යෙදුමෙන් කියවන්න

අදුක‍්ඛමසුඛී අත‍්තාසුත‍්තං

3. 3. 26.

3. 3. 26.

අදුක‍්ඛමසුඛී අත‍්තාසුත‍්තං

අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය

275. සාවත්‍ථියං:

275. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා -පෙ- .

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය, රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති, අරොගො පරම‍්මරණා”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ යයි මෙබඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- විපරිනාමධම‍්මං. අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- විපරිනාමධම‍්මං. අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද?, අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යැ.

ඉති ඛො භික‍්ඛවෙ, යදනිච‍්චං තං දුක‍්ඛං. තස‍්මිං සති තදුපාදාය තං අභිවනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය: “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

මහණෙනි, මෙසේ යමෙක් අනිත්‍ය ද එය දුක් යැ. එය ඇති කල්හි එයඇසුරු කොට එයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යි.

තතියගමනවග‍්ගො තතියො.

තෙවෙනි තතිය ගමන වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

වාතං එතං මම සො අත‍්තා නො ච මෙ සියා, නත්‍ථි කරතො හෙතු ච මහාදිට‍්ඨෙන අට‍්ඨමං.

වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි දින්නං, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍ර ය,

සස‍්සතො අසස‍්සතො චෙව අත‍්තානත‍්තා ච වුච‍්චති, තං ජීවං අඤ‍්ඤං ජීවං ච තථාගතෙන චත‍්තාරො.

සස්සත ලෝක, අසස්සතලෝක, අන්තවා ලෝක, අනන්තවා ලෝක, තත් ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච න ච හොති තථාගත, නෙච හොති න න හොති තථාගත යන සූත්‍ර සතර ය,

රූපී අත‍්තා යථා හොති අරූපී ච තථා පරං, රූපී චාරූපී ච අත‍්තා නෙව රූපී නාරූපී ච.

රූපී අත්තා සූත්‍රය, එසේම අනෙක් අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා,

එකන‍්තසුඛී ච අත‍්තා එකන‍්තදුක‍්ඛී තථා, සුඛදුක‍්ඛී අත‍්තා ච අදුක‍්ඛමසුඛී පරං, ඉමෙ ඡබ‍්බීස සුත‍්තන‍්තා තතියවාරෙ සුදෙසිතාති.

ඒකන්තසුඛී අත්තා, එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය, අනෙක් අදුක්ඛමසුඛි අත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ තෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.