චක්ඛු සුත‍්තං
4. 1. 1.
4. 1. 1.
චක‍්ඛු සුත‍්තං
චක්ඛු සූත්‍රය
302. සාවත්‍ථියං:
302. සැවැත්නුවර:
චක‍්ඛුං භික‍්ඛවෙ, අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවී, සොතං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි, ඝානං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි, ජිව‍්හා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී, කායො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී, මනො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී.
මහණෙනි, ඇස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. කන අනිත්‍ය යැ, පෙරැළෙනසුලුයැ, අන්පරිදි වනසුලු යැ. නැහැය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. දිව අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. කය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. මනස අනිත්‍ය යැ, පෙරැළෙන සුලු යැ, අන්පරිදි වනසුලු යැ.
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති, අයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං, අභබ‍්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය. අභබ‍්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, විමෝක්‍ෂය පිළිලබයි ද, මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි. (හෙ) ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසියේ යැ. සත්පුරුෂ භූමියට බැස ගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්‍මයක් කොට නිරයට වේවයි, තිරිසන් යෝනියට වේවයි ප්‍රේත විෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට අභව්‍ය (නො නිසි) යැ, යම් තාක් සෝතාපත්තිඵලය සාක්‍ෂාත් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි.
යස‍්ස ඛො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මා එවං පඤ‍්ඤාය මත‍්තසො නිජ‍්ඣානං ඛමන‍්ති, අයං වුච‍්චති ධම‍්මානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං. අභබ‍්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය, අභබ‍්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.
මහණෙනි, යමකුට මේ දහම්හු විදසුන් නුවණින් පමණ විසින් ධ්‍යානක්‍ෂම වෙත් ද, මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. (හෙ) සම්මත්ත නියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසියේ යැ, සත්පුරුෂ භූමියට බැසගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට ද අභව්‍ය යැ. යම්තාක් සෝතාපත්තිඵලය සාක්‍ෂාත් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි.
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං ජානාති එවං පස‍්සති, අයං වුච‍්චති සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යමෙක් මේ ධර්‍ම මෙසේ විදසුන් නුවණින් දනී නම් මෙසේ දකී නම් මේ පුද්ගල සෝතාපන්න යයි කියනු ලැබෙයි, (හෙ) සතර අපායෙහි නොහෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යි.