යෙදුමෙන් කියවන්න

සුද‍්ධික සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 1. 1.

8. 1. 1.

සුද‍්ධික සුත‍්තං

සුද්ධික සූත්‍රය

342. සාවත්‍ථියං:

342. සැවැත්නුවර:

චතස‍්සො ඉමා භික‍්ඛවෙ, නාගයොනියො. කතමා චතස‍්සො? අණ‍්ඩජා නාගා, ජලාබුජා නාගා, සංසෙදජා නාගා, ඔපපාතිකා නාගා, ඉමා ඛො භික‍්ඛවෙ, චතස‍්සො නාගයොනියොති.

මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ (බිජුවටින් උපන්) නාගයෝ ය, ජලාබුජ (ගර්‍භාශයෙන් උපන්) නාගයෝ ය, සංසේදජ (තෙතමනෙහි උපන්) නාගයෝ ය, ඕපපාතික (උපපාදුක ව එකවර ම උපන්) නාගයෝ ය යි … මහණෙනි, මේ නාගයෝනි සතර යි.

8. 1. 2.

8. 1. 2.

පණීතතර සුත‍්තං

පණීතතර සූත්‍රය

343. සාවත්‍ථියං:

343. සැවැත්නුවර:

චතස‍්සො ඉමා භික‍්ඛවෙ, නාගයොනියො. කතමා චතස‍්සො? අණ‍්ඩජා නාගා, ජලාබුජා නාගා, සංසෙදජා නාගා, ඔපපාතිකා නාගා. තත්‍ර භික‍්ඛවෙ, අණ‍්ඩජෙහි නාගෙහි ජලාබුජා ච සංසෙදජා ච ඔපපාතිකා ච නාගා පණීතතරා.

මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ නාගයෝ ය, ජලාබුජ නාගයෝ ය, සංසේදජ නාගයෝ ය, ඕපපාතික නාගයෝ යි. මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ට වඩා ජලාබුජ නාගයොත් සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.

තත්‍ර භික‍්ඛවෙ, අණ‍්ඩජෙහි ච ජලාබුජෙහි ච නාගෙහි සංසෙදජා ච ඔපපාතිකා ච නාගා පණීතතරා.

මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් වඩා සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.

තත්‍ර භික‍්ඛවෙ, අණ‍්ඩජෙහි ච ජලාබුජෙහි ච සංසෙදජෙහි ච නාගෙහි ඔපපාතිකා නාගා පණීතතරා, ඉමා ඛො භික‍්ඛවෙ, චතස‍්සො නාගයොනියොති.

මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් සංසේදජ නාගයන්ටත් වඩා ඕපපාතික නාගයෝ ඉතා ප්‍රණීතයහ. මහණෙනි, මොහු සිවු නාගයෝනීහු යි.