අදුක‍්ඛමසුඛී අත‍්තා සුත‍්තං
3. 2. 26.
3. 2. 26.
අදුක‍්ඛමසුඛී අත‍්තා සුත‍්තං
අදුක්ඛමසුඛ අත්තා සූත්‍රය
249. සාවත්‍ථියං:
249. සැවැත්නුවර:
-පෙ- “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.
… “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ දැ” යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය, රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”’ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.
වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
නො හෙතං භන‍්තෙ,
වහන්ස, මෙය නො වේ මැ යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.
වේදනාව … සංඥාව … සංස්කාරයෝ … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ?යි.
නො හෙතං භන‍්තෙ.
වහන්ස, මෙය නො වේ ම ය.
ඉති ඛො භික‍්ඛවෙ, දුක‍්ඛෙ සති දුක‍්ඛං උපාදාය දුක‍්ඛං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති. -පෙ-
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ” යයි මෙබඳු දෘෂ්ටියක් උපදී. ...
ගමනවග‍්ගො දුතියො.
දෙවෙනි ගමන වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
වාතං එතං මම සො අත්තා නො ච මෙ සියා, නත්‍ථි කරතො හෙතුච‍්ච මහාදිට‍්ඨෙන අට‍්ඨමං.
වාත, එතං මම, සො අත්තා නො ච මෙ සියා, නත්‍ථි දින්න, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍රය ය,
සස‍්සතො අසස‍්සතො චෙව අන‍්තා නන‍්තා ච වුච‍්චති, තං ජීවං අඤ‍්ඤං ජීවං ච තථාගතෙන චත‍්තාරො.
සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තත්ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත, යන සූත්‍ර සතරය,
රූපී අත‍්තා යථා හොති අරූපී ච තථා පරං, රූපී චාරූපී ච අත‍්තා නෙව රූපී නාරූපී ච,
රූපී අත්තා සූත්‍රය, එසේම අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා යැ,.
එකන‍්තසුඛී ච අත‍්තා එකන‍්ත දුක‍්ඛී තථා. සුඛදුක‍්ඛී අත‍්තා ච අදුක‍්ඛමසුඛී පරං, ඉමෙ ඡබ‍්බීසසුත‍්තන‍්තා දුතියවාරෙ සුදෙසිතාති.
ඒකන්තසුඛී අත්තා එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය. අනෙක් අදුක්ඛමසුඛීඅත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ දෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.