යෙදුමෙන් කියවන්න

1. සාරිපුත‍්තවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සාරිපුත්ත වර්ගය

1-9. විවෙකජ සුත‍්තාදිවණ‍්ණනා

1-9. විවෙකජ ආදි සූත්‍ර වර්ණනා

සාරිපුත‍්තසංයුත‍්තස‍්ස පඨමෙ න එවං හොතීති අහඞ‍්කාරමමඞ‍්කාරානං පහීනත‍්තා එවං න හොති. දුතියාදීසුපි එසෙව නයො. පඨමාදීනි.

සාරිපුත්ත සංයුත්තයේ පළමු සූත්‍රයේ - “න එවං හොති” යනු මමය මාගේය යන හැඟීම් ප්‍රහීණ කළ බැවින් මෙබඳු සිතක් නොවේ යනුයි. දෙවැනි සූත්‍රාදියේ ද මේ ක්‍රමයමයි.

10. සූචිමුඛී සුත‍්තවණ‍්ණනා

10. සූචිමුඛී සූත්‍ර වර්ණනාව

දසමෙ සුචිමුඛීති එවංනාමිකා. උපසඞ‍්කමීති ථෙරං අභිරූපං දස‍්සනීයං සුවණ‍්ණවණ‍්ණං සමන‍්තපාසාදිකං දිස‍්වා “ඉමිනා සද‍්ධිං පරිහාසං කරිස‍්සාමී”ති උපසඞ‍්කමි. අථ ථෙරෙන තස‍්මිං වචනෙ පටික‍්ඛිත‍්තෙ “ඉදානිස‍්ස වාදං ආරොපෙස‍්සාමී”ති මඤ‍්ඤමානා තෙන හි, සමණ, උබ‍්භමුඛො භුඤ‍්ජසීති ආහ. දිසාමුඛොති චතුද‍්දිසාමුඛො, චතස‍්සො දිසා ඔලොකෙන‍්තොති අත්‍ථො. විදිසාමුඛොති චතස‍්සො විදිසා ඔලොකෙන‍්තො.

දසවන සූත්‍රයේ - “සුචිමුඛී” යනු මෙනම් ඇති තැනැත්තියයි. “උපසංකමි” යනු අභිරූප වූ දර්ශනීය වූ රන්වන් වූ දුටුවන් පහදවමින් වැඩම කරන තෙරුන් වහන්සේ දැක, “මොහු සමග කවටකමක් කරන්නෙමි”යි ළඟට ගියාය. එවිට තෙරුන්වහන්සේ විසින් ඇගේ වචනය ප්‍රතික්‍ෂේප කළ කල්හි, “දැන් මොහුට වාදයක් නංවන්නෙමි”යි සිතන්නී “තෙනහි සමණ උද්ධංමුඛො භුඤ්ජසි” යනාදිය ඇසුවාය. “දිසාමුඛො” යනු සිවුදිග අභිමුඛවයි. “සතර දිසාවන් බලමින්” යන අර්ථයි. “විදිසා මුඛො” යනු සතර අනුදිසා බැලීමෙන්ය.

වත්‍ථුවිජ‍්ජාතිරච‍්ඡානවිජ‍්ජායාති වත්‍ථුවිජ‍්ජාසඞ‍්ඛාතාය තිරච‍්ඡානවිජ‍්ජාය. වත්‍ථුවිජ‍්ජා නාම ලාබුවත්‍ථු-කුම‍්භණ‍්ඩවත්‍ථු-මූලකවත්‍ථු-ආදීනං වත්‍ථූනං ඵලසම‍්පත‍්තිකාරණකාලජානනුපායො. මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙන‍්තීති තෙනෙව වත්‍ථුවිජ‍්ජාතිරච‍්ඡානවිජ‍්ජාසඞ‍්ඛාතෙන මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙන‍්ති, තෙසං වත්‍ථූනං සම‍්පාදනෙන පසන‍්නෙහි මනුස‍්සෙහි දින‍්නෙ පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තා ජීවන‍්තීති අත්‍ථො. අධොමුඛාති වත්‍ථුං ඔලොකෙත්‍වා භුඤ‍්ජමානවසෙන අධොමුඛා භුඤ‍්ජන‍්ති නාම. එවං සබ‍්බත්‍ථ යොජනා කාතබ‍්බා. අපි චෙත්‍ථ නක‍්ඛත‍්තවිජ‍්ජාති “අජ‍්ජ ඉමං නක‍්ඛත‍්තං ඉමිනා නක‍්ඛත‍්තෙන ගන‍්තබ‍්බං, ඉමිනා ඉදඤ‍්චිදඤ‍්ච කාතබ‍්බ”න‍්ති එවං ජානනවිජ‍්ජා. දූතෙය්‍යන‍්ති දූතකම‍්මං, තෙසං තෙසං සාසනං ගහෙත්‍වා තත්‍ථ තත්‍ථ ගමනං. පහිණගමනන‍්ති එකගාමස‍්මිංයෙව එකකුලස‍්ස සාසනෙන අඤ‍්ඤකුලං උපසඞ‍්කමනං. අඞ‍්ගවිජ‍්ජාති ඉත්‍ථිලක‍්ඛණපුරිසලක‍්ඛණවසෙන අඞ‍්ගසම‍්පත‍්තිං ඤත්‍වා “තාය අඞ‍්ගසම‍්පත‍්තියා ඉදං නාම ලබ‍්භතී”ති එවං ජානනවිජ‍්ජා. විදිසාමුඛාති අඞ‍්ගවිජ‍්ජා හි තං තං සරීරකොට‍්ඨාසං ආරබ‍්භ පවත‍්තත‍්තා විදිසාය පවත‍්තා නාම, තස‍්මා තාය විජ‍්ජාය ජීවිකං කප‍්පෙත්‍වා භුඤ‍්ජන‍්තා විදිසාමුඛා භුඤ‍්ජන‍්ති නාම. එවමාරොචෙසීති “ධම‍්මිකං සමණා”තිආදීනි වදමානා සාසනස‍්ස නිය්‍යානිකං ගුණං කථෙසි. තඤ‍්ච පරිබ‍්බාජිකාය කථං සුත්‍වා පඤ‍්චමත‍්තානි කුලසතානි සාසනෙ ඔතරිංසූති.

