1. සුපණ්ණ වග්ගො අට්ඨකථා
1. සුපණ්ණ වර්ගය
1-46. සුද්ධික සුත්තාදිවණ්ණනා
1-46. සුද්ධික ආදි සූත්ර වර්ණනා
සුපණ්ණසංයුත්තෙ පත්තානං වණ්ණවන්තතාය ගරුළා සුපණ්ණාති වුත්තා. ඉධාපි පඨමසුත්තං පුරිමනයෙනෙව අට්ඨුප්පත්තියං වුත්තං. හරන්තීති උද්ධරන්ති. උද්ධරමානා ච පන තෙ අත්තනා හීනෙ වා සමෙ වා උද්ධරිතුං සක්කොන්ති, න අත්තනා පණීතතරෙ.
සුපණ්ණ සංයුත්තයේ - පියාපත් වර්ණවත් වූ ගුරුළා “සුපණ්ණ” යැයි කියයි. මෙහිද පළමු සූත්රය මුලින් පැවසූ පරිදිම අර්ථෝත්පත්ති වශයෙන් දේශනා කරන ලදී. “හරන්ති” යු පැහැරගනිත්. පැහැර ගනුයේද තමාට හීන වූ සහ සම වූ නාගයෝම පැහැර ගැනීමට හැකිවෙති. තමාට වඩා උසස් වූ නාගයෝ පැහැරගත නොහැකිමය.
සත්තවිධා හි අනුද්ධරණීයනාගා නාම පණීතතරා කම්බලස්සතරා ධතරට්ඨා සත්තසීදන්තරවාසිනො පථවිට්ඨකා පබ්බතට්ඨකා විමානට්ඨකාති.
පැහැරගත නොහැකි (අනුද්ධරණීය) නාගයෝ සත්වැදෑරුම් වේ. ඔවුහු නම්, පණීතතර නාගයෝ, කම්බලස්ථර නාගයෝ, ධ්රතරාෂ්ට නාගයෝ, සප්තසීදන්තර වැසි නාගයෝ, පොළවේ වසන නාගයෝ, පර්වතවාසී නාගයෝ සහ විමානවැසි නාගයෝ යන සත් කොටසයි.
තත්ර අණ්ඩජාදීනං ජලාබුජාදයො පණීතතරා, තෙ තෙහි අනුද්ධරණීයා. කම්බලස්සතරා පන නාගසෙනාපතිනො, තෙ යත්ථ කත්ථචි දිස්වා යො කොචි සුපණ්ණො උද්ධරිතුං න සක්කොති. ධතරට්ඨා පන නාගරාජානො, තෙපි කොචි උද්ධරිතුං න සක්කොති. යෙ පන සත්තසීදන්තරෙ මහාසමුද්දෙ වසන්ති, තෙ යස්මා කත්ථචි විකම්පනං කාතුං න සක්කා, තස්මා කොචි උද්ධරිතුං න සක්කොති. පථවිට්ඨකාදීනං නිලීයනොකාසො අත්ථි, තස්මා තෙපි උද්ධරිතුං න සක්කොති. යෙ පන මහාසමුද්දෙ ඌමිපිට්ඨෙ වසන්ති, තෙ යො කොචි සමො වා පණීතතරො වා සුපණ්ණො උද්ධරිතුං සක්කොති. සෙසං නාගසංයුත්තෙ වුත්තනයමෙවාති.
මෙහි පණීතතර නාගයෝ නම් යෝනියෙන් උසස් වූ නාගයෝයි. ඒ එසේමැයි. අණ්ඩජාදීන්ට (බිජුවටින් උපන්නන්ට) ජලාබුජයෝ උසස් කුලිකයෝ වෙති. අණ්ඩජගුරුළන්ට ජලාබුජ නාගයෝ පැහැරගත නොහැක. කම්බලස්ථර නාගයෝ නම් නාග සේනාපතීහුය. ඔවුන්ගෙන් යම්කිසිවකු දුටු කිසිම ගුරුලෙකු ඔවුන් පැහැර ගැනීමට අසමත් වෙති. ධතරට්ඨ නම් නාග රජවරුයි. ඔවුහුද කිසිවකුට පැහැරගත නොහැක. සප්ත සිදන්තර නාගයෝ නම් මහමුහුදේ වෙසෙති. ඔවුහු එහි රැළි-රළ සෙළවීමට නොහැකි වන බැවින් කිසිවකුට පැහැරගැනීමට නොහැකි වෙති. පොළවේ වසන නාගයන්ටද සැඟවී සිටීමේ අවසරය ඇති බැවින් ඔවුහු පැහැර ගැනීමට නොහැකි වෙති. යම් නාගයෙක් මහමුහුදෙහි රැළි මතුපිට වසත්ද ඔවුහුද සුපර්ණයන්ට සමවූවෝද හීනවූවෝද පැහැරගැනීමට හැකි වෙති. සෙසු පදයන්ගේ අර්ථ විස්තර නාග සංයුත්තයේ පැවසූ පරිදි දතයුතුයි.
සුපණ්ණසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
සුපණ්ණ සංයුත්තය නිමියේය.