යෙදුමෙන් කියවන්න

1. උප‍්පාදවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

1. උප්පාද වර්‍ගය

5. 1. 1.

5. 1. 1.

චක‍්ඛු සුත‍්තං

චක්ඛු සූත්‍රය

312. සාවත්‍ථියං:

312. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො රොගානං ඨිති ජරාමරණස‍්ස පාතුභාවො. යො සොතස‍්ස -පෙ- යො ඝානස‍්ස -පෙ- යො ජිව‍්හාය -පෙ- යො කායස‍්ස -පෙ- යො මනස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, ඇස පිළිබඳ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුක්හි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි. කන පිළිබඳ යම් … නැහැය පිළිබඳ යම් ... දිව පිළිබඳ යම් … කය පිළිබඳ යම් … සිත පිළිබඳ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහි වීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි.

යො ච භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමො. යො සොතස‍්ස නිරොධො -පෙ- යො ඝානස‍්ස නිරොධො -පෙ- යො ජිව‍්හාය නිරොධො -පෙ- යො කායස‍්ස නිරොධො -පෙ- යො මනස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, ඇස පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කන පිළිබඳ යම් නිරෝධයෙක් … නැහැය පිළිබඳ යම් යම් නිරෝධයෙක් ... දිව පිළිබඳ යම් නිරෝධයෙක් … කය පිළිබඳ යම් නිරෝධයෙක් … සිත පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 2.

5. 1. 2.

රූප සුත‍්තං

රූප සූත්‍රය

313. සාවත්‍ථියං:

313. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, රූපානං උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො. යො සද‍්දානං -පෙ- යො ගන්‍ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට‍්ඨබ‍්බානං -පෙ- යො ධම‍්මානං උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, රූපයන්ගේ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්ද යන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් ඉපැත්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ, රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමණයෙහි පහළවීම යි.

යො ච භික‍්ඛවෙ, රූපානං නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

යො සද‍්දානං -පෙ- යො ගන්‍ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට‍්ඨබ‍්බානං -පෙ- යො ධම‍්මානං නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමොති.

ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ. රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරා මරණයෙහි අස්තඞ්ගමය යි.

5. 1. 3.

5. 1. 3.

විඤ‍්ඤාණ සුත‍්තං

විඤ්ඤාණ සූත්‍රය

314. සාවත්‍ථියං:

314. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදො ඨිති -පෙ- මනොවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම ය.

යො ච ඛො භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස නිරොධො -පෙ- යො මනොවිඤ‍්ඤාණස‍්ස නිරොධො -පෙ- ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, චක්ඛුවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 4.

5. 1. 4.

ඵස‍්ස සුත‍්තං

ඵස්ස සූත්‍රය

315. සාවත්‍ථියං:

315. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස උප‍්පාදො ඨිති -පෙ- යො මනොසම‍්ඵස‍්සස‍්ස උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස නිරොධො වූපසමො -පෙ- මනොසම‍්ඵස‍්සස‍්ස නිරොධො වූපසමො ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 5.

5. 1. 5.

වෙදනා සුත‍්තං

වේදනා සූත්‍රය

316. සාවත්‍ථියං:

316. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය උප‍්පාදො ඨිති -පෙ- යො මනොසම‍්ඵස‍්සජාය වෙදනාය උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය නිරොධො වූපසමො -පෙ- යො මනොසම‍්ඵස‍්සජාය වෙදනාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක්ව්‍යුපශමයෙක් වේ නම් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 6.

5. 1. 6.

සඤ‍්ඤා සුත‍්තං

සඤ්ඤා සූත්‍රය

317. සාවත්‍ථියං:

317. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, රූපසඤ‍්ඤාය උප‍්පාදො ඨිති -පෙ- යො ධම‍්මසඤ‍්ඤාය උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, රූපසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම ය.

යො ච ඛො භික‍්ඛවෙ, රූපසඤ‍්ඤාය නිරොධො වූපසමො -පෙ- යො ධම‍්මසඤ‍්ඤාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, රූපසංඥායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍මසංඥායෙහි යම් නිරෝදයක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 7.

5. 1. 7.

චෙතනා සුත‍්තං

චේතනා සූත්‍රය

318. සාවත්‍ථියං:

318. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, රූපසඤ‍්චෙතනාය උප‍්පාදො ඨිති -පෙ- යො ධම‍්මසඤ‍්චෙතනාය උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, රූපසඤ‍්චෙතනාය නිරොධො වූපසමො -පෙ- යො ධම‍්මසඤ‍්චෙතනාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, රූප සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍ම සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 8.

5. 1. 8.

තණ‍්හා සුත‍්තං

තණ්හා සූත්‍රය

319. සාවත්‍ථියං:

319. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, රූපතණ‍්හාය උප‍්පාදො ඨිති -පෙ- යො ධම‍්මතණ‍්හාය උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, රූපතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධම්මතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, රූපතණ‍්හාය නිරොධො වූපසමො -පෙ- යො ධම‍්මතණ‍්හාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, රූපතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධම්මතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි. ….

5. 1. 9.

5. 1. 9.

ධාතු සුත‍්තං

ධාතු සූත්‍රය

320. සාවත්‍ථියං:

320. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, පඨවීධාතුයා උප‍්පාදො ඨිති -පෙ- යො විඤ‍්ඤාණධාතුයා උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, පඨවීධාතුයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, පඨවීධාතුයා නිරොධො වූපසමො -පෙ- යො විඤ‍්ඤාණධාතුයා නිරොධො වූපසමො -පෙ- ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, පඨවීධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

5. 1. 10.

5. 1. 10.

ඛන්‍ධසුත‍්තං

ඛන්‍ධ සූත්‍රය

321. සාවත්‍ථියං:

321. සැවැත්නුවර:

යො භික‍්ඛවෙ, රූපස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො. යො වෙදනාය -පෙ- යො සඤ‍්ඤාය -පෙ- යො සඞ‍්ඛාරානං -පෙ- යො විඤ‍්ඤාණස‍්ස උප‍්පාදො ඨිති -පෙ- ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, රූපයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක්, බිහිවීමෙක්, පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයෙහි පහළවීම ය. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් වේ නම් … ජරාමරණයෙහි පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, රූපස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමො. යො වෙදනාය -පෙ- යො සඤ‍්ඤාය -පෙ- යො සඞ‍්ඛාරානං -පෙ- යො විඤ‍්ඤාණස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමොති.

මහණෙනි, රූපයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්‍යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් … නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්‍යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.

උප‍්පාදවග‍්ගො පඨමො.

පළමුවැනි උප්පාද වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

චක‍්ඛු රූපඤ‍්ච විඤ‍්ඤාණං ඵස‍්සො ච වෙදනාය ච, සඤ‍්ඤා ච චෙතනා තණ‍්හා ධාතුක‍්ඛන්‍ධෙන තෙ දසාති.

චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා යන ඒ සූත්‍රයෝ ධාතු ඛන්‍ධ සූත්‍ර දෙකින් දශයෙක් වෙති.

උප‍්පාදසංයුත‍්තං සමත‍්තං.

උප්පාද සංයුත්තය නිමියේ යි.