පීති සුත්තං
7. 1. 3.
7. 1. 3.
පීති සුත්තං
පීති සූත්‍රය
334. සාවත්ථියං:
334. සැවැත්නුවර:
අද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- විප්පසන්නානි ඛො තෙ ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුබවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ යි.
ඉධාහං ආවුසො, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි, සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
ඇවැත්නි, මෙහි මම ප්‍රීතියෙහි ද නො ඇල්මෙන් උපේක්ෂා ඇත්තෙම් ද වෙසෙමි. සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද කයින් සුවත් විඳිමි. ආර්‍ය්‍යයෝ “උපේක්ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුවවිහරණ ඇත්තේ”යයි ඒ යමකට කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙම් වෙමි”යි හෝ යි.
7. 1. 4.
7. 1. 4.
උපෙක්ඛා සුත්තං
උපෙක්ඛා සූත්‍රය
335. සාවත්ථියං:
335. සැවැත්නුවර:
අද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- විප්පසන්නානි ඛො තෙ, ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ”යි.
ඉධාහං ආවුසො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වාති.
ඇවැත්නි, මෙහි මම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් කැල ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති නො දුක් නොසුව වූ චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙමි. ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 5.
7. 1. 5.
ආකාසානඤ්චායතන සුත්තං
ආකාසානඤ්චායතන සූත්‍රය
336. සාවත්ථියං:
336. සැවැත්නුවර:
අද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: විප්පසන්නානි -පෙ- ඉධාහං ආවුසො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා “අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... “වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම රූපසංඥාවන් සර්වප්රකාරයෙන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්ම සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 6.
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සුත්තං
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
337. සාවත්ථියං:
337. සැවැත්නුවර:
අද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: විප්පසන්නානි -පෙ- ඉධාහං ආවුසො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම “අනන්තං විඤ්ඤාණ”න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ. ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ” යි.
7. 1. 7.
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සුත්තං
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
338. සාවත්ථියං:
338. සැවැත්නුවර:
අථ ඛො ආයස්මා සාරිපුත්තො -පෙ- ඉධාහං ආවුසො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම, “නත්ථි කිඤ්චී”ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ... ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 8.
7. 1. 8.
නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සුත්තං
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය
339. සාවත්ථියං:
339. සැවැත්නුවර:
අථ ඛො ආයස්මා සාරිපුත්තො -පෙ-.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ...
ඉධාහං ආවුසො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ... නැගී සිටියෙමි යි හෝ යි.