යෙදුමෙන් කියවන්න

නිරොධ සමාපත‍්ති සුත‍්තං

7. 1. 9.

7. 1. 9.

නිරොධ සමාපත‍්ති සුත‍්තං

නිරෝධ සමාපත්ති සූත්‍රය

340. එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන ජෙතවනං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො තෙනුපසඞ‍්කමි.

340. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.

අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච : “විප‍්පසන‍්නානි ඛො තෙ ආවුසො සාරිපුත‍්ත, ඉන්‍ද්‍රියානි පරිසුද‍්ධො මුඛවණ‍්ණො පරියොදාතො. කතමෙනායස‍්මා සාරිපුත‍්තො අජ‍්ජ විහාරෙන විහාසීති.

ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දීම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.

ඉධා’හං ආවුසො සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආවුසො න එවං හොති : “අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමී”ති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො”ති වා “අහං සඤ‍්ඤාවෙදයිතනිරොධා වුට‍්ඨිතොති වා”ති.

ඇවැත්නි, මෙහි මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදිමි යි හෝ, මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්මි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නොවේ”.

තථා පනායස‍්මතො සාරිපුත‍්තස‍්ස දීඝරත‍්තං අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා සුසමූහතා. තස‍්මා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස න එවං හොති : “අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමීති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නොති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධා වුට‍්ඨිතොති වා”ති.

‘එ එසේ මැ’යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාරමමිඞ්කාරමානනුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්මි යි හෝ, මම සඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නො වේ.