වාත සුත‍්තං
වාත සුත‍්තං
වාත සූත්‍රය
250-274. සාවත්‍ථියං:
250-274. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසුරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස වාතයෝ නො හමති. ගංගාවෝ නො ගලාබසිති. ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරු නො ද උදාවෙති, නො ද පහ ව යෙති. ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි දෘෂ්ටියෙක් උපදී දැ යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- .
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදි යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමති … ඉන්‍ද්‍ර කීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- විපරිනාමධම‍්මං. අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.
මහණෙනි, ‘ඒ කිමැ’යි හඟිවු ද? ‘රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමත් … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි.
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
ඉති ඛො භික‍්ඛවෙ, යදනිච‍්චං තං දුක‍්ඛං. තස‍්මිං සති තදුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.(පඤ‍්චවීසති සුත‍්තන‍්තා එවං විත්‍ථාරෙතබ‍්බා.)
මහණෙනි, මෙසේ යමෙක් අනිත්‍ය ද එය දුක් යැ. එය ඇති කල්හි එය ඇසිරි කොට “වාතයෝ නො හමති … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී”යි. (සූත්‍ර 25 මෙසේ විස්තර කටයුතු යි.)