යෙදුමෙන් කියවන්න

රූපී අත‍්තා සුත‍්තං

3. 2. 19.

3. 2. 19.

රූපී අත‍්තා සුත‍්තං

රූපී අත්තා සූත්‍රය

242. සාවත්‍ථියං:

242. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා’ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, “රූපං නිච‍්චං වා අනිච‍්චං වා”ති -පෙ-

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ”යි? …

දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”’ති?

දුක් නම් වෙනස් වන සුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, මෙය නො වේ මැ යැ.

“වෙදනා -පෙ- “සඤ‍්ඤා -පෙ- “සඞ‍්ඛාරා -පෙ- “විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා”ති -පෙ-

“වේදනාව … “සංඥාව … “සංස්කාරයෝ … “විඥානය නිත්‍ය ද? හෝ අනිත්‍ය ද? හෝ යි …

දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති?

දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, මෙය නො වේ ම ය.

ඉති ඛො භික‍්ඛවෙ, දුක‍්ඛෙ සති දුක‍්ඛං උපාදාය දුක‍්ඛං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති; “රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණාති.

මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යයි.