සූචිමුඛී සුත්තං
7. 1. 10.
7. 1. 10.
සූචිමුඛී සුත්තං
සූචිමුඛී සූත්‍රය
341. එකං සමයං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. රාජගහෙ සපදානං පිණ්ඩාය චරිත්වා තං පිණ්ඩපාතං අඤ්ඤතරං කුඩ්ඩමූලං නිස්සාය භුඤ්ජති. අථ ඛො සූචිමුඛී පරිබ්බාජිකා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : කිං නු ඛො සමණ, අධොමුඛො භුඤ්ජසීති.
341. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තිමුලක් ඇසුරු කොට වළදිති. එකල්හි සූචිමුඛී නම් වූ පරිව්‍රාජිකාව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කිවූ ය: “මහණ, කිමෙක් ද? යටිමුව ව වළඳහි දැ”යි.
නඛ්වාහං භගිනි, අධොමුඛො භුඤ්ජාමීති. තෙන හි සමණ, උද්ධංමුඛො භුඤ්ජසීති.
නැඟැණියනි, මම යටිමුව ව නො ම වළඳමි යි.
න ඛ්වාහං භගිනි, උද්ධං මුඛො භුඤ්ජාමීති.
“මහණ, එසේ නම් උඩුමුව ව වළඳහි දැ”යි
තෙන හි සමණ, දිසාමුඛො භුඤ්ජසීති.
“නැඟැණියනි, මම උඩුමුව ව නො ම වළඳමි”.
න ඛ්වාහං භගිනි, දිසාමුඛො භුඤ්ජාමීති.
මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි. නැගැණියනි, මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි යි.
තෙන හි සමණ, විදිසාමුඛො භුඤ්ජසීති.
මහණ, එසේ නම් සිවුඅනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි.
න ඛ්වාහං භගිනි, විදිසාමුඛො භුඤ්ජාමීති.
නැඟැණියනි, මම සිවුඅනුදිගටලූ මුව ඇතිව නො ම වළඳමි යි.
කිං නු සමණ, අධොමුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, අධොමුඛො භුඤ්ජාමීති වදෙසි. තෙන හි සමණ, උද්ධං මුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, උද්ධංමුඛො භුඤ්ජාමීති වදෙසි. තෙන හි සමණ, දිසාමුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, දිසාමුඛො භුඤ්ජාමීති වදෙසි. තෙන හි සමණ, විදිසාමුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, විදිසාමුඛො භුඤ්ජාමීති වදෙසි. කථඤ්චරහි සමණ, භුඤ්ජසීති.
මහණ, කිමෙක්ද? යටිමුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම යටිමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් උඩු මුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම උඩුමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවු අනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවු අනුදිගට ලූ මුව ඇති ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් දැන් කෙසේ වළඳහි දැ යි.
යෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා වත්ථුවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “අධොමුඛා භුඤ්ජන්තී”ති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් වාස්තුවිද්‍යා නම් තිරශ්චීන විද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ යටිමුව ව වළඳති යි කියනු ලැබෙති.
යෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා නක්ඛත්තවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “උද්ධංමුඛා භුඤ්ජන්තී”ති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ උඩුමුව ව වළඳති යි කියනු ලැබෙති.
යෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා දූතෙය්යපහිනගමනානුයොගා මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “දිසාමුඛා භුඤ්ජන්තී”ති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් (වූ) මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
යෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා අඞ්ගවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “විදිසාමුඛා භුඤ්ජන්තී”ති.
නැඟැණියනි, යම්කිසි මහණබමුණු කෙනෙක් අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුඅනුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
සො ඛ්වාහං භගිනි, න වත්ථුවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. න නක්ඛත්තවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. න දූතෙය්යපහිණගමනානුයොගා මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. න අඞ්ගවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. ධම්මෙන භික්ඛං පරියෙසාමි, ධම්මෙන භික්ඛං පරියෙසිත්වා භුඤ්ජාමීති.
නැඟැණියනි, ඒ මම වාස්තුවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. දැහැමින් භික්ෂාව සොයමි. දැහැමින් භික්ෂාව සොයා වළඳමි යි.
අථ ඛො සූචිමුඛී පරිබ්බාජිකා රාජගහෙ රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාරොචෙසි : “ධම්මිකං සමණා සක්යපුත්තියා ආහාරං ආහාරෙන්ති, අනවජ්ජං සමණා සක්යපුත්තියා ආහාරං ආහාරෙන්ති. දෙථ සමණානං සක්යපුත්තියානං පිණ්ඩ”න්ති.
ඉක්බිති සූචිමුඛී පරිව්‍රාජිකාව රජගහනුවර වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට එළඹ මෙසේ පැවසුවා ය. “ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ දැහැමි සේ ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ නිවැරදි සේ ආහාර වළඳත්. ශ්රමණශාක්යපුත්රීයයන්ට පිඬු දෙව” යි.
සාරිපුත්තවග්ගො පඨමො.
පළමුවැනි සාරිපුත්ත වර්ග යි.
තත්රුද්දානං :
එහි සූත්‍රනාමාවලිය :
විවෙකජං අවිතක්කං පීතිවිරාගුපෙක්ඛාහි ආකාසානඤ්ච විඤ්ඤාණං ආකිඤ්චඤ්ඤෙන තීණි ච නෙවසඤ්ඤා ච නිරොධො සූචිමුඛී දස සුත්තාති.
විවේකජ, අවිතක්ක, පීතී, උපෙක්ඛා සූත්‍ර සමග ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන සූත්‍ර තුන ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන , නිරෝධසමාපත්ති සුචීමුඛී සූත්‍ර දැ යි දශ සූත්‍ර කෙනෙකි.
සාරිපුත්තසංයුත්තං නිට්ඨිතං.
සාරිපුත්තසංයුත්තය නිමියේ යි.