ඛන්‍ධ සුත‍්තං
4. 1. 10.
4. 1. 10.
ඛන්‍ධ සුත‍්තං
ඛන්‍ධ සූත්‍රය
311. සාවත්‍ථියං:
311. සැවැත්නුවර:
රූපං භික‍්ඛවෙ, අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවී.
මහණෙනි, රූපය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය.
වෙදනා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. සඤ‍්ඤා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. සඞ‍්ඛාරා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. විඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමි අඤ‍්ඤථාභාවි.
වේදනාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලු යැ. සංඥාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලුයැ. සංස්කාර අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ, විඥානය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන් පරිදි වනසුලුයි.
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති අයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං, සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො, වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං, අභබ‍්බො තං කම‍්මං කාතුං, යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය, අභබ‍්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා ද, (හැදැහීමෙන්) විමෝක්‍ෂය පිළිලබා ද, මේ පුද්ගල සද්ධානුසාරී යැ, ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසියේ යැ, සත්පුරුෂභූමියට බටුයේ යැ, පෘථග්ජන භූමිය ඉක්මවාලී යැ, යම් කර්‍මයක් කොට නිරයට වේවයි තිරිසන් යෝනියට වේවයි ප්‍රේතවිෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට අභව්‍ය යැ, යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය යි කියනු ලැබේ.
යස‍්ස ඛො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මා එවං පඤ‍්ඤාය මත‍්තසො නිජ‍්ඣානං ඛමන‍්ති, අයං වුච‍්චති ධම‍්මානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං, සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො, වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං, අභබ‍්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය, අභබ‍්බොච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.
මහණෙනි, යමකුහට මේ දහම්හු විවසුන් නුවණින් පමණ විසින් ධ්‍යානක්‍ෂම වෙත් ද, මේ පුඟුල් ධම්මානුසාරී යැ, අරීමඟට පිවිසියේ යැ, සපුරිස් බිමට බටුයේ යැ, පුහුදුන් බිම ඉක්මවාලී යැ, යම් කර්‍මයක් කොට නිරෑහි වේවයි තිරිසන්යොන්හි වේවයි පේවිසාහි වේවයි (උපත්විසින්) එළැඹෙනුයේ නම්, ඒ කර්‍ම කරන්නට නො නිසි යැ, සෝතාපත්තිඵලය පසක් කරන තාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං ජානාති, එවං පස‍්සති, අයං වුච‍්චති සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසේ දනියි ද, මෙසේ දකියි ද, මේ පුද්ගල සෝතාපන්න යැ, සතර අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යයි කියනු ලැබේ.
චක‍්ඛුවග‍්ගො පඨමො.
පළමුවැනි චක්ඛු වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි උද්දානය:
චක‍්ඛු රූපඤ‍්ච විඤ‍්ඤාණං ඵස‍්සො ච වෙදනාය ච, සඤ‍්ඤා ච චෙතනා තණ‍්හා ධාතුක‍්ඛන්‍ධෙන දසාති.
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යි සූත්‍ර දශයෙකි.
ඔක‍්කන‍්තිකසංයුත‍්තං නිට‍්ඨිතං.
ඔක්කන්ති සංයුත්තය නිමියේ යි.