්‍ධදායක ඔපපාතික සුත‍්තං

ගන්‍ධදායක ඕපපාතික සූත්‍රය

433. -පෙ- ගන්‍ධං දෙති -පෙ- උපපජ‍්ජතීති.

433. ... ගඳ දෙයි ...

9. 1. 43.

9. 1. 43.

විලෙපනදායක ඔපපාතික සුත‍්තං

විලේපනදායක ඕපපාතික සූත්‍රය

434. -පෙ- විලෙපනං දෙති -පෙ- උපපජ‍්ජතීති.

434. ... විලෙවුන් දෙයි ...

9. 1. 44.

9. 1. 44.

සෙය්‍යදායක ඔපපාතික සුත‍්තං

සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය

435. -පෙ- සෙය්‍යං දෙති -පෙ- උපපජ‍්ජතීති.

435. ... සෙනසුන් දෙයි. ...

9. 1. 45.

9. 1. 45.

ආවසථදායක ඔපපාතික සුත‍්තං

අවස්ථදායක ඕපපාතික සූත්‍රය

436. -පෙ- ආවසථං දෙති -පෙ- උපපජ‍්ජතීති.

436. ... වෙසෙන තැන් දෙයි. ...

9. 1. 46.

9. 1. 46.

පදීපෙය්‍යදායක ඔපපාතික සුත‍්තං

පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය

437. -පෙ- පදීපෙය්‍යං දෙති සො කායස‍්ස භෙදා පරම‍්මරණා ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජති.

437. ... පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා ඔපපාතිකානං සුපණ‍්ණානං සහබ්‍යතං උපපජ‍්ජතීති. (එවං පිණ‍්ඩකෙන ඡචත‍්තාලීසං සුත‍්තන‍්තා හොන‍්ති.)

මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි. (මෙසේ පිඬු කිරීමෙන් සසාළිස් සූත්‍ර කෙනෙක් වෙත්.)

සුපණ‍්ණවග‍්ගො පඨමො.

පළමුවැනි සුපර්‍ණවර්‍ග යි.

තත්‍රුද‍්දානං :

එහි සූත්‍රනාම මාලාව :

සුද‍්ධකං හරන‍්ති චෙව ද‍්වයකාරී චතුරො ච, දානූපකාරා චත‍්තාරි සුපණ‍්ණෙ ඡ චත‍්තාලීසාති.

සුද්ධික සූත්‍රය ද, හරන්ති සූත්‍රය ද, ද්වයකාරී සූත්‍ර සතර ද දානුපකාර සූත්‍ර දසක සතර දැ යි සුපණ්ණ වර්‍ගයෙහි සූත්‍ර සසාළිසෙකි.

සුපණ‍්ණසංයුත‍්තං සමත‍්තං.

සුපණ්ණ සංයුත්තය නිමියේ යි.