අන්තෙවාසිකසුත්තං
1. 15. 6.
1. 15. 6.
අන්තෙවාසිකසුත්තං
අන්තේවාසික සූත්රය
151. අනන්තෙවාසිකමිදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති අනාචරියකං. සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. අනන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු අනාචරියකො සුඛං ඵාසුං විහරති.
151. මහණෙනි, අත වැස්සන් නැති ඇදුරන් නැති හෙවත් ඇතුළත කෙලෙස් නැති කෙලෙසුන් විසින් ශික්ෂණ නැති මහණ මේ බඹසර වෙසෙයි. මහණෙනි, අතැවැසි කෙලෙසුන් සහිත ඇදුරු කෙලෙසුන් සහිත මහණ නො පහසුව දුකසේ වෙසෙයි. මහණෙනි, අන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති: ඉධ භික්ඛවෙ භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස අන්තො වසන්ති, අන්තස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති. තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා සාචරියකොති වුච්චති.
මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ කෙසේ නම් දුකසේ නො පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට ඇසින් රූපයක් දැකීමෙන් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල් දහම්හු උපදිද් ද, ඔහු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල් දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත් යන මෙකරුණෙන් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණ කෙරෙති. ලාමක අකුසල් දහම්හු ඔහු ශික්ෂණ කෙරෙති යි මෙකරුණින් හේ සාචරියක යයි කියනු ලැබේ.
පුන චපරං භික්ඛවෙ භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සංඤ්ඤොජනියා. -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ-
මහණෙනි, නැවත අනෙකක් ද කියමි. කනින් සද අසා මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: නැහැයෙන් ගඳ ගෙන මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: දිවෙන් රස විඳ මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිතවූ ලාමක අකුසල් දහම්හු උපදිද්ද ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කයින් පහස පැහැස්මෙන් මහණහට …
පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස අන්තො වසන්ති, අන්තස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති. තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිද් ද ඒ අකුසල්හු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල්දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත්නු යි මෙකරුණින් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණය කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්ෂණය කෙරෙත් නු යි මෙකරුණින් සාචරියක යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසෙ යි.
කථං ච භික්ඛවෙ, භික්ඛු අනන්තෙවාසිකො අනාචරියකො සුඛං ඵාසු විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා නූප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස න අන්තො වසන්ති, නාස්ස අන්තො වසන්ති පාපකා අකුසලා ධම්මාති තස්මා අනන්තෙවාසිකොති වුච්චති. තෙ න නං සමුදාචරන්ති. න සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා අනාචරියකොති වුච්චති.
මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ කෙසේ නම් සුවසේ පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙහි ඇසින් රූ දැක ඔහුට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදීද්ද, ඒ කෙලෙස්හු ඔහු අතැවැසි නො වෙත්, ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි එහෙයින් අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණ නො කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්ෂණ නො කෙරෙත් නු යි මෙසේ අනාචරියක යයි කියනු ලැබේ.
පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය නූප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස න අන්තො වසන්ති, නාස්ස අන්තො වසන්ති පාපකා අකුසලා ධම්මාති. තස්මා අනන්තෙවාසිකොති වුච්චති. තෙ න නං සමුදාචරන්ති, න සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා අනාචරියකොති වුච්චති.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කනින් සද අසා මහණහට ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැසැ ... මහණෙනි, නැවත අනෙකක් ද (කියමි:) සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදිද් ද ඒ අකුසල්හු ඔහු අතැවැසි නො වෙත්. ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි මෙසේ අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු නො මඩිත් ලාමක අකුසල්දහම්හු ඔහු නො මඩිත් නු යි. එසේ අනාචරියක යයි කියනු ලැබේ.
එවං ඛො භික්ඛවෙ, භික්ඛු අනන්තෙවාසිකො අනාචරියකො සුඛං ඵාසු විහරති. අනන්තෙවාසිකමිදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති අනාචරියකං. සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. අනන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු අනාචරියකො සුඛං ඵාසු විහරතීති.
මහණෙනි, මෙසේ අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි. මහණෙනි, අනන්තේවාසික අනාචරියකවැ මේ බඹසර වෙසේ. මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසේ. මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසේ යි.