යෙදුමෙන් කියවන්න

චතුත්‍ථසප‍්පායසුත‍්තං

1. 15. 5.

1. 15. 5.

චතුත්‍ථසප‍්පායසුත‍්තං

චතුත්‍ථ සප්පාය සූත්‍රය

150. නිබ‍්බානසප‍්පායං වො භික‍්ඛවෙ, පටිපදං දෙසිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. කතමා ච සා භික‍්ඛවෙ, නිබ‍්බානසප‍්පායා පටිපදා:

150. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:

තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

මහණෙනි, ඒ කිමැ යි හඟි වු ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යැ. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ”? යි. වහන්ස, මෙය නො වේ ම ය.

රූපා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ -පෙ- යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ, යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ, යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය ... ඇස්විනැණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය ... ඇස්පහස නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස, අනිත්‍ය ය. ... ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ. වහන්ස, අනිත්‍ය ය; යමක් අනිත්‍ය නම් හේ දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි” මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.

සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ. -පෙ- ධම‍්මා -පෙ- මනොවිඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ, යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

කන ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍යය ... දහම් ... මනවිනැණ ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.

එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. අයං ඛො සා භික‍්ඛවෙ නිබ‍්බානසප‍්පායා පටිපදාති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහි කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස්පහසෙහිත් කලකිරෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.