“වත්‍ථුවිජ්ජා තිරච්ඡානවිජ්ජාය” යනු වාස්තුවිද්‍යා සංඛ්‍යාත වූ තිරිසන් විද්‍යාවන්ගෙන්ය. “වාස්තු විද්‍යාව” නම් ලාප්‍රවස්තු, කුම්භණ්ඩ වස්තු, මූලක වස්තු ආදී වස්තූන්ගේ විපාක සම්පත් කරුණු වශයෙන් කල් දැනගන්නා උපායයි. “මිච්ඡාජීවෙන ජීවිකං කප්පන්ති” යනු මුලින් කියූ ඒ වාස්තු විද්‍යා-තිරිසන් විද්‍යා සංඛ්‍යාත වූ මිථ්‍යා (වැරදි) ජීවයන්ගෙන් දිවි ගෙවති යනුයි. “එම වස්තු-ශිල්ප ඥානය සම්පාදනය කරදීමෙන් පැහැදුණු මිනිස්සු දෙන ලද සිවුපසය පරිභෝග කරමින් ජීවත්වෙති” යන අර්ථයයි. “අධො මුඛො” යනු බිම බලාගෙන වැළඳීම් වශයෙන් අධෝමුඛව (යටිකුරු මුව ඇතිව) වැළඳීම නම් වේ. මෙසේ සෑම පදයකම අර්ථය යෙදිය යුතුයි. තවද මෙහි “නක්ඛත්ත විජ්ජා” යනු අද මේ නැකතයි. මේ නැකතින් යායුතුයි. මේ නැකතින් මේ මේ දෙය කළ යුතුයි. මෙසේ දැනගන්නා විද්‍යාවයි. “දූතෙය්‍යං” යනු දූත කර්මයයි. ඒ ඒ තැනට නියමිත පණිවුඩ ගෙන ඒ ඒ තැන්වලට යෑමයි. “පහිණගමණං” යනු එකම ගමකම එක් පවුලකින් දුන් පණිවුඩය වෙනත් පවුලකට පැවසීමට යෑමයි. ඔවුන් වෙත එළඹීමයි. “අංගවිජ්ජා” යනු ස්ත්‍රී ලක්‍ෂණ-පුරුෂ ලක්‍ෂණ වශයෙන් අංගසම්පත් දැක, ඇය හෝ ඔහු මේ අංග ලක්‍ෂණ නිසා මෙනම් දේ ලබන්නේ යැයි මෙසේ දැනගන්නා විද්‍යාවයි. “විදිසා මුඛා” යනු අංගවිද්‍යාවෙන් ඒ ඒ ශරීර කොටස් අරබයා පවතින බැවින් විදිසා (අනුදිශාවන්හි) පැවතීම නම් වේ. එනිසා ඒ විද්‍යාවෙන් දිවිගෙවන්නාහු, වළඳන්නාහු, “විදිසාමුඛයෙන් වළඳයි” නම් වෙති. “එවමාරොචෙසි” යනු “ධම්මිකං සමණා” යනාදී වශයෙන් පවසමින් පණිවිඩ ගෙනයෑමේ ගුණකථනය කරයි. ඒ පර්යාය කථාව (දේශනාව) අසා පන්සියයක් පමණ කුලයේ සසුනෙහි බැසගත්හ. ධර්මාවබෝධය ලැබූහ.

සාරිපුත‍්තසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සාරිපුත්ත සංයුත්තය නිමියේ ය.