රූප සුත‍්තං
4. 1. 2.
4. 1. 2.
රූප සුත‍්තං
රූප සූත්‍රය
303. සාවත්‍ථියං:
303. සැවැත්නුවර:
රූපා භික‍්ඛවෙ, අනිච‍්චා විපරිනාමිනො අඤ‍්ඤථාභාවිනො, සද‍්දා අනිච‍්චා විපරිනාමිනො අඤ‍්ඤථාභාවිනො, ගන්‍ධා අනිච‍්චා විපරිනාමිනො අඤ‍්ඤථාභාවිනො, රසා අනිච‍්චා විපරිනාමිනො අඤ‍්ඤථාභාවිනො, ඵොට‍්ඨබ‍්බා අනිච‍්චා විපරිනාමිනො අඤ‍්ඤථාභාවිනො, ධම‍්මා අනිච‍්චා විපරිනාමිනො අඤ‍්ඤථාභාවිනො.
මහණෙනි, රූප අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන් පරිදි වනසුලු යැ. ශබ්ද අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ගන්‍ධ අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදිවනසුලු යැ. රස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ස්ප්‍රෂ්ටව්‍යය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ. අන්පරිදිවනසුලු යැ. ධර්‍ම අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ අන්පරිදි වනසුලු යි.
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති, අයං වුච‍්චති සද‍්ධානුසාරී -පෙ- අයං වුච‍්චති ධම‍්මානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං, සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො, වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං. අභබ‍්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය, අභබ‍්බොච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, (හැදහීමෙන්) විමෝක්‍ෂය පිළිලබයි ද මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි … ආර්‍ය්‍ය මාර්‍ගයට බැසගත් සත්පුරුෂ භූමියට පිවිසි පෘථග්ජන භූමිය ඉක්මැ වූ මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) නො එළැඹේ ද ඒ කර්‍ම කරන්නට නො නිසි යැ. යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං ජානාති පස‍්සති, අයං වුච‍්චති. සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යමෙක් මේ දහම් වෙසෙසින් දනියි ද, දකියි ද, මේ පුඟුල් සෝතාපන්න යැ, අවාහි නොහෙන සුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ.