යෙදුමෙන් කියවන්න

වාත සුත‍්තං

3. 4. 1-25.

3. 4. 1-25.

වාත සුත‍්තං

වාත සූත්‍රය

276-300. සාවත්‍ථියං:

276-300. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති; න වාතා වායන‍්ති න නජ‍්ජො සන්‍දන‍්ති න ගබ‍්භිනියො විජායන‍්ති න චන්‍දිමසුරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “වාතයෝ නො හමති. ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරු නො උදාවෙති, නො පහ ව යෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති න නජ‍්ජො සන්‍දන‍්ති න ගබ‍්භිනියො විජායන‍්ති න චන්‍දිමසුරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති, විඤ‍්ඤාණං උපාදාය, විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවංදිට‍්ඨි උප‍්පජ‍්ජති; න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො උදාවෙති, නො පහව යෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- විපරිනාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං “එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තා”ති.

මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ? යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- “විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති. -පෙ- විපරිනාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං : “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති.

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? වෙනස් වන සුලු නම් “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යි.

තස‍්මාතිහ භික‍්ඛවෙ, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං -පෙ- සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං -පෙ- සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ යම් කිසි රූපයක් වේ නම්, … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.

එවං පස‍්සං භික‍්ඛවෙ -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.

(පඤ‍්චවීසතිසුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා)

(සූත්‍ර පස්විස්ස විස්තර කටයුතු යි.)