උපොසථ සුත්තං
8. 1. 3.
8. 1. 3.
උපොසථ සුත්තං
උපෝසථ සූත්‍රය
344. සාවත්ථියං:
344. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ අණ්ඩජා නාගා උපොසථං උපවසන්ති, වොස්සට්ඨකායා ච භවන්තීති.
එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස මෙහි, ඇතැම් අණ්ඩජ, නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍යය කිමෙක් දැ යි?
ඉධ භික්ඛු, එකච්චානං අණ්ඩජානං නාගානං එවං හොති : “මයං ඛො පුබ්බෙ කායෙන ද්වයකාරිනො අහුම්හ, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො. තෙ මයං කායෙන ද්වයකාරිනො, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො, කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපන්නා. සචජ්ජ මයං කායෙන සුචරිතං චරෙය්යාම, වාචාය සුචරිතං චරෙය්යාම, මනසා සුචරිතං චරෙය්යාම, එවං මයං කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාම. හන්ද මයං එතරහි කායෙන සුචරිතං චරාම, වාචාය සුචරිතං චරාම, මනසා සුචරිතං චරාමා”ති.
මහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයන්ට මේ බඳු අදහසෙක් වෙයි: පෙර අපි කයින් දෙකක් (කුසල් අකුසල්) කරන්නමෝ වූම්හ, වචනයෙන් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අද අපි කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එහෙයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චෙ අණ්ඩජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති.
මහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.