යෙදුමෙන් කියවන්න

දුතිය උපොසථ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 1. 4.

8. 1. 4.

දුතිය උපොසථ සුත‍්තං

දුතිය උපෝසථ සූත්‍රය

345. සාවත්‍ථියං:

345. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ ජලාබුජා නාගා උපොසථං උපවසන‍්ති වොස‍්සට‍්ඨකායා ච භවන‍්තීති -පෙ-

එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: වහන්ස, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝ ත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍ය කිමෙක් දැ යි? ...

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ ජලාබුජා නාගා උපොසථං උපවසන‍්ති වොස‍්සට‍්ඨකායා ච භවන‍්තීති.

මහණ, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

8. 1. 5.

8. 1. 5.

තතිය උපොසථ සුත‍්තං

තතිය උපෝසථ සූත්‍රය

346. සාවත්‍ථියං:

346. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච : කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ සංසෙදජා නාගා උපොසථං උපවසන‍්ති වොස‍්සට‍්ඨකායා ච භවන‍්තීති -පෙ-.

එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ” යි? ...

අයං ඛො භික‍්ඛු, හෙතු, අයං පච‍්චයො, යෙනමිධෙකච‍්චෙ සංසෙදජා නාගා උපොසථං උපවසන‍්ති වොස‍්සට‍්ඨකායා ච භවන‍්තීති.

මහණ, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.