1. කිලෙසවග‍්ගො
1. කිලේස වර්‍ගය
6. 1. 1.
6. 1. 1.
චක‍්ඛු සුත‍්තං
චක්ඛු සූත්‍රය
322. සාවත්‍ථියං:
322. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, චක‍්ඛුස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සොතස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො ඝානස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො ජිව‍්හාය ඡන්‍දරාගො -පෙ- යො කායස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො මනස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, ඇසෙහි යම් ඡන්‍දරාගයෙක් (දුර්‍වල රාගය හා බලවත් රාගයෙක්) වේ නම් මෙය සිතෙහි කෙලෙසීමෙකි. කනෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … නැහැයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... දිවෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … කයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම්… සිතෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් මේ සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක‍්කිලෙසො පහීනො හොති, නෙක‍්ඛම‍්මනින‍්නං චස‍්ස චිත‍්තං හොති. නෙක‍්ඛම‍්මපරිභාවිතං චිත‍්තං කම‍්මනියං ඛායති, අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නව ලොවුතුරු දහමින් වඩනා ලද ශමථවිදර්‍ශනා සිත පස්විකුම් නුවණින් දැන පසක් කළ යුතු දහමුන් විෂයෙහි ක්‍රියාවට සුදුසු ය යි වැටහේ.
6. 1. 2.
6. 1. 2.
රූප සුත‍්තං
රූප සූත්‍රය
323. සාවත්‍ථියං:
323. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, රූපෙසු ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සද‍්දෙසු ඡන්‍දරාගො -පෙ- යො ගන්‍ධෙසු ඡන්‍දරාගො -පෙ- යො රසෙසු ඡන්‍දරාගො -පෙ- යො ඵොට‍්ඨබ‍්බෙසු ඡන්‍දරාගො -පෙ- යො ධම‍්මෙසු ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිත්හි කෙලෙසීමෙකි. ශබ්දයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … ගන්‍ධයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... රසයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ස්ප්‍රෂ්ටව්‍යයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධර්‍මයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක‍්කිලෙසො පහීනො හොති. නෙක‍්ඛම‍්මනින‍්නං චස‍්ස චිත‍්තං හොති. නෙක‍්ඛම‍්මපරිභාවිතං චිත‍්තං කම‍්මනියං ඛායති අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නව ලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහමුන් විෂයෙහි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 3.
6. 1. 3.
විඤ‍්ඤාණ සුත‍්තං
විඤ්ඤාණ සූත්‍රය
324. සාවත්‍ථියං:
324. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සොතවිඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො ඝානවිඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො ජිව‍්හාවිඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො කායවිඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො මනොවිඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානවිඤ්ඤාණ යෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … ජිව්හාවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක‍්කිලෙසො පහීනො හොති, නෙක‍්ඛම‍්මනින‍්නං චස‍්ස චිත‍්තං හොති. නෙක‍්ඛම‍්මපරිභාවිතං චිත‍්තං කම‍්මනියං ඛායති අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කරණී ය යි වැටහේ.
6. 1. 4.
6. 1. 4.
ඵස‍්ස සුත‍්තං
ඵස්ස සූත්‍රය
325. සාවත්‍ථියං:
325. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, චක‍්ඛුසම‍්ඵස‍්සස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සොතසම‍්ඵස‍්සස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො ඝානසම‍්ඵස‍්සස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො ජිව‍්හාසම‍්ඵස‍්සස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො කායසම‍්ඵස‍්සස‍්මිං ඡන්‍දරාගො -පෙ- යො මනොසම‍්ඵස‍්සස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ඝානසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- කම‍්මනියං ඛායති අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මාර්‍හයයි හැඟේ.
6. 1. 5.
6. 1. 5.
වෙදනා සුත‍්තං
වේදනා සූත්‍රය
326. සාවත්‍ථියං:
326. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සොතසම‍්ඵස‍්සජාය වෙදනාය ඡන්‍දරාගො -පෙ- යො ඝානසම‍්ඵස‍්සජාය වෙදනාය ඡන්‍දරාගො -පෙ- යො ජිව‍්හාසම‍්ඵස‍්සජාය වෙදනාය ඡන්‍දරාගො -පෙ- යො කායසම‍්ඵස‍්සජාය වෙදනාය ඡන්‍දරාගො -පෙ- යො මනොසම‍්ඵස‍්සජාය වෙදනාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, චක්ඛුසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සජ වේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- කම‍්මනියං ඛායති අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මණ්‍යය යි හැඟේ.
6. 1. 6.
6. 1. 6.
සඤ‍්ඤා සුත‍්තං
සඤ්ඤා සූත්‍රය
327. සාවත්‍ථියං:
327. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, රූපසඤ‍්ඤාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සද‍්දසඤ‍්ඤාය ඡන්‍දරාගො -පෙ- යො ගන්‍ධසඤ‍්ඤාය ඡන්‍දරාගො -පෙ- යො රසසඤ‍්ඤාය ඡන්‍දරාගො -පෙ- යො ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤාය ඡන්‍දරාගො -පෙ- යො ධම‍්මසඤ‍්ඤාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, රූපසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බ සඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- කම‍්මනියං ඛායති අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 7.
6. 1. 7.
චෙතනා සුත‍්තං
චේතනා සූත්‍රය
328. සාවත්‍ථියං:
328. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, රූපසඤ‍්චෙතනාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සද‍්දසඤ‍්චෙතනාය ඡන්‍දරාගො -පෙ- යො ගන්‍ධසඤ‍්චෙතනාය ඡන්‍දරාගො -පෙ- යො රසසඤ‍්චෙතනාය ඡන්‍දරාගො -පෙ- යො ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනාය ඡන්‍දරාගො -පෙ- යො ධම‍්මසඤ‍්චෙතනාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධ සඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්චෙතනායෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්චෙතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- කම‍්මනියං ඛායති අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ යි.
6. 1. 8.
6. 1. 8.
තණ‍්හා සුත‍්තං
තණ්හා සූත්‍රය
329. සාවත්‍ථියං:
329. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, රූපතණ‍්හාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො සද‍්දතණ‍්හාය ඡන්‍දරාගො -පෙ- යො ගන්‍ධතණ‍්හාය ඡන්‍දරාගො -පෙ- යො රසතණ‍්හාය ඡන්‍දරාගො -පෙ- යො ඵොට‍්ඨබ‍්බතණ‍්හාය ඡන්‍දරාගො -පෙ- යො ධම‍්මතණ‍්හාය ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, රූපතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් සිතෙහි කෙලෙසීමෙකි. සද්දතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 9.
6. 1. 9.
ධාතු සුත‍්තං
ධාතු සූත්‍රය
330. සාවත්‍ථියං:
330. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, පඨවීධාතුයා ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො ආපොධාතුයා ඡන්‍දරාගො -පෙ- යො තෙජොධාතුයා ඡන්‍දරාගො -පෙ- යො වායොධාතුයා ඡන්‍දරාගො -පෙ- යො ආකාසධාතුයා ඡන්‍දරාගො -පෙ- යො විඤ‍්ඤාණධාතුයා ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, පඨවීධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. ආපෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … තේජෝධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … වායෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ආකාශ ධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... විඤ්ඤාණධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක‍්කිලෙසො පහීනො හොති, නෙක‍්ඛම‍්මනින‍්නං චස‍්ස චිත‍්තං හොති. නෙක‍්ඛම‍්මපරිභාවිතං චිත‍්තං කම‍්මනියං ඛායති, අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරු දහමට නැමුණේ වේ. නවලොවුතුරුදහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම යයි වැටහේ.
6. 1. 10.
6. 1. 10.
ඛන්‍ධ සුත‍්තං
ඛන්‍ධ සූත්‍රය
331. සාවත්‍ථියං:
331. සැවැත්නුවර:
යො භික‍්ඛවෙ, රූපස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො. යො වෙදනාය ඡන්‍දරාගො -පෙ- යො සඤ‍්ඤාය ඡන්‍දරාගො -පෙ- යො සඞ‍්ඛාරෙසු ඡන්‍දරාගො -පෙ- යො විඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො, චිත‍්තස‍්සෙ’සො උපක‍්කිලෙසො.
මහණෙනි, රූපයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. වේදනායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … සංඥායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් ... සංස්කාරයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … විඥානයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො ඉමෙසු පඤ‍්චසු ඨානෙසු චෙතසො උපක‍්කිලෙසො පහීනො හොති, නෙක‍්ඛම‍්මනින‍්නං චස‍්ස චිත‍්තං හොති. නෙක‍්ඛම‍්මපරිභාවිතං චිත‍්තං කම‍්මනියං ඛායති, අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති.
මහණෙනි, යම් කලෙක මේ පස්තන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරුදහමට නැමුණේ වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම ය යි වැටහේ.
කිලෙසවග‍්ගො පඨමො.
පළමුවැනි කිලේස වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමා වලිය:
චක‍්ඛු රූපඤ‍්ච විඤ‍්ඤාණං සම‍්ඵස‍්සො වෙදනාය ච, සඤ‍්ඤා සඤ‍්චෙතනා තණ‍්හා ධාතුක‍්ඛන්‍ධෙන තෙ දසාති.
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා යන ඒ සූත්‍ර ධාතු ඛන්‍ධ සූත්‍ර දෙකින් දශයෙක් වේ.
කිලෙස සංයුත‍්තං නිට‍්ඨිතං.
කිලේස සංයුත්තය නිමියේ යි.