1. නාගවග්ගො අට්ඨකථා
1. නාග වර්ගය
1. සුද්ධික සුත්තවණ්ණනා
1. සුද්ධික සූත්‍ර වර්ණනාව
නාගසංයුත්තෙ අණ්ඩජාති අණ්ඩෙ ජාතා. ජලාබුජාති වත්ථිකොසෙ ජාතා. සංසෙදජාති සංසෙදෙ ජාතා. ඔපපාතිකාති උපපතිත්වා විය ජාතා. ඉදඤ්ච පන සුත්තං අට්ඨුප්පත්තියා වුත්තං. භික්ඛූනඤ්හි “කති නු ඛො නාගයොනියො”ති කථා උදපාදි. අථ භගවා පුග්ගලානං නාගයොනීහි උද්ධරණත්ථං නාගයොනියො ආවිකරොන්තො ඉමං සුත්තමාහ.
නාග සංයුත්තයේ - “අණ්ඩජා” යනු බිජුවටින් උපන්නෝය. “ජලාබුජා” යනු ගර්භාෂයේ උපන්නෝය. “සංසෙදජා” යනු තෙතමනයෙහි උපන්නෝය. “ඔපපාතිකා” යනු එක්වරම පහළ වීමෙන් උපන්නෝය. මේ සූත්‍රය අර්ථෝත්පත්ති වශයෙන් දේශිතය. භික්ෂූන් වහන්සේ අතර “නාග යෝනි කීයක්ද?”යි යන කථාව ඇතිවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයන්ගේ නාගයෝනියට ඇති ඇල්ම දුරුකර කලකිරවීම සඳහාත් නාගයෝනි පිළිබඳ දැනුම ප්‍රකට කිරීම සඳහාත් මේ සූත්‍රය දේශනා කළ සේක.
2-50. පණීතතර සුත්තාදිවණ්ණනා
2-50. පණීතතර ආදි සූත්‍ර වර්ණනා
දුතියාදීසු වොස්සට්ඨකායාති අහිතුණ්ඩිකපරිබුද්ධං අගණෙත්වා විස්සට්ඨකායා. ද්වයකාරිනොති දුවිධකාරිනො, කුසලාකුසලකාරිනොති අත්ථො. සචජ්ජ මයන්ති සචෙ අජ්ජ මයං. සහබ්යතං උපපජ්ජතීති සහභාවං ආපජ්ජති. තත්රස්ස අකුසලං උපපත්තියා පච්චයො හොති, කුසලං උපපන්නානං සම්පත්තියා. අන්නන්ති ඛාදනීයභොජනීයං. පානන්ති යංකිඤ්චි පානකං. වත්ථන්ති නිවාසනපාරුපනං. යානන්ති ඡත්තුපාහනං ආදිං කත්වා යංකිඤ්චි ගමනපච්චයං. මාලන්ති යංකිඤ්චි සුමනමාලාදිපුප්ඵං. ගන්ධන්ති යංකිඤ්චි චන්දනාදිගන්ධං. විලෙපනන්ති යංකිඤ්චි ඡවිරාගකරණං. සෙය්යාවසථපදීපෙය්යන්ති මඤ්චපීඨාදිසෙය්යං එකභූමිකාදිආවසථං වට්ටිතෙලාදිපදීපූපකරණඤ්ච දෙතීති අත්ථො. තෙසඤ්හි දීඝායුකතාය ච වණ්ණවන්තතාය ච සුඛබහුලතාය ච පත්ථනං කත්වා ඉමං දසවිධං දානවත්ථුං දත්වා තං සම්පත්තිං අනුභවිතුං තත්ථ නිබ්බත්තන්ති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දෙවැනි සූත්‍රාදියේ - “වොස්සට්ඨකායා” යනු අහිගුණ්ඨිකයන්ගේ පරීක්ෂාව යටතේ සිටි නාගයන් නොගෙන, අත්හැර දැමූ කය ඇති යනුයි. “ද්වයකාරිනො” යනු දෙවැදෑරුම් ක්‍රියා කරනුයේ. කුසල් හා අකුසල් කරනුයේ. “සචජ්ජ මයං” යනු ඉදින් අද අපි යනුයි. “සහව්යතං උපපජ්ජති” යනු එක්ව විසීමට පැමිණේ යනුයි. එහි ඔහුට අකුසල් ඉපදීමට ප්‍රත්‍ය වේ. කුසල ඉපදීමෙන් සම්පත්ති ඇතිවේ. “අන්නං” යනු කෑයුතු-බුදිය යුතු දේය. “පාණං” යනු යම්කිසි ප්‍රාණීහුය. “වත්ථං” යනු හැඳපොරවන වස්ත්‍ර යනුයි. “යානං” යනු කුඩ-පාවහන් ආදී කොට ඇති යම්කිසි ගමන ප්‍රත්‍යයක්, ගමන් උපකරණයක්. “මාලං” යනු යම්කිසි දෑසමන් ආදී මල්වර්ගයන්ය. “ගන්ධං” යනු යම්කිසි සඳුන් ආදී සුවඳ ආලේපනයන්ය. “විලෙපනං” යනු යම්කිසි සමපාට කරණ ද්‍රව්‍යය. “සෙය්යාවසථපදීපෙය්යං” යනු ඇඳ-පුටු ආදී හිඳගන්නා සෙනසුන්, එක්බිමක් ආදී වෙහෙසන් තැන්, වැටි-තෙල් ආදී පහන් දල්වන උපකරණද දෙයි යන අර්ථයයි. ඔවුන් විසින් දීර්ඝායුෂ්ක හා වර්ණවත් බවද සැප බහුලකොට ඇති බැවින්ද ප්‍රාර්ථනා කොට, දසවිධ දානවස්තු දී, ඒ සැපසම්පත් අනුභව කිරීමට එහි උපදියි. සෙසු සියලු අර්ථ මෙහිදී ප්‍රකටමය.
නාගසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
නාග සංයුත්තය නිමියේ ය.