අදුක්ඛමසුඛී අත‍්තා සුත‍්තං
3. 4. 26.
3. 4. 26.
අදුක‍්ඛමසුඛී අත‍්තා සුත‍්තං
අදුක්ඛමසුඛී සූත්‍රය
301. සාවත්‍ථියං:
301. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය, කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති, අරොගො පරම‍්මරණා”ති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නොදුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අදුක‍්ඛමසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.
වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.
අනිච‍්චං භන‍්තෙ, -පෙ- විපරිනාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති.
වහන්ස, අනිත්‍ය ය. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ? යි
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති. -පෙ- විපරිනාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට සුදුසු දැ යි.
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
තස‍්මාතිහ භික‍්ඛවෙ, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං -පෙ- සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං -පෙ- සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මහණෙනි, එහෙයින් මෙහිලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි රූපයක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයන්හිත් කලකිරෙයි. විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
චතුත්‍ථගමනවග‍්ගො චතුත්‍ථො.
සිවුවැනි චතුත්‍ථ ගමන වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
වාතා එතං මම සො අත්තා නො ච මෙ සියා, නත්‍ථි කරතො හෙතු ච මහාදිට‍්ඨෙන අට‍්ඨමං. සස‍්සතො අසස‍්සතො චෙව අන‍්තා නන‍්තා ච වුච‍්චති, තං ජීවං අඤ‍්ඤංජීවඤ‍්ච තථාගතෙන චත‍්තාරො, රූපී අත‍්තා යථා හොති අරූපී ච තථාපරෙ. නෙව රූපී නාරූපිනා එකන‍්තසුඛී අත‍්තා ච, එකන‍්තදුක‍්ඛී සුඛදුක‍්ඛී අදුක‍්ඛමසුඛී චා ති.
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි අත්තා, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අට වැනි මහාදිට්ඨි සූත්‍ර ය, සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තංජීවං තංසරීරං, අන්‍යත් ජීවං අන්‍යත් ශරීර, සූත්‍රයෝ ය, හොති තථාගත, න හොති තථාගත, හොතිච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍ර සතර ය, රූපී අත්තා, අරූපී අත්තා එසේ ම අනෙක් රූපී අරූපී අත්තා, නෙච රූපී නාරූපී අත්තා, ඒකන්ත සුඛී අත්තා, ඒකන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛි අත්තා සූත්‍රයෝ ය යි සවිසි සූත්‍ර කෙනෙකි.
දිට‍්ඨිසංයුත‍්තං සමත‍්තං.
දිට්ඨි සංයුත්තය නිමියේ යි.