විවෙකජ සුත්තං
7. 1. 1.
7. 1. 1.
විවෙකජ සුත්තං
විවේකජ සූත්‍රය
332. සාවත්ථියං:
332. සැවැත්නුවර:
එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි.
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹියහ. අන්ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
අද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : විප්පසන්නානි ඛො තෙ ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඉධා’හං ආවුසො, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො න එවං හොති : “අහං පඨමං ඣානං සමාපජ්ජාමීති වා අහං පඨමං ඣානං සමාපන්නොති වා අහං පඨමා ඣානා වුට්ඨිතොති වා”ති.
ඇවැත්නි, මෙහි මම කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම ප්‍රථමධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථම ධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි”යි හෝ මෙබඳු සිතෙක් නොවේ.
තථා හි පනායස්මතො සාරිපුත්තස්ස දීඝරත්තං අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා සුසමූහතා. තස්මා ආයස්මතො සාරිපුත්තස්ස න එවං හොති : “අහං පඨමං ඣානං සමාපජ්ජාමීති වා අහං පඨමං ඣානං සමාපන්නොති වා අහං පඨමජ්ඣානා වුට්ඨිතොති වා”ති.
එ එසේ මැ යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථමධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි” යි හෝ මේ බඳු සිතෙක් නො වේ.