අවිතක්ක සුත‍්තං
7. 1. 2.
7. 1. 2.
අවිතක‍්ක සුත‍්තං
අවිතක්ක සූත්‍රය
333. සාවත්‍ථියං:
333. සැවැත්නුවර:
අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච : විප‍්පසන‍්නානි ඛො තෙ ආවුසො සාරිපුත‍්ත, ඉන්‍ද්‍රියානි, පරිසුද‍්ධො මුඛවණ‍්ණො පරියොදාතො. කතමෙනායස‍්මා සාරිපුත‍්තො අජ‍්ජ විහාරෙන විහාසීති.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඉධා’හං ආවුසො, විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි.
ඇවැත්නි, මෙහි මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි.
තස‍්ස මය‍්හං ආවුසො, න එවං හොති, “අහං දුතියං ඣානං සමාපජ‍්ජාමීති වා අහං දුතියං ඣානං සමාපන‍්නොති වා අහං දුතියඣානා වුට‍්ඨිතොති වා”ති.
ඇවැත්නි, ඒ මට “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයට සමවන්මි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි.
තථා හි පනායස‍්මතො සාරිපුත‍්තස‍්ස දීඝරත‍්තං අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා සුසමූහතා. තස‍්මා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස න එවං හොති; “අහං දුතියං ඣානං සමාපජ‍්ජාමීති වා, අහං දුතියං ඣානං සමාපන‍්නොති වා අහං දුතියඣානා වුට‍්ඨිතොති වා”ති.
එ එසේ මැ යි, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාරමානනුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වේ